මහ මැතිවරණය පැවැත්වීමට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ජනාධිපතිවරණයට පෙර ඇතිව තිබූ උණුසුම T-20 පන්දු ඕවර විස්සේ තරගයක් හේතුවෙන් ඇතිවන උනන්දුවට සමකළ හැකි නම්,මහ මැතිවරණය හරියට T-20 තරගාවලිය සත්කාරක රට විසින් දිනා ගැනීමෙන් පසුව පවත්වනු ලබන ටෙස්ට් ක‍්‍රිකට් තරගයක තත්ත්වයට පත්ව තිබේ.
හාවගේ සහ ඉබ්බාගේ රේස් දිවීම වැනි තරගයක් බවට ජනාධිපතිවරණය පත්වන බව ආණ්ඩුවේ තක්සේරුව විය. ඉබ්බා ෂුවර් එකටම පරදින බවට සහතික නමුත්, ඉබ්බාගේ පැත්තේම අය ලවා තරග පරාජයෙන් පසු ඉබ්බා බ්ලාස් යවා තමන්ට හිතවත් ඉබ්බකු ඉබි පිලේ නායකත්වයට පත් කිරීමට කල්පනා කරමින් ගහක් යට නිදි සුව විඳිමින් සිටි හාවාට දවල් තරු පෙනුණේ පොදු අපේක්ෂක ඉබ්බකු තමන් පසු කරමින් ඉදිරියට යන බව දුටු විටය. හිට්ලර්ගේ සිට ඉඩි අමීන්, සම්බන්ධන්,කලවැද්දන් ....
Read more...
View Pdf
Friday, March 12, 2010
දේශපාලකයා මාධ්‍යවේදියාගේ ඔළුවට ගහලා
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මාස දෙක හමාරක් ගත වී ඇත. ඔහු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. ඔහුගේ අතුරුදහන්වීම ජනමාධ්‍යවේදියෙකුට සිදුවූ විපතක් වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ විට ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බලනු වෙනුවට ආණ්ඩුව පැත්තෙන් අසන ලද්දේ කැකිල්ලේ වර්ගයේ ප‍්‍රශ්නයකි.
”එක්නැලිගොඩ කියන්නේ කවුද ? ”
ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුව කිසියම් පුද්ගලයෙකුට ඔවුන්ගේ අමාත්‍යංශය විසින් නිකුත් කළ නිල හැඳුනුම්පතක් නැත්නම් ඔහු හෝ ඇය මාධ්‍යවේදියෙකු නොවේ. ජනමාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. හරියටම භික්ෂූන් වහන්සේ නමක් කිසියම් වරදකට චූදිතයකු වූ විට මාධ්‍යයට ඔහු චීවරධාරියෙකු
Read more...
View PDF

Tuesday, March 9, 2010
සමබිම සෙන්චරිය
කෙතරම් පළපුරුදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට වුවද සෙන්චරියක් දැමීම හෙවත් ශතකයක් ලබා ගැනීම ආඩම්බරයට සහ ආහ්ලාදයට හේතුවකි. එසේ නම් නවක ක‍්‍රීඩකයෙකු තම කුළුඳුල් ශතකය වාර්තා කිරීම කෙතරම් ප‍්‍රීතිදායක මොහොතක්දැයි කීමට ටීකා ටිප්පනි අනවශ්‍යය. එම කුළුඳුල් ශතකය ලබා ගන්නා ලද්දේ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු තණ තිල්ලක් මත, ලොව භයානකම පන්දු යවන්නන් පිරිසකට සහ අති දක්ෂ පන්දු රකින්නන් පිරිසකට මුහුණ දෙමින් නම් නිහතමානී ආඩම්බරයක් ඇතිවීම වැළැක්වීමට නොහැකිය. පිතිකරුවා අනෙක් අන්තයේ සිටින තම සහායක පිතිකරුවා බදා වැළඳ ගෙන පිත්ත ඔසවා ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන්නේ එබැවිනි.
එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව කණ්ඩායම් ක‍්‍රීඩාවකි. ශතකය වාර්තා කිරීමෙන් ප‍්‍රමෝදයට පත්ව අපරීක්ෂාකාරී පහරවල් එල්ල කිරීමට උත්සාහ ගත්තොත් නිරපරාදේ දැවී ගොස් කණ්ඩායම තරගයෙන් පරාජය විය හැකිය. එබැවින් පේ‍්‍රක්ෂකාගාරයේ උණුසුම් අත් පොළසන් නාදය පිළිගැනීමෙන් අනතුරුව නැවතත් තමන්ගේ සීමාවට ගොස්, හිස නමාගෙන සුපරීක්ෂාකාරීව නැවත පිති හරඹය ඇරඹිය යුතුය. ශතකය අමතක කොට නැවතත් එකෙන් පටන් ගත යුතුය.
‘සමබිම’ ශතකය වාර්තා කළ මේ මොහොතේ අපි ද නිහතමානී ආඩම්බරයකින් යුතුව අපගේ පෑන් ඔසවා පාඨක ඔබ සැමට ආචාර කරමු. ඔබගේ ඔල්වරසන් ලැබුණත් නැතත් හිස නමාගෙන තරගයේ ඉතිරි කොටස ක‍්‍රීඩා කිරීම පිණිස නැවත ඉනිම අරඹන්නෙමු.
ලබන සතියේත් හමුවෙමු.
සමබිම වෙනුවෙන්
රයිට්ස් නව් - ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සාමූහිකය
2010 මාර්තු 03

Subscribe to:
Posts (Atom)