Friday, December 18, 2009

ඉල්ලාගත් කේතලය සහ රාජ්‍ය රහස් හෙළිකිරීම

සුදර්ශන ගුණවර්ධන

රාජ්‍ය රහස් හෙළිකිරීම
යුද්ධයේ අවසාන අදියරේදී එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායක නඬේසන්, සාම මහ ලේකම් කාර්යාලයේ නායක පුලිදේවන් සහ රමේෂ් ඇතුළු කණ්ඩායමක් සුදු කොඩි රැගෙන ශ‍්‍රී ලංකා හමුදාව වෙත යටත්වීමට පැමිණි බවත්, එසේ වුවද යටත් වීමට ඉඩ නොදී ඔවුන් ඝාතනය කරන ලද බවත් පිළිබඳ වූ කතා ප‍්‍රවෘත්තියට නැවත පණ ලැබී, තටු ගසා, ගුවන සිසාරා පැතිරෙන්නට වී ඇත.
මෙම කතාව කරළියට එන්නේ යුද ජයග‍්‍රහණය සඳහා වගකිවයුතු සේනාධිනායකයා වු මහරජතුමාද, සෙන්පතියා වූ ජෙනරාල්තුමාද ප‍්‍රතිමල්ලවයන් වශයෙන් ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇති පසුබිම තුළය.

Read More...
View Pdf...

2 comments:

hashan said...

nice post.

hashan said...

රාජපක්ෂ ආණ්ඩුව විසින් කුලියට ගෙන ඡන්ද වැඩ වලට යොදවා ඇති ඇමති රැල විසින් කරගෙන යන මෝඩ වැඩවල අවාසිය පැහැදිලිවම වත්මන් ආණ්ඩු පාර්ශයට විඳදරා ගැනීමට සිදුවී ඇත. මෙවන් දෙයක් සිදුවීම වලක්වා ගන්නට මහින්දටද හැකියාවක් නැත. මන්ද මේ මොහොතේ මහින්දගේ අතවැසියන් ලෙස පෙනී සිටින්නේ පසුගිය මැතිවරණයේදී විවිධ පෙරමුණු හා මතවාද නියෝජනය කළ පිරිසකි. එනිසා ඔවුන්ගේ දැක්ම එකිනෙකට වෙනස්ය. එසේම ඔවුන් විවිධ වූ මෝඩ මට්ටම් නියෝජනය කරන්නන්ය. නමුත් පාර්ලිමේන්තුවේ බලය රැකගැනීමට එන ඔනෑම ජහජරාවක් භාරගැනීමට රාජපක්ෂ සොහොයුරෝ මේ මොහොතේ සැදී පැහැදී සිටිති. අනෙක් අතට එ් එන අයට විවිධ වර්ගයේ ආතල් ගැනීමටද ඉඩ සලසා ඇත. නැතහොත් ඔවුන් නැවත සිටි තැන්වලට යා හැකි බැවිනි. මේ නිසා මාධ්‍ය හරහා විවිධ ඇමතිවරු විවිධ කතා කියති. සැබෑ පක්ෂ අපේක්ෂාව ඔවුන් දන්නේ නැත. එ් නිසා යමක් සිදුවූ සැනින් විමල්ගේ කෝකටත් තෛලය වන විදේශ කුමන්ත‍්‍රණ හෝ අධිරාජ්‍යවාදී බලවේග යන්න මුලට දමා කුමක් හෝ කියා තම මූණ රූප පෙට්ටියට දමා ගැනීමට මේ රැල යුහුසුළු වෙති. දැන් ඇමතිවරු 114ක් සිටින නිසා එයටද ඉඩක් ලබාගැනීමට ඔවුන් මාර දුකක් විඳිති.