යුරෝපා සංගමයට ඇඟලූම් අපනයනය කරන රටවල් මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අදාළව එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන්ගේ ප‍්‍රමාණයද සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමේ රටවල් වලට කෙරෙන භාණ්ඩ අපනයනයේදී අපනයනය කෙරෙන භාණ්ඩ සදහා ගෙවිය යුතු රේගු බදු සහනය GSP+ ය. ආසියාවෙන් මෙම සහනය ලැබූ රටවල් දෙක වන්නේ මොංගෝලියාව සහ ශ‍්‍රී ලංකාවයි. මෙම සහනය වෙනුවෙන් පනවන ලද එකම කොන්දේසිය වූයේ සහනය ලබන රටවල් අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් තබා ඇති මානව හිමිකම් වලට අදාළ ප‍්‍රඥප්තීන් 27කට අයත් කාරණා එම රටවල් පිළිපැදිය යුතු බව පමණි. නමුත් තව නොබෝ දිනකින් මෙම සහනය අප රටට අහිමි වීමේ තර්ජනයක් ඇත. මේ ඒ පිළිබඳව අගොස්තු මස 27 වන දින ටැමිල් ගාඩියන්හි පළවු ලිපියකි.
Friday, September 12, 2008
පසුගියදා පැවති පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පැහැදිලි ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. එම ජයග‍්‍රහණය ඔබ අර්ථ නිරූපණය කරන්නේ කොහොමද?
මෙය ජාතිවාදී, යුධවාදී, මතවාදී ආධිපත්‍යයක් සමාජය තුළ දැඩි ලෙස තහවුරු කරලා විශේෂයෙන්ම ව්‍යාජ තොරතුරු, තැති ගැන්වීම් ගණනාවක් කරලා ලබා ගත්ත ජයග‍්‍රහණයක්. ඡන්දය දිනයේදී නිහඬව කටයුතු කලත් සියළුම බිය වැද්දීම් ඊට පෙර ගණනාවක් කරලා තිබුනා. ඒ අනුව ඒගොල්ලන්ට අවශ්‍ය ප‍්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වුණා. එහිදී මිනිස්සු තුළ යුද්ධය පිළිබඳ දැඩි කම්පාවක්, විශ්වාසයක් ඇති කලා. ඒ අනුව යුද්ධය වෙනුවෙන් පෙනී නොසිටින සෑම අයෙක්ම දේශ ද්‍රෝහියෙක්, ජාතිවාදියෙක් වන බව ප‍්‍රකාශ කළා. ඒනිසා ඊට සම්පුර්ණ සහාය දිය යුතුයි කිවූ අතර එයට විරුද්ධව කටයුතු කල ප‍්‍රබල කොටස්වලට ඒ ඒ පළාත්වලදී පහර දීම් කරමින්, විවිධ හානි කරමින් ඔවුන්ව යටපත් කළා. එය ඡන්දයට මාසයකට, සති තුනකට විතර පෙර සිදු කළා. ඒ විදිහට සමාජය ජාතිවාදී, යුධවාදී ආධිපත්‍ය තුළ හසුරුවා ගත්තා. ඒ නිසා මැතිවරණය එදිනට සාධාරණව පැවැත්වුණා කිව්වත් සමස්ත මැතිවරණ ක‍්‍රියාවලිය තුළ එයට වඩා ගැඹුරු යටිතලයේ බිය වැද්දීම් පැවතුණා.
Subscribe to:
Posts (Atom)