Friday, March 27, 2009

සුදර්ශන ගුණවර්ධන

බාලගිරි දෝෂයට අසුවී තිබෙන ව්‍යවස්ථාදායක සභාවට කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ නම පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂ විසින් යෝජනා කර ඇත. මෙය ඇසීමෙන් දණ්ඩෙන් පහරලත් ආශීර්විෂයෙකු සේ කුපිත වූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් එම නාම යෝජනාවට විරුද්ධව පෙත්සමක් ගසා ඇත. පෙත්සමේ දැක්වෙන්නේ උයන්ගොඩ මහතා අවුරුදු දොළහක කාලයකට සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු බැවින් ව්‍යවස්ථාදායක සභාව වැනි වැදගත් ස්ථානයකට පත් කිරීමට නුසුදුසු බවයි. මහාචාර්ය උයන්ගොඩ සිර දඬුවම් ලැබුවේ, හොර පොල් කැඞීම වැනි අපරාධයක් නිසා නොව, 1971 දී මහා රාජිනීන් වහන්සේගේ ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කැරළි ගැසීම හේතුවෙනි. ඔහු ඇතුළු සෙසු කැරළිකරුවන්ට විරුද්ධව නඩු අසා සිරදඬුවම් නියම කරන ලද්දේ එවකට පැවති සාමාන්‍ය නීතිය යටතේ නොව කැරැල්ලෙන් පසුව අතීතයට බල පැවැත්වෙන සේ සම්මත කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත නැමැති අවනීතිය යටතේය.

Read More ......
උස මනින්නට , බර මනින්නට මිම්මක් තියෙනවා. එක්තරා වෙළෙඳ දැන්වීමක කියන ආකාරයට දැන් සමේ වර්ණය පවා මනින්න පුළුවන්. අපේ හිතවත් වෘත්තීය සමිති නායකයෙකුට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ ‘වාමාංශිකභාවය’ පවා මැන බලන්නට. තමාගේ කලිසමේ සාක්කුවේ නිතරම රැගෙන යන මීටර් කෝදුවක ආධාරයෙන් තමයි ඔහු අනෙකා වාමාංශිකයෙක්ද දක්ෂිණාංශිකයෙක්ද කියලා මැනලා තීරණය කරන්නේ. එතකොට කෙනෙක් වාමාංශිකයෙක් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ව්‍යවහාරය අනුව නෙමෙයි. අපේ වෘත්තීය සමිති නායකයා විසින් කරන නම් කිරීම නැත්නම් ලේබල් ගැහීම හින්දයි.අපි ගිය සතියේ කතා කළා ත‍්‍රස්තවාදය සහ ත‍්‍රස්තවාදියා ගැන. එතැනදී අපට පැහැදිලි වුනේ ත‍්‍රස්තවාදය යන්න දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් කියන තැනින් වෙනස් වෙලා කිසියම් පුද්ගල කණ්ඩායමක් හඳුන්වන වචනයක් බවට පත් වී ඇති ආකාරයයි. තව දුරටත් පැහැදිලි කළොත් ‘දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා හිංසාකාරී ක‍්‍රියාවක් කරන පුද්ගලයෙක්’ කියන තේරුම වෙනුවට ත‍්‍රස්තවාදී යැයි

Read More .............