Monday, May 4, 2009

සිංහල අළුත් අවුරුදු දවස්වල අප කතා කළ අහසින් ගිය ඉබ්බාගේ කතාව ඔබට අමතක වී නැතැයි සිතමි. අප කතාව නැවැත්වුවේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැඟීම සඳහා පොදු පෙරමුණ ආණ්ඩුව සෑදීමට එකතු වු හොඳ මිනිසුන් දුෂ්ඨයන් / කවටයන් බවට පත් කරමින් එම ආණ්ඩුව අවසන් වූ අකාරයයි.එම ලිපිය ලියන අතරතුර, චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය මතක් කර ගැනීමට සෑහෙන වේලාවක් ගත වු අතර එතරම් වෙහෙස මහන්සියෙන් සැකසු නාමාවලියෙන් ද එක නමක් මඟහැරී ඇති බව මට පසුව වැටහුණි. මඟහැරී ඇත්තේ සුළු පටු කෙනෙකු නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට මහ ලේකම් ව සිටි ධර්මසිරි සේනානායක මහතාය. ඒ ගැන මගේ කණගාටුව පළ කරන අතරම, පුද්ගලයන් මතකයෙන් ගිලිහී යන වේගය අනුව දැන් සිටින වීරයන්ට තව අවුරුදු පහකදී අත්විය හැකි ඉරණම පිළිබඳවද මහත් කණගාටුවක් ඇතිවිය.

Read more.......
ස්වීට්සර්ලන්නයේ ජිනීවා නුවර පැලේ ඩි නේෂන්ස් හිදි අපේ‍්‍රල් 28 දින පැවති මාධ්‍ය හමුවකදී සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ මාධ්‍ය ප‍්‍රකාශක විසින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලදි.01. දස දහස් ගණනින් සිවිල් ජනයා ගැටුම් පවතින ප‍්‍රදේශයෙන් ඉවතට පැමිණෙමින් සිටින අතරතුර, සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR)ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයෙහි උග‍්‍ර වෙමින් පවතින හදිසි තත්ත්වයට ප‍්‍රතිචාර දක්වමින් සිටියි. මේ දක්වා 160,000ක් දෙනා ගැටුම් හේතුවෙන් රජයේ පාලන ප‍්‍රදේශයට අවතැන් වී ඇති අතර, එයින් 140,000 කට වැඩි පිරිසක් වවුනියාවෙහි ස්ථාන 32ක නවාතැන් ගෙන සිටී. තවත් 11,000ක් යාපනයට ද, 5000ක් පමණ ත‍්‍රිකුණාමලයට පැමිණ සිටිති.

Read more....................