Friday, December 19, 2008

අවුරුදු එකහමාරක් යනතුරු පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවේ රඳවා තබා ගැනීමට විධායකයට අවසර ලැබෙන සේ හදිසි අවස්ථා රෙගුලාසි සඳහා ගෙන ආ සංශෝධනයක් ක‍්‍රියාත්මක කිරීම අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 15 දා තීරණය කළේය.
අග‍්‍ර විනිශ්චයකාර සරත්. එන්. සිල්වා, කේ. ශ‍්‍රී පවන් සහ පී.ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මණ්ඩලය විසින් මෙම අත් හිටුවීම කරන ලද්දේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලන ලද අවස්ථාවේදීය.

මිනිසෙකු අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම යනු ඒ මිනිසාගේ නිදහස සීමා කිරීමකි. නමුත්, සෙසු පුද්ගලයන්ගේද සමස්ත සමාජයේද යහපත පිණිස මිනිසෙකුගේ නිදහස සීමා කිරීමට රාජ්‍යයට ඉඩක් ලැබී තිබේ.

නමුත්, රාජ්‍යයේ එම බලයට සීමාවක් ඇත. සීමාව පනවන්නේ මානව අයිතිවාසිකම් මඟිනි. එනම්, පුද්ගලයකුගේ නිදහස සීමා කොට අත් අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට රාජ්‍යයට හැකි වන්නේ නීති
Read More...

Thursday, December 18, 2008

අද ලංකාවේ ඔබ දකින බරපතලම මානව හිමිකම් ගැටළුව මොකක්ද?
අද ලෝකයේ තියෙන සියළුම ගණයේ දරුණු මානව හිමිකම් කඩ කිරීම් අපේ රටේ සිදුවෙනවා. අතුරුදහන් වීම්, නීත්‍යනුකූල නොවන ඝාතන, මානසික හා ශාරීරික වද හිංසා, මර්දන නීති හරහා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම් සිදුවෙනවා. මෙවැනි තත්ත්වයන් මීට පෙර ලෝකයේ බොහෝ රටවල්වල නිර්මාණය වෙලා තිබුණත් ඒවා වළක්වා ගන්න හැකි වුණේ තමන්ගේ රටේම බිහිකරගත් සාමූහික එකමුතු ව්‍යාපාර තුළින්. අපේ රටේත් දැන් පවතින තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් සාමූහික එකමුතුවකින් පමණයි.

මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ පොදු එකතුවක් හදන්න ඔබ ඇතුළු තවත් මානව හිමිකම් සංවිධාන ගනණාවක් මේ අවස්ථාවේ කටයුතු කරමින් සිටිනවා. නීතියේ පාලනය යළි ඇති කිරීමට රජයට බල කරමින් එහි පළමු පියවර පසුගිය දෙසැම්බර් 10 වැනිදා ට යෙදුණ ජගත් මානව හිමිකම් දිනයේදී සිදුකළා.මෙම පොදු එකමුතුව සම්බන්ධයෙන් ඔබේ දැක්ම කුමක්ද?
මුලින්ම අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මිනිස්සුන්ට නීතියෙන් අයිතිවාසිකම්

Read More......

Thursday, December 11, 2008

රෝසි සේනානායක කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ අවස්ථාවේ ඔබව හඳූන්වා දෙන්නේ කොහොමද ?
මගෙන් ඒක අහනවට වඩා මාත් එක්ක වැඩ කරන අය හෝ දරුවන්ගෙන් ඇහුවොත් වඩාත්ම හොඳයි ඒක. කෙනෙක් කෙනෙක් ගැන තක්සේරුවක් කරද්දි ඒක කොයි විදිහට අර්ථකතනය වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් මගෙන් ඈත් වෙලා ස්වාධීනව කොයි වගේ කෙනෙක්ද කියලා කියනවා නම්, මම ගොඩක් මිනිස්සුන්ට ආදරය කරන, මිනිස්සු දිහා අපක්ෂපාතීව බලන, මිනිස්සුන්ගේ සෘණ පැත්තට වැඩිය මිනිස්සුන්ගේ ධනාත්මක පැත්ත බලන, මානව හිතවාදී ලෙස හිතන කෙනෙක් ලෙසයි මම දකින්නේ.

ඔබ රූ රැජිනක්. ඒ වගේම නිළියක්. ඇයි ඔබ දේශපාලනයට ආවේ................
මම නිළියක් කියන්නත් මම ලැජ්ජයි.

Read more.....

Tuesday, December 9, 2008

සුදර්ශන ගුණවර්ධනගේ ‘අසමබිම’ පොතේ පෙරවදනෙන් කොටස් කීපයකි මේ....

බර්ලින් තාප්පය බිඳවැටීමෙන් පසු ඇරඹුණු යුගය පිළිබඳව උදාන වාක්‍යයක් ලෙස ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා 1992 ‘ඉතිහාසයේ අවසානය හා අවසන් මිනිසා’ යන පොත ලියුවේය. එම පොතෙන් ෆුකුයාමා තර්ක කළේ අප දකිමින් සිටින්නේ හුදෙක් සීතල යුද්ධයේ අවසානය හෝ පශ්චාත් ලෝක යුද්ධ සමයේ එක් අවධියක් හෝ නොවන බවයි.

ඔහුට අනුව මේ උදාවී ඇත්තේ මනුෂ්‍ය වර්ගයාගේ දෘෂ්ටිවාදාත්මක පරිණාමයේ අවසාන මොහොත සහ බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලොව පුරා ජයග‍්‍රහණය කරන මොහොතයි හෙවත් ඉතිහාසයේ අවසානයයි. ආසන්න වශයෙන් ගත වූ දශක දෙකක කාලයක් දෙස අතීතාවලෝකනයක යෙදුණුවිට අපට පෙනෙන්නේ සවිඥනිකව හෝ අවිඥනිකව ලංකා සමාජය වැළඳගෙන ඇත්තේ ෆුකුයාමා ගෙන් කියැවෙන අදහස බවයි.අදාළ වකවානුව තුළ ලංකාවට අදාළව බර්ලින් තාප්ප එකක් වෙනුවට තුන හතරක් බිඳ වැටුණේය.

Sunday, November 30, 2008

ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව සැකකරුවෙකු කරන ලද අපරාධයක් පිළිබඳව පොලීසියට කරන පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස යොදාගත නොහැකිය. නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟමින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහකාර පොලිස් අධිකාරවරයෙකුට නොඅඩු නිලයක් දරණ නිලධාරියෙකුට ස්වේඡාවෙන් කරනු ලැබු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස යොදා ගත හැකිය.එලෙස කරන ලද පාපොච්චාරණයක ස්වේච්ඡාභාවය පිළිබඳ පසු අවස්ථාවකදී අධිකරණය හමුවේ ප‍්‍රශ්න කළහොත් එහි නිවැරදි භාවය සොයා බැලීමට අධිකරණය පාපොච්චාරණයේ ස්වේච්ඡාභාවය පිළිබඳ පරීක්ෂණයක් කරන අතර එය වොයර් ඩයර් පරීක්ෂණය ලෙස හඳුන්වයි

Read More ....
වර්තමානයේ රජයේ යුද මෙහෙයුම් දරුණු වෙත්ම මන්නාරමේ ජන ජීවිතයට එය බලපා තියෙන්නේ කොහොමද?
වර්තමාන රජයේ යුද මෙහෙයුම් තත්ත්වය මන්නාරමේ ජනතාවගේ ගමනාගමනය ඇතුළු සෑම කටයුත්තකටම බලපාලා තියෙනවා. ජංගම දුරකතන පාවිච්චිය වගේ සන්නිවේදන මාර්ග සීමා කරලා. ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩක් සීමා කරලා. ඊට අමතරව තියෙන වැදගත්ම ප‍්‍රශ්නය මෙහි ජනතාව මානසිකව ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. ඊට හේතුව ඔවුන්ගේ ඥතීන්, හිතවතුන් විශාල ප‍්‍රමාණයක් වන්නි ඇතුළු ව විවිධ ප‍්‍රදේශවල අවතැන් වෙලා ඉන්නවා. ඒ අයගේ සුව දුක් දැනගන්න විදිහක් නැහැ. මෙම යුද මෙහෙයුම් තත්ත්වය නිසා මේ පැත්තේ ජනතාව ගොඩාක් වේදනාවට පත්වෙලා ඉන්නේ.

අද මන්නාරමේ සාමාන්‍ය ජන ජිවිතය ගෙවෙන්නේ කොහොමද?
සාමාන්‍ය ජීවිතය ගැන කියනවා නම් මිනිස්සු වැඩට යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා. ඒ දේවල් පිටස්තරින් වුණාට ඇතුලාන්තයෙන් ලොකු බියක් තියෙනවා. මොකක්ද අපිට වෙන්නේ කියන

Read More ....

Friday, November 21, 2008

ඔබට ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන තියෙන්නේ මොනවාගේ අදහසක්ද?
හරි ලස්සන මාතෘකාවක් කියලා මං හිතනවා. ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන කතා කරද්දී හරිම ගතානුගතික චිත‍්‍රයක් තමයි මට මැවෙන්නේ. අධ්‍යාපනය අතින් හා සාක්ෂරතාව අතින් කොතරම් අපේ සමාජය දියුණුයි කිව්වත්, මම නම් අත්දැකීමෙන් දන්නවා ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඉතාම ගතානුගතික, වැඩවසම් හා පසුගාමී චින්තනයකින් අනුන දෙන්නෙක් කියලා. කොළඹ නගරය තුළ කොතරම් මෝස්තර අනුගමනය කරනවා අපි දුටුවත් මේ අය තුළ තිබෙන සංස්කෘතික මතිමතාන්තර ඉතාමත් පසුගාමීයි.

ලංකාවේ මහපාරට බැස්සම අපට පෙනෙන ස්ත‍්‍රීන් හා පුරුෂයන් හරියට නිව්යෝර්ක්, පැරිස් හා ලන්ඩන්වලින් බැහැපු අය වගේ. සියලූ දෙනාම මොඞ්. සේරම සමානයෝ. මේක කොහොමද තේරුම් ගන්නේ ?
මොඞ් ගතිය තියෙන්නේ ඇඳුමෙන් විතරයි. අභ්‍යන්තරය මොඞ් නැහැ. මං කියන්නේ 70 දශකය මීට වඩා

Read More......

Thursday, November 13, 2008

අවසානයේදී ඇමෙරිකානු ජනතාව කථා කළහ.එහි ප‍්‍රතිඵලය බරක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට තේරී පත්වීමයි. (ලංකාවේ විද්යුත් මාධ්‍ය ඔහුගේ නම බැරැක් ලෙස වැරදියට උච්ඡාරණය කරයි.)

ඇමෙරිකානු ජනතාව සියලූ අපේක්ෂකයින්ටත්, ඔවුන්ගේ ගෝල බාලයින්ටත් ඇති පදම් කථා කරන්නට ඉඩ දී බලා සිටියෝය. සෑම වසර හතරකටම එක් වරක් කරන පරිදි ඉන්පසු ඔවුහු කථා කළහ. එවිට සියලූ දෙනා නිහඬ විය යුතුය.2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද ඇමෙරිකානු ජනතාව කතා කළහ. එවර සටන පැවතුණේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අල් ගෝර් සහ රිපබ්ලිකන් පක්ෂයේ ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් අතරය. නමුත් දින ගණනාවක් යනතුරුම ජයග‍්‍රාහකයා කවුරුන්දැයි

Read more...............

Friday, November 7, 2008

ජනාධිපතිතුමා විසින් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිසම් සභාවේ කටයුතු සඳහා මැදිහත් වී සිටි සිවිල් සමාජ සංවිධාන හත 2008 නොවැම්බර් 06 දා එම කොමිසම් සභාවේ කටයුතු වලින් ඉල්ලා අස්විය.
මෙහිදී තම ඉල්ලා අස්වීම පිළිබඳව සිවිල් සංවිධාන විසින් හේතු කාරණා දක්වමින් සිටියදී, කොමිසම් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් එම කරුණු දැක්වීමට බාධා කරමින් කියා සිටියේ සිවිල් සංවිධාන වෙත මෙසේ කරුණු දැක්වීමට කාලයක් ලබා දිය නොහැකි බවත්, කොමිසමට ඊට සවන් දීමට අවශ්‍යයතාවක් නොමැති බවත්ය. සිවිල් සංවිධාන නියෝජනය කරමින් අදහස් දැක්වූ නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ,
කොමිසම විසින් සිවිල් සංවිධාන වලට අවශ්‍ය නම් මෙම කරුණු දැක්වීම් මාධ්‍ය වලට ලබා දෙන ලෙස පැවසූ බවයි. තවදුරටත් නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ,
කොමිසම විසින් සිවිල් සංවිධාන වලට අවශ්‍ය නම් මෙම කරුණු දැක්වීම් මාධ්‍ය වලට ලබා දෙන ලෙස පැවසූ බවයි. තවදුරටත් නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ සිවිල් ජනතාව හා කොමිසම් සභාව
පසුගිය දිනෙක වවුනියාවේ සහ මන්නාරමේ සංචාරයක යෙදුනු අප එම ප‍්‍රදේශවල සාමාන්‍ය වැසියන්, සහන සේවකයන්, පූජකවරුන්, මානව හිමිකම් ආරක්ෂකයින් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් හමුවුණෙමු. එහිදී ඔවුන් හා අප කළ සාකච්ඡාවන් ඇසුරෙන් මෙම ලිපිය සකස්වේ.

දැනට ගොඩබිම හරහා වවුනියාව හෝ මන්නාරම් යන ඕනෑම අයෙක් මැදවච්චිය මුරපොළ පසුකර යායුතුය. එහිදී විශේෂයෙන්ම දෙමළ ජාතිකයින්ට බල පැවැත්වෙන නීති රීති මුරපොළේ රාජකාරී කරන නිලධාරීන්ගේ අභිමතය පරිදි කලින් කලට වෙනස් වීම අප දුටු සාමාන්‍ය තත්වයකි. බොහෝ කලකට පසු වවුනියාවේ පදිංචි තම

Read more........

Friday, October 31, 2008

වන්නියේ සිදුකෙරෙන යුද මෙහෙයුම් හේතුවෙන් අවතැන් වී සිටින ලක්ෂ ගණන් වන්නි ජනයාගේ සැබෑ තත්වය අනාවරණය කරගනු පිණිස පසුගියදා අප එම ප‍්‍රදේශවල සහන සැලසීමේ කටයුතුවල නිරත වී සිටින සහන සේවකයින්, පුජකවරුන්, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් හමුවුණෙමු. අප කළ සංචාරයේදී හා විමසීම්වලදී හෙළි වූ පරිදි අද දවසේ වන්නියේ ජන ජීවිතය ගෙවෙන්නේ මෙසේය.

යුද මෙහෙයුම් හේතුවෙන් මේ වන විට වන්නි මුළු ජනගහණය වන හාරලක්ෂ දහනමදාහ අතරින් අවතැන් වී සිටින මුළු ජනගහනය තුන් ලක්ෂ පහළොස් දහසකි. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මුලතිව් දෙසට ගොස් දැනට රජය විසින් යුද මුක්ත කලාපයක් ලෙස නම්කර ඇති විශ්වමඩු හා ඔඞ්ඩුසුඩාන් යන ස්ථානවල ලැගුම් ගෙන සිටියි. රජය මෙසේ යුද මුක්ත කලාපයක් ලෙස නම් කර ඇත්තේ වර්ග කිලෝමීටර් දහයක භූමි ප‍්‍රදේශයකි. අවතැන්ව සිටින පිරිස තුන් ලක්ෂ පහළොස් දහසකි. මෙවැනි විශාල පිරිසකට ජීවත්වීමට වර්ග කිලෝමීටර් දහයක් ප‍්‍රමාණවත් දැයි මූලිකම ගැටළුවකි. අපේ හැඟීම නම් එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවයි.

Read More....
2008.10.12 වන දින සමබිමෙහි පළවූ ජානක තේනුවරගේ ‘කරුණා පාර්ලිමේන්තු යැව්වේ ඇයි ?’ ලිපියට පිළිතුරක්...

සරත් එන්. කුමාර

යුද්ධය ආරම්භ වී හමාර ය. එය ආරම්භ වූයේ අද ඊයේ නොවේ. එයට ද විවිධ හේතු සාධක බලපෑවේය. දිනෙන් දින වර්ධනය වූ අර්බුදයන් යුද්ධයක් දක්වා වර්ධනය විය. එහි ඉතිහාසය ඉතා අමිහිරිය. සියලූ හේතු සොයා බැලූවහොත් කාගෙ කාගේත් කිල්ලෝටයන් හි හුණු ටික ටික හෝ ඇත. මෙයින් අදහස් කරන්නේ ප‍්‍රභාගේ යුද්ධය සාධරණීකරණය කිරීම නොවේ.

යුද්ධයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ ලැඟුම් ගන්නට පටන් ගත්තේත්, ඔවුන්ට මුදල් ගලා ඒමට පටන් ගත්තේත්, අපේ රටේ කවර ජාතියකට හෝ අයත් මිනිසුන්ගේ සිරුරින් ගලන රුධිරය, කඳුලූ හා දුක හරහාය. හැම ජාත්‍යන්තර සංවිධානයක්ම ඉදිරිපත් වන්නේ උදව්වටය. අපේ රට ගැන ඇත්තේ පුදුම කැක්කුමකි. එය අගේ කළ යුතුය. ඒ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි අප එකහෙළා පිළිගන්නා නිසාය. නමුත් ජාත්‍යන්තර සංවිධාන හරහා ත‍්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය නෙලාගත් ප‍්‍රතිඵල මේ වන විට එකින් එක හෙළිවෙමින් පවතී.

Read More ......

Friday, October 24, 2008

එකමත් එක රටක දේශහිතෛෂියෙක් වාසය කළේය. ඔහු කෙතරම් දේශහිතෛෂියෙක්ද යත් බටහිර ඇඳුම වෙනුවට ඇන්දේ ජාතික ඇඳුමය. යට ඇඳුම ලෙස පාවිච්චි කළේ අමුඩයකි.

වරක් ඔහුට බඬේ අජීර්ණයක් සෑදිනි. මේ සඳහා බටහිර දොස්තර බෙහෙත් බීම ඔහු ප‍්‍රතික්ෂේප කළේ තම දේශහිතෛෂීත්වය නිසාමය. අසල්වැසියන්ට ඔහු කීවේ තමාට බඬේ අමාරුවක් නැති බවය. ”මේක මගේ බඩ. කාටවත් අයිතියක් නැහැ මගේ බඩට ඇඟිලි ගහන්න.” යැයි ඔහු කීවේ තමාගෙන් විටින් විට නිකුත් වන දුගඳ වාතය නිසා අපහසු තාවයට පත් අසල්වැසියන් ඒ බව ඔහුට දැනුම් දුන් විටය.

ඒත් අවාසනාවකට මෙන් බඬේ අජීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ බඩ විරේක වී ස්වයංක‍්‍රීයවම මළපහ විය. එකී මළ අමුඩයෙහි තැවරී එතැනින් නතර නොවී රෙද්ද පල්ලෙන් බේරෙන්නට වීම නිසා හතර වටේම දුගඳ හමන්නට විය. එවිට අසල්වැසියෝ නහය හකුළුවාගෙන ගඳයි කියා කෑගසන්නට වුහ. දුගඳ හමන්නේ තමා වෙතින් බව පිළිගන්නට අපේ කතානායකයා කැමති නොවීය. ඒත් ඔහුගේ අමුඩයෙහි මළපහ වී ඇතිබව සාක්ෂි ඇතිබව පෙන්වා දුන් අසල්වැසියෝ පශ්චාත් භාගය යොදාගෙන බඬේ අමාරුවට බෙහෙත් බොන ලෙස ඔහුට බලකර කියා සිටියහ. එවිට දේශහිතෛෂියා මෙසේ කීය. ” අම්මට සිරි ඇත්ත නේන්නම් ! කවුද යකෝ මගේ අමුඬේ ජරා කළේ ? ”

Read more...

Friday, October 17, 2008

ලෝක මානසික සෞඛ්‍ය දිනය පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදාට යෙදී තිබුණි. සමාජයේ අවධානය ඉතා අඩුවෙන් යොමු වන මානසික රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු සමඟ කල සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වේ.මානසික රෝගීන් යනු අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන්ම අයිතිවාසිකම් හා වරප‍්‍රසාද හිමි පුද්ගල කාණ්ඩයකි. ඔවුන් වෙනුවෙන්ද නීතිගත වූ නෛතික පටිපාටීන් ඇති අතර ලංකාවේ මානසික රෝගීන් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක වන මූලික නෛතික ලියවිල්ල 1870 ගණන් වල සම්පාදනය කල මානසික සෞඛ්‍ය ආඥ පනතයි. ඉන්පසු 1974 වසරේ සුළු සංශෝධනයකට ලක් වූ මෙම ආඥ පනතේ යල් පැන ගිය ස්වභාවය නිසාම ලංකාවේ මානසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවීම විශාල ලෙස සිදුවේ.වසර එකසිය තිස් අටකට පසුවත් කි‍්‍රයාත්මක වන ආඥ පනතේ ඇති ප‍්‍රධානතම දුර්වලතාව එය නූතන ප‍්‍රතිකාර ක‍්‍රම හා නොගැලපීමයි. සාමාන්‍යයෙන් මානසික සෞඛ්‍ය ආඥ පනතකින් ඉටුවිය යුතු මූලික අරමුණු කිහිපයකි.

Read more......
වර්තමානයේ රෝගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නිතර වාර්තා වෙනවා. මේ අතරින් මානසික රෝගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ඉතා වැඩි අතර ඒවා හෙළිදරව් නොවෙන ස්වභාවයක් පේනවා
ඔව්. මානසික රෝගීන් කිසිවෙකුගේ අවධානයට ලක් නොවන පිරිසක්. ඔවුන්ටත් අනෙක් අයට වගේම අයිතිවාසිකම් තියෙනවා.නමුත් රෝගීන්ගේ පැත්තෙන් බැලූවොත් දැනට ලංකාවේ මානසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවීම් ඉතා වැඩියි.

ඊට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද ?
ප‍්‍රධානම හේතුව මෙරට ක‍්‍රියාත්මක වෙන මානසික සෞඛ්‍ය ආඥපනත. මෙය අවුරුදු 150කට වඩා පරණයි. ඒක නවීකරණය නොවීම ලොකු ප‍්‍රශ්ණයක්. අනෙක බොහෝ මානසික රෝගීන්ට තමන්ගේ ප‍්‍රදේශයේම ප‍්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොමැතිකම. මානසික රෝගීන්ට වගේම මන්ද බුද්ධික අයටත්, ආබාධිත අයටත් මේ ගැටළුව බලපානවා. ඔවුන් ගැන සෞඛ්‍ය, අධ්‍යාපන, හා සමාජමය වගකීමක් තියෙනවා.

Read more......

Friday, October 10, 2008

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලන්ඩන් මූලස්ථානය පසුගිය අඟහරුවාදා ලංකාවේ පිහිටි මානව හිමිකම් සංවිධානවලින් විමසා සිටියේ කිසියම් පුද්ගලයෙකු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත් වූ විට ඔහුට යුධ අපරාධ හෝ සාමාන්‍ය අපරාධ චෝදනාවලින් නිර්මුක්තියක් හිමිවන්නේද යන්නයි.

ලංකාවේ මන්ත‍්‍රීවරයෙකුට එවැනි නිර්මුක්තියක් හිමි නොවන බවත්, ඔවුන්ද නඩු පැවරීමට යටත් බවද දැනගන්නට ලැබීමෙන් ඇම්නෙස්ටිය ද වික්ෂිප්තභාවයට පත්විය.කරුණා අම්මාන් නොහොත් කර්නල් කරුණා නොහොත් ගරු විනයාගමූර්ති මුරලිදරන් මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කරනු ලැබ පාර්ලිමේන්තුවට පිටත් කර හැරීම ඇම්නෙස්ටිය මේ ප‍්‍රශ්නය විමසීමට නිමිත්තයි.

ඇම්නෙස්ටිය කල්පනා කරන්නට ඇත්තේ කරුණාට විරුද්ධව නඩු පැවරීම සඳහා (ඔවුන්ට අනුව ස්වාධීන ආයතනයක් වශයෙන් පැවතිය යුතු) නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියා කිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් මෙම පියවර ගන්නට ඇති බවයි. එය තර්කානුකූල විග‍්‍රහයකි. එහෙත්, ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නඩු පැවරීමෙන් නිර්මුක්තියක් නැති බව පැවසීමෙන් ඔවුන්ගේ ඔළුව විකාර වන්නට ඇත.


Read more.......
ඔබ හිතන්නේ මම ඔබ එක්ක කලාව ගැන කතා කරන එකද වඩා සුදුසු? නැත්නම් දේශපාලනය ගැන කතා කරන එකද?

මට හිතෙන්නේ දේශපාලනය විසින් සියල්ලම අවසන් කරල තියෙන මොහොතක කලාව ගැන කතා කළත්, දේශපාලනය ගැන කතා කළත් දෙන්න තියෙන්නේ එක හා සමාන උත්තරයක්.කලාවේ විනාශය ගැන කතාකරනවාද ? කලාවේ දේශපාලනය විසින් සමස්ථයට කරන ලද විනාශය ගැන කතා කරනවාද කියන එක අද ප‍්‍රශ්ණයක්. ඇත්තටම අපිත් ඉන්නේ ඔබ අහන ප‍්‍රශ්නයෙන් කෝකට උත්තර දෙනවද කියන එක නිශ්චය කරගන්න බැරුව.

Friday, October 3, 2008

ආණ්ඩුවේ වර්තමාන ගමන් මඟ ගැන ඔබේ අදහස කුමක් ද?
අද මේ රටේ පෙරමුණු දෙකක් තියෙනවා. දේශපාලන පෙරමුණ හා මානව හිමිකම් පෙරමුණ. ආණ්ඩුව මේ පෙරමුණු දෙකෙන්ම තමන්ගේ ගමන වරද්දගෙන තියෙන බවයි මගේ අදහස.අද සාමාන්‍ය ජනතාව සෑම ආකාරයකින්ම දැඩි පීඩනයකට හා භීතියකට ලක්ව සිටියදීත් ජනතාව විසින් ආණ්ඩුව දිගින් දිගටම කරගෙන යන මෙම වැඩ පිළිවෙළට සහයෝගය දීම ඔබ දකින්නේ කොහොමද?ජනතාවගේ සහයෝගය ලැබෙන ආකාරය දැකිය හැකි බුද්ධිමත්ම, සාධාරණම ක‍්‍රමය මැතිවරණය. පසුගිය උතුරු-මැද හා සබරගමු පළාත් සභා මැතිවරණයේදී අණ්ඩුව ජයග‍්‍රහණය කළා. එම මැතිවරණය පැවැත්වුණු ආකාරය පිළිබදව යම් යම් ගැටළු තිබුණත් අපි ඒ ප‍්‍රථිඵල පිළිගන්නවා.

Read more....

Friday, September 26, 2008

ජානක තේනුවර

ඊසොප්ගේ උපමා කතාවකට අනුව එකමත් එක රටක වෘකයෙක් ජීවත් විය. දිනක් ඌ ගඟකට බැස දිය බොමින් සිටින විට එම ගෙඟහිම දිය බොන බැටළු පැටියෙකු දුටුවේය. බැටළු පැටවා මරා කෑමට තීරණය කළ වෘකයා ඒ සඳහා හේතුවක් සෙවීය. ”ඒයි, දුෂ්ඨ බැටළුවා, උඹ බය සැක නැතුව මා බොන වතුර බොර කරනවා නේද? මේ වරදට මම නුඹව මරා දමනවා.” එවිට බැටළු පැටියා කීවේ ”අවසර දේවයන් වහන්ස, ගැත්තා දිය බොන්නේ ඔබ වහන්සේ දිය පානය කරන ස්ථානයට පහළින් ” කියාය. වැඬේ වැරදුණු බව දුටු වෘකයා මෙසේ කීය. ”ඒක හරි. නමුත් මීට අවුරුද්දකට කලින් උඹ මා බොන වතුර බොර කළා. ඒ නිසා උඹට මරණ දඬුවම දිය යුතුයි.” කරුමයට මෙන් බැටළු පැටවාට එයටද විත්තිවාචකයක් තිබිණි. ”බය බෝයි දේවයන් වහන්ස, මා ඉපදිලා තවමත් මාස තුනයි.”එවරත් වැඬේ වැරදුණු බව දුටු වෘකයා, ”එහෙනම් ඒ උඹේ තාත්තා වෙන්නට ඇතැයි ” කියා තවත් කතා කිරීමට බැටළු පැටවා කට ඇරීමට පෙර තම කට ඇර ඒ තුළ අසරණ බැටළු පැටවා සඟවා ගත්තේය.

Read more....
අද හැමෝම යුද්ධය ගැන කතා කරන අවස්ථාවක ඔබ යුද්ධයෙන් පීඩනයට පත් වී සිටින සාමාන්‍ය ජනතාව ගැන සොයා බැලීමට උත්සාහ කලේ ඇයි ?සාමාන්‍යයෙන් අපි කියන්නේ උතුර හා දකුණ වෙන් වෙන්නේ ඕමන්තෙන් කියලා. නමුත් මේ සංචාරවලදී අපි දැකපු විශේෂත්වය තමයි දැන් රට වෙන්වෙලා තියෙන්නෙ මැදවච්චියෙන්. කොළඔ හෝ වෙනත් තැනක ඉදන් වව්නියාවට, මන්නාරමට යන කෙනෙකුට මැදවච්චියෙන් එහාට යන්න වෙන්නෙ මැදවච්චිය චෙක් පොයින්ට් එකෙන් එහා තියෙන වෙනත් වාහනයකින්. වව්නියාවට ඉස්සර ගිය කෝච්චි දැන් යන්නේ මැදවච්චියට විතරයි. උදේ 3.45 ට, 7.30ට, ? 10.30ට මැදවච්චියෙන් පිටත්වෙන එක කෝච්චියකටවත් මන්නාරමේ ජනතාවට නගින්න බැහැ. හේතුව මන්නාරම් පාර අරින්නේ උදේ 6.00 ට. මේ දුම්රිය කාලසටහන් හදලා තියෙන කාල රාමුව අනුව මන්නාරමේ සිවිල් ජනතාවට ඒවායේ ගමන් ගැනීමට නියමිත වේලාවට මැදවච්චියට ඒම අපහසුයි. බඩු ප‍්‍රවාහනයේදීත් මැදවච්චියෙන් .....

Read more....

Friday, September 19, 2008

තමන් තම ජර්මන් මව්බිමට අසීමිත ලෙස ආදරය කරන බව පැවසුවේ වෙනින් කවුරුවත් නොව ජර්මන් චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර්ය. පළමු ලෝක යුද්ධ පරාජයේ තුවාලවල වේදනාවෙන් සිටි ජර්මන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් හිට්ලර් මව්බිම වෙනුවෙන් යුදෙව්වන් ලක්ෂ 20 ක් සමූල ඝාතනය කළේය. ජර්මන් ජනතාව මව්බිම වෙනුවෙන් එම මහා අපරාධය ඉවසා සිටියෝය. යුද්ධය අවසාන වුයේ ජර්මනිය බිමට සමතලා කරමිනි. එය දකින්නට හිට්ලර් ජීවත් නොවුයේය. එහෙයින් කෙනෙකු තම මව්බිමට අසීමිත ලෙස ආදරය කරන බව පවසන විට අපට දැනෙන්නේ බියකි.වන්නි ප‍්‍රදේශයේ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට යටත් ප‍්‍රදේශවලින් සැප්තැම්බර් 30 වන දිනට පෙර ඉවත්වන ලෙස ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනිකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහන සේවකයන්ට දැනුම් දී තිබේ.ඒ අනුව අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) හැර අනෙකුත් සියලූ සංවිධාන වවුනියාව කරා පැමිණෙමින් තිබේ.
ආණ්ඩුව ඔවුන්ට පවසා ඇත්තේ වවුනියාවේ සිට තම කටයුතු කරගෙන යන ලෙසයි. පසුගිය කාලය මුළුල්ලේම වන්නියේ අපා දුක් විඳින ජනතාවට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය සහ අනෙකුත් මානුෂික සේවා සැලසුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ

READ MORE......
ආණ්ඩුව වන්නියේ අවතැන් වූවන් පිලිබඳ කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන සුළු ආහාර ප‍්‍රමාණය හැරෙන්න අන් කිසිවක් ඔවුන්ට ලබා දීමට නොහැකි වී ඇතිබව ද්‍රවිඩ ජාතික සංධානයේ කණ්ඩායම් නායක ආර්.සම්බන්දන් මහතා පසුගිය දා පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් පවසා සිටියා. තවද,ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිලිබඳ නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ප‍්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳවද කරුණු දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ 'ලංකාවේ රජය තමන්ගේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරගැනීමේ සහ විනාශ කරගැනීමේ ක‍්‍රියාවලියකට තමන්ම දායකත්වය දෙමින් සිටින බවයි.’

Friday, September 12, 2008

යුරෝපා සංගමයට ඇඟලූම් අපනයනය කරන රටවල් මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අදාළව එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන්ගේ ප‍්‍රමාණයද සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමේ රටවල් වලට කෙරෙන භාණ්ඩ අපනයනයේදී අපනයනය කෙරෙන භාණ්ඩ සදහා ගෙවිය යුතු රේගු බදු සහනය GSP+ ය. ආසියාවෙන් මෙම සහනය ලැබූ රටවල් දෙක වන්නේ මොංගෝලියාව සහ ශ‍්‍රී ලංකාවයි. මෙම සහනය වෙනුවෙන් පනවන ලද එකම කොන්දේසිය වූයේ සහනය ලබන රටවල් අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් තබා ඇති මානව හිමිකම් වලට අදාළ ප‍්‍රඥප්තීන් 27කට අයත් කාරණා එම රටවල් පිළිපැදිය යුතු බව පමණි. නමුත් තව නොබෝ දිනකින් මෙම සහනය අප රටට අහිමි වීමේ තර්ජනයක් ඇත. මේ ඒ පිළිබඳව අගොස්තු මස 27 වන දින ටැමිල් ගාඩියන්හි පළවු ලිපියකි.

පසුගියදා පැවති පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පැහැදිලි ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. එම ජයග‍්‍රහණය ඔබ අර්ථ නිරූපණය කරන්නේ කොහොමද?
මෙය ජාතිවාදී, යුධවාදී, මතවාදී ආධිපත්‍යයක් සමාජය තුළ දැඩි ලෙස තහවුරු කරලා විශේෂයෙන්ම ව්‍යාජ තොරතුරු, තැති ගැන්වීම් ගණනාවක් කරලා ලබා ගත්ත ජයග‍්‍රහණයක්. ඡන්දය දිනයේදී නිහඬව කටයුතු කලත් සියළුම බිය වැද්දීම් ඊට පෙර ගණනාවක් කරලා තිබුනා. ඒ අනුව ඒගොල්ලන්ට අවශ්‍ය ප‍්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වුණා. එහිදී මිනිස්සු තුළ යුද්ධය පිළිබඳ දැඩි කම්පාවක්, විශ්වාසයක් ඇති කලා. ඒ අනුව යුද්ධය වෙනුවෙන් පෙනී නොසිටින සෑම අයෙක්ම දේශ ද්‍රෝහියෙක්, ජාතිවාදියෙක් වන බව ප‍්‍රකාශ කළා. ඒනිසා ඊට සම්පුර්ණ සහාය දිය යුතුයි කිවූ අතර එයට විරුද්ධව කටයුතු කල ප‍්‍රබල කොටස්වලට ඒ ඒ පළාත්වලදී පහර දීම් කරමින්, විවිධ හානි කරමින් ඔවුන්ව යටපත් කළා. එය ඡන්දයට මාසයකට, සති තුනකට විතර පෙර සිදු කළා. ඒ විදිහට සමාජය ජාතිවාදී, යුධවාදී ආධිපත්‍ය තුළ හසුරුවා ගත්තා. ඒ නිසා මැතිවරණය එදිනට සාධාරණව පැවැත්වුණා කිව්වත් සමස්ත මැතිවරණ ක‍්‍රියාවලිය තුළ එයට වඩා ගැඹුරු යටිතලයේ බිය වැද්දීම් පැවතුණා.

Friday, September 5, 2008

විනාඩියක් පමණයි රූපවාහිනි වැඩසටහනක තේමාව වශයෙන් මැතිවරණය යන්න යොදා ගැනීමේදී ප‍්‍රචණ්ඩත්වය යන්න තහනම් වචනය ලෙස යෙදිය හැකි තරමට මැතිවරණයත්, ප‍්‍රචණ්ඩත්වයත් එක ළඟ ගමන් කරන වචන දෙකක් බවට පත්ව තිබේ. මැතිවරණය පිළිබඳ කථා කරන විට සෑමවිටම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංඛ්‍යාව සීමිත ඕවර් තරඟයක ලකුණු තත්ත්වය මෙන් මාධ්‍ය මඟින් ප‍්‍රචාරය වේ. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණය කිරීමට මධ්‍යස්ථාන දෙකක් බිහි වී ඇති අතර එකක් සිවිල් සමාජයෙන් මෙහෙයවන විට අනෙක ආණ්ඩුවෙන් මෙහෙයවීම සිදුවේ.මෙහිදී සිවිල් සමාජ, ආගමික සමාජ හා ජනමාධ්‍ය යන සියළු දෙනාගේ ඉල්ලීම එකය. එනම් ප‍්‍රචණ්ඩත්වය එපා යන්නයි. ඒ කවුරු කොහොම කිව්වත් අපට පෙනෙන්න තිබෙන්නේ දිනෙන් දින ප‍්‍රචණ්ඩත්වය සංඛ්‍යාවෙන් පමණක් නොව ප‍්‍රමාණයෙන් සහ ගුණයෙන් ද වැඩි වන බවයි.
උගත් පුරවැසියෙක් ලෙස වර්තමායේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

සෑබැ දේශපාලනය තියෙන රටක මානව හිමිකම් ආරක්ෂා වෙන්න ඕන. ඒක සීමා වුණු දෙයක් නෙවෙයි. මානව හිමිකම් නැති දේශපාලනය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියලා අපිට කියන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන බි‍්‍රතාන්‍ය ආකෘතිය අරන් බහුතරයට ඉඩ දෙනවා
කියන එකේ තේරුම සුළු ගණන් වලින් ඉන්න අයව හෙට මරලා දාමු කියන එක නෙවෙයි. දෙමළ සිංහල කියන සාධකය පැත්තකින් තියලා අපි හිතමු එක මිනිහෙක් රෝගියෙක්. අනෙකා නීරෝගී අයෙක් කියලා. එතකොට අර රෝගී මිනිහාගේ රෝගය සුව කරන්න බැහැ කියලා එයාව මරලා දාලා හරියනවාද?

Friday, August 29, 2008

අද අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක බව උවමනාවෙන්ම අමතක කරන විචාරකයෙකු උතුරු මැද හා සබරගමු පළාත් සභා සඳහා පැවැත්වුණු මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු එළඹෙන නිරීක්ෂණ පහත පරිදි වේ.
1. මෙය ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයකි.( මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසු සෑම පුවත්පතකම මුල් පිටුවේ පළ කළේ බර්ටි පේ‍්‍රමලාල් මහතාගේ හෝ මහීපාල හේරත් මහතාගේ ඡායාරූප නොව ජනාධිපති වරයාගේ ඡායාරූපය.)ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර ඇත්තේ මෙය මගේ ජයග‍්‍රහණයක් නොව මව්බිමේ ජයග‍්‍රහණයක් බවයි. (මාගේ මේ ව්‍යායාමය කිසිකලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය. සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය පිණිස වන්නේය.)

2. මෙය යු.ඇන්.පීය ලැබු පරාජයකි. එයට හේතුව එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දුර්වල නායකත්වයයි. ( සිරිත් පරිදි රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කළ යුතු බව කියන පරණ තැටිය නැවතත් වාදනය වෙන්න පටන් ගෙන ඇත. රජයේ මාධ්‍ය ඊට සංගීතය සපයයි.)

Read more.....
නීතිඥ කේ.එස්.රත්නවේල් මහතා මානව හිමිකම් උල්ලංනයවීම් වලට ලක්වන අය වෙනුවෙන් පෙනි සිටින ප‍්‍රකට නීතිඥවරයෙකි. මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බැලීමට පත්කල විශේෂ ජනාධිපති කොමිම් පරීක්ෂණයේදී ඔහු වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි.

මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ වසර ගණනක අත්දැකීම් සහිත ඔබ මේ ක්ෂේත‍්‍රයේ වර්තමාන තත්වය දකින්නේ කොහොමද?
අද වෙනකොට කිසිම පුද්ගලයෙකුට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් නැහැ. මානව හිමිකම් එතරම්ම පහළ තත්වයකට වැටී තිබෙනවා.

ඔබේ නිරීක්ෂණයන්ට අනුව එවැනි තත්වයක් ඇති වීමට බලපෑ හේතු මොනවාද?හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අද පොලීසියට සහ යුධ හමුදාවට දීල තියෙන බලය අභියෝගයකට ලක් කරන්න නොහැකිවීම මේකට ප‍්‍රධාන හේතුවක් විදිහට මම දකිනවා.
මේ ආකාරයට මානව හිමිකම් කඩ කිරීම් වලට ඇතැම් නීති මඟිනුත් ආරක්ෂාවක් ලැබෙන බව පෙනී යනවා නේද?
දැන් පවතින හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ( PTA)යටතේ පොලීසියට යම් යම් බලතල ලබාදී තිබෙනවා. සාමාන්‍යයෙන්

Read more.....

Friday, August 22, 2008

වර්තමානයේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන ඔබගේ නිරීක්ෂණය මොකක්ද?
අද වෙන කොට ලංකාවේ මානව හිමිකම් ඉතාම අවදානම් තත්වයක තියෙන්නේ. රජය පැත්තෙන්, රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් මඟින් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. විශේෂයෙන්ම එදා ඉඳන් අද වෙනකම් මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් නිසි නෛතික පියවර අරගෙන නැහැ. අපරාධවලට දඬුවම් දෙන තත්ත්වයක් නැහැ. එනිසා අප රටේ මතයක් ගොඩ නැඟිලා තියෙනවා අපරාධයක් කරලා, මානව හිමිකම් කඩ කරලා එකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ නිසා අද කිසිම බයක් සැකයක් නැතිව ඕනම කෙනෙකුට පුලූවන් වෙලා තියෙනවා මානව හිමිකම් උල්ලංඝනය කරන්න.

වෛද්‍ය නොසැලකිල්ල මෑතභාගයේ ජාතික කථිකාවක් බවට පත්වන්නට මුල් වු සිද්ධිය වුයේ මීගමුව රෝහලෙදි මුස්ලිම් කාන්තාවකගේ පාදයක් වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුකොටගෙන කපාදැමිමේ අවාසනාවන්න සිද්ධියයි. ඒ 2005.මාර්තු 01 වනදාය.සිය විළුඹේ වු තුවාලයක් පිරිසිදුකරගැනිමට මීගමුව රෝහලට ගොස් සිටි 48 වියැති සිත්ති නසිරා ශල්‍යාගාරයට ගෙනගොස් සිටි අවස්ථාවේ දියවැඩියාව රෝගයෙන් පෙළුන කාන්තාවක් ද එහි විය . ඇයගේ රෝගි තත්වය උත්සන්නව තිබුනෙන් ඇගේ එක් පාදයක් ඉවත්කිරිමට නියමිතව තිබුණි.මෙය පටලාවාගත් රෝහල් කාර්යමණ්ඩලය සිත්ති නසිරාගේ පාදයක් කපාඉවත්කර දැමුවේය. එහෙත් මේ සාහාසික අත්වැරැද්ද සමාජයට හෙළි නොවුයේ දහස් ගණනක් අකාලයේ මිය ගිය සුනාමිය ගැන සිතු මේ මුස්ලිම් කතගේ සිතට නැගුණ සිතිවිල්ලකි.

Friday, August 15, 2008

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසානය සනිටුහන් වෙන්නේ අපිට අනුව 78 ජේ. ආර්. ගෙනා ජනාධිපති ව්‍යවස්ථාවත් එක්ක,අද අපේ රටේ අයට මේ ව්‍යවස්ථාවෙන් එහා දෙයක් හිතන්න බැරි තරමට මෙය පරමයක් වෙලා. එය වෙනස් කරන්න යන හැම කෙනාම බුක්ති විඳිනවාගවෙනස් කරන්න උද්ඝෝෂණය කරපු අයට අමතක වෙලා යනවා. ප‍්‍රාග්ධනයේ තිබෙන නිදහස් චලනයට ඉඩ දෙන්න හදපු මේ ව්‍යවස්ථාව ගැනත් ජේ.ආර්.ගේඅවශ්‍යතාවය ගැනත් ජවිපෙ දරන අදහස මොකක් ද?
විශේෂයෙන් 70 දශකයේ ලෝකය පුරා මහා දැවැන්ත ආර්ථික අවපාතයක් හඹාගෙන එනවා. ඒ ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා එවකට ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටපු රේගන් සහ බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හොබවපු තැචර් යන දෙන්නා ධනවාදය පවත්වාගෙන යාමේ අදිටනින් ආකෘතිමය වෙනස් කමක් කළා.එදා රේගන්වාදය හෝ තැචර්වාදය ලෙස කරළියට එන්නෙ එයයි .

READ MORE......

Friday, August 8, 2008


අපේ අරමුණ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සුරක්ෂිත කිරීම

මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඔබගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන සමඟ කරනු ලබන මැදිහත්වීම් මොනවාද?
තනිවමත් අනෙකුත් මානව හිමිකම් සංවිධාන එක්ක ඒකාබද්ධවත් මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමට යම් යම් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා. පළමුවෙන්ම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සිද්ධි සම්බන්ධව අපි වාර්තා සකස් කරලා පුවත් පත් නිවේදන නිකුත් කරනවා. ඊට අදාළ රාජ්‍ය ආයතනයන්ට දැනුම් දෙනවා. ඉන් එහාට එම උල්ලංඝනයන් සිදු වු ක්ෂේත්‍රයට ගිහින් නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම යුද්ධය නිසා මානව හිමිකම් උල්ලංඝනය වන සහ අවතැන් අය රැඳී ඉන්නා ස්ථානවලට යනවා. විවිධ ප්‍රජා සංවිධාන සමඟ ඒ සම්බන්ධයෙන් කල යුතු දේ සාකච්ඡා කරනවා. එයින්

READ MORE........

Thursday, August 7, 2008

අපේ තියෙන්නේ මානව අයිතිවාසිකම් කඩ කිරීමේ සංස්කෘතියක්

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මැදිහත් වීමේදී එදා සහ අද අතර ඔබ දකින වෙනස මොකක්ද?
එදාට වැඩිය අද යම්කිසි නිශ්චිත නීති රීති ප්‍රමාණයක් තියෙන නිසා මැදිහත් වීමේදී නීතිය පැත්තෙන් කිසියම් පහසුවක් තියෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේදී එදා අපි මුහුණ දුන් ගැටලූ වලටම අදත් අපි මුහුණ දෙනවා. එදයි අදයි අතර යම්කිසි ප්‍රශ්නයක් හරියට විසඳගන්න පහසුයි හෝ අපහසුයි කියලා කියන්න බැරි ඒ නිසයි. දේශපාලන වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් මානව හිමිකම් කඩ කිරීමේදී සිදු කෙරෙන මැදිහත්වීම් වැළැක්වීම සඳහා ක්‍රියාකාරීත්වයක් රටේ වර්ධනය වෙලා තියෙනවා.

සුඩාන ජනපතිට අයි.සී.සී ය තොණ්ඩුව දමයි. - 03

කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලයේ ඒකමතික අනුග්‍රහය යටතේ සුඩානයට විරුද්ධව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකදී නිත්‍ය සාමාජිකයන් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය, සුඩානය සමඟ පවතින සන්ධානය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නක් විය හැකිය. මෙම රටවල් දෙකටම විරුද්ධව සුඩානය සන්නද්ධ කිරීම පිළිබඳ චෝදනා නැ‍ෙගන අතර එය 2005 දී ඩාෆූර් නුවර සිදු වූ අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද යෝජනාවක් බව මෙම රටවල් දෙක එනම් චීනය හා රුසියාව අනුමත කර ඇත.

READ more click me

Friday, July 25, 2008

මුගාබේ සිම්බාබ්වේ වල දාපු සෙල්ලම් ලංකාවේ හරියන්නේ නෑ












නිතීඥ ශිරාල් ලක්තිලක
සාකච්ඡා කළේ තාරා ශ්‍රී රාම්

ලංකාව අසාර්ථක රාජ්‍යයක්ද ?
අසාර්ථක වෙමින් පවතින රාජ්‍යයක්. ඕනම රාජ්‍යයකට අනන්‍ය වූ පීඩක බලයක් තියෙනවා. එය නැති වුණාම ඒ රාජ්‍ය අසාර්ථක රාජ්‍යයක් වෙනවා. ඒ අනන්‍යය වු පීඩක බලය සාර්ථක ආසාර්ථක භාවය මනින මිනුම් දණ්ඩක්. මෑත කාලයේ මීට වඩා වෙනස් මිනුම් දඬු රාජ්‍යයක අසාර්ථක බව මනින්න භාවිතා........

READ MORE click image

සුඩාන ජනපතිට අයි.සී.සී ය තොණ්ඩුව දමයි. - 02

වසර 19 ක් තිස්සේ සුඩානය පාලනය කරමින් සිටින අල් බෂීර් ජනාධිපතිවරයා සිය දේශ සීමාවෙන් පිටතදී අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කලද ඔහුගේ අගනුවර තුළ ඔහු සුරක්ෂිතය. නමුත් මෙමඟින් ඔහුගේ සංචාරයන් සීමාවන අතර එක්සත් ජාතීන්ගේ සංචාරක තහනමකට ලක් වී සිටින සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ සමාන තත්වයට පත් වී ඇත.

Friday, July 18, 2008












ප්‍රවීන මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර මහතා සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කතෘවරයෙකි. දැනට ඔහු විදේශ වාර්තාකරුවෙකු ලෙස සේවය කරයි.
සාකච්ඡා කළේ - තාරා ශ්‍රී රාම්

අද සියලූ ලාංකිකයන්ගේ අයිතිවාසිකම් අර්බුදයකට ලක්වෙලා තියෙනවා. නමුත් සාමාන්‍ය මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝණයන්ට වඩා මාධ්‍යවේදීන්ට සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ වැඩිපුර කථාබහට ලක් වෙනවා කිව්වොත්...
මම ඒ මතයට එච්චර එකඟ නැහැ.......

Read More.........Click Image


ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ඩාෆුර් ප්‍රදේශය පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන නීති නිලධාරීයා විසින් සුඩාන ජනාධිපතිවරයා ඩාෆූර් ප්‍රදේශයේ වර්ග ඝාතනය සහ ස්ත්‍රී දුෂණ පිළිබඳ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලදි.

Friday, July 11, 2008

ඕපන් සෝස් හරියට පොළක් වගේ !

ලංකාවේ සාපේක්ෂරතා මට්ටම ඉහළ වුවත් පරිගණක සාක්ෂරතාව තවමත් ඇත්තේ බොහොම පහළ මට්ටමකය. ලෝකය පුරා මෙන්ම ලංකාවේ පරිගණක භාවිතා කරන්නන්ගෙන් අති බහුතරය භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංගය මෙම තත්ත්වය එක මොහොතකින් පසුව පරිගණක සාක්ෂරතාවයේ වර්ධනයට බාධාවක් වීමට නියමිතය. එයට විකල්පය ඕපන් සෝස්ද? මේ පිළිබඳව අපි ලංකා නෙට් ආයතනයේ සම්බන්ධීකාරක මහින්ද හත්තකගෙන් කරුණු විමසුවෙමු.

මොකක්ද මේ ඕපන් සෝස් කියන්නේ?
පරිගණක මෘදුකාංග වර්ගයක්. වෙළෙඳ පොළේ තියෙන වින්ඩෝස් කියන මෘදුකාංගය දේපල නීතිය යටතේ අයිති පෞද්ගලික සමාගමකටයි අයිති. දැනට ලෝකය පුරා මතයක් පැතිරී යනවා මේ අයිතිය තව දුරටත් පුද්ගලික අයිතියක් නොපැවතිය යුතුයි කියලා . ඕපන් සෝස් කියන්නේ මේ වෙළෙඳ ඒකාධිකාරයට විකල්පයක් ලෙස දියුණු වෙමින් පවතින මෘදුකාංග වර්ගයක්.

READ MORE......

විශේෂ ජනාධිපති කොමිසමේ මරණය රජයේ අධ්‍යක්ෂණයෙන් රංගගත වෙයි

පසුගිය කාල වකවානුව තුළ ලංකාවේ සිදු වු බරපතල ගණයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යයන්තර වශයෙන් එල්ලවු චෝදනාවලට රජය දුන් තාවකාලික පිළිතුර වුයේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමයි. රජය මනා කැපවීමකින් යුක්තව ස්වාධීනව, සද්භාවයෙන් යුතුව මෙම කොමිසමේ කටයුතු වලට හැකි උපරිම සහයෝගය දෙන බව පෙන්වීමට ප්‍රබල උත්සාහයක් ගත්තද අදවන විට ජනාධිපති පරීක්ෂණ කොමිසම මුහුණ දී සිටින්නේ තීරණාත්මක අවස්ථාවකටය. සිදු වූ සුවිශේෂී ගණයේ පැහැර ගැනීම් ,අතුරුදහන් වීම් හා මිනී මැරීම් සිදුවීම් වලට අදාලව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට එල්ල වු චෝදනා මත එවැනි සිදුවීම් 16ක් පිළිබඳ පරීක්ෂා කිරීම මෙම කොමිසමේ අරමුණු විය.

READ MORE..............

Friday, July 4, 2008

වදහිංසාව ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ චර්යාවක් -නොවැක්


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර, අවමන් සහගත, අමානුෂික වධ හිංසා සහ දඬුවම් පිළිබඳ විශේෂ නියෝජිත මැන්ෆ්‍රෙඞ් නොවැක් විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී ඉදිරිපත් කල වාර්ථාවෙන් කොටසකි මේ......

ශ්‍රී ලංකා රජය විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට මා හට ආරාධනා කරන ලදි. මාගේ සංචාරයේ පරමාර්ථය වුයේ රට තුළ වධ හිංසා සහ අවමන් සහගත සැලකීම් පිළිබඳව සොයා බැලීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහය වීම සඳහා රජය සමඟ සහයෝගීතාවයක් ගොඩනඟා ගැනීමයි.

යුද්ධය කියා, හිංසනය සාධාරණීකරණය කරන්න බැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමි
සාකච්ඡා කළේ- තාරා ශ්‍රී රාම්

වධ හිංසාවන්ට එරෙහිවීමේ ජාත්‍යයන්තර දිනය පසුගිය විසිහය වැනි දිනට යෙදී තිබුණා. මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වුණා. නමුත් ලංකාවේ මේ පිළිබඳ ඉතා අඩු උනන්දුවක් තිබුණේ. වධ හිංසාව කියන්නේ ලංකාවේ කතාකිරීමට තරම් වැදගත් කාරණාවක් නොවෙයිද ?
අද සියල්ලම යුද්ධයේ එකවුන්ට් එකට දාලා හැමෝම නිහඬව ඉන්නවා. සියල්ලම සිදුවන්නේ යුද්ධයේ නාමයෙන්. යුද්ධය කියන අස්වාභාවික දේ තුළ මිනිසුන් හැසිරෙන්නේත් අස්වාභාවික විදිහට. නමුත් හිංසනයෙන් මිදෙන්න අනිවාර්යෙන්ම මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා. වධ හිංසනය කතාකිරීමට තරම් වැදගත් නොවන කාරණාවක්ද කියන එක නෙවෙයි ගැටලූව. යුද්ධය හැර වෙන කිසිවක් කතා නොකල යුතුයි කියන එකයි ගැටලූව.

Read More........

Friday, June 27, 2008

දඩිං බිඩිං ඩෝං

සුදර්ශන ගුණවර්ධන

පසුගිය සඳුදා ලාංකාවේ ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් සිදුවිය. රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන සබරගමුව පලාත් සභා මැතිවරණයේදී තම මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන් ඡන්දයට තරග නොකරන බව ප්‍රකාශ කිරීමයි.

ලංකාවේ එක් එක් මාධ්‍ය පළ කරන්නේ තමන්ට අවශ්‍ය කෑල්ල බැවින් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණයෙන්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. එහෙත්,

Read More >>>>>>>>>>

Wednesday, June 25, 2008

‍කොමිසමේ විනිවිදභාවය නීරීක්ෂණය කිරීම පුරවැසියන්ගේ වගකීමක්

ජේ.සී. වැලිඅමුණ
මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥ

යම් යම් මතභේදයන්ට තුඩු දී තිබෙන මේ ජනාධිපති කොමිසම පත්කිරීමේ මුලික පරමාර්ථය කුමක්ද ?
පසුගිය කාලයේ රටේත්, ජාත්‍යන්තර ප්‍රජාවගේත් ලොකු කතිකාවතක් ගොඩනැඟුණා ලංකාවේ සුවිශේෂී ගණයේ පැහැරගැනීම්, අතුරුදහන්වීම්, මිනීමැරීම් සිදුවීම පිළිබඳව. මේ පිළිබඳව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට චෝදනා එල්ල වුණා. ඒ පසුබිම මතයි මේ කොමිසම පත් කිරීම සිදුවුණේ.

මේ ජනාධිපති කොමිසම් සභාව රජයේ සැබෑ වුවමනාව මත පිහිටවුවක් නොවේ යැයි කිව්වොත් ....
ජාත්‍යයන්තර අධිකරණයක් මඟින් පරීක්ෂා කළයුතු තරමේ ප්‍රබල මානව හිමිකම් කඩවීම් ඇති නිසා මෙයට ජාත්‍යයන්තර මැදිහත්වීමක් තිබිය යුතු යැයි ජාත්‍යයන්තර ප්‍රජාව දැඩිව කියා සිටියා. එහිදී ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා රජය කැපවීමකින් යුක්තව හා ස්වාධීනව මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කටයුතු කරන බව ලෝක ප්‍රජාවට පෙන්වන්න.

Read more................

Friday, June 20, 2008

සාමාන්‍යකරණය වූ හදිසි තත්ත්වය සහ හදිසියේ ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස

සුදර්ශන ගූනවර්ධන

අප කුඩා කාලයේ කියවූ කතන්දර පොතක සඳහන් මෝඩ ලන්දේ පාසල් පැවැත්වෙන්නේ පහත සඳහන් ආකාරයටය

01. සති අන්තය පාසල් දින ලෙස නම් කර ඇති අතර, සතියේ දින පාසල් නිවාඩු දිනවේ.
02. පාසල් නිවාඩු කාලය ආරම්භ වන්නේ ජනවාරි පළමු වෙනිදා වන අතර නිවාඩු අවසන් වන්නේ දෙසැම්බර් තිස් එක් වෙනිදාය.

මේ අනුව මෝඩ ලන්දේ ළමයින්ට නීතිය අනුව පාසල් දින හා නිවාඩු දින මෙන් නිවාඩු කාලයද වෙන්කර ඇති නමුත් ඔවුන්ට කිසිදා පාසල් නොපැවැත්වේ. එනම් හැමදාම නිවාඩුය.1960 සහ 70 ගණන් වල පැරගුවේ රාජ්‍ය පාලනය කළේ දක්ෂිණාංශික එ්කාධිපතියෙකු වූ ඇල්ෆ්‍රඩෝ ස්ට්රූස්නර්ය. පැරගුවේ හි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එරට සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන අතර සියලූම මූලික අයිතිවාසිකම් සහ මහෝවිධ නිදහසද තහවුරු කර ඇත. කෙසේ වුවද, ස්ට්රූස්නර් ප්‍රකාශ කළේ අපි ජීවත් වන්නේ කොමියුනිස්ට්වාදය හා නිදහස අතර ලෝක පරිමාණ අරගලයක් පවතින යුගයක බැවින් හදිසි තත්වයක් පැනවීමට සිදුව ඇති බවය.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සදාකාලිකව කල් තැබුන අතර, නිරතුරුවම රට පාලනය කෙරුනේ හදිසි නීතිය යටතේය. හදිසි අවස්ථාවකදී සාමාන්‍ය නීතිය හෙවත් නීතියේ ආධිපත්‍ය අත්හිටුවන අතර විධායකය පරිපාලනයේ නියෝග සාමාන්‍ය නීතියට ඉහළින් පිහිටා එමගින් රට පාලනය වේ. හදිසි නීතිය අත්හිටු වී සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන දිනයක් එළැඹෙන්නේ සෑම වසර හතරකටම එක්වරක් එනම්, මැතිවරණ දිනයේදී පමණි. ඒ මැතිවරණය ‘නිදහස්’ ලෙස පැවැත්වීම සදහාය. මෙම මැතිවරණයන් හිදී ස්ට්රූස්නර්ගේ කොළරාඩෝ පක්ෂයට නැවතත් බලය හිමිවී රට පාලනය සදහා සුජාත භාවය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී සීල් එක හිමිවේ. ඔහුගේ ප්‍රතිවාදීන් වන ‘නිදහසට අභියෝග’ කරන කොමියුනිස්ට්වාදීන් කෙතරම් බලවත්ද යන්න මැතිවරණයේදී කොළරාඩෝ පක්ෂය බලයට පත්වන්නේ සියයට අනූවක බහුතර ජන්දයකිනි !

පැරගුවේ රාජ්‍යයේදී සිදුව ඇත්තේ ‘හදිසි’ අවස්ථාව ‘සාමාන්‍ය’ තත්වය බවට පත්වී, ‘සාමාන්‍ය’ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ‘හදිසි’ කෙටි කාලයක් සඳහා අදාලවූ ව්‍යතිරේඛයක් වීම. කොමියුනිස්ට් වාදයට එරෙහිව කරන සටනේ නාමයෙනි.ලංකාව සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව අයිතිවාසිකම් ප්‍රමිතීන් පිළිගැනීමට සම්මුති මගින් බැඳී සිටින අතර මූලික අයිතිවාසිකම් සහ බහුවිධ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති රටකි. එහෙත් අපගේ පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කරන ආකරයට ඔවුන් ලෝකයේ දරුණුතම ‘ත්‍රස්තවාදී’ සංවිධානයට විරුද්ධව සටන් කරන බැවින් සදාකාලිකව දීර්ඝ කරන හදිසි නීතිය මගින් රට පාලනය කිරීමට සිදුවී තිබේ. මුළු ලෝකයම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක නිරතවී සිටින හෙයින් ලංකාවද අනුගමනය කරන්නේ එම වැඩ පිළිවෙල බවද, අපගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ත්‍රස්තවාදින් විසින් අපට විරුද්ධව ආයුධයක් ලෙස පාවිච්චි කරන බැවින් එම නිදහස පොතේ තිබුණත් එය භාවිතා කිරීම සීමා කිරීමට සිදුවන බවත් අපට කියා ඇත.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බාලගිරිදෝෂය වැලදී තිබේ. ස්වාධීනව කටයුතු කළ යුතු කොමිසන් සභා සඳහා දේශපාලන පත්වීම් ලබාදී තිබේ. ලෝක ඉතිහාසයේ පළමු වරට මැතිවරණ කොමසාරිස් වරයෙකුට විශ්‍රාම යාම තහනම් කර තිබේ. ස්වභාවික යුක්තියට සරදම් කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැමැති කැකිල්ලේ නීතිය යටතේ හිතුමතයට කැමැති කෙනෙක් කැමති කාලයක් රඳවා තබා ගැනීමට අවකාශ තිබේ.

මෙවැනි වාතාවරණයක් යටතේ තවත් පළාත් සභා දෙකක් සඳහා මැතිවරණ කැඳවා ඇත. නැ‍ෙගනහිර මැතිවරණයෙන් විපක්ෂයටත්, මැතිවරණ නිරීක්ෂකයින්ටත් ඇතිවූ තුවාල වේලෙන්නටත් පෙර කැඳවා ඇති මේ මැතිවරණය වනාහී සාමාන්‍යකරණය වූ හදිසි තත්වය මොහොතකට අත්හිටුවා සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඒ මොහොතට පමණක් මවා පෙන්වන මැජික් එකකි. විරුද්ධ පක්ෂය මේකනම් කොහොම හරි දිනා ගන්නවා යනුවෙන්ද, නිරීක්ෂකයන් මෙදා පාර හරියට නිරීක්ෂණය කරනවා යනුවෙන්ද සිතමින් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ඇදගන්නා කෙමනකි.

එල්ටීටීඊය සාකච්ඡා මේසයෙන් ඉවත් වුණේ ඇයි කියලා රජයට විග්‍රහයක් නැ...

රොහාන් සිල්වා පියතුමා
අධ්‍යක්ෂ,
සමාජය හා සාමයික කේන්ද්‍රය


ඔබ නියෝජනය කරන CMRS සමුළුව පසුගියදා රජයෙන් හා එල්ටීටීඊ සංවිධානයෙන් කරන ලද ඉල්ලීම්වල ප්‍රධාන අරමුණ මොකක්ද?
යුද්ධය නිසා උතුරේ සහ දකුණේ ජනතාව මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබා දී රටේ සාමය හා යුක්තිය තහවුරු කල යුතුය යන්නයි. මේක අද ඊයෙ වු දෙයක් නෙමෙයි. අපි ළඟ මේ අවුරුදු 25 කාලය පුරාවට මේ අය විසින් කරන ලද සිදුවීම්වල history එකක් තියෙනවා. රජයෙන් සහ LTTEයෙන් මෙක පළමු වතාවට කරපු ඉල්ලීම නොවෙයි. මේ වතාවෙ මේක වෙනස් විදියකට උණේ.
එම යෝජනාවලිය කෙටියෙන් හැඳින්වුවහොත් ?
මේකෙ පළමු ඉල්ලීම වුණේ මේ යුද්ධය නවත්වන්න. මේ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් දෙන්න. ඒ ගැන හිතන්න. මේක ලංකාවෙ හැමෝම කරන ඉල්ලීම.බොහෝ වෙලාවට අපි හිතනවා ඒක නැහැ කියලා. නමුත් ඒක තියෙනවා. ඒ මතය එන්නෙ නැහැ.

එම ඉල්ලීම්වලට රජය දක්වපු ප්‍රතිචාරය මොකක්ද?
අපි දන්න තරමින් රජයේ පාර්ශ්වයෙන් කිසිදු පිළිතුරක් ලැබුනේ නැහැ. ඒ වෙනුවෙන් සාම මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානී මහාචාර්ය රජීව විජේසිංහ පමණක් අදහස් දක්වා තිබුණා.Why talk (again) now [ඇයි දැන් (ආයෙත් ) කථා කරන්නේ ] කියා. ඇත්තටම මෙම ඉල්ලීම් ගැන අපි කථා කරන්න පටන් ගත්තේ දැනට වසර ගණනකට පෙර සිටයි. නමුත් මෙවර අපි තදින්ම රජයෙන් මෙම ඉල්ලීම කළා. ඊට හේතුව ප්‍රජාතන්ත්‍රවාදීව පත් වු ශ්‍රි ලංකා රජයට සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරෙන නිසා.
ඒ කියන්නෙ රජයෙන් ඍජුවම පිළිතුරු ලැබුනෙ නැහැ.
අපි දන්න තරමින් රජයේ පාර්ෂයෙන් ප්‍රතිචාර ලැබිලා නැහැ. දන්න ආකාරයට පිළිතුරක් විදියට මේක තමයි ලැබුනෙ.

නමුත් ජාත්‍යයන්තර ප්‍රජාව මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වුවා.
ජාත්‍යයන්තර ප්‍රජාව මේ ප්‍රශ්න සම්බන්ධව එයාල මීට වඩා ගැඹුරින් සිතලා ඉල්ලීම් කලා රජයට.

සමුළුවේ ප්‍රධාන ඉල්ලීම වන යුද්ධය නතර කර සාකච්ඡා ආරම්භ කළ යුතුය යන්නට රජීව අදහස් දක්වා තිබුනේ රජය යුද්ධය නවත්වන්න සුදානම් නමුත් එල්ටීටීඊය ඊට එකඟ නැති බව කියමින්...
අපිටත් ප්‍රශ්ණය ඒකමයි. එල්ටීටීඊය සාකච්ඡා මේසයට එන්න එකඟ නැහැ කියනවා මිස ඔවුන් සාකච්ඡාවලින් ඉවත් වුණේ ඇයි කියලා රජයට විග්‍රහයක් නැහැ. ඇත්තටම සාම ගිවිසුම ක්‍රියාත්මක වු කාලය තුළ වැඩිපුරම සහනයක් ලැබුවේ දකුණේ ජනතාව. බෝම්බ බිය හෝ රෝඞ් බ්ලොක් නැතුව ගමනාගමනය කරන්න පුලූවන් වුණේ දකුණේ ජනතාවට. අනෙක් කාරණය රජය සාකච්ඡා මේසවලදී ගත් යම් යම් තීරණවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් ඊළඟ සාකච්ඡා වටයට යනවිට රැගෙන නොයාම. එල්ටීටීඊය කියන්නේ සාමය පිළිබඳ එවැනි ප්‍රගති සමාලෝචනයක් නැතුවා පමණක් නොවෙයි, රජය තමන්ට කළ ලොකුම වරද ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ එල්ටීටීඊය කොන්කර දැමීම බවයි. එතනදී ගැටලූවක් මතු වෙනවා, රජය මේ සාකච්ඡා සඳහා ගියේ අවංකවමද, නැත්නම් ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන් කලයුතු දෙයක් සඳහාද, එසේත් නැත්නම් රජය වෙනමම න්‍යාය පත්‍රයකට අනුව වැඩ කළාද කියලා.
වැඩිපුරම සටන් විරාම ගිවිසුම කැඩුවේත්,ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කළේත් එල්ටීටීඊය කියා රජය කියනවා...
රජය එල්ටීටීඊයේ ප්‍රහාර වලට ඉලක්ක වු අහිංසක ජනතාව හා දේපල යන සියල්ල ප්‍රචණ්ඩත්වය කියන ගොඩට දාලා ඒවා එල්.ටී.ටී.ඊයේ ප්‍රචණ්ඩත්වය ලෙස හඳුන්වනවා. එතකොට රජය පැත්තෙන් ප්‍රචණ්ඩත්වය තිබුනාද නැද්ද කියන එක ගැන රජය කියන්නේ නෑ. රජය කියන එකම දේ යුධමය වශයෙන් එල්ටීටීඊය අඩපණ කරලා සාකච්ඡා වලට ගෙන්වනවා කියන එකයි. ඒ අතර කාලයේ රජයෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය ගැන කියන්නේ නෑ. සිදුවන ඒවා වාර්තා වෙන්නෙත් නෑ. ප්‍රචණ්ඩත්වය කියන්නේ මිනීමරන එක විතරක්ද? මිනිසුන්ගේ යාමේ ඊමේ නිදහස සීමා කිරීම, බැණ වැදීම, ආර්ථික ගැටළු ආදී සියල්ලත් ප්‍රචණ්ඩත්වයයි. රජය කිසිවිටෙකත් පිළිගන්නවද රජය අතින් එවැනි අසාධාරණකම් උතුරු-නැ‍ෙගනහිර වගේම දකු‍ෙණ් ජනතාවටත් සිදුවෙනවා කියන එක.
රජීව කියනවා රජය ප්‍රජාතන්ත්‍රවාදීව පත් වු රජයක් වන අතර එල්ටීටීඊය යනු ත්‍රස්තවාදී කණ්ඩායමක් නිසා දෙපාර්ශ්වයටම එක හා සමානව සලකන්න බැරි බව...
රජය එහෙම කියනවා නම්, ඒ නිසාම තමයි අපිත්, ජාත්‍යන්තරයත් හැම ඉල්ලීමක් ම රජයෙන් කරන්නේ. එතකොට රජය කියනවා නම්, අපිට විතරක් කියන්න එපා මේවා එල්ටීටීඊයටත් කියන්න කියලා. එවිට අපිට පෙරළා කියන්න වෙන්නේ රජය කලින් කියපු දේමයි. එල්ටීටීඊය කියන්නේ පිළිගත්ත කණ්ඩායමක් නොවෙයි නම් අපි කොහොමද මෙම ඉල්ලීම ඔවුන්ගෙන් කරන්නේ. පිළිගත්ත රජයක් ලෙස අපිට හා ජාත්‍යන්තරයට මෙම ඉල්ලීම කරන්න පුලූවන් රජයෙන් පමණයි. එහෙමනම් රජීව Why talk (again) now කියලා අහන්නේ කොහොමද?

උතුරු-නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන පැරා මිලිටරි කණ්ඩායම් වලට රජය උදව් කිරීම
සම්බන්ධයෙන් රජයේ තර්කය, මෙම කණ්ඩායම් එල්ටීටීඊයට විරුද්ධව කටයුතු කරන නිසා ඔවුන්ට රජය සහයෝගය දැක්විය යුතු බවයි. ඒ ගැන ඔබේ අදහස....
රජය කියන විදිහට එල්ටීටීඊය තමයි ඉන්න එකම හතුරා. ඒ හතුරාගෙන් වෙන්වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආව පිල්ලෙයාන්ව අපි ආරක්ෂා කරන්න ඕන. ඒ සඳහා ඔවුන්ට ආයුධ සන්නද්ධ වෙන්න ඉඩ දෙන්න ඕන. ඇත්තටම එල්ටීටීඊ එකේ ඉතිහාසයත් සුන්දර ඉතිහාසයක් නෙවෙයි. එයාලත් එයාලගේ මතවාදයන්ට විරුද්ධව කටයුතු කරපු සංවිධාන රාශියක් නිහඬ කරවපු සංවිධානයක්. නමුත් රජය තමන්ගේ අනුග්‍රහය යටතේ පැරා මිලිටරි කණ්ඩායම් ක්‍රියාත්මක වෙන්න දෙනවානම් රජයට තමන් ප්‍රජාතන්ත්‍රවාදීය කියන කතන්දරය කියන්න බැහැනේ. රජය එතකොට ක්‍රියාකරන්නේ පැරා මිලිටරි කණ්ඩායම් එක්ක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් තුළ. රජය ආයුධ සන්නද්ධ කණ්ඩායම් දෙකක් වර්ගීකරණය කරලා. එක් කණ්ඩායමක් තමන්ගේ ආරක්ෂාව සඳහා ආයුධ තියාගත්තට කමක් නැහැ. අනෙක් කණ්ඩායමට තමන්ගේ ආරක්ෂාවට ආයුධ තියාගන්න බැහැ.
ඔබ සමුළුව මේ තත්වය යටතේ මැදිහත් කරුවන් ලෙස එක්සත් ජාතීන් මැදිහත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලනවා.....
එවැනි ඉල්ලීමක් කරන්න හේතුව තමයි ලංකාවේ ජනතාවට එල්ටීටීඊය ගැන වගේම රජය ගැනත් විශ්වාසයක් නොමැතිකම. එල්ටීටීඊය තවමත් කියන්නේ මේ සඳහා නෝර්විජියානුවන්ට මැදිහත් වෙන්න කියලා. නමුත් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කරනවානම් එවැනි ඉල්ලීමක් නීත්‍යානුකූලව කළ යුත්තේ රජය මිසක් එල්ටීටීඊයවත්, අපිවත්, වෙනත් කණ්ඩායමක්වත් නෙවෙයි.

මානුෂවාදී සේවා සපයන්නන්ට ලංකාවට ඒමට හා ලංකාවේ කටයුතු කිරීමට නිළ නොවන වාරණයක් ක්‍රියාත්මක වෙනවා. මෙය නවත්වන ලෙස මෙම සමුළුව ඉල්ලීමක් කර තිබෙනවා.....
රජය හිතන්නේ අපේ රටට හැමදේම කරගන්න පුළුවන් කියලා. ඒත් අපිට පිටරට අධාර නැතිව කරගන්න පුළුවන් එක දෙයක් කියන්න. කරන්න පුළුවන් එකම දේ බදු වැඩිකිරීමයි, බඩුමිළ ඉහළ දැමීමයි විතරයි. දැන් රජය නැ‍ෙගනහිර සංවර්ධනයට මුදල් ගන්නේත් එවැනි විදේශ සංවිධාන වලින්. අපි ආර්ථික සහ වෙළඳ වශයෙන් කොයිතරම් විදේශ රටවලින් යැපෙනවාද? මානුෂවාදී සහන සේවකයින් මේ රටේ නීති රීති උල්ලංඝනය කරනවානම් ඒවා ඔප්පු කරන්න ඕන. එහෙම නැතිව දැන් එක පාරටම නැගිටලා‍‍‍‍ "මෙයා නවතින්න,මෙයා නවතින්න" කියන්නේ මෙච්චර කල් ඒ අයගෙන් උදව් ලබාගෙනයි. අනෙක මේ අය රජයේ ෆිල්ටර් එකක් හරහා ආ යුතුයි නම් ඒවා තවදුරටත් රාජ්‍ය නොවන සංවිධාන වෙන්නේ කොහොමද?


සමුළුව ඉල්ලා සිටින A9 මාර්ගය විවෘත කිරීම රජයත් ප්‍රතික්ෂේප කරනවා.
උතුරේ ජනතාව යාපනයට කොටුවෙලා ඉන්නෙ. A9 මාර්ගය නැත්නම් යාපනයෙන් පිටවෙන්න තියෙන්නෙ මාර්ග 02 යි. එකක් ප්ලේන් එකේ . ඒ එන්නෙ කොළඹට. අනෙක බෝට්ටුවෙන්. බෝට්ටු එන්නෙ ත්‍රිකුණාමලයට. මේ 3Km ක් යන්න ඒ අය එන්න ඕනෙ දවසක් ගෙවාගෙන කොළඹට. කොළඹ ඇවිත් කොළඹ ඉදන් යන්න ඕනෙ මුහමාලෙට. මුහමාලෙ ඉදන් ආපසු යන්න ඕනෙ අර පේන දුරින් තියෙන දුරට. අනෙත් පැත්තෙන් ත්‍රිකුණාමලයට ඇවිල්ලා , ත්‍රිකුණාමලයෙන් වව්නියාව, මැදවච්චිය, පැත්තෙන් මුහමාලේ හරහා එන්න ඕනෙ. ඒ එක්කම රු.20000.00 ක් විතර යනවා ප්ලේන් එකේ එන්න. බෝට්ටුවෙ එනවා නම් ඒත් එක්දාස් ගනක් යනවා. අනිත් අතට අද තියෙන තත්ත්වය අනුව තරුණයකුට එන්න බොහොම අමාරුයි. ඒ ඔක්කොම කාටද කරන්න පුළුවන්. මේ හේතු වාතාවරණය ඇතුළෙ එහා එහා ගමේ ඉන්න ඉක්කෙනාට මෙහා ගමේ ඉන්න තමන්ගෙ නෑදෑය දකින්නවත් විදියක් නැහැ ඒ නිසා මානුෂික හේතූන් මත මේ මාර්ගය විවෘත කිරීම අනිවාර්යයි. මේක සානුකම්පිත ඉල්ලීමක්. ඒ මිනිස්සුන්ට යන එනමං නැහැ. මේ කෑල්ලෙ විතරයි යන්න එන්න පුළුවන්.
සමුළුව ඉල්ලා සිටින A9 මාර්ගය විවෘත කිරීම රජයත් ප්‍රතික්ෂේප කරනවා.
මානුෂික හේතූන් මත මේ මාර්ගය විවෘත කිරීම අනිවාර්යයි. රජයට තියෙන ගැටළුව එය විවෘත කළ පසු එල්ටීටීඊය මගීන්ගෙන් බදු එකතු කිරීම නම්, රජය ඒ සඳහා වෙනත් විකල්පයක් යෝජනා කළ යුතුයි. එමගින් මේ මාර්ගය ආරක්ෂා කර දීම රජයට පහසුවෙන්ම කළ හැක්කක්. නමුත් ඒ පිළිබඳව කතා කිරීම පවා රජය ප්‍රතික්ෂේප කරනවා.

පසුගිය දිනවල මඩු දේවස්ථානය අවට සිදුවුනේ කුමක්ද කියා දකුණේ ජනතාව එතරම් දැනුවත් නැහැ. මේ අතර මඩු දේවස්ථානය අවට සාම කලාපයක් (peace zone) කළ යුතුයි කියා ඔබ සංවිධානය ඉල්ලීම් කළා.
මඩු දේවස්ථානය පිහිටි භූමියේ එල්ටීටීඊ සංවිධානය රැඳී සිටියාය යන්නත් සමගයි මේ ගැටළුකාරී තත්ත්වය මතු වුනේ. අපි දන්නා තරමින් ඔවුන් දේවස්ථාන භූමියේ රැදී සිටියේ නැහැ. නමුත් ඇති වී තිබු යුධ ගැටුම් හමුවේ හුවමාරු වු ෂෙල් වෙඩි දේවස්ථාන භූමියට වැටෙන්නට පටන් ගත් පසු ආරක්ෂාව පතා මඩු ප්‍රතිමාවත් රැගෙන එහි පියතුමන්ලා කිලිනොච්චියට ගියා. කිලිනොච්චියට යාමට හේතුව කලක පටන් මඩු දේවස්ථානයේ නතර වී සිට නැවත කිලිනොච්චියට ගිය ජනයා මඩු මෑණියෝ තමන්ගෙන් ඈත් නොකරන ලෙස ඉල්ලා සිටි නිසයි. එම නිසා මඩු දේවස්ථානය ආරක්ෂාකර ගැනීමට මේ දෙපාර්ශ්වයම එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.

මෙතනින් එහාට සමුළුවේ මීලඟ පියවර කුමක්ද?
රජයේ පිළිතුරු ලැබුනත් නැතත් ඉල්ලීම් කරන එක අපි දිගටම කරනවා. සාමාන්‍ය මිනිසුන් අතර හොඳ හිත ගොඬනැඟීමයි අත්‍යාවශ්‍ය. එවිට සාමාන්‍ය මිනිස්සු කියයි අපි වෙනුවෙන් යුද්ධ කරන්න එපා කියලා. හැබැයි යුද්ධය අවශ්‍යයයි කියන දකුණේ මාධ්‍ය දැනටමත් එවැනි තත්වයක් ඇතිවෙන්න තියෙන ඉඩ කඩ අහුරලා ඉවරයි. අවසාන වශයෙන් අපේ එකම ඉල්ලීම පාර්ලිමේන්තුවේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් තුවක්කුවෙන් විසඳන්න එපා කියලයි.

Wednesday, June 11, 2008

වෙස්මුහුණක් පැළැඳි පුද්ගලයෙක් ත්‍රස්ත උපක්‍රම යොදාගනිමින් චාන්සලර් ඇඩම්ගේ ෆැසිස්ට් පාලනයට විරුද්ධව සටන් කරයි. ඔහු හදුන්වාගන්නේ ඪ නමිනි. 17 වන සියවසේ ජීවත් වූ ගයි ෆෝක්ස් මෙන් ඔහු පාර්ලිමේන්තුව පුපුරවා හැරීමට සැරසෙයි.

චාන්සලර් ඇඩම්ගේ රජය ඪ හඳුන්වන්නේ මහජන ඡන්දයෙන් බලයට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයට විරුද්ධව කැරළි ගසන ත්‍රස්තවාදියෙකු වශයෙනි.

එහෙත් අනාගත බ්‍රිතාන්‍යය පාලනය කිරීම සඳහා මහජනයා තෝරා පත් කරගෙන ඇත්තේ ෆැසිස්ට් රජයකි. එය වධක කඳවුරු වලින්ද අසාධාරණ දඬුවම් පැමිණවීම් වලින්ද සුළුතර ජනකොටස් කෙරෙහි අගති ගාමීත්වයෙන්ද කප්ගසා ඇත.

ඪ විමුක්ති කාමියෙක් ලෙස පෙනී සිටින ත්‍රස්තවාදියෙක්ද ? නැත්නම් ත්‍රස්ත උපක්‍රම පාවිච්චි කරන විමුක්ති කාමියෙක් ද ?

ඪ විසින් රහස් පොලිස් අත් අඩංගුවෙන් බෙරගන්නා ඊවි හැමන්ඞ් නම් සුන්දර යුවතිය ඔහුගේ අරගලයේ කොටස් කාරියක් වේද? නැත්නම් සුන්දර ඊවී නිසා ඪගේ අරගලය අවසන් වී ඔහු සමාජයට අනුගතවේද?




ජනාධිපතිතුමා ගැන අපට කණගාටුයි.

ශාන්ත. ඩී. පතිරණ
අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සංගමය
ප්‍රධාන ලේකම්


ඔබ මානව හිමිකම් ක්‍රියාදරයෙක් බවට පත් වුණේ කෙහොමද?
මමත් වින්දිතයෙක් නිසා. මේ ක්ෂේත්‍රයට මං යොමු වුණේ මගේ සහෝදරයා අතුරුදහන් වීමෙන් පසු.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඔබ මුලිකවම මැදිහත් වන්නේ, පුද්ගලයන් අතුරුදහන්වීම සම්බන්ධයෙන්. අතුරුදහන් වුවන් වෙනුවෙන් ගොඩනැගුණු මාපිය දුදරු සංගමයේ ඔබ ආරම්භක සාමාජිකයෙක්.
ඔව්. මම මීට සම්බන්ධ වුණේ 1996 දී. ඊට පෙර මගේ පියා විජයදාස පතිරණ මෙහි කටයුතු කලා.

මෙම සංගමයේ ආරම්භය දේශපාලන පක්ෂයක් හා බැඳී තියෙනවා.
ඔව්. නව සමසමාජ පක්ෂය තමයි අතුරුදහන්වුවන්ගේ මා පිය දුදරු සංගමයේ ආරම්භක පසුබිමේ හිටියේ. ගොඩක් ක්ෂේත්‍ර නිහඬව ඉන්න අවධියක පක්ෂය ඒ වෙනුවෙන් විශාල ලෙස මැදිහත් වුණා. ඒ හඬ අතුරුදහන් වුවන්ගේ පවුල් ඒකරාශී කිරීමට බොහෝ සේ උපකාරී වුණා.

ඔබත් එදා නව සමසමාජ පක්ෂ සාමාජිකයෙක්ද?
නැහැ. මම දේශපාලන ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කළේ නැහැ.

එදා ගොඩනැගුණු මාපිය දුදරු සංගමයට නිශ්චිතව ඔබ දුන් දායකත්වය කියන්න.
නිශ්චිතව කියනවානම් මම එයට නායකත්වය දුන්නා. නැත්තේ නැහැ. අතුරුදහන්වුවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ ප්‍රශ්ණ නිසියාකාරව අදාළ ක්ෂේත්‍රයන්ට යොමු කර සහනයක් ලබා ගැනීමේ වැඩ පිළිවෙල යටතේ මම කටයුතු කළා.

අද වෙනකොට අතුරුදහන්වුවන්ගේ මාපිය දුදරු සංවිධානය කියා එකක් නැහැ. ඇයි එහෙම වුණේ?
බලය සම්බන්ධයෙන් එකිනෙකා අතර ඇතිවු මත ගැටුම් තුළින් පැන නැගුණු අභ්‍යන්තර ප්‍රශ්ණ කීපයක් නිසා අපි අද අතුරුදහන්වුවන්ගේ මා පිය දුදරු සංවිධානය යන නම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සංගමය යන නමින් කටයුතු කරනවා. අතුරුදහන්වුවන්ගේ මාපිය දුදරු සංගමය අද වැළලිලා ගිහිං. නමුත් එය කිසිසේත් වර්ථමානයේ අපේ සේවාව අඩපණ කිරීමට හේතුවක් නොවෙයි.

අභ්‍යන්තර ගැටලූකාරී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්න උත්සාහ ගත්තාද?
ඔව්. අපිට විරුද්ධ අය අපෙන් අයින් වෙලා තියෙනවා. අපිට හිතවත් අය අපිත් සමඟ එකතු වෙලා තියෙනවා.

එම උත්සාහයට බාහිරින් ඇතිවන ගැටලූ මොනවාද?
අපේ ක්ෂේත්‍රයට ඇති අවධානය අඩු වීම වගේම රජය අපි දිහා බලන ආකාරයත් ලොකු ගැටලූවක්. අද අපි අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ පාර්ශ්වයෙන් සතුටට පත් නොවන කාරණයක් වෙලා. අපි ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම විරුද්ධවයි ඔවුන් කටයුතු කරන්නේ.

ඔබ දේශීය මෙන්ම කලාපීය වශයෙනුත් අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් කටයුතු කරනවා. අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් අනෙක් රටවල්වල ප්‍රතිචාර කෙසේද?
අපේ රටේ අතුරුදහන්වීම් සිදුවුනාම ආණ්ඩුව යම් යම් පැලැස්තර දානවා. අසාර්ථක උත්සාහයන් වුවත් යම් වගකීමක් දරනවා කියලා කියන්න පුලූවන්. නමුත් අපිට සාපේක්ෂව තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි බොහෝ රටවල්වල රජයන් ඉතාමත් අඩු සැලකිල්ලක් අතුරුදහන්වීම් සම්බන්ධයෙන් තියෙන්නේ.

ඒ කියන්නේ අපිට අපේ රටේ තත්ත්වය ගැන සතුටුවෙන්න පුලූවන් කියලද?
නැහැ. අපේ රජය ඒ වෙනුවෙන් යම් යම් දේ කරනවා කියලා පෙන්නුවාට ඇත්තටම කරන දෙයක් නැහැ. ඒකෙන් කියන්නේ අපි ආසියාවේ අනිත් රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා සෑහීමට පත් විය යුතුයි කියන එක නොවෙයි.

අද බහුජන ව්‍යාපාර ගොඩ නැඟීමට දේශපාලන පක්ෂ වල සහාය අත්‍යාවශ්‍ය වෙලා. මේ දෙපිරිස අතර සම්බන්ධය කෙබඳු විය යුතුද?
බහුජන ව්‍යාපාරවල ශක්තිය පිළිබඳ ගැටලූවක් තියෙන නිසා ඒවා ගොඩනැ‍ෙඟන්නට දේශපාලන පක්ෂ වල සහාය අවශයි. නමුත් දේශපාලන පක්ෂ බහුජන සංවිධාන සමඟ එක් වීමෙන් කරන උපකාර තුළින් වින්දිතයෝ දේශපාලන අතකොලූ හෝ ඉලක්ක වීම මම අනුමත කරන්නේ නැහැ.

අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් බරපතල ලෙස චෝදනා එල්ල වන වත්මන් රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා අතුරුදහන්වුවන්ගේ හිමිකම් වෙනුවෙන් පෙරමුණේ සිටි අයෙක්. ඔහු බලයට ගෙන ඒමට දැඩි වෙහෙසක් දැරූ ඔබ සංවිධානය අද ඔහුට එල්ල වන චෝදනා ගැන මොකද කියන්න පුලුවන් ?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තත්ත්වය ගැන අපි බොහොම කණගාටු වෙනවා. අපේ සංවිධානයේ පවුල්වල සාමාජිකයෝ එදා අධිෂ්ඨාන පුජා කලා එතුමා ජනාධිපති වෙන්න කියලා. ඒවාට අපිත් අනුබල දුන්නා. ඒ අනුබල දුන්නේ ස්වාමිවරු, පුතුන් අහිමි වු බිරින්දෑවරු, මාපියවරු පිරිසක් නැවත මේ රටේ ඇති නොවේවා කියලා. මට හිතෙනවා ජනාධිපතිතුමා යම් බලවේගයකට අහුවෙලා කියලා. අනෙක එතුමා ජාතිවාදී හැඟීම් තුළ එල්බ ගෙන ඉන්නවයි කියලා. මොකද එතුමා සිංහල ජනතාව අතුරුදහන් වෙනකොට හරියට දැගළුවා. දැන් දෙමළ ජනතාව ඉතාම මිලේච්ඡ විදිහට අතුරුදහන් වෙනකොට එතුමාගේ හඬ එච්චර ශක්තිමත් නෑ. කොටින්ම හඬකුත් නෑ. ඒවාට අනුබල දීමක් තමයි තියෙන්නේ.

කොතනද අසමත් වීම?
අසමත් වීම යුද්ධය පවතින්න ඕන කියන හැඟීම තුළයි.

රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ඔබගේ සහ අනෙක් මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ ඉදිරි න්‍යාය පත්‍රය කුමක් විය යුතුද?
මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අද රටේ පවතින ව්‍යවස්ථාව සහ අණපනත්වල ශක්තිමත්භාවය ඇති වෙන්න ඕන. දේශපාලන හස්තය රටේ නීතියට කොහෙත්ම සම්බන්ධ වෙන්න බැහැ. එය ස්වාධීන විය යුතුයි.

ඒ වෙනුවෙන් ඔබගේ යෝජනා හා ක්‍රියාකාරකම් මොනවාද?
අපේ විෂය පැත්තෙන් අපි කටයුතු කරනවා. අතුරුදහන් වීම් කියන අපරාධය අපරාධයක් ලෙස නීතිය පිළිගත යුතුයි. ඊට වගකිව යුතු සියලූම අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමට පියවර ගත යුතුයි. අතුරුදහන්වීම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට ආණ්ඩුව එකඟ විය යුතුයි කියලා අපි බලපෑම් කරගෙන යනවා. දැනට අතුරුදහන්වීම් පිළිබඳ කොමිසමක් තිබුනට නඩු පැවරීමේ බලය එයට නැහැ. නඩු පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඔවුන් නඩු පවරන කොට ඒ ගැන පරීක්ෂණ පවත්වන්නේ ආරක්ෂක අංශ. එතකොට වෙන්නේ අපරාධ වලට වගකිවයුතු අයම ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමයි. ඒ නිසා දැනට පවතින අතුරුදහන්වීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක වෙන විදිහ හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්.

Monday, June 9, 2008

ඔන්න, සුද්දා බලාගෙන ඉන්නවා.

සුදර්ශන ගූනවර්ධන...................

චිත්‍රපටයක ශෘංගාරාත්මක ජවනිකාව රඟපාන නලූ-නිළි යුවළක් ගනිමු. ඔවුන් තමාට අදාළ ජවනිකාව රඟපාන විට කැමරා(කරුගේ) ඇස තමා වෙත යොමු වී ඇති බව ඔවුහු දනිති. එනම් ඔවුන් කැමරාවේ දැක්මට හසු වී ඇත.
තේ වත්තක දලූ නෙළන ගැහැණුන් පිරිසක් තම කාර්යය කරන විට කංකානි හෙවත් වැඩ සුපරීක්ෂක තමා කරන කාර්යය දෙස බලා සිටින බව දනියි. එනම් ඔවුන් කංකානිගේ දැක්මට හසු වී ඇත.

සියවස් ගණනක් සුදු හම ඇති අධිරාජ්‍යවාදීන් යටතේ ජිවත් වු යටත්විජිත වැසියන් වන අපි මහජන අවකාශය තුළ අප සිදු කරන ක්‍රියාකාරකම් සුදු අධිරාජ්‍යවාදී හාම්පුතාගේ සුපරීක්ෂණයට හෙවත් දැක්මට ලක්ව තිබෙනු අත්දැක පුරුදුය. වසර 60 කට පෙර සුදු හාම්පුතා භෞතිකව මෙරට හැර ගියද තවමත් ඔහුගේ අවතාරය, අප මනසේ හොල්මන් කරන බැවින් අප අවිඥානිකව සිතන්නේ තවමත් ඔහුගේ දැක්මට අප ලක් වී ඇති බවයි.

නිදහස ලබාගෙන රටේ පාලනය ස්වදේශිකයන් විසින් භාරගත් දා සිට අප කටයුතු කර තිබෙන්නේ සුදු මිනිසාගේ දැක්ම අප වෙත වැටී ඇත යන විශ්වාසයෙනි. එබැවින් අපි මහජන අවකාශය තුළ නැත්නම් ප්‍රසිද්ධියේ කථා කරන කටයුතු සුදු මිනිසා විසින් අපට සාදා දෙන ලද සම්මතයන්ට සහ ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බව පෙන්වීමට විශාල වෑයමක් දරා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව, අධිකරණය, මැතිවරණ ක්‍රමය, රාජ්‍ය පරිපාලනය, විගණන ක්‍රියාවලිය, ආදිය සම්මත ප්‍රමිතීන් තුළ පවත්වා ගෙන යාමට උත්සාහ දරා ඇත.

නමුත්, ඓතිහාසිකව සුදු හාම්පුතාගේ දැක්මට ලක් නොවු පුද්ගල අවකාශය තුළ සිදු කරන ක්‍රියාකාරකම් හෙවත් පුද්ගලිකව කරන කටයුතු සම්බන්ධයෙන් එම ප්‍රමිතිය අදාළ නොවීය. ප්‍රසිද්ධ ජිවිතයේදී කලිසම, කමිස ඇඳ ටයිපටිය හා සපත්තුව පළඳින ශ්‍රි ලාංකිකයා ගෙදරට ඇතුලූ වු පසු උඩුකය වැසීමක් රහිතව නිකංම සරමක් ඇඳ ගන්නා සේ මෙය අපට ලාංකිකයාගේ පියවි ස්වරූපය ලෙස හඳුනා ගැනීමට පුලූවන.

රාජ්‍ය පාලකයන් ඉහත කී තර්කනය අනුව ක්‍රියාකරද්දී විසම්මුතික වන විරුද්ධ පක්ෂය හෝ සිවිල් සමාජය හෝ ක්‍රියාකරන්නේ ද එම තර්කයේ රාමුව තුළමය. ඔවුන් ද බටහිර රටවල සිටින සුදු හාම්පුතාගේ දැක්මට තමන් හසු වී ඇති බව අවිඥානිකව විශ්වාස කරති. එබැවින්

1 රාජ්‍ය පාලකයා විසින් කටයුතු කරන්නේ සුදු මිනිසා විසින් තනා අපට භාර දී ඇති සම්මතයන් හා ප්‍රමිතීන්ට අනුකූලව නොවන බව සුදු මිනිසාට පෙන්වා දීමට ඔවුහු කටයුතු කරති.

2 එයට ප්‍රතිපක්ෂව තමන් හැසිරෙන්නේ එකී සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුව බව සුදු මිනිසාට ඒත්තු ගැන්වීමට ඔවුහු වෙහෙසෙති. විරුද්ධ පක්ෂය, තමන් බලයට පැමිණි පසු එම සම්මතයන් ආරක්ෂා කරන බවට පොරොන්දු දෙන අතර, සිවිල් සමාජය කවුරුන් බලයට පැමිණියත් තමන් එම සම්මතයන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවටත්, එම බිඳ දෑමීමට ගන්නා උත්සාහයන්ට විරුද්ධ වන බවටත් ප්‍රකාශ කරති.


ලංකාවේ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධව වර්තමානයේ පවත්නා කතා බහ විශ්ලේෂණය කිරීම මඟින් ඉහත දැක් වු ප්‍රවාදය සනාථ කිරීම සඳහා අපට උදාහරණ සපයා ගැනීමට පුලුවන.