Friday, December 18, 2009

ඉල්ලාගත් කේතලය සහ රාජ්‍ය රහස් හෙළිකිරීම

සුදර්ශන ගුණවර්ධන

රාජ්‍ය රහස් හෙළිකිරීම
යුද්ධයේ අවසාන අදියරේදී එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායක නඬේසන්, සාම මහ ලේකම් කාර්යාලයේ නායක පුලිදේවන් සහ රමේෂ් ඇතුළු කණ්ඩායමක් සුදු කොඩි රැගෙන ශ‍්‍රී ලංකා හමුදාව වෙත යටත්වීමට පැමිණි බවත්, එසේ වුවද යටත් වීමට ඉඩ නොදී ඔවුන් ඝාතනය කරන ලද බවත් පිළිබඳ වූ කතා ප‍්‍රවෘත්තියට නැවත පණ ලැබී, තටු ගසා, ගුවන සිසාරා පැතිරෙන්නට වී ඇත.
මෙම කතාව කරළියට එන්නේ යුද ජයග‍්‍රහණය සඳහා වගකිවයුතු සේනාධිනායකයා වු මහරජතුමාද, සෙන්පතියා වූ ජෙනරාල්තුමාද ප‍්‍රතිමල්ලවයන් වශයෙන් ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇති පසුබිම තුළය.

Read More...
View Pdf...

දැන් මිනිස්සු කතාකරන්න පටන් අරගෙන

සාධු ජනරාව ප‍්‍රසංගයේ නිර්මාතෘ, ගායන ශිල්පී
ජයතිලක බණ්ඩාර
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

නිදහසේ වේදිකාව මෙතෙක් ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
නිදහසේ වේදිකාව පටන්ගන්නා මොහොත වෙනකොට සමාජය අයිස් තට්ටුවක් බවට පත්වෙලා තිබුණේ. මිනිස්සු සිද්ධවෙන දේවල් දිහා බලාගෙන හිටියා.නමුත් ඔවුන් තුළ ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන්න සූදානමක් අපි දැක්කෙ නැහැ. යම් සමාජයක් අගතියට යනකොට ඒ සමාජයේ ඉන්න හෘදය සාක්‍ෂියක් තියෙන මිනිස්සු ඒකට විරුද්ධව නැඟී සිටිනවා. නමුත් නිදහසේ වේදිකාව ආරම්භ කරපු අවධිය වෙනකොට එහෙම හිටපු පිරිස පවා පාලකයා විසින් තාන්න මාන්න, නම්බුනාම හා නොයෙක් වරප‍්‍රසාද දීලා ඔවුන්ගේ ගැත්තන් බවට පත්කරගෙන හිටියේ. මං මේ කතා කරන්නේ කලාකරුවන්, මාධ්‍යවේදීන් ඒ වගේම බුද්ධිමතුන් බහුතරයක් පිළිබඳවයි. එවැනි වකවානුවකයි නිදහසේ වේදිකාව පටන්ගත්තේ. ඒක දුෂ්කර ගමනක් වුණා. නමුත් අද වෙනකොට මිනිස්සු නැවත අසාධාරණයට විරුද්ධව කතාකරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම දුෂ්ඨ පාලකයෝ හෙලවෙන්න පටන් අරන් තියෙනවා. ඒ පාලන යන්ත‍්‍රය ඉරි තලලා තියෙනවා. නිදහසේ වේදිකාව නිශ්ශබ්දතාවය බිඳින්න මිනිස්සුන්ට ආරාධනා කළා. ඒ නිසා මිනිස්සු අසාධාරණයට එරෙහිව නැඟී සිටින්න පටන් අරගෙන තියෙනවා. ඒක නිදහසේ වේදිකාව විසින් කළ කාර්යභාරයක් නිසා සතුටක් දැනෙනවා.

Monday, December 14, 2009

මඩෙන් එපා ගොඩෙන් එන්න

සුදර්ශන ගුණවර්ධන

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ ම රාජ්‍ය මාධ්‍ය ද එම මාධ්‍ය හසුරුවන දැළි පිහි අතින් ගත් හෙංචයියන් පිරිසද තමා මෙතෙක් කලක් කරගෙන ගිය මඩ මෙහෙයුම දෙගුණ තෙගුණ කර තිබේ.
මේ මෙහෙයුම මෙසේ දියත් වන්නේ, ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයට කැඳවා ඡන්ද සටන මඩ ගැසීම් වලින් තොරව ගෙන යමු යැයි ප‍්‍රකාශ කොට තිබියදීය.
පසුගිය කාලය තිස්සේම විපක්ෂ නායකවරයාට, ආණ්ඩුවට විරුද්ධව කට අරින අතළොස්සක් වූ විපක්ෂ මන්ත‍්‍රීන්ට, ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන්ට සහ විසම්මුතික මත දරණ සිවිල් සංවිධාන නායකයින් වෙත ලෝබ නැතිව එල්ල කළ මඩ බාල්දි ප‍්‍රහාරය දැන් යුද්ධය දිනූ මහා සෙන්පතියා වෙත ද එල්ල කිරීමට පටන් ගෙන ඇත.

Read More ...
View Pdf ...

හිමිකරුවන්ට පැනවෙන සීමාවන් නිසා ස්වයංවාරණයක් පනවා ගන්න මාධ්‍යවේදීන්ට සිදුවෙලා

නාරද නිශ්ශංක
‘දිවයින’නියෝජ්‍ය කර්තෘ සහ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

අපි දකිනවා ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් කොටස් දෙකක් ක‍්‍රියාත්මක වෙනවා. මාධ්‍යවේදීන් කියනවා තමන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නේ පෑනෙන් කියලා. මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් පෙනී සිටින අය පෑනෙන් අරගල කිරීම කෙසේ වුවත් මාධ්‍ය නිදහස ඇතුළු වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. නමුත් අපිට අනුව මේ වෙනකොට මේ දෙගොල්ලන්ගේම අරගලය අසමත්.
මාධ්‍ය ක‍්‍රියාකාරීන් කියන පිරිසට වඩා ඍජුවම මේ ප‍්‍රශ්නයේ මැද ඉන්නේ මාධ්‍යවේදීන්. රටක තියෙන දේශපාලන සමාජ ප‍්‍රශ්න, ඒවායේ ඉතිහාසය හා දේශපාලන ගමන් මග ගැන හෝ අතීතයේදී සහෝදර මාධ්‍යවේදීන් මුහුණ දුන් පීඩනයන් ගැන කිසිම අවබෝධයක් නැතුව අද මාධ්‍ය ක්ෂේ‍ත‍්‍රයට පැමිණ සිටින නව පරම්පරාවේ සමහරු අත්දැකීම් අතින් විශාල ගැටළුවකට මැදිවී සිටිනවා. මේ පිරිසට අතීත අත්දැකීම්වලින් පන්නරය ලබන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා හුඟක් වෙලාවලදී ඔවුන්ගේ මාධ්‍ය භාවිතය තුළ යම් යම් සීමාවන්ට මුහුණපාන්න සිදුවෙනවා. ඒ තුළ ඔවුන් හිතනවා එය තමයි තමන්ගේ සීමාව කියලා. මෙය සිදුනොවිය යුතු දෙයක්

Read More...
View Pdf ...

චිත‍්‍ර ශිල්පියෙක් දේශපාලන රැස්වීම්වලට යන්නේ ඇයි? චන්ද්‍රගුප්ත තේනුවර

මේ වගේ වේදිකාවකට ඇවිත් කතා කරන කොට මගෙන් නිතරම අහන ප‍්‍රශ්නයක් තමයි මේ. මම හිතනවා චිත‍්‍ර ශිල්පියාගේ යුතුකම හුදෙක්ම ඔබව රසවත් කරන්න චිත‍්‍ර ඇඳීම පමණක් නෙවෙයි කියලා. ඊට වඩා කාර්යභාරයක් කලාකරුවන් වන අපිට පැවරී තියෙනවා. සමහරු කියනවා චිත‍්‍ර ශිල්පියා කළ යුත්තේ ඇඳීම පමණයි කතා කිරීමේ අයිතියක් නැහැ කියලා. නමුත් මම කියනවා කතා කිරීම අද අනිවාර්ය අංගයක් කියලා. සමකාලීන චිත‍්‍ර ශිල්පීන්ට නිහඬව ඉන්න හැකියාවක් අද නැහැ. ඔවුන් දේශපාලනිකයි. කැමති වුණත් නැතත් අපි දේශපාලනීකරණය වී ඉවරයි. අපි කළ යුත්තේ කුමක්ද, අපි ඇඳිය යුත්තේ කුමක්ද කියලා වෙන කෙනෙකු විසින් තීරණය නොකරන, පුද්ගලයාට නිදහස දෙන සමාජයක් අපිට අවශ්‍යයි.
Read More....
View PDF ...

වික‍්‍රමබාහු - සිරිතුංග ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක්, අපි ඔවුන්ට සුභ පතනවා

මාතර නිදහසේ වේදිකාවේදී රනිල් කියයි

මේ නිදහසේ වේදිකාව අපි ආරම්භ කළේ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කලායින් පස්සේ සියළු දෙනාටම ශක්තියක් ලබා දීමටයි. මේ සඳහා දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, ජන මාධ්‍ය අපි ඔක්කොම එකට එකතු වුණා. අපි බය නැතුව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියා. දැන් රජතුමා කියනවා එයා රටේ භාරකාරයා ලූ. දැන් රජතුමා කියනවා යුද්ධෙ කරපු නිසා ව්‍යවස්ථාදායක සභාව පත් කරන්න බැරි වුණා කියලා. මට අරක කරන්න බැරි වුණා, මේක කරන්න බැරි වුණා කියලා දැන් අඬනවා. කඳුළු තියෙන්නේ ජනතාවට. කඳුළු තියෙන්නේ මැරුණු මාධ්‍යවේදීන්ට. හිරේට ගිය අයට. ඒ කඳුළු අයින් කරන්න පුළුවන් මේ රජ පවුල පරද්දලා විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කරලා පමණයි.

‘කෙළවීම’

ජෙනරාල් ආවොත් ’ ලිපියට පිළිතුරක්

ලාල් පෙරේරා

පසුගිය ‘සමබිම’ කලාපයේ පළ වූ සුදර්ශන ගුණවර්ධනගේ ලිපියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගත හැකි විකල්ප තුනක් දක්වා තිබිණි. ඊට ඌන පූර්ණයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
එහි අනුපිළිවෙළට එකඟ නොවෙමි. මුලට ගත යුත්තේ අංක 2 ය. අංක 2 ට ගත යුත්තේ අංක 3 ය. අංක 1 අත්හැරියද කමක් නැත. තව අංක 1 හෙවත් පූර්ව අංක 2 වන ‘‘ තොපි දෙගොල්ලොම මක බෑ වෙලා පලයව් ’’ හෙවත් ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දය දීම වඩාත් බහුතර විකල්පය වීමට ඉඩ ඇත. අවශ්‍ය නම් එය පහත පරිදි උප අංකනයද කළ හැක.

Read more ....
View Pdf ...

කවුදැයි කවුදැයි ඡන්දෙට එන්නේ,ජෙනරාල් ආවොත් මොකද කරන්නේ?

සුදර්ශන ගුණවර්ධන

ජෙනරාල් තුමාගේ දේශපාලන ආගමනය හේතුවෙන් මුළු මහත් දේශපාලන තලයම දෙදරන්නට පටන් ගෙන ඇත. තව අවුරුදු හයක් හෝ අටක් යනතුරු මහරජතුමාගේ ආණ්ඩුව හීනෙන්වත් හොලවන්න බැරි බව කියූ සියළුදෙනාම සෙලවෙන්නට වෙලාය. අප දේශපාලන විපක්ෂය සමඟ අත්වැල් බැඳගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් රැකගැනීම සඳහා වන මහජන ව්‍යාපාරයක් ගොඩනඟන්නට වෙහෙසෙන අතර, වැඩ කිරීමට අවකාශයක් නැතැයි කියා අත් පා හකුළුවා ගෙන වකුටු වී නිදා සිටි සිවිල් සමාජයේ සාමාජිකයන්ට ද ඇහැ ඇරී අවදි වී ඇත.
‘‘ජෙනරාල් විපක්ෂයේ පොදු අපේක්ෂකයා නේද? දැන් ඔයගොල්ලන් අර්බුදයට යනවා නේද?’’ මේ ඔවුන් අප වෙත දමා ගසන ප‍්‍රශ්නයයි.
මේ ප‍්‍රශ්නය අහන සමහරුන්ට පසුගිය කාලයේ අප ඇඟේ හැපුණත් ඇහැට පෙනුණේ නැත. තවත් සමහර අය ‘අයියෝ, යූ.එන්.පී. එකත් එක්ක යන්න ලැජ්ජ නැද්ද?’ කීවෝය. තවත් උදවිය කීවේ පරදින අශ්වයාට ඔට්ටු අල්ලන්න ඔයාලා ඔය තරම් මෝඩද කියාය. මෙයට අමතර ව පසුගිය කාලයේ විවිධ දුෂ්කරතා මැද වුවද අපට සහයෝගය දුන් අයද හොඳ හිතින් යුතුව මේ ප‍්‍රශ්නය අසන බව ද සටහන් කළ යුතුය.


Read more...
View pdf ....

අපි නීති රීති වලට අනුව මැච් එක ගහමු

‘‘අපට සිහිනයක් තියෙනවා. ඒ සිහිනය මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන සමාජයක් බිහිකිරීමයි. එවැනි සමාජයක අපි සියළු දෙනාටම සමාන අයිතිවාසිකම් හිමිවෙනවා. උස වුණත් මිටි වුණත් ජාතිය මොකක් වුණත් කුමන ආගමක් ඇදහුවත් මොන දේශපාලන මතයක් දැරුවත් පුරවැසියන් වශයෙන් අන්න ඒ සමාන අයිතිවාසිකම ලබා ගන්න තමයි අපි ‘නිදහසේ වේදිකාව’ වශයෙන් එකතු වෙලා ඉන්නේ.’’
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා එසේ පැවසුවේ පසුගිය 21 වනදා මාතලේ පුරහලේ දී පැවැති නිදහසේ වේදිකාවේ දහවැනි මහජන රැස්වීම අමතමිනි.
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවන් වන නීතිඥ ජේ.සී.වැලිඅමුණ සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමග ‘දූෂණ විමසුම’ සංවිධානයේ සම්බන්ධීකාරක නීතිඥ රවි ජයවර්ධන මහතා ද කතා කළහ. ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ගීත ප‍්‍රසංගයකින් ද වේදිකාව ආලෝකවත් විය.
මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් අලූවිහාරේ, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන වසන්ත අලූවිහාරේ, සංජීව කවිරත්න සහ රෝහණ බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

වෙනසකට කැපවෙන්න අපි සූදානම්

විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක
රනිල් වික‍්‍රමසිංහ

‘‘පාර්ලිමේන්තුව පත් වෙලා දවස් එකසිය අසූවකින් යහපාලනය, 17 වන සංශෝධනය, ව්‍යවස්ථාමය හා නීතියේ ආධිපත්‍යය ආදී කාරණා ගැන නිදහසේ වේදිකාව සහ අනිත් පිරිස් සමඟ සාකච්ඡා කර ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය සහ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු වෙන ආකාරයේ අළුත් ව්‍යවස්ථාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා.’’
විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පවසා සිටියේ, ‘වෙනසකට කැපවෙමු’ තේමාව යටතේ නිදහසේ වේදිකාවේ පස් වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව එළි දැක්වීම පිණිස පසුගිය නොවැම්බර් 12 වෙනිදා කොළඹදී පැවති උත්සවයේදීය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හා නිදහසේ වේදිකාව ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කැපවෙන බවත් අද මෙම අවස්ථාවට සහභාගී වන්නේ පුද්ගලයන් වෙනුවෙන් නොව අරමුණු සහ ප‍්‍රතිපත්ති වෙනුවෙන් බවත් කී වික‍්‍රමසිංහ මහතා ඒ සඳහා පළමුවෙන් මැතිවරණයක් පවත්වා විධායක ජනාධිපති ක‍්‍රමය හැකි තරම් ඉක්මණින් අහෝසි කිරීමට සැලසුම් කරගෙන යන බවද පැවසුවේය.

Read More....
View PDF....

ජනාධිපති අපේක්ෂකයා කවුරු වුනත් ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂක වළල්ලක් අවශ්‍යයි

වැසි දියෙන් තෙත බරිත වී මඳ අඳුරකින් පරිසරය වැසී යමින් තිබුණද නිදහසේ වේදිකාව පළමු වරට එළිමහන් පිටියක පැවැත්වූ ගම්පහ මහජන රැස්වීමට සහභාගීවීමට පැමිණ සිටි විශාල ජනකායක් ගම්පහ කොළඹ බස් නැවතුම් පළ වටා රොක් වී සිටි අයුරු පසුගිය නොවැම්බර් 14 වෙනිදා අපට දැක ගත හැකි විය.
මෙහිදී පැමිණ සිටි පිරිසගේ අවධානය පැහැර ගනිමින් ප‍්‍රහාරාත්මක විලාසයකින් ආරම්භක කතාව කරන ලද්දේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ය.
‘‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ අපි යමකට විරුද්ධ නම් එයට විරුද්ධයි කියල කියන්න අපිට ධෛර්යයක් තිබුණෙ නැහැ. ඒත් දැන් අපිට ඒ ශක්තිය තියෙනවා. අපිට ඕන මේ රටේ අළුත් ආණ්ඩු හදන්න නෙවෙයි. අපේ අරමුණ මොන ආණ්ඩුවක් බලයට ආවත් එය ව්‍යවස්ථාවට හා නීතියට ගරු කරන ආණ්ඩුවක් බවට පත් කිරීමයි.’’
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා කියා සිටියේ, ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක තිබෙන ප‍්‍රධානම ලක්ෂණ වන තමන් කැමති පාලකයෙකු පත් කර ගැනීම, කාටත් එක සමානව සලකන නීතියේ ආධිපත්‍යය සුරක්ෂිතව තිබීම, අධිකරණයේ ස්වාධීනතාව සහ මානව හිමිකම් ගරු කිරීම ආදියට අද විශාල තර්ජනයක් එල්ල වී ඇති බවයි.’’
අනතුරුව සභාව ඇමතුවේ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ය.

Read More.....

Friday, November 20, 2009

වෙනසකට කැපවෙමු ! - නිදහසේ වේදිකාවේ පංචවිධ ප‍්‍රතිපත්ති

නිදහසේ වේදිකාව ශ‍්‍රී ලංකාව තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම උදෙසා කැපවූ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින් හා දේශපාලන නායකයින් විසින් පිහිටුවා ගනු ලැබූ පුළුල් සන්ධානයකි. රට පුරා පවතින මානව හිමිකම් කඩ කිරීම් නිදහසේ වේදිකාව බිහිකර ගැනීම සඳහා හේතු පාදක විය. එසේම අතුරුදහන්වීම්, පැහැරගෙන යාම්, නීත්‍යනුකූල නොවන මනුෂ්‍ය ඝාතන මෙන්ම මාධ්‍ය මර්දන කටයුතුවල නියැළුනන්ට දඞුවම් නොලැබීම හරහා මතුවුණු නිර්මුක්ති සංස්කෘතිය ද මෙයට හේතු පාදක විය.
අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය යන මූලික මානව අයිතීන් නිදහසේ වේදිකාවේ අඩිතාලම වන්නේය.


Read More....
View pdf ...

විපක්ෂය සමඟ වැඩ කිරීම සිවිල් සමාජයට අළුත් දෙයක් නෙවෙයි

ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිනිය


සිවිල් සමාජයේ ක‍්‍රියාධරයන් හැටියට පසුගිය කාලයේදී අප විශාල අභියෝගාත්මක තීන්දුවක් ගත්තා. ඒ විපක්ෂයේ දේශපාලන බලවේග සමඟ ක‍්‍රියාකාරී සංවාදයකට සහ මෙහෙයුමකට පැමිණීමටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම, නීතියට පිටින් සිදු කරන ඝාතන සහ අපරාධ, පැහැර ගැනීම් සහ අතුරුදහන්වීම් සිදුවන මොහොතක පොදු සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය පමණක් ප‍්‍රමාණවත් නොවන බව අපට හැඟී ගිය නිසයි මේ තීන්දුව ගැනීමට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ එක්දහස් නමසිය අසූ ගණන්වල අපි විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂයේ මර්දනයට එරෙහිව කටයුතු කළෙත් මේ ආකාරයටමයි. අප මේ මොහොතෙත් විපක්ෂය සමඟ කටයුතු කරන්නේ ඒ අත්දැකීම් පදනම් කරගෙනයි. ඒ නිසා මෙය අපට අළුත් දෙයක් නෙවෙයි.


Read More....
View pdf ....

සිවිල් සංවිධාන වලට සවන් දෙන විපක්ෂයක් බිහිකර ගන්න ලැබීම ඉතාම වැදගත්

ජ්‍යේෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු

නිදහසේ වේදිකාව ආරම්භ කළේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් සෑදීමටයි. ඒ සඳහා කවුරුවත් ඉදිරිපත් නොවන වෙලාවක යම්කිසි වේදිකාවක් හදන්න අප ඉදිරිපත් වුණා. දිගුකාලීනව ප‍්‍රතිපත්තිමය වශයෙන් මේ වැඩපිළිවෙළ ගෙන යන්නේ කෙසේද සහ අප එකඟ වන්නේ කුමන කාරණා වෙනුවෙන්ද යන්න ගැන නිදහසේ වේදිකාව හදන අවස්ථාවේ අපත් සමඟ සම්බන්ධ වූ පිරිස් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එම දීර්ඝ සාකච්ඡා වලින් පසුවයි මෙම පංචවිධ ප‍්‍රතිපත්ති සකස් කළේ .

Read More....
view pdf....

Monday, November 9, 2009

කාකි ඇඳුම් අළුගෝසුවන්ට එරෙහිව ජනතාව පෙළ ගැසෙති

මානසික ආතතියකින් පෙළෙමින් සිටියා යැයි කියන දෙමළ ජාතික තරුණයෙකුට පොලිස් නිළධාරියෙක් විසින් අමානුෂික අන්දමින් පහර දී දියේ ගිල්වා ඝාතනය කරන ලද සිද්ධිය මේ වන විට දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද මහත් ආන්දෝලනයක් ඇති කර ඇත. නොකඩවා සිදු වෙමින් පවතින පොලිස් ඝාතන අතරට අළුතින්ම එක් වූ මෙම සිදු වීම හරහා මෙරට මානව හිමිකම් කඩ කිරීම් ගැන කතා කිරීමට අපකීර්තිමත් සාක්ෂියක් ශ‍්‍රී ලංකා පොලිසිය විසින් නැවත වරක් සපයා ඇත.යම් හෙයකින් අදාළ සිදුවීම

මේ රටේ ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් නැහැ

දකුණු පළාත් සභා විපක්ෂ නායක
බුද්ධික පතිරණ

ගේ මේ කතාව ආරම්භ වෙන්නෙ 1990 දශකයේ මුල් කාර්තුවෙන්. මට මතකයි ඒ වකවානුවෙත් අද ඇතිවෙලා තියෙනවා වගේම ලොකු සංවාදයක් රට පුරා ඇති වුණා. ඒත් එදා ඒ සංවාදය තුළ මිනිස්සුන්ගේ බඩගින්න ගැන කතා වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් එදා පේ‍්‍රමදාස රජය ක‍්‍රියාත්මක කරපු ප‍්‍රමුඛ සුබ සාධන ව්‍යාපාරයන් ඇගයීමකට ලක්වුණේ නැහැ. එදා කතාවුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ගැන.හැබැයි සාම්ප‍්‍රදායික එක්සත් ජාතික පාක්‍ෂිකයෝ මේ සංවාදයෙන් පිටතයි හිටියෙ.

Read more...
View pdf ...

Tuesday, November 3, 2009

ඔහු කතා කරයි

‘රයිට්ස් නව්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

රයිට්ස් නව් සංවිධානය ආරම්භ වුණේ මිනිස් අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය වූ වාතාවරණයක් යටතේ. නමුත් ලංකාවේ යුද්ධයත් ජාතිවාදයත් ඉතාම සංකීර්ණ තැනකට ගිය මොහොතකදී අපේ වැඩපිළිවෙළේ තිබුණු මුල් අංශය වෙනුවට අපිට සිදුවුණා ජාතිවාදීහරණය කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න.
වහාම ශ‍්‍රී ලංකාවේ පොදු ජනයා වෙනුවෙන්
නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරනු යන තේමාවට මාරු වෙන්න වුණා.
ඔබට කියන්න පුළුවන්ද මේ දක්වා ගමන් පථයේ ප‍්‍රධාන මංසන්ධි කිහිපයක්?

අපි රයිට්ස් නව් සංවිධානය ආරම්භකවාදී ප‍්‍රවාහයක් තියෙනවා.



Read more ...
View PDF

Wednesday, October 28, 2009

සංක‍්‍රමණික ශ‍්‍රමය වහල් ශ‍්‍රමයක් නොවීමට නම්...

රැකියාවන් සඳහා විදේශගත වන සෑම කෙනෙක්ම පාස්පෝට් සාදා ගන්නා හැටි දනිති. වීසා ලබා ගන්නා හැටිද දනිති. සමහරුන් පුද්ගලයන් හට රට රැකියා ලබා දීමෙහි විශේෂඥයෝය. එහෙත් රැකියා සඳහා සංක‍්‍රමණය වන්නන්ගේ අයිතිවාසිකම් උදෙසා ජාත්‍යන්තර සම්මුතියක් පවතින බව දන්නේ කීයෙන් කීදෙනාද?
ලංකා රජය මින් වසර පහකට පෙර සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් කර ඇත. මෙම සම්මුතියෙන් රැකියා සඳහා යම් රටක සිට විදෙස් රටවලට යන සහ විදෙස් රටවලින් ...

Read more....
View PDF ...
GSP+ සහනයට කණ කොකා හඬන බව දැන් දැන් සක් සුදක් සේ පැහැදිලිය. දැන් ඊළඟ ජවනිකාව වනු ඇත්තේ ගෙදර ඇති මුව හමට තඩිබෑමයි. මේ මුව හම නම් විරුද්ධ පක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධානයි. කිසිවකුත් නොඅසන ප‍්‍රශ්නය වනුයේ සහනය එපා කිව්වේ කවුරුන්ද යන්නයි. ආණඩුවත්, විපක්ෂයත්, සිවිල් සමාජ සංවිධානත් වෘත්තීය සමිතිත් ප‍්‍රකාශ කළේ ලංකාවට තවදුරටත් මෙම සහනය අත්‍යවශ්‍ය බවයි. GSP+ සහනය යුරෝපා සංගමය විසින් ලබාදෙන්නේ කිසියම් රටක් මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රධාන ජාත්‍යන්තර සම්මුති තුනක ඇති විධි විධාන දේශීය වශයෙන් ....

Read more...
View PDF...

සෑම ලාංකිකයෙක්ම සමාන පුරවැසියෙකු බව ඒත්තු ගැන්වීමේ අභියෝගයට මුහුණ නොදී යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරන්න බැහැ

‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතුය එය අත්හළ නොහැකිය’ යන තේමාව යටතේ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද ‘අපි ඔක්කොම රජවරු’ මහජන රැස්වීම ඔක්. 13 දා කොළඹදී පැවැත්විණි. දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු දැක් වූ අදහස් ‘සමබිම’ ඔබ වෙත ගෙන එයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී එයට විරුද්ධව සියළුම බලවේග ඒකරාශී කළ යුතුය යන්න ලංකා සම සමාජ පක්ෂය පිළිගෙන ඇති මූලික කරුණකි. උදාහරණයක් වශයෙන් 1977 මැතිවරණයට ආසන්න කාලයේදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මහ මැතිවරණය වසර තුනකින් කල් දැමීමට හා මර්දනකාරී නීති ඉදිරිපත් කිරීමට ..


Read more...

Tuesday, October 27, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ උත්සාහය රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් නෙවෙයි

ධර්මසිරි බණ්ඩාරනායක
සාකච්ඡා කළේ - චතුරි තරංගනී

ලංකාවට නිදහස ලැබෙන්න මූලිකවම බලපෑවේ ඉන්දියානු නිදහස් අරගලය. බි‍්‍රතාන්‍යයන් ඉන්දියාව අතහැර යන මොහොතේ ලංකාවටත් ඒ ආකාරයේම නිදහසක් දීලයි පිටව ගියේ. නමුත් ඉන්දියානු නිදහස් අරගලය දැවැන්ත අරගලයක්. මම හිතනවා කිසිම අරගලයකින් තොරව ලංකාවට නිදහස ලැබුණෙ ඉන්දියාවට නිදහස ලැබුණ නිසා කියලා.
ඉන්දියානු නිදහස් අරගලයේ අභ්‍යන්තරයට ගිහින් බැලූවොත් එහි කලාකරුවන් සාහිත්‍ය, නාට්‍ය, කවිය හා සංගීතය කියන සෑම ආකාරයකින්ම නිදහස් සටන මුවහත් කළා. ලාංකීය සමාජය තුළ එවැනි මුවහත් තැබීම් ඉතාමත් සීමිතයි. ඒ නිසා නිදහස ලැබුණට පස්සෙ අපේ ජනතාව ප‍්‍රධාන ගැටළුවකට මුහුණ දුන්නා. ඒ‘මේ නිදහස අපි රැක ගන්නේ කාගෙන්ද’ කියන අර්බුදයට.අද මේ රටේ ජීවත් වෙන කිසිම මිනිහෙක්ට සංස්කෘතික ජීවිතයක් නැහැ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන

’නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කරු ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි පිළිබඳ ව පසුගිය දා කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද දේශනයක් ඇසුරෙනි.

ලංකාවෙ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නීති ගැන කතා කරන කොට ප‍්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් විශේෂයි.1. මහජන ආරක්ෂක පනත හා හදිසි නීති රෙගුලාසි2. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත1947 අංක 25 දරණ මහජන ආරක්ෂක පනත පාර්ලිමේන්තුවේ සම්මත කළේ ලංකාවට නිදහස ලැබෙන්න මාස හයකට කලින්. ඒ කාලෙ හිටපු සමහර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මෙහි අනාගතය ගැන අනාවැකි කිව්වා.

Read more...
View pdf...

Friday, October 23, 2009

ලංකාවේ අතීත මාධ්‍ය වීරයන්ගේ වර්තමාන භූමිකාව සහ හිට්ලර් සමඟ එකතු වුණු මාෂල් පෙටෝන්

ආණ්ඩුව විසින් පුවත්පත් මණ්ඩලය යළි බලාත්මක කිරීම හරහා ජනමාධ්‍යවේදීන් හට ලියන්නට සහ කියන්නට ඇති අයිතිය උදුරා ගැනීමට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන හතක මූලිකත්වයෙන් සම්මන්ත‍්‍රණයක් පසුගිය 29 වෙනිදා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.
‘පෙනෙන - නොපෙනෙන, දැනෙන - නොදැනෙන මාධ්‍ය මර්දනයට එරෙහිව’ යනුවෙන් නම් කර තිබූ මෙම සම්මන්ත‍්‍රණය ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය, ශ‍්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සන්ධානය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය යන මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කර තිබුණි.

‍නේපාලේ මෙහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ?

ෆ්‍රෙඞී ගමගේ
නිදහසේ වේදිකාව ගැන අද වැඩි දෙනෙකුට තියෙන ප‍්‍රශ්නය තමයි ‘අපොයි යූ.ඇන්.පී නේද’ කියන එක.මේ ප‍්‍රශ්නය අහන දෙවර්ගයක් මේ සමාජයේ ඉන්නවා.එක් කට්ටියක් මෙලෝ වැඩකට එන්නෙ නැති ඇඟ හොරු.එයාලට මේ වැඩවලට ඇවිත් තියෙන ආතල් කඩාගන්න බැරි හින්ද මේ තර්කෙ දාල තමන් ප‍්‍රගතිශීලී පොරවල් කියල අනික් අයට හිතවන්ඩ හදනව.මේ වගේ අයගෙන් වැඩක් නැහැ.මෙහෙම අය බහුතරයකින් තමයි මේ සිවිල් සමාජය හැදිල තියෙන්නෙ.




Read more....
View Pdf...

Thursday, October 22, 2009

දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කලී සාධකය

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
තාරා ශ‍්‍රී රාම්

Read More...
View PDF...

Tuesday, September 29, 2009

රට කාබාසිනියා කරන එවුන් දේශපේ‍්‍රමීන් නම් අපි දේශද්‍රෝහීන් වෙන්න කැමතියි

බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සිංහල සිනමාවේ ආරම්භක නළුවෙකු වූ හියුගෝ ප‍්‍රනාන්දු මාස්ටර්ගේ කණිෂ්ඨ පුත‍්‍රයාය. දීර්ඝ කාලයක් නව සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු සහ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1991 දී මීගමු මහ නගර සභාවටද තේරීපත් විය. නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කළ ‘කලාපේ අපි’ සංවිධානයේ සහ ‘නිවේකා’ පුවත්පතේද පුරෝගාමීයාය. 88-89 භීෂණ සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් සීදූව රත්දොළුව ස්මාරකය ගොඩනඟා සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින අතුරුදහන්වූවන්ගේ ජාතික දිනය නොකඩවා අනුස්මරණය කරන අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ගොඩනඟා අද දක්වාම එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේද බි‍්‍රටෝය. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහජන බලවේගයක් ගොඩනඟා ගැනීමේ අරමුණින් පිහිටුවන ලද නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඔහු අද නිදහසේ වේදිකාවේ රැස්වීම් වලට නැතුවම බැරි කථිකයෙකි.

Read more ...
View PDF ...

සත්‍ය ලියන මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම ජනතා වගකීමක්

නිදහසේ වේදිකාවේ හලාවත මහජන රැළිය පසුගිය සැප්තැම්බර් 12 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී දේශපාලන නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සභාව අමතා සිය අදහස් පළ කළ අතරපහත පළ වන්නේ එහිදී නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජිකබි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ මාධ්‍යවේදී ශාරංග නානායක්කාර පළකළ අදහස් වලින් කොටස් කිහිපයකි.

Read more ...
View PDF ...

මාස්ටර්ලට එක විදිහක් සාමාන්‍ය ජනතාවට තව විදිහක් ඇයි?

මට හිටියෙ දුවලා තුන් දෙනයි. ඒ තුන් දෙනාම දැන් අතුරුදහන්. මගේ දරුවන්ට වුණේ මොකක්ද කියල නොදැන මට ජීවත්වෙලා වැඩක් තියෙනවද?..මේ කතාව ඇසුණේ ඉකුත් බදාදා කොළඹදී සිවිල් අධීක්ෂණ කොමිසම විසින් සියළු අතුරුදහන් වූ සහ නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා හිතවතුන්ගෙන් තොරතුරු රැස්කළ අවස්ථාවට පැමිණ සිටි

Read more ...
View PDF ...

Friday, September 18, 2009

ගෙදර ගියොත් අඹු නසී - මඟ සිටියොත් තෝ නසී

ලංකාවේ දෙවෙනි විශාලම නගරය වවුනියාවද ?
තාරා ශ‍්‍රී රාම්

යුධ ගැටුම්වලට මැදි වී සිට ආරාධනා ලැබ රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි ලක්ෂ තුනකට ආසන්න ජනගහනයක් ගැන රජය දක්වන අවම මට්ටමේ සැලකිල්ල පිළිබඳ ව ඉතා අල්ප ප‍්‍රමාණයෙන් හෝ මාධ්‍ය, සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලනඥයින් විසින් හෙළිදරව් කරමින් සිටිති.
මේ වන විට වවුනියාව හා මන්නාරම් ප‍්‍රදේශ වලට ඇද හැලෙන මෝසම් වර්ෂාවට හසු වී කූඩාරම් කඩා වැටීම්, කඳවුරු භූමි තුළ අපද්‍රව්‍යය සහිත ජලය පිරී බොහෝ පිරිසක් රෝගී වීම් හා වතුර බැස යන තෙක් පැය ගණන් හිටගෙන සිටින්නට සිදු වීම් ඔවුන් ගැන අසන්නට ලැබෙන ආසන්නතම ප‍්‍රවෘත්තියයි.
අවතැන් ජනතාව මේ වන විට අත්විඳින දුෂ්කරතාවන් හා

Read more......
View PDF

Friday, September 11, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ පිරිමින්ගෙ අදහස් විතරක් නෙවෙයි - රෝහිණී වීරසිංහ

පිරිමි ළමුන්ගෙන් සෙල්ලම් බඩු ගන්න’. වරක් ජාත්‍යන්තර කාන්තා දිනයකදී ප‍්‍රංශයේ පැවැත්වුණු පෙළපාලියක සටන් පාඨය වුණේ මේ වචන කිහිපයයි. කාන්තාවන්ගේ ප‍්‍රශ්න වලට අවසාන වශයෙන් දේශපාලන විසඳුමක් අවශ්‍යයි. එය කරන්න නම් කාන්තා ප‍්‍රශ්න දිහා කාන්තා ඇසින් බලන ඇමතිවරු, පාලකයින් සහ ආණ්ඩුවක් අවශ්‍යයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ පිරිමින්ගෙ අදහස් විතරක් නෙවෙයි. කාන්තාවන්ගේ අදහසුත් එයට ඇතුළත්. කාන්තාවන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නම් එය දේශපාල

Read more.....

අනර්කලීට අපහාස කරනවට මම විරුද්ධයි - රෝසි සේනානායක

රටේ වර්තමාන තත්ත්වය හමුවේ කාන්තාවන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සමුළුවක් පසුගිය අගෝස්තු 28 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹදී කැඳවන ලදි. මෙම සමුළුව සඳහා කාන්තා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය, කලා, වෘත්තීය සමිතිවල නියෝජිතවරියන් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වූහ. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතවරියන් සහ දේශපාලන පක්ෂ නායක නායිකාවන් අතර විවෘත සාකච්ඡාවක්ද පැවැත්වුණි. මෙම සමුළුවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේසන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර යන මහත්වරුන් ද සහභාගී විය.පහත පළවන්නේ එම සමුළුවේදී කාන්තා ශක්ති සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා රෝහිණී වීරසිංහ සහ බස්නාහිර පළාත් විපක්ෂ නායිකා රෝසි සේනානායක දැක්වූ අදහස්ය.

Read more...

අසභ්‍ය ප‍්‍රකාශන සහ අපරාධ අතර සම්බන්ධයක් නැහැ

නීතිඥ ජේ.සී වැලිඅමුණ

වැඩිහිටියන් විසින් පරිහරණය කරන කලා කෘති තහනම් කිරීමට නීතිගෙන එන බවට සංස්කෘතික ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කිරීමත් සමඟ ම ඒ පිළිබඳ ආන්දෝලනයක් ඇතිවිය. ඒ පිළිබඳ කලාකරුවන්ගේ අදහස් පළ කිරීමට ‘සමබිම’ අපිද කටයුතු කළෙමු.අනතුරුව ඇති වු කතා බහක ප‍්‍රතිඵලයක් වශයෙන් ‘සංස්කෘතික දේශපාලන හා ප‍්‍රතිපත්ති’ මැයෙන් සාකච්ඡා සභාවක් අගෝස්තු 26 දා සවස කොළඹදී පැවැත්විණි.

Read more....

පාලකයා පාලනය කරන්නත්ත් පාලකයා තෝරා ගන්නත් මහජනයාට ඇති අයිතිය අහිමි කිරීමට එරෙහි වෙමු

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ
අනුරාධපුරයේදී


අද දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ගණනාවක් එක වේදිකාවක ඉන්නවා. මේ සියළු දෙනාම එකම වේදිකාවට ගොඩ වෙන එකම අවස්ථාව මෙයයි. නිදහසේ වේදිකාව ගොඩනැඟිල තියෙන්නෙ ජනතාවගේ මූලික නිදහස ආරක්ෂා කරන්නයි. අපි හැමදෙනාටම අපේ මතයන් ගැන වාද විවාද කරන්න, අදහස් පළ කරන්න, ඡන්දය ඉල්ලන්න නිදහස තියෙන්න ඕන. ඔබේ ඒ නිදහස නැති කරන්නයි අද නිදහස් මාධ්‍ය මර්දනය කරල තියෙන්නෙ. ලෝකෙ දරුණුම විදිහට මාධ්‍ය මර්දනය කරන රටවල් පහෙන් එකක් ලංකාව. දැන් මාධ්‍යවේදීන් තිහක් මරල දාලා. පනහක් හැටක් රටින් පිටවෙලා

Read more......

වාරණයට වගකිව යුත්තේයුද්ධයට උඩ ගෙඩි දුන්න අයයි


සිනමාවේදී සිරිමල් විජේසිංහ
අනුරාධපුරයේදී

නිදහසේ වේදිකාව තුළ කලාකරුවෙකු වශයෙන් අදහස් දැක්වීමට විතරක් නෙවෙයි පුරවැසියෙක් වශයෙන් මට තියෙන ප‍්‍රශ්නය මොකක්ද කියල ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවත් ලැබිල තියෙනවා. මේ වේදිකාවේ නොයෙක් විට කියැවෙනවා තියෙන භීෂණය ගැන. කලාවට, සංස්කෘතියට හෝ මාධ්‍ය නිදහසට තියන ප‍්‍රශ්න ගැන. මම අහන්න කැමතියි මේ මාධ්‍ය හෝ කලා නිදහස විනාශ වීමට වගකිව යුතු වැරදිකාරයා කවුද කියල. වැරදිකාරයා මහින්ද සහ ගෝඨාභය සහෝදරවරු දෙන්නා විතරක්ද?

අපි අභියෝගය ජයගත්තෙමු නිදහසේ හඬ අනුරපුරයේ රැව්දෙයි


පසුගිය 18 වෙනිදා කුරුණෑගල දී පැවැත්වුණු නිදහසේ වේදිකාවේ පස්වන මහජන රැස්වීම කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක සුළු පිරිසක් විසින් ගත් උත්සාහයේ ප‍්‍රතිඵලය වූයේ ලංකාවේ සියළුම මාධ්‍ය නිදහසේ වේදිකාව පිළිබඳ ව පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමයි.



Read more.......

Friday, August 14, 2009

පහුගිය කාලයේ ගොඩක් මාධ්‍ය ජාතිවාදය මාකට් කළා

නුවන් ලියනගේ
නෙත් FM
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
වැඩසටහන්
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

මාධ්‍ය නිදහස කියන්නේ මොකක්ද?
මම සිතන දෙයින් වැඩි ප‍්‍රතිශතයක් අනිත් අයට දැනෙන විදිහට ප‍්‍රකාශ කරන්න මා සහ මගේ අවට පරිසරය විසින් මට නිර්මාණය කරල දෙන අවස්ථාව මාධ්‍ය නිදහස කියල මම අර්ථකථනය කරනවා. දෙවනුව වඩා මානුෂික, වඩා සදාචාර සම්පන්න, වඩා මිනිසුන් ගැන හිතන සමාජයක් කරා මගේ සමාජය ගෙනයන්න මා සහ මගේ පරිසරය තුළින් නිර්මාණය කර දෙන නිදහස මාධ්‍ය නිදහස කියල අර්ථ දක්වන්න පුළුවන්.

Read more.....
නිදහසේ වේදිකාවේ මහජන රැස්වීම් මාලාවේ පස්වැන්න අගෝස්තු 18 දා කුරුණෑගල YMBA ශාලාවේදී පැවැත්වේ. රැස්වීමේ සංවිධායක කමිටු සාමාජිකයන් දෙදෙනෙකු සමඟ සමබිම වෙනුවෙන් ගිම්හාන තේනුවර කළ සාකච්ඡාව පහත පළ වේ.


Read more........

Friday, August 7, 2009

‘නිදහසේ වේදිකාව’ ට සම්බන්ධ නීතිඥවරුන් විසින් අගෝස්තු 4 වෙනිදා කොළඹ 07, ජාතික පුස්තකාල මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුව ඇමතූ කේ.එස්. රත්නවේල්, ලාල් විජේනායක, චන්ද්‍රා කුමාරගේ සහ ජේ.සී. වැලිඅමුණ යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්. ජනාධිපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතාද මෙයට සහභාගී විය.

Read more....
‘නිදහසේ වේදිකාව’ ට සම්බන්ධ නීතිඥවරුන් වෙනුවෙන් අප ප‍්‍රකාශ කරන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පිණිස නීතියේ පාලනය සහ සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය බවයි. එමෙන් ම, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ඇතුළුව සියළු නීති ක‍්‍රියාත්මක කරන ලෙසද, තෝරා බේරාගත් නීති පමණක් ක‍්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ද අපි ඉල්ලා සිටිමු.
එමෙන්ම, පහත සඳහන් කරුණු ද අපි අවධාරණය කරමු.

Read more...
වතැන් වූ ජනතාවගේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඔබගේ විග‍්‍රහය මොකක්ද?ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා මේ අනාථ කඳවුරු නරකාදියක් වගේ කියල ප‍්‍රකාශ කළා. ඒ වගේම හිටපු අගවිනිසුරු ඒවා එළිමහන් සිර කඳවුරු වගේ කිවුවා. මමත් මේවට ඊටත් වඩා සුදුසු තවත් වචනයක් සිංහල ශබ්ද කෝෂයේ තියෙනවද කියල හොයමින් ඉන්නේ. ඇත්තටම මේ අනාථ කඳවුරු පවත්වාගෙන යන්නේ දේශීය හා ජාත්‍යන්තර පිළිගත් සියළු නීති උල්ලංඝනය කරමින්. ඒ වගේම ප්‍රෞඩ ඉතිහාසයක් සහ සංස්කෘතියක් තියෙන අපේ ජාතියට
Read more....

Friday, July 31, 2009















සුචරිත පොලීසිය ගැන අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ උපාහාස කතා රචක ටී.ජී. ඩබ්ලිව්.ද. සිල්වා ගේ කාකද්වීපයේ කතන්දර වලය. කාකද්වීපයේ ප‍්‍රබන්ධයක් වශයෙන් පැවති සුචරිත පොලිසිය අද ලංකාද්වීපයේ යථාර්ථයක් බවට පත් වී ඇත.
පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සබ්බ සකල මනාව ම තහනම් කරමින් පවතී. ? දහයෙන් පසු සංගීත සංදර්ශන තහනම් ය; පාරේ සිඟරට් බීම තහනම් ය; ආණ්ඩු අකමැති ......

Read more.....
.
සුගිය 27 වෙනිදා සීගිරියේදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතියට හා සදාචාරයට එල්ල වී ඇති බරපතල තර්ජනය සැලකිල්ලට ගනිමින් ”වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ එන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයා පැවසීය. රජයේ මේ අලූත්ම තීරණය ගැන සමබිමේ අපි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුගෙන් සහ අධ්‍යක්ෂවරියකගෙන් විමසුවෙමු. එහිදී ඔවුන් පළකළ අදහස් මෙසේය.
Read more....

Friday, July 24, 2009

සිරිතුංග ජයසූරිය
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක

බ නිදහසේ වේදිකාවට සම්බන්ධ වුණේ ඇයි?
ආසන්නතම හේතුව වුණේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමත් එක්ක මතු වූ තත්ත්වය. නමුත් ඊට පෙර සිටම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, කතාකිරීමට ලිවීමට සහ ජීවත් වීමට තිබෙන නිදහස පිළිබඳ ප‍්‍රශ්නය බරපතල ලෙස සමාජ කතිකාවක් ලෙස මතුවෙමින් තිබුණා. ඒක දේශපාලන පක්‍ෂ වලට විතරක් සීමා වුණේ නැහැ. රටේ විවිධ සංවිධාන, වෘත්තීය සමිති ආදි සියලූ දෙනා අතරත් මේ කතිකාව ගොඩනැඟුණා. නමුත්, ලසන්තගේ ඝාතනයත් සමඟ සංයුක්ත කඩිනම් පියවරක් ගතයුතුයි කියන කාරණාව මත ඔහුගේ අවමඟුල වෙනුවෙන් රැස්වූ සංවිධාන, පුද්ගලයන් යන සියළුදෙනා එකතුවෙලා මේ වේදිකාව ගොඩනැගුවා. අපි පක්‍ෂයක් හැටියටත්, මම පුද්ගලයෙක් හැටියටත් කල්පනා කළා මේ අවස්ථාවේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජීවත්වීමට තිබෙන අයිතිය ආරක්‍ෂා කරගැනීමට අපිට අපේ පක්‍ෂ දේශපාලනය ඉක්මවා ගිය පොදු සමාජීය වගකීමක් තිබෙනවා කියලා. ඒ වෙනුවෙනුයි නිදහසේ වේදිකාවට ගොඩවදින්නට අපි තීරණය කළේ.

Read more...

Thursday, July 16, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයෙහි ප‍්‍රධාන මූලධර්ම දෙකක් වේ. පළමුවැන්න බහුතරයේ කැමැත්ත මත පාලනය කිරීමයි. දෙවැන්න බහුතරය ලබා නොගන්නා පිරිසට විපාක්ෂික විසම්මුතික පාර්ශ්වයක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවයි.

උදාහරණයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් සේ සැලකෙන කැනඩාව ගනිමු. කැනඩාව ප‍්‍රාන්ත සමූහයක් සහිත ෆෙඩරල් හෙවත් නිර් මධ්‍යගත පාලන ව්‍යුහයක් ඇති රටකි. බහුතර කැනේඩියානුවන් භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි භාෂාවය. එහෙත් ක්විබෙක් ප‍්‍රාන්තයෙහි බහුතරයක් භාවිතා කරන්නේ ප‍්‍රංශ භාෂාවයි. රටේ නිල කටයුතු වලදී ඉංග‍්‍රීසි සහ ප‍්‍රංශ යන භාෂා දෙකම භාවිතා වෙයි. ක්විබෙක් ප‍්‍රාන්තයේ බෙදුම්වාදී ව්‍යාපාරයක් පවතී. එය ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් නොවේ. අදහස් වලින් සන්නද්ධ වූ ව්‍යාපාරයකි. ඔවුන් සිතන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය කැනඩාවෙන් වෙන්වූ වෙනම රටක් වශයෙන් පැවතිය යුතු බවයි.

Read more ...

නිදහසේ වේදිකාව ශිෂ්ටත්වය සඳහා වන ව්‍යාපාරයක්

නිදහසේ වේදිකාවේ නුවරඑළිය දිස්ත‍්‍රික් මහජන රැස්වීම පසුගිය ජුලි 12 වැනිදා තලවාකැලේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, නීතිඥ ජේ.සී. වැලිඅමුණ, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ රවී ජයවර්ධන සහ තාලමුත්තු සුදාහරන් යන මහත්වරුන් කථිකයෝ ලෙස සහභාගී වූහ. අද සමබිම ඔබ වෙත ගෙන එන්නේ එහිදී නීතිඥ ලාල් විජේනායක මහතා පළ කළ අදහස්ය.

Read more....

Tuesday, July 14, 2009

”අපි නොදන්න චෙස්” කියා කීවේ ඇත්තටම චෙස් නොදන්නා නමුත් කැරම් ක‍්‍රීඩාවෙන් මුල් තැන ගත් අපේ මිතුරෙකි. කැරම් ක‍්‍රීඩාව හා චෙස් ක‍්‍රීඩාව අතර වෙනස්කම් බොහෝය. කැරම් ක‍්‍රීඩාවේදී තමන්ගේම ඉත්තන් වලට දැමීම සිදුවන අතර චෙස් ක‍්‍රීඩාවේදී කරන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන් කපා දැමීමයි. චෙස් නොදන්නා අපි දන්නා ක‍්‍රීඩාව වන්නේ දාම් ඇදීමයි. දාම් ඇදීමේදී ද කපන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන්ය. සමහර විට ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාට තමන්ගේ ඉත්තෙකු ඇමට දී එය කපා ගැනීමට ඉඩ හැර, එම ඉඩ පාවිච්චි කර, ප‍්‍රතිවාදියාගේ ඉත්තන් තුන් හතර දෙනෙක් කපාගෙන දාම් යාමට හෙවත් රජ වීමට ද අවස්ථාව තිබේ.කැපිල්ලේ ඉතිහාසය විජයගේ කාලය තරම් ඈතට ගෙන යා හැකිය. විජය ලංකාවට පැමිණ කුවේණි යොදාගෙන ශීර්ෂ වස්තුපුරයේ යක්ෂ නායකයන් සියල්ලම කපා දමා ලක්දිව රජ බවට පත් විය.

Read more...

Monday, July 13, 2009

නිදහසේ වේදිකාව තුළ සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ සමඟ ඒකරාශීව සිටින්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩ නඟා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා අවශ්‍ය වන දේශපාලන,ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ එකඟතා ලියවිල්ලක් මහජනයා අතර සිදු කරන සාකච්ඡා මාලාවකින් පසු සකස් කොට එය පදනම් කරගෙන දේශපාලන පක්ෂ සමඟ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය ජූනි 26 වැනිදා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් නිදහසේ වේදිකාව මඟින් කැඳවා තිබූ අතර එහිදී සිවිල් සංවිධාන සාමාජිකයෙකු මතුකළ ප‍්‍රශ්නයක් වූයේ අවශ්‍ය අවස්ථාවක අධිකරණය ඉදිරියට යාමට හැකි පරිදි සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ අතර නීතිමය ලියවිල්ලක් අත්සන් තැබීමට හැකිද යන්නයි. මීට පෙර අවස්ථාවල ඇති කර ගත් එවැනි එකඟතා දේශපාලන නායකයින් විසින් කඩ කළ විටදී ඊට

Read more

Friday, July 3, 2009

ජුනි 26 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ කොළඹ සමුළුව

ජිවත් වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම උදෙසා ජනතා බලවේගයක් සංවිධානය කර ගැනීම පිණිස ගොඩනැගුණු ‘නිදහසේ වේදිකාව’ දේශපාලන පක්ෂ, සිවිල්, මාධ්‍ය, කලා, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති, සහ වෘත්තිකයන්ගේ එකතුවෙන් සෑදුනු පුළුල් බලවේගයකි.රටේ වර්තමාන තත්ත්වය හමුවේ සිවිල් සංවිධාන මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමේ සමුළුවක් පසුගිය ජුනි 26 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹට කැඳවා තිබු අතර මෙම සමුළුව සඳහා නියෝජිතයන් සියයකට ආසන්න පිරිසක් සහභාගී විය. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් සහ නිදහසේ වේදිකාවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයන් අතර විවෘත සාකච්ඡාවක් සංවිධානය කර තිබු අතර එහිදී නැඟුණු ප‍්‍රශ්න සමහරක් ද, ඒවා පසුබිම් කරගෙන පක්ෂ නායකයන් දැක්වු ප‍්‍රතිචාර ද පළ කිරීමට ‘සමබිම’ දරන ලද උත්සාහය පහත දැක්වේ.

Read more...

Monday, June 29, 2009