Thursday, May 14, 2009


අවසන් වරට පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය වුයේ ඉකුත් මැයි හතර වැනිදාය. සුපුරුදු ලෙසම එවරද ඝාතනයට ලක් වු මඩකලපුවේ දැරියගේ පොත් බෑගය සොයා ගැනීමට පොලිස් රැකවරණ යටතේ යමින් සිටියදී සඟවා තිබු ටී-56 යේ ගිනි අවියක් ගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ ගත් සැකකරුවන්ට පොලිසියේ ප‍්‍රතිප‍්‍රහාරවලින් ඝාතනය වන්නට සිදු විය.

]Read more[.....




ගතවූ වසර කිහිපයක් මුළුල්ලේ විවිධ අපරාධයන්ට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව මිය යාම වර්තමානයේ නොනිමෙන අරගලයක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ ව සමබිම සමඟ විද්වතුන් දැක්වූ අදහස් කිහිපයකි මේ.


]Read more[....
මෙම අශ්ලීල කාටූන් චිත‍්‍රය ශ‍්‍රී ලංකාවට කිසිසේත් සම්බන්ධ වූ ද, අදාල වු ද එකක් නොවන බව නමෝ විත්තියෙන් ම කිව යුතුය. මෙය දකුණු අප‍්‍රිකානු ජනරජයේ ජනාධිපති ධුරයට විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පත් වු අතිගරු ජේකොබ් සුමා මැතිතුමා අපකීර්තියට පත් කරනු පිණිස එරට වසන කාටූන් කාරයෙකු විසින් ඇඳ පළ කරන ලද්දකි. ජනාධිපතිතුමා අධිකරණ පද්ධතිය නැමැති ස්ත‍්‍රිය දූෂණය කරන්නට සැරසෙන විට අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය ඇතුළු පාලක පක්ෂය එයට අනුබල දෙන සැටි මෙහි දැක්වේ.
මෙවැනි කාටූන් දකින විට අපට සිතෙන්නේ ලංකාවේ ජීවත් වන අප කෙතරම් වාසනාවන්ත ද කියා ය. එක අතකින් අපගේ විධායකය අධිකරණය ට බලපෑම් කරනවා තබා ඒ දෙස බැල්මක් වත් නො හෙළයි. අනෙක් අතට අපගේ කාටූන් ශිල්පීන් විධායකයට අපහාස වන ආකාරයේ අශ්ලීල කාටූන් සිහිනෙන් වත් නොඅඳියි. (තම කාටූන් පවුලේ සියළු දෙනාම නරඹන මුල් පිටුව තුළින් කියවීමට උචිත පරිදි ප‍්‍රමිතියකින් යුක්ත ව ඇඳිය යුතු බව අපේ කාටූන් ශිල්පීහු දනිති.)

අපි කෙතරම් වාසනාවන්ත ද ? අපි කෙතරම් සන්තෝෂ ද?



>Read more....<