Friday, March 19, 2010

සිවිල් සමාජය අත්‍යන්තයෙන්ම දේශපාලනීයකරණය වු බලවේගයක්


ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ‘නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කාරියක වන අතර වෙනස්කොට සැලකීම්වලට හා වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනියද වන්නීය.



ඔබ ‘නිදහසේ වේදිකාව’ සංවිධානයේ කැඳවුම්කාරියක් ලෙස ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා විවේචනය කරන ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රකාශිකාවක්. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සමුළුවලදී ඔබ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරුද්ධව අදහස් පළ කොට තිබෙනවා. මේ දිනවල ජනමාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන්ගේ ලැයිස්තුවක් රජයේ ඔත්තු සේවා විසින් සකස් කොට ඔවුන් ශ්‍රේණිගත කොට ඇතැයි කියවෙන නමුත්, ඔබේ නම එහි ඇතුළත් වී ඇතැයි වාර්තා වෙන්නේ නැහැ. ඒ ඇයි?
ඔය වගේ ලැයිස්තු කිහිපයක මීට පෙර අපේ නම් තිබුණා. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ defence.lk වෙබ් අඩවියේ පළවූ දේශද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ අපේ නම් ඇතුළත් කර තිබුණා. මට කියන්න තිබෙන්නේ මම ලංකාවේ යහපාලනය ඇති කිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා වාමාංශික පක්ෂවල වගකීම විශාලයි


අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකට වාමාංශික නායකයෙකු මෙන්ම නිදහසේ වේදිකාවේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.



ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක මූලික ලක්‍ෂණය වන්නේ කලින් කලට තමන්ගේ පාලකයින් නිදහස්ව හා ස්වාධීනව පත් කිරීමට ඇති අයිතිය, නීතියේ ස්වාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ගරු කිරීම වේ. රට තුළ අද සිදුවන්නාවූ සිදුවීම් සලකා බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. දීර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන් ගරු කරමින් පාලනය වූ අප රට වැනි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට දැඩි අභියෝගයන් ලක් වූ අවස්ථාවක රටේ දේශපාලන පක්ෂ සතු කාර්යභාර්ය හා වගකීම කුමක් විය යුතුද යන්න සලකා බැලිය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගේ දේශපාලන සංස්කෘතියේ මූලික පදනම හෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ බිඳ වැටීමත් සමඟ සමාජය අගය කරන්නාවූ සියලූ අගයන් හා සමාජය රඳා පවත්නාවූ මූලික පදනම කඩා වැටීම වැළැක්විය නොහැක. ඒ අනුව මුළු රටම දැඩි අර්බුදයකට පත් වනු ඇත.