Friday, June 5, 2009

කැරළිකාර එක්දහස් නමසිය දහනමයේ අපේ‍්‍රල් මාසයේදී මරණ බියෙන් පසුවන සාමාන්‍ය මිනිහා නින්දෙන් අවදිව දෙනෙත් පිසදා ගනිමින් තම කුඩා නිවසේ කවුළුව හරිමින්, චකිතයකින් යුතුව, තමාට කලින් නැගිට සිටි තම අසල්වැසියාගෙන් විමසීය.”අව්තනොම් පෙත්‍රොවිච්, අද අප නගරයේ බලය කා අතේද?”අව්තනොම් පෙත්‍රොවිච් තම කලිසම හදා ගනිමින් බියෙන් වටපිට බලමින් පිළිතුරු දුන්නේය..
”අපනාස් කිරිලවිච් දන්නේ නැහැ. ඊයේ ? කාගේදෝ හමුදාවක් ආවා. මොනවද වෙන්නේ කියලා බලමු. යුදෙව්වන් කොල්ල කනවා නම් ඒ කියන්නේ පෙත්ල්යූරා ගේ හමුදාව ඇතුල්වෙලයි කියලයි. සහෝදරයෝ ඇවිල්ලා නම් එකපාරටම කතාබහ අනුව දැනගන්න පුළුවන්. දැන් ඉතිං මමත් හොඳට වටපිට බලනවා. කාගේ පින්තූරය එල්ලන්ට ඕන ද කියලා. එහෙම නැත්නම් දන්නවද?

ඩෙංගු මාරාන්තික බව දැනුණේ දැන් යැයි ඩෙංගු උණ වැළඳී අමාරුවෙන් ගොඩ ආ මිත‍්‍රයෙකු පසුගිය දවසක අප සමඟ කීවේය. පසුගිය දිනවල ඔහු සිටි මරුවිකලේ හැටියට මේ වචන ටික හෝ ඔහුගේ කටින් පිටවීම ගැන අපට සන්තෝෂය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ වගකීම් රහිත බව හා නිශ්ක‍්‍රීයභාවය හේතුවෙන් පුරවැසියන් කිසිදු ආකාරයක අවදානමකට ලක් කිරීමට රජයකට නොහැක. මේ අවස්ථාවේ ඩෙංගු සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පටලවා ගැනීම වසර තිහකට පසු යුද්ධය නිමා වී ප‍්‍රීතියෙන් සිටින බොහෝ දෙනෙකු දේශද්‍රෝහී කමක් ලෙස පෙනී යාමට ඉඩ තිබේ. නමුත් කණගාටුවෙන් වුවද කීමට ඇත්තේ මේ දෙක ඉබේ ම එකට පටලැවී ඇති බවය.සාමාන්‍යයෙන් ලංකාවේ වසංගත රෝග සීඝ‍්‍රයෙන් පැතිර යන කාලසීමාවන් දෙකකි.
R ead more.......