Friday, April 2, 2010

ශිෂ්ඨ සමාජයක ජීවත්වන මිනිස්සු එකිනෙකාට අවමන් නොකරති

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

ලංකාවේ මානව හිමිකම්වල වැදගත්කම ගැන කතා කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින අය තම රට තුළම සුළුතරයක් බවට පත්වී ඇත. වර්තමානයේ රට තුළ ක‍්‍රියාත්මක වන දෘෂ්ටිවාදය, බලාධිකාරය සහ ලෝක සම්මතය අනුව මානව හිමිකම් යනු යටත් පිරිසෙයින් ගත් කළ හිරිහැරයකි; උපරිම වශයෙන් ගත් කළ අපේ රටේ පුරවැසියන් අතුරින් බහුතරයක් විසින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තෝරා පත් කරගත් ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ගෙන එන තර්ජනයකි.
අපේ රට පාලනයෙහිලා මානව හිමිකම්වල ඇති මූලික වැදගත්කම අප විසින් අවධාරණය කරනු ලබන මේ මොහොතෙහි අපගේ සහෝදර පුරවැසියන් අතරින් බහුතරයකට මානව හිමිකම් පිළිබඳව අමතක කිරීමට අවශ්‍යව ඇත්ද යන ප‍්‍රශ්නය මෙහිදී අප විසින් අපගෙන්ම විමසිය යුතුය. දැනට රටේ පවතින ජනප‍්‍රිය පිළිගැනීම හෙවත් ලෝක සම්මතයට අනුව කියැවෙන්නේ අප රටේ පුරවැසියන්ට අවශ්‍ය වන්නේ ත‍්‍රස්තවාදය, බෝම්බ පිපිරීම්, තුවාල ලත් පුද්ගලයන්, අතුරුදහන්වීම්, ජාතික ආරක්ෂක නීති යොදාගෙන කරනු ලබන රඳවා තබා ගැනීම් ඇතුළත් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ අඳුරු අතීතය අමතක කොට ඉදිරි අනාගතය වෙත පිය නැගීම බවයි. ඉතිං අපි අපේ රට තුළම සුළුතරයක් බවට පත්ව ඇත.

Read more...
View Pdf....

සමබිම මංගල කලාපය නිකුත් වෙයි


‘සමබිම’ මාසික පුවත්පත දොරට වැඞීම සහ ‘සමබිම’ වෙබ් අවකාශය අන්තර්ජාලයට මුදා හැරීම 2010 මාර්තු 26 වෙනි සිකුරාදා කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ඔලිම්පික් නිවසේදී සිදුවිය.
රාවය සමඟ ‘සමබිම’ කලාප 100ක් පළ කිරීම හෙවත් ‘සමබිම සෙන්චරිය’ සැමරීමද මානව හිමිකම් පිළිබඳ ත්‍රෛමාසික සීමාවාසික පාඨමාලාව සම්පූර්ණ කළ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන් හට සහතික පත් පිරිනැමීමද මේ අවස්ථාවේදී සිදුවිය.
‘සමබිම’ වෙබ් අවකාශය විවෘත කිරීම අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදී. සීමාවාසික පුහුණුව ලැබූ විද්‍යාර්ථීන්ට සහතික පත් පිරිනැමීම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, වර්ගවාදයට සහ වෙනස්කොට සැළකීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සමකැඳවුම්කාරිනී ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිය සහ සමාජ භාරයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ බී.ස්කන්දකුමාර් සහ රයිට්ස්නව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් සිදු කරන ලදී.
නාරද බක්මීවැව විසින් මෙහෙය වූ මෙම උත්සව සභාව අමතා රාවයේ සම කර්තෘ නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන, චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු දෙසුම් පැවැත්වූහ.
උත්සවයේ සුවිශේෂ අංගය වූ ‘සමබිම’ මාසික පුවත්පතෙහි මංගල කලාපයේ පළමු පිටපත එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා වෙත පිළිගන්වන ලදී.

Read more...
View PDF..

අපි සර්කස් කණ්ඩායමක්

ජනාධිපතිවරණයෙන් පසු ඇති වෙච්ච සංක‍්‍රාන්ති කාලෙදී මම සර්කස් එකක් බලන්න ගියා. මේ සර්කස් කණ්ඩායම ගමෙන් ගම ගිහින් සැමට සර්කස් පෙන්වන අතරේ අප ජීවත්වන ප‍්‍රදේශයටත් ඇවිත් කූඩාරමක් අටවා ගෙන තිබුණා.
සර්කස් බලන්න ආපු බාල, මහලු, තරුණ, ස්ත‍්‍රී, පුරුෂ, වැදගත්,නොවැදගත් සියළු දෙනාම නොඉවසිල්ලෙන් බලා හිටියේ සර්කස් එක පටන් ගන්න තුරුයි.
පළමුවෙන්ම තිබුණෙ තරුණ කාන්තාවක් කම්බියක් මත කුඩයක් ඉහළ ගෙන එහා මෙහා ගමන් කරන දර්ශනයක්. ඊට පස්සේ තරුණයෙක් ඒ කම්බිය උඩ බයිසිකලයක් පදිනවා. උස යකඩ බම්බු මත නැගුණ කරණම්කරුවන් ඇඟ කිලිපොළා යන අන්දමේ කරණම් ගහනවා බලාගෙන ඉන්න අපි අත් පොළසන් දෙනවා. එත් හැම තිස්සෙම හිතනවා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා. හරියටම රිදී රත්තරන් අශ්වයා පිට නැඟලා කුමාරිගේ ඇඟිල්ලේ දිලිහෙන පේරැස් මුද්ද ගන්නට තට්ටු හතක් උඩට අශ්වයා පන්නපු ඉවානුෂ්කා දිහා බලා හිටපු මිනිස්සු වගේ අපි පුදුමයෙනුත්, බයෙනුත් බලාගෙන ඉන්නවා.

Read more...
View Pdf...

මානව හිමිකම් කොමිසමේ අයිතිය පුරවැසියන්ටයි

බී.ස්කන්දකුමාර්
නීතිය හා සමාජ භාරයෙහි
වැඩ බලන විධායක අධ්‍යක්ෂ

”ජාතික මානව හිමිකම් කොමිසම ලංකාවේ පුරවැසියන් වශයෙන් අපට අයිති ආයතනයක්. එය යම්කිසිවකු විසින් අපයෝජනයට ලක් කිරීම, සූරා කෑම හෝ එම හේතු මත අපවාදයට පාත‍්‍රවීම නිසා අපි එයට පිටුපාන්නේ නැහැ. අප කොමිසම දෙස බලන්නේ මානව හිමිකම් ප‍්‍රජාවේ කොටස්කරුවෙකු වශයෙන්. සත්තකින්ම එහි භූමිකාව සිවිල් සමාජ සංවිධානවල භූමිකාවට වඩා වෙනස්. නමුත් මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ඕනෑම ආයතනයක් සතුව ඇත්තේ එකම පරමාර්ථයක් වන අතර අප සියළුදෙනාම එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට යන ගමන් මගේ සහකරුවන්ය. රාජ්‍යයට එකක් හා රාජ්‍ය නොවන සංවිධානවලට තවත් එකක් වශයෙන් මානව හිමිකම් නිර්ණායක දෙකක් නොපවතින අතර ඇත්තේ එකම සාර්වත‍්‍රික නිර්ණායකයක්.
සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් කොමිසම එකිනෙකාට සලකා ගත යුත්තේ මිතුරු ආකල්පයෙන්. මිතුරන් හැමවිටම එකිනෙකා හා එකඟ නොවන නමුත් මිතුරන් එකිනෙකාගෙන් පෝෂණය වේ. සිවිල් සමාජ සංවිධාන දුර්වල වුවහොත් එය පෙරලා මානව හිමිකම් කොමිසම දුර්වල වීමටද බලපාන අතර කොමිසම දුර්වල වීම සිවිල් සමාජ සංවිධානවලටද අහිතකර ලෙස බලපායි.”

Read More...
View Pdf...

Friday, March 19, 2010

සිවිල් සමාජය අත්‍යන්තයෙන්ම දේශපාලනීයකරණය වු බලවේගයක්


ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ‘නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කාරියක වන අතර වෙනස්කොට සැලකීම්වලට හා වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනියද වන්නීය.



ඔබ ‘නිදහසේ වේදිකාව’ සංවිධානයේ කැඳවුම්කාරියක් ලෙස ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා විවේචනය කරන ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රකාශිකාවක්. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සමුළුවලදී ඔබ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරුද්ධව අදහස් පළ කොට තිබෙනවා. මේ දිනවල ජනමාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන්ගේ ලැයිස්තුවක් රජයේ ඔත්තු සේවා විසින් සකස් කොට ඔවුන් ශ්‍රේණිගත කොට ඇතැයි කියවෙන නමුත්, ඔබේ නම එහි ඇතුළත් වී ඇතැයි වාර්තා වෙන්නේ නැහැ. ඒ ඇයි?
ඔය වගේ ලැයිස්තු කිහිපයක මීට පෙර අපේ නම් තිබුණා. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ defence.lk වෙබ් අඩවියේ පළවූ දේශද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ අපේ නම් ඇතුළත් කර තිබුණා. මට කියන්න තිබෙන්නේ මම ලංකාවේ යහපාලනය ඇති කිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා වාමාංශික පක්ෂවල වගකීම විශාලයි


අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකට වාමාංශික නායකයෙකු මෙන්ම නිදහසේ වේදිකාවේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.



ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක මූලික ලක්‍ෂණය වන්නේ කලින් කලට තමන්ගේ පාලකයින් නිදහස්ව හා ස්වාධීනව පත් කිරීමට ඇති අයිතිය, නීතියේ ස්වාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ගරු කිරීම වේ. රට තුළ අද සිදුවන්නාවූ සිදුවීම් සලකා බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. දීර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන් ගරු කරමින් පාලනය වූ අප රට වැනි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට දැඩි අභියෝගයන් ලක් වූ අවස්ථාවක රටේ දේශපාලන පක්ෂ සතු කාර්යභාර්ය හා වගකීම කුමක් විය යුතුද යන්න සලකා බැලිය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගේ දේශපාලන සංස්කෘතියේ මූලික පදනම හෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ බිඳ වැටීමත් සමඟ සමාජය අගය කරන්නාවූ සියලූ අගයන් හා සමාජය රඳා පවත්නාවූ මූලික පදනම කඩා වැටීම වැළැක්විය නොහැක. ඒ අනුව මුළු රටම දැඩි අර්බුදයකට පත් වනු ඇත.

Friday, March 12, 2010

ඇයි මේ අන්දොස් වෙලා ...?

මහ මැතිවරණය පැවැත්වීමට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ජනාධිපතිවරණයට පෙර ඇතිව තිබූ උණුසුම T-20 පන්දු ඕවර විස්සේ තරගයක් හේතුවෙන් ඇතිවන උනන්දුවට සමකළ හැකි නම්,මහ මැතිවරණය හරියට T-20 තරගාවලිය සත්කාරක රට විසින් දිනා ගැනීමෙන් පසුව පවත්වනු ලබන ටෙස්ට් ක‍්‍රිකට් තරගයක තත්ත්වයට පත්ව තිබේ.
හාවගේ සහ ඉබ්බාගේ රේස් දිවීම වැනි තරගයක් බවට ජනාධිපතිවරණය පත්වන බව ආණ්ඩුවේ තක්සේරුව විය. ඉබ්බා ෂුවර් එකටම පරදින බවට සහතික නමුත්, ඉබ්බාගේ පැත්තේම අය ලවා තරග පරාජයෙන් පසු ඉබ්බා බ්ලාස් යවා තමන්ට හිතවත් ඉබ්බකු ඉබි පිලේ නායකත්වයට පත් කිරීමට කල්පනා කරමින් ගහක් යට නිදි සුව විඳිමින් සිටි හාවාට දවල් තරු පෙනුණේ පොදු අපේක්ෂක ඉබ්බකු තමන් පසු කරමින් ඉදිරියට යන බව දුටු විටය. හිට්ලර්ගේ සිට ඉඩි අමීන්, සම්බන්ධන්,කලවැද්දන් ....

Read more...
View Pdf

දේශපාලකයා මාධ්‍යවේදියාගේ ඔළුවට ගහලා

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මාස දෙක හමාරක් ගත වී ඇත. ඔහු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. ඔහුගේ අතුරුදහන්වීම ජනමාධ්‍යවේදියෙකුට සිදුවූ විපතක් වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ විට ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බලනු වෙනුවට ආණ්ඩුව පැත්තෙන් අසන ලද්දේ කැකිල්ලේ වර්ගයේ ප‍්‍රශ්නයකි.
”එක්නැලිගොඩ කියන්නේ කවුද ? ”
ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුව කිසියම් පුද්ගලයෙකුට ඔවුන්ගේ අමාත්‍යංශය විසින් නිකුත් කළ නිල හැඳුනුම්පතක් නැත්නම් ඔහු හෝ ඇය මාධ්‍යවේදියෙකු නොවේ. ජනමාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. හරියටම භික්ෂූන් වහන්සේ නමක් කිසියම් වරදකට චූදිතයකු වූ විට මාධ්‍යයට ඔහු චීවරධාරියෙකු

Read more...
View PDF

Tuesday, March 9, 2010

සමබිම 100 වන කඩඉම පසු කිරීම නිමිත්තෙන් මෙතෙක් සමබිම සමඟ රැඳී සිටි පාඨකයන් කිහිපදෙනෙකු මෙසේ සිය අදහස් දැක්වූහ.

සමබිම සෙන්චරිය

කෙතරම් පළපුරුදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට වුවද සෙන්චරියක් දැමීම හෙවත් ශතකයක් ලබා ගැනීම ආඩම්බරයට සහ ආහ්ලාදයට හේතුවකි. එසේ නම් නවක ක‍්‍රීඩකයෙකු තම කුළුඳුල් ශතකය වාර්තා කිරීම කෙතරම් ප‍්‍රීතිදායක මොහොතක්දැයි කීමට ටීකා ටිප්පනි අනවශ්‍යය. එම කුළුඳුල් ශතකය ලබා ගන්නා ලද්දේ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු තණ තිල්ලක් මත, ලොව භයානකම පන්දු යවන්නන් පිරිසකට සහ අති දක්ෂ පන්දු රකින්නන් පිරිසකට මුහුණ දෙමින් නම් නිහතමානී ආඩම්බරයක් ඇතිවීම වැළැක්වීමට නොහැකිය. පිතිකරුවා අනෙක් අන්තයේ සිටින තම සහායක පිතිකරුවා බදා වැළඳ ගෙන පිත්ත ඔසවා ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන්නේ එබැවිනි.
එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව කණ්ඩායම් ක‍්‍රීඩාවකි. ශතකය වාර්තා කිරීමෙන් ප‍්‍රමෝදයට පත්ව අපරීක්ෂාකාරී පහරවල් එල්ල කිරීමට උත්සාහ ගත්තොත් නිරපරාදේ දැවී ගොස් කණ්ඩායම තරගයෙන් පරාජය විය හැකිය. එබැවින් පේ‍්‍රක්ෂකාගාරයේ උණුසුම් අත් පොළසන් නාදය පිළිගැනීමෙන් අනතුරුව නැවතත් තමන්ගේ සීමාවට ගොස්, හිස නමාගෙන සුපරීක්ෂාකාරීව නැවත පිති හරඹය ඇරඹිය යුතුය. ශතකය අමතක කොට නැවතත් එකෙන් පටන් ගත යුතුය.
‘සමබිම’ ශතකය වාර්තා කළ මේ මොහොතේ අපි ද නිහතමානී ආඩම්බරයකින් යුතුව අපගේ පෑන් ඔසවා පාඨක ඔබ සැමට ආචාර කරමු. ඔබගේ ඔල්වරසන් ලැබුණත් නැතත් හිස නමාගෙන තරගයේ ඉතිරි කොටස ක‍්‍රීඩා කිරීම පිණිස නැවත ඉනිම අරඹන්නෙමු.
ලබන සතියේත් හමුවෙමු.

සමබිම වෙනුවෙන්
රයිට්ස් නව් - ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සාමූහිකය
2010 මාර්තු 03

View Pdf

Monday, March 1, 2010

ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූයේ සාම්ප‍්‍රදායික ආකාරයට විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවයක් හෝ සන්ධානයක් ගොඩනැගීමෙන් අනතුරුව නොවේ. එක් එක් පක්ෂ වෙන වෙනම පොදු අපේක්ෂකයා වෙත තම සහයෝගය පළ කරන ලද අතර එහිදී සියළු පක්ෂවල පොදු අපේක්ෂාව වූයේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරනු ලබන පොදු අපේක්ෂකයා මඟින් සියළු දෙනාටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය වන හුස්ම ගැනීමේ අවකාශයක් නිර්මාණය කර ගැනීමය.
ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී ප‍්‍රකාශ කළේ තමන්ට වෙනත් කිසිදු පක්ෂයක් සමඟ ගිවිසුමක් නොමැති බවත් තමාගේ එකඟතාවන් ඇත්තේ ජෙනරාල් ෆොන්සේකා මහතා සමඟ පමණක් බවත්ය. එක්සත් ජාතික පක්ෂය පැවසුවේ සියළු පක්ෂ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට එකඟව ඇති හෙයින්ද එම පොදු අපේක්ෂකයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වන හෙයින්ද මෙම ජනාධිපතිවරණයට තම පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත් මෙය ජනමත විචාරණයක් ලෙස සලකා හංසයා ලකුණට ඡන්දය දෙන ලෙස පාක්ෂිකයන්ට නියෝග කරන බවත්ය.

Read More...
View PDF ...

Friday, February 19, 2010

ඉතිහාසයේ නිවාඩුව ඉවරයි. දැන් ඉතිං ඔළුවෙන් හිටගන්න වෙලාවයි

සුදර්ශන ගුණවර්ධන

අප කවුරුත් පාහේ අසා ඇති උපහාස කතාවකට අනුව එක්තරා පුද්ගලයන් පිරිසක් පෙර කළ අකුශල කර්මයන් හි ආනුභාවයෙන් මරණින් මතු අපායේ උපත ලැබූහ. අපායේ ඇති විවිධාකාර වධ වේදනා විඳීමේ දඬුවම් අතරින් කැමති එකක් තෝරා ගැනීමේ දුර්ලභ වරය ඔවුනට හිමිවිය. වධකාගාරයේ එක් එක් ස්ථානවල වධ විඳිමින් සිටින අපාගාමීන් අතරේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ඔවුන්ට පෙනී ගියේ එක තැනක පිරිසක් අසූචි වළක් අසල ගැට්ටක් මත ඉඳගෙන දුම්පානය කරන ආකාරයයි. අපායේ දුමට තිත නැතිවීම ගැන අමන්දානන්දයට පත් අප කතානායකයන් පිරිස සියළු දඬුවම් අතරින් මේ දඬුවම කෙතරම් ආතල්දැයි සිතා තමන්ට ද එම දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ පැතුම සැණෙකින් ඉටු වී ඔවුන්ට සිගරැට් ලැබිණි.
කෙසේවුවද,විනාඩි පහක් ගතවන විට සීනුවක් නාදවිය. එතැනට පැමිණි යම පල්ලෙක් ඔවුන් සියළුදෙනාටම මෙසේ විධානය කළේය.”ඉන්ටර්වල් එක ඉවරයි. දැන් ඉතින් අසූචි වළේ ඔළුවෙන් හිටගනියව්.”

Read More...
View PDF

මහ සඟ සමුළුවට බාධා කිරීමේ ප‍්‍රතිවිපාක බරපතලයි නිදහසේ වේදිකාව කියයි

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ශ‍්‍රී ලංකාවේ වර්ධනය වන අවිනිශ්චිත තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස 2010 පෙබරවාරි 18 වෙනිදා කැඳවීමට නියමිතව තිබූ මහ සඟ සමුළුව කල් දමනු ලැබීමට සිදුවීම පිළිබඳව නිදහසේ වේදිකාව කැළඹීමට පත්ව සිටියි.

ආරක්ෂක හේතු මත මහ සඟ සමුළුව කල් දැමීමට සිදු වූ බව පෙබරවාරි 16 වෙනිදා නිකුත් කරන ලද නිවේදනයක් මඟින් කියැවිණි. මහා සංඝයා වහන්සේ විසින් කැඳවන ලද සමුළුවක් ආරක්ෂක හේතුමත කල් දැමීමට සිදුවීම බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු බව නිදහසේ වේදිකාව අදහස් කරයි. ජෙනරාල් සරත් ෆොන්සේකා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමද ඇතුළුව ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට උනන්දු වන අය බිය ගැන්වීම සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කෙරෙන බවට තොරතුරු ලැබී ඇත.මෙම උපාය මාර්ග පසුගිය දිනවල දිවයින පුරා පැවති සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා යොදාගත් උපක‍්‍රම වලට අනුරූප වේ. සාකච්ඡා කිරීමේ සහ විසම්මුතික මත ඉවසීමේ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇති රටක මෙවැනි ප‍්‍රවණතා ඇතිවීම කණගාටුදායකය.මහ සඟ සමුළුව කල් දැමීම පිණිස යොදා ගන්නා ලද තර්ජන සහ බිය ගැන්වීමේ ක‍්‍රියා තරයේ හෙළා දකින නිදහසේ වේදිකාව සාමකාමී සාකච්ඡා කිරීම, විවාද කිරීමට සහ විසම්මුතික මත දැරීමට සියළු පුරවැසියන්ට ඇති අයිතිය පිළිගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

View PDF

Friday, February 12, 2010

ලකුණු කියඤ්ඤයි - නම නොකියඤ්ඤයි

සුදර්ශන ගුණවර්ධන

කුමන්ත‍්‍රණ ගැන උත්තර නැති ප‍්‍රශ්නයට දොවන් අයියාගෙන් පිළිතුරක්

මීට අඩසියවසකට පෙර හිනිදුම් පත්තුවේ දොවන් අයියා නම් තරමක මෝඩ පහේ පුද්ගලයෙකු ජීවත්විය. ගම් පළාතේ සිදුවූවා යැයි කියන කිසියම් සොරකමකට වගකිව යුත්තා කවුරුදැයි තමා දන්නා නමුත්, ඒ නම නම් කිසිසේත් හෙළිදරව් කරන්නට බැරි බව කියා සිටි දොවන් අයියා අවශ්‍යම නම් අදාල පුද්ගලයා හඳුනා ගැනීමට අවශ්‍ය හෝඩුවාවල් කිහිපයක් ලබාදිය හැකි බව ප‍්‍රකාශ කළේ පහත පරිදිය.

”හොරකම කළේ කවුදැයි මම නං දන්නං - ඒත් නම නොකියන්නං
ලකුණු කියන්නං - අපේ නගා සහේට අරන් තියෙන්නං
එගොඩ ගොඬේ ඉන්නං - තට්ටෙත් ටිකක් තියෙන්නං
ඒත්,නම නං නොකියන්නං -ලකුණු කියන්නං
මැරුවත් නම නොකියන්නං”

මාධ්‍යයට එරෙහි කුමන්ත‍්‍රණ සහ කුමන්ත‍්‍රණකාරී මාධ්‍ය

ටෙරිබල්,ටෙරිබල්” බොයානා ලෙකිච් රූපවාහිනි තිරයේ ඇලී ගිය නෙතු පියන් ඉවතට ගත නොහැකිව මෙන් කියයි. ඇය රූපවාහිනියේ විකාශය වන විවාදයක සටහන් තබා ගන්නේ හරියට ඇගේ මුළු ජීවිතයම ඒ මත රැඳී ඇත්තාක් මෙනි. ”ටෙරිබල්, දැන් නම් මුන් තොණ්ඩුව බෙල්ලටම හිර කරන්නයි යන්නේ.”
විවාදය පැවැත්වෙන්නේ මිලොසෙවිච් ජනාධිපතිතුමා විසින් පාලනය කරන ආර්.ටී.එස්. හෙවත් ‘රාදියෝ ටෙලිවිෂියා සර්බියා’ නාලිකාව ඔස්සේය. සමහරවිට විවාදය යන්න වැරදි යෙදුමකි. මක්නිසාද යත් ආර්.ටී.එස්.හි සෑමදෙනාම සෑමවිටම එකඟ වෙති. එහි ඇත්තේ එකම දෘෂ්ටිකෝණයකි. එනම් ආණ්ඩුවේ දෘෂ්ටිකෝණයයි. අද රාත‍්‍රියේ සාකච්ඡාව සර්බියාවේ ස්වාධීන මාධ්‍ය හෙවත් සමහරු කියන විදිහට රජයට විරුද්ධ පාක්ෂික මාධ්‍ය ගැනය. ආණ්ඩුවේ හැඳින්වීම අනුව නම් ඒවා දේශද්‍රෝහී මාධ්‍යය. ”ඔය මාධ්‍ය බටහිර රටවල කුලීකාර ගැත්තෝ. උන්ට පඩි ගෙවන්නේ ඇමෙරිකන්කාරයෝ”
සර්බියාවේ ජනමාධ්‍ය ඇමති ඇලෙක්සැන්ඩර් වූචික්ට යන්තම් වයස අවුරුදු තිහක් ඇත. තරුණ නළුවෙක් වැඩිහිටි චරිතයක් රඟපෑමට ඇන්දාක් මෙන් ඔහු අභිනය දක්වන්නේ ”වෙන්නේ මොනවද කියලා හරියටම කියන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ” කියන්නාක් මෙනි. ඔහු කැමරාව දෙස හරි කෙළින් බලා, දබරැඟිල්ල උරුක් කොට බටහිර රටවල ඒජන්තයන්ට හා ඔත්තුකාරයන්ට හොඳ පාඩමක් උගන්නන බවට සහතික වෙයි.

Read more...
View Pdf ....

Tuesday, February 9, 2010

නීති බින්දෝ රැකීමට එය

සුදර්ශන ගුණවර්ධන

'Sri lanka, Play by Rules' යන වැකිය සඳහන් ක‍්‍රිකට් පන්දුවක් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් 2007 ලෝක කුසලානය ආසන්නයේදී නිකුත් කරන ලදී. මෙය ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එරෙහිව නිකුත් කරන ලද්දක් නොවීය. ශ‍්‍රී ලංකාවේ ඇති වූ තිබුණු සිවිල් යුදමය වාතාවරණය තුළදී, වෙනත් වචනයකින් කිව්වොත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය සහ එහි ජීවත්වන වාර්ගික ජන කොටසක් නියෝජනය කළ මිලිටරි - දේශපාලන සංවිධානය අතර පැවතුණු සන්නද්ධ ගැටුමේදී නීති රීති වලට එකඟව, එනම් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව හිමිකම් සහ මානවවාදී සිද්ධාන්තයන්ට අනුකූලව ක‍්‍රියා කරන ලෙස ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට බලකිරීම සඳහා කරන උද්ඝෝෂණ ව්‍යාපාරයේ අංගයක් ලෙස නිකුත් කරන ලද්දකි.
මෙම උත්සාහයට විරුද්ධ ව ජාතික වශයෙන් ඇතිවූයේ විශාල උද්ඝෝෂණයකි. එහි තේරුම මෙසේ සාරාංශ ගත කළ හැකිය:

Read More...
View Pdf

දේශපාලන විසඳුම ඉදිරියට ගන්න දැන් වෙලාව ඇවිත්


පරිවර්තනය: ප‍්‍රියලාල් සිරිසේන
” විජාතික මරසෙන් පරදවා ලබාදුන් ජයග‍්‍රහණයට ඔබට පින් ”
ජාතික හෙළ උරුමය ජනාධිපතිවරණයට පසුව
කොළඹ නගරයේ අලවා තිබූ පෝස්ටරයක ඉහත කියමන සටහන් වී තිබුණි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිනපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවට ජනවාරි 28 වන දින සහභාගී වූ එම දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් පිලිප් ජේ. ක්‍රෝලි විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳව මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද ප‍්‍රශ්න වලට පහත සඳහන් අයුරින් පිළිතුරු දී තිබුණි.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, එහි පැවති මැතිවරණය පිළිබඳව හෝ විරුද්ධ පක්ෂ නායක හා ජනාධිපති ලෙස පත්වූ රාජපක්ෂ අතර ඇති ගැටුම පිළිබඳව අළුත් තොරතුරු කිසිවක් ඔබ සතුව තිබේද?
මැතිවරණ කොමසාරිස්තුමා ඡන්ද ප‍්‍රතිඵලය සහතික කර ඇති බව අපට දැනගන්නට ලැබුණා. මම හිතන්නේ ජනාධිපති රාජපක්ෂගේ ජයග‍්‍රහණයට සුභ පතා, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ප‍්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා. අප මේ දෙස අවධානයෙන් බලා සිටින අතර ජෙනරාල් ෆොන්සේකාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ඔහු සමග සාකච්ඡා කර තිබෙනවා. නමුත් අප හිතන්නේ දැන් ජනාධිපති රාජපක්ෂට ඔහු විසින් ආරම්භ කළ දේශපාලන විසඳුමක් ලබාදීමේ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේ අවස්ථාව ද, පළාත් වලට වගකීම් බෙදාහැරීම මෙන්ම දෙමළ කොටි සංවිධානය සමග පැවති ගැටුමේ අවසන් අදියරේදී සිදුවූ දේ පිළිබඳව අදාල වගකිවයුත්තන්ගේ සම්පූර්ණ වගවීම (full accountability) සහතික කිරීමටද අවස්ථාවක් උදා වී තිබෙනවා.

Monday, February 8, 2010

නඩු නැති රටට මොට පායාද සූරියා ?

”සමහරු මට චෝදනා කළා මට අයිති වැඬේ ඡන්ද පෙට්ටි රැකගැනීමත්, ඒවා ගණන් කිරීමත් විතරයි කියලා. දැන් සමහර විට ඡන්ද පෙට්ටිවත් රැකගන්න බැරි වෙනවා. එය ගැටළු සහගත තත්ත්වයක්. මේ නිසා ඉතාම අපහසුවෙන් එම කටයුතු කිරීමට සිදුවීම ගැන කණගාටු වෙනවා.”
” කෙසේ නමුත් ඉදිරි දින කිහිපය ඇතුළත මේ සියලූ කටයුතු එකලාසයක් කිරීමෙන් පසු මා තවදුරටත් මෙම ධූරයේ රැඳී සිටීම සුදුසු යැයි කල්පනා කරන්නේ නැහැ. යම් යම් කරුණු ගණනාවක් මත ආතති තත්ත්වයන් තුළ මට කටයුතු කරන්න බැහැ. එම නිසා මෙම ධූරයෙන් ඉවත් වීමේ තීරණයකට මා පැමිණ සිටින බව ඉතාමත් කණගාටුවෙන් වුවත් කිව යුතුයි.”
(මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ජනවාරි 27 දින ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරමින්)...
--------------------------------------------------------------------------------

සුදර්ශන ගුණවර්ධන

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම මැතිවරණයට මුහුණ දුන්නේ රටම යුද පිටියක් බවට පත් කරමිනි. මැතිවරණ නීති සහ සමාජ චර්යාධර්මයන් නොතකන නව දේශපාලන සමප‍්‍රදායක් ගොඩ නගමින් ආධිපත්‍යවාදී අණසක තහවුරු කිරීම එහි එකම අරමුණ විය. දෙවන වටයේ සිය බලය ගිලිහී ගියහොත් නැතිවෙන සියල්ල රැක ගැනීම සඳහා සන්ධානය සටන් වැදුණි.

Read More...
View Pdf ...

දැන් ඉතිං වෙන කුමක් කරන්නද? පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත්වීම සහ පැවතීම

සුදර්ශන ගුණවර්ධන

ජනාධිපතිවරණය අවසන් විය. ප‍්‍රතිඵල නිකුත් විය. ප‍්‍රතිඵල ඉතා පැහැදිලිය. ඒත් පරාජිත විපක්ෂයේ සංවිධායකයන් අතර පමණක් නොව ජයග‍්‍රාහී ආණ්ඩු පක්ෂයේ ඡන්ද දායකයන් අතර පවා ඇත්තේ කුකුසකි, කුතුහලයකි, කාංසාවකි.
මොකක්ද මේ සිද්ධ වුණේ? ඒ ප‍්‍රශ්නයට පිළිතුරු නැත. මොකක්ද මේකට කරන්න පුළුවන්? නැවතත් ඒ ප‍්‍රශ්නයට ද පිළිතුරු නැත.
සුප‍්‍රකට ගෝඞ් ෆාදර් ලියූ මාරියෝ ෆූසෝ ගේ අවසන් නවකතාව වන ඔමෙර්තා හි කුර්ට් සිල්කේ යනු එෆ්.බී.අයි හෙවත් අමෙරිකානු ෆෙඩරල් විමර්ශන බියුරෝවේ නිව්යෝර්ක් කාර්යාලයේ ප‍්‍රධානියාය. නිව්යෝර්ක් නුවර මාෆියා හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි විනාශ කිරීම හේතුවෙන් ඔහු විශාල කීර්තියක් හිමිකරගත්තේය. නමුත් නීති විරෝධී සංවිධානාත්මක අපරාධ මැඬලීමෙන් ඔහු මේ සාර්ථකත්වය ලබා ගන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ටිමෝනා පෝටෙලාගේ සහාය ලබා ගනිමිනි.

Read More...
View Pdf....

Monday, January 25, 2010

දේශපාලනය සහ විශ්වාස කිරීම

සුදර්ශන ගුණවර්ධන

ජෙනරාල්ව විශ්වාස කරන්න පුළුවන්ද? ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන්ද?කවුරුත් අහන පිළිතුරු නොදෙන ප‍්‍රශ්නයට පිළිතුරක්

දේශපාලන නායකයන් බෙර ගසා, බුලත් හුරුළු දී පිළිගෙන පෙරහැරින් වඩම්මාගෙන ගොස් සංවාද භූමියට පිවිසවා, චියරින් ස්කොඞ් ද වටේට වාඩි කරවා දේශපාලන සංවාදය සුපර් ස්ටාර් තරඟය වැනි ප‍්‍රසාංගික අත්දැකීමක් බවට පත් කළ සිරස රූපවාහිනියේ ‘සටන’ වැඩසටහනේ එක් ප‍්‍රසංගයකදී එහි වන ප‍්‍රශ්න විචාරකයෙකු වන (විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ) මරික්කාර් නැමැති දේශපාලන විශ්ලේෂකයා විපක්ෂයේ නියෝජිතයෙකුගෙන් නිර්භීත ප‍්‍රශ්නයක් ඇසීය. ‘‘ජෙනරාල් ෆොන්සේකා බලයට ආවොත් ඔය කියන ප‍්‍රතිසංස්කරණ කරාවි යැයි ඔබට විශ්වාස ද? එසේ විශ්වාස කරන්නේ කෙසේද?” ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිළිවෙත පරාජය කොට ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට අවකාශයක් ලබා ගනු පිණිස විරුද්ධ පක්ෂ විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවිය යුතු යැයි යමෙකු කියන විට ඔහුට හෝ ඇයට ද නිසැකව ම මෙම ප‍්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. මග තොට දී හමුවන අය පමණක් නොව හදිසියේම ‘ස්කයිප් ’ තාක්ෂණය හරහා නොමිළේ ම පරිගණක තිර මතට කඩා පාත්වන විදේශ ගත ශ‍්‍රී ලාංකිකයන් ද මේ ප‍්‍රශ්නය ම නැවත නැවතත් වරනගති. ”ජෙනරාල් ව විශ්වාස කරන්න පුළුවන් ද? ඒ ගැන ඔයාලා ට සහතිකයක් දෙන්න පුළුවන් ද?”

Read more...
View Pdf...

Friday, January 15, 2010

රාජා හෝ මා හෝ ගංගා හෝ


සුදර්ශන ගුණවර්ධන

ඵකමත් එක රටක ජීවත් වූ මහරජතුමෙකුට තිත්ත නැති කොහොඹ ගසක් අයිති කර ගැනීමට ආශාවක් පහළ විය. රටේ ඇති සියළු ජාතික ප‍්‍රශ්න මේ කොහොඹ ගස මඟින් විසඳිය හැකි බව ඔහුට විශ්වාසය. සිහිබුද්ධිය ඇති මිනිසුන් එය කිසිදාක කළ නොහැක්කක් බව ප‍්‍රකාශ කළහ. මේ අවස්ථාවේ එක් පුද්ගලයෙක් අභියෝගය බාර ගන්තේ ඇමතිවරුන් ඇතුළු සෙසු පුද්ගලයන් අන්දමන්ද කරමිනි.

ඒ අනුව ‘තිත්ත නැති කොහොඹ’ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අදාළ පුද්ගලයා ඉල්ලා සිටි සියළු ප‍්‍රතිපාදන ලබාදෙන ලෙස නියෝග කෙරිණි. ඉල්ලා සිටි පරිදි ගඟ අසබඩ පහත් බිමක් කොහොඹ වගාව සඳහා ලබාදුන් අතර කොහොඹ පැළය එහි සිටුවා එය උදේ සවස නෑවීම පිණිස කිරි කළ හතක් ද, මී පැණි කළ හතක් ද දිනපතා සපයන ලදී. ව්‍යාපෘතිය නිම කොට තිත්ත නැති කොහොඹ ගසක් නිෂ්පාදනය කිරීම සඳහා ගතවන කාලය අවුරුදු හයක් ලෙස ප‍්‍රකාශ කොට ආරම්භ කළ දිනය සහ අවසන් කළයුතු දිනය සඳහන් ඵලකයක්ද සවි කරන ලදී.

Read More...
View Pdf...

ක‍්‍රිකට් බෝල සෙල්ලම හා රණ විරුවෝ‍

ලාල් පෙරේරා

දේශ හිතෛෂී පෙරමුණේ නායක ගුණදාස අමරසේකර, ‘ක‍්‍රිකට් ක‍්‍රීඩාව ’ හඳුන්වන්නේ ක‍්‍රිකට් බෝගල සෙල්ලම නමිනි. ජනාධිපතිවරණයේ ප‍්‍රධාන පාර්ශ්වයන් දෙකම සොල්දාදුවන් ‘රණවිරුවන් ’ ලෙස නම් කර විකුණාගෙන කන බැවින් පහත සිද්ධිය වැදගත් යයි සිතමි. යුද හමුදාවේ කෝප‍්‍රල්වරයෙකු වූ අජන්ත මෙන්ඩිස් ක‍්‍රිකට් බෝල සෙල්ලමේ විකට් හයක් ලබා ගැනීම හේතුකොට ගෙන ඔහුව ලූතිනන් තනතුරකට ජනාධිපතිවරයා විසින් පත් කර තිබීම එකල රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය මඟින්ද විශාල ලෙස ප‍්‍රචාරය කර තිබිණ. මේ අනුව අජන්ත මෙන්ඩිස් තරණය කර ඇති නිලයන් පහත පරිදිය.

Read More....
View Pdf ....

Tuesday, January 12, 2010

පොදු අපේක්ෂාව ඃ විමල්ට චම්පිකට බය නැති නායකයෙක්


සුදර්ශන ගුණවර්ධන

අළුත් අවුරුද්ද එළැඹීමත් සමඟම ජනාධිපතිවරණ සටන උණුසුම් වී ඇත. අවුරුදු දහහතකට වරක් එළැඹෙන මේ සංක‍්‍රාන්ති සමයේදී තාක්ෂණයේ ඇති වී ඇති දියුණුවත්, මිනිසුන් වයසට යාමත් නිසා සිදු වී ඇත්තේ අමුතු විපර්යාසයකි. 1977 දී යූ.එන්.පී නිල ප‍්‍රකාශනය වූ ‘සියරට’ පත්තරය විසින් සිදුකළ වෙනසක් සඳහා වන ආශාව නියෝජනය කිරීමේ කාර්ය භාරය 1994 දී ‘රාවය’ සහ ‘යුක්තිය’ වැනි විකල්ප පත්තර වලටත්, ‘බී.බී.සී සංදේශය’ සහ ‘වෙරිටාස්’ ගුවන් විදුලිය වෙතටත් මාරු වූ අතර අද ඒ කාර්ය භාරය ‘ලංකා ඊ නිව්ස්’ සහ ‘ලංකා නිව්ස් වෙබ්’ ආදී වෙබ් අඩවි අතට පත් වී ඇත.

Read More....
View Pdf....