Monday, December 14, 2009

හිමිකරුවන්ට පැනවෙන සීමාවන් නිසා ස්වයංවාරණයක් පනවා ගන්න මාධ්‍යවේදීන්ට සිදුවෙලා

නාරද නිශ්ශංක
‘දිවයින’නියෝජ්‍ය කර්තෘ සහ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

අපි දකිනවා ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් කොටස් දෙකක් ක‍්‍රියාත්මක වෙනවා. මාධ්‍යවේදීන් කියනවා තමන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නේ පෑනෙන් කියලා. මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් පෙනී සිටින අය පෑනෙන් අරගල කිරීම කෙසේ වුවත් මාධ්‍ය නිදහස ඇතුළු වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. නමුත් අපිට අනුව මේ වෙනකොට මේ දෙගොල්ලන්ගේම අරගලය අසමත්.
මාධ්‍ය ක‍්‍රියාකාරීන් කියන පිරිසට වඩා ඍජුවම මේ ප‍්‍රශ්නයේ මැද ඉන්නේ මාධ්‍යවේදීන්. රටක තියෙන දේශපාලන සමාජ ප‍්‍රශ්න, ඒවායේ ඉතිහාසය හා දේශපාලන ගමන් මග ගැන හෝ අතීතයේදී සහෝදර මාධ්‍යවේදීන් මුහුණ දුන් පීඩනයන් ගැන කිසිම අවබෝධයක් නැතුව අද මාධ්‍ය ක්ෂේ‍ත‍්‍රයට පැමිණ සිටින නව පරම්පරාවේ සමහරු අත්දැකීම් අතින් විශාල ගැටළුවකට මැදිවී සිටිනවා. මේ පිරිසට අතීත අත්දැකීම්වලින් පන්නරය ලබන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා හුඟක් වෙලාවලදී ඔවුන්ගේ මාධ්‍ය භාවිතය තුළ යම් යම් සීමාවන්ට මුහුණපාන්න සිදුවෙනවා. ඒ තුළ ඔවුන් හිතනවා එය තමයි තමන්ගේ සීමාව කියලා. මෙය සිදුනොවිය යුතු දෙයක්

Read More...
View Pdf ...

No comments: