ආණ්ඩුව විසින් පුවත්පත් මණ්ඩලය යළි බලාත්මක කිරීම හරහා ජනමාධ්‍යවේදීන් හට ලියන්නට සහ කියන්නට ඇති අයිතිය උදුරා ගැනීමට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන හතක මූලිකත්වයෙන් සම්මන්ත‍්‍රණයක් පසුගිය 29 වෙනිදා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.‘පෙනෙන - නොපෙනෙන, දැනෙන - නොදැනෙන මාධ්‍ය මර්දනයට එරෙහිව’ යනුවෙන් නම් කර තිබූ මෙම සම්මන්ත‍්‍රණය ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය, ශ‍්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සන්ධානය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය යන මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කර තිබුණි.

