Tuesday, October 27, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ උත්සාහය රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් නෙවෙයි

ධර්මසිරි බණ්ඩාරනායක
සාකච්ඡා කළේ - චතුරි තරංගනී

ලංකාවට නිදහස ලැබෙන්න මූලිකවම බලපෑවේ ඉන්දියානු නිදහස් අරගලය. බි‍්‍රතාන්‍යයන් ඉන්දියාව අතහැර යන මොහොතේ ලංකාවටත් ඒ ආකාරයේම නිදහසක් දීලයි පිටව ගියේ. නමුත් ඉන්දියානු නිදහස් අරගලය දැවැන්ත අරගලයක්. මම හිතනවා කිසිම අරගලයකින් තොරව ලංකාවට නිදහස ලැබුණෙ ඉන්දියාවට නිදහස ලැබුණ නිසා කියලා.
ඉන්දියානු නිදහස් අරගලයේ අභ්‍යන්තරයට ගිහින් බැලූවොත් එහි කලාකරුවන් සාහිත්‍ය, නාට්‍ය, කවිය හා සංගීතය කියන සෑම ආකාරයකින්ම නිදහස් සටන මුවහත් කළා. ලාංකීය සමාජය තුළ එවැනි මුවහත් තැබීම් ඉතාමත් සීමිතයි. ඒ නිසා නිදහස ලැබුණට පස්සෙ අපේ ජනතාව ප‍්‍රධාන ගැටළුවකට මුහුණ දුන්නා. ඒ‘මේ නිදහස අපි රැක ගන්නේ කාගෙන්ද’ කියන අර්බුදයට.අද මේ රටේ ජීවත් වෙන කිසිම මිනිහෙක්ට සංස්කෘතික ජීවිතයක් නැහැ.

No comments: