Friday, May 29, 2009

රටේ මූලික නීති සැකැස්ම අභිභවමින් වර්තමානයේ අධික නීති (excessive law)ජන ජීවිතයට පැනවීම දකින්නට ලැබේ. මේ හේතුවෙන් ජනතාව මත අමතර පීඩනයක් ද පතිත වේ. නිදසුනක් ලෙස දුම්බීම, රාතී‍්‍ර 10න් පසු ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම, රූපවාහිනියේ විකාශය වන සියලූම මත්පැන් හා මත්ද්‍රව්‍ය සහිත රූපරාමු ආවරණය කිරීම, සියලූම ප‍්‍රසිද්ධ දර්ශන පෙන්වීම සඳහා රැඟූම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගත යුතු වීම හා රටේ ආරක්ෂක තොරතුරු ලබාදීම ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් පමණක් සිදුකිරීම එවැනි අවස්ථා කිහිපයකි. මේ පිළිබඳ සමබිමට එක්වෙමින් ආචාර්ය මාරියෝ ගෝමස් දැක්වු අදහසයි මේ.

Read more........
”හමුදා බලය යොදා වෙන්කොට සැලකීම සහ අසමාන ලෙස සැලකීම සිදුකෙරෙන ලංකාවේ තත්වය අවාසනාවන්ත පමණක් නොව අමානුෂික තත්වයකි.” මෙසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව පිළිබද හදිසි සැසිවාරයක් කැඳවීම පිළිබඳ අදහස් දැක්වූ International Commission of Jurists සංවිධානයේ නියෝජිතයාය.
ඔහුට පෙර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ප‍්‍රකාශ කර සිටියේ මේ කි‍්‍රියාත්මක වන්නේ බටහිර යටත්විජිතවාදය බවයි. තවද ලංකාව කොටි සංවිධානය පිළිබද ප‍්‍රශ්නය වසර 30කට පසුව අවසන් කර ඇති විටෙක මෙවැනි විශේෂ සැසිවාරයක් කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම

Read more......