;

Friday, November 20, 2009

වෙනසකට කැපවෙමු ! - නිදහසේ වේදිකාවේ පංචවිධ ප‍්‍රතිපත්ති

නිදහසේ වේදිකාව ශ‍්‍රී ලංකාව තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම උදෙසා කැපවූ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින් හා දේශපාලන නායකයින් විසින් පිහිටුවා ගනු ලැබූ පුළුල් සන්ධානයකි. රට පුරා පවතින මානව හිමිකම් කඩ කිරීම් නිදහසේ වේදිකාව බිහිකර ගැනීම සඳහා හේතු පාදක විය. එසේම අතුරුදහන්වීම්, පැහැරගෙන යාම්, නීත්‍යනුකූල නොවන මනුෂ්‍ය ඝාතන මෙන්ම මාධ්‍ය මර්දන කටයුතුවල නියැළුනන්ට දඞුවම් නොලැබීම හරහා මතුවුණු නිර්මුක්ති සංස්කෘතිය ද මෙයට හේතු පාදක විය.
අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය යන මූලික මානව අයිතීන් නිදහසේ වේදිකාවේ අඩිතාලම වන්නේය.


Read More....
View pdf ...

විපක්ෂය සමඟ වැඩ කිරීම සිවිල් සමාජයට අළුත් දෙයක් නෙවෙයි

ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිනිය


සිවිල් සමාජයේ ක‍්‍රියාධරයන් හැටියට පසුගිය කාලයේදී අප විශාල අභියෝගාත්මක තීන්දුවක් ගත්තා. ඒ විපක්ෂයේ දේශපාලන බලවේග සමඟ ක‍්‍රියාකාරී සංවාදයකට සහ මෙහෙයුමකට පැමිණීමටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම, නීතියට පිටින් සිදු කරන ඝාතන සහ අපරාධ, පැහැර ගැනීම් සහ අතුරුදහන්වීම් සිදුවන මොහොතක පොදු සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය පමණක් ප‍්‍රමාණවත් නොවන බව අපට හැඟී ගිය නිසයි මේ තීන්දුව ගැනීමට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ එක්දහස් නමසිය අසූ ගණන්වල අපි විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂයේ මර්දනයට එරෙහිව කටයුතු කළෙත් මේ ආකාරයටමයි. අප මේ මොහොතෙත් විපක්ෂය සමඟ කටයුතු කරන්නේ ඒ අත්දැකීම් පදනම් කරගෙනයි. ඒ නිසා මෙය අපට අළුත් දෙයක් නෙවෙයි.


Read More....
View pdf ....

සිවිල් සංවිධාන වලට සවන් දෙන විපක්ෂයක් බිහිකර ගන්න ලැබීම ඉතාම වැදගත්

ජ්‍යේෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු

නිදහසේ වේදිකාව ආරම්භ කළේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් සෑදීමටයි. ඒ සඳහා කවුරුවත් ඉදිරිපත් නොවන වෙලාවක යම්කිසි වේදිකාවක් හදන්න අප ඉදිරිපත් වුණා. දිගුකාලීනව ප‍්‍රතිපත්තිමය වශයෙන් මේ වැඩපිළිවෙළ ගෙන යන්නේ කෙසේද සහ අප එකඟ වන්නේ කුමන කාරණා වෙනුවෙන්ද යන්න ගැන නිදහසේ වේදිකාව හදන අවස්ථාවේ අපත් සමඟ සම්බන්ධ වූ පිරිස් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එම දීර්ඝ සාකච්ඡා වලින් පසුවයි මෙම පංචවිධ ප‍්‍රතිපත්ති සකස් කළේ .

Read More....
view pdf....

Monday, November 9, 2009

කාකි ඇඳුම් අළුගෝසුවන්ට එරෙහිව ජනතාව පෙළ ගැසෙති

මානසික ආතතියකින් පෙළෙමින් සිටියා යැයි කියන දෙමළ ජාතික තරුණයෙකුට පොලිස් නිළධාරියෙක් විසින් අමානුෂික අන්දමින් පහර දී දියේ ගිල්වා ඝාතනය කරන ලද සිද්ධිය මේ වන විට දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද මහත් ආන්දෝලනයක් ඇති කර ඇත. නොකඩවා සිදු වෙමින් පවතින පොලිස් ඝාතන අතරට අළුතින්ම එක් වූ මෙම සිදු වීම හරහා මෙරට මානව හිමිකම් කඩ කිරීම් ගැන කතා කිරීමට අපකීර්තිමත් සාක්ෂියක් ශ‍්‍රී ලංකා පොලිසිය විසින් නැවත වරක් සපයා ඇත.යම් හෙයකින් අදාළ සිදුවීම

මේ රටේ ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් නැහැ

දකුණු පළාත් සභා විපක්ෂ නායක
බුද්ධික පතිරණ

ගේ මේ කතාව ආරම්භ වෙන්නෙ 1990 දශකයේ මුල් කාර්තුවෙන්. මට මතකයි ඒ වකවානුවෙත් අද ඇතිවෙලා තියෙනවා වගේම ලොකු සංවාදයක් රට පුරා ඇති වුණා. ඒත් එදා ඒ සංවාදය තුළ මිනිස්සුන්ගේ බඩගින්න ගැන කතා වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් එදා පේ‍්‍රමදාස රජය ක‍්‍රියාත්මක කරපු ප‍්‍රමුඛ සුබ සාධන ව්‍යාපාරයන් ඇගයීමකට ලක්වුණේ නැහැ. එදා කතාවුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ගැන.හැබැයි සාම්ප‍්‍රදායික එක්සත් ජාතික පාක්‍ෂිකයෝ මේ සංවාදයෙන් පිටතයි හිටියෙ.

Read more...
View pdf ...

Tuesday, November 3, 2009

ඔහු කතා කරයි

‘රයිට්ස් නව්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

රයිට්ස් නව් සංවිධානය ආරම්භ වුණේ මිනිස් අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය වූ වාතාවරණයක් යටතේ. නමුත් ලංකාවේ යුද්ධයත් ජාතිවාදයත් ඉතාම සංකීර්ණ තැනකට ගිය මොහොතකදී අපේ වැඩපිළිවෙළේ තිබුණු මුල් අංශය වෙනුවට අපිට සිදුවුණා ජාතිවාදීහරණය කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න.
වහාම ශ‍්‍රී ලංකාවේ පොදු ජනයා වෙනුවෙන්
නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරනු යන තේමාවට මාරු වෙන්න වුණා.
ඔබට කියන්න පුළුවන්ද මේ දක්වා ගමන් පථයේ ප‍්‍රධාන මංසන්ධි කිහිපයක්?

අපි රයිට්ස් නව් සංවිධානය ආරම්භකවාදී ප‍්‍රවාහයක් තියෙනවා.



Read more ...
View PDF

Wednesday, October 28, 2009

සංක‍්‍රමණික ශ‍්‍රමය වහල් ශ‍්‍රමයක් නොවීමට නම්...

රැකියාවන් සඳහා විදේශගත වන සෑම කෙනෙක්ම පාස්පෝට් සාදා ගන්නා හැටි දනිති. වීසා ලබා ගන්නා හැටිද දනිති. සමහරුන් පුද්ගලයන් හට රට රැකියා ලබා දීමෙහි විශේෂඥයෝය. එහෙත් රැකියා සඳහා සංක‍්‍රමණය වන්නන්ගේ අයිතිවාසිකම් උදෙසා ජාත්‍යන්තර සම්මුතියක් පවතින බව දන්නේ කීයෙන් කීදෙනාද?
ලංකා රජය මින් වසර පහකට පෙර සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් කර ඇත. මෙම සම්මුතියෙන් රැකියා සඳහා යම් රටක සිට විදෙස් රටවලට යන සහ විදෙස් රටවලින් ...

Read more....
View PDF ...