Tuesday, March 9, 2010

සමබිම 100 වන කඩඉම පසු කිරීම නිමිත්තෙන් මෙතෙක් සමබිම සමඟ රැඳී සිටි පාඨකයන් කිහිපදෙනෙකු මෙසේ සිය අදහස් දැක්වූහ.

1 comment:

hashan said...

සමබිමට අඩව්ව සුභ පතනවා. ඔබ විසින් කරගෙන යන කාර්‍යය ඉතා අත්‍යාවශ්‍යය කටයුත්තක් බවත් අප සිහිපත් කරනවා.

එසේම අඩව්වේ අප කැමතියි සමබිමට යෝජනාවක් කරන්න. ඔබ විසින් සමබිම ලෙස රාවය පත‍්‍රයේ පළවන ලිපි මුල් කරගෙන බ්ලොග් අඩවිය පවත්වාගෙන යනවා. නමුත් මේ මොහොත වන විට දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය වැනි විෂය පථයන් මුල් කරගන් බ්ලොග් කීපයක්ම දැකිය හැකි වුවත් අපට එරෙහිව නැගී සිටින ආණ්ඩු ගැති බලවේගයන් විසින් අපගේ උත්සාහය දියකර හැරීමේ පිඹුරුපත් සකසනවා. මෙයට උල්පන්දම් දෙන ආණ්ඩුවේ පාර්ශවය දේශපාලන බ්ලොග් හරහා ගෙන යන හඬනැගීම් වලට විරුද්ධව ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව පවසා තිබෙනවා. (නමුත් එයත් තවත් බ්ලොග්කරුවෙකුගේ සටහනක්දැයි සැකයක් පවතී) මේ තත්වය තුළ ඔබ විසින් රාවය ඉලක්ක කරගත් ලිපිකරණයට එහා ගොස් බ්ලොග් කියවන්නන් හා ලියන්නන් ඉලක්ක කරගත් ලිපිකරණයකටද පිවිසෙන්නේ නම් හොඳ යැයි අපට අදහසක් තිබේ. එසේම එවිට එ් මත ගොඩනැගෙන සංවාදන් හා අනෙක් අඩවි වලට ගොස් ඔබගේ අදහස් දැක්වීමත් කළ හැකි නම් ඉතාමත් සාර්ථක ලෙස අපට එකතු වී කටයුතු කළ හැකි යැයි අප විශ්වාස කරන්නෙමු.

මන්ද රාවය කියවන්නන් ඉලක්ක කරගත් ලිපිකරණයේදී එය බ්ලොග් අවකාශයේ රිද්මයට 100% ක්ම ගැලපේයැයි අපට සිතන්නට නොහැකි නිසා ඔබේ ලිපිකරණ රිද්මය තරමක් බ්ලොග් කියවන්නන් ඉලක්ක කරගත් මගකට ප‍්‍රවේශ කරගන්නේ නම් එය බ්ලොග් අවකාශය තුළ සාර්ථක ගමනකට ඉවහල් වනු ඇතැයි සිතන්නෙමු. නමුත් ඔබ ලියනා ලිපි පිළිබඳව කිසිම අඩු තක්සේරුවක් මෙහිදී අප අදහස් කරන්නේ නැත. එය බොහෝ විට අඩව්වට වඩා ඉතාමත් ඉදිරියෙන් සිටින බව අපගේ පොදු මතයයි.

එබැවින් ඔබ විසින් ඉදිරියේදී ගන්නා වෙනස් කම් සමගින් සාර්ථක බ්ලොග්කරණ ව්‍යායාමයක අත්දැකීම් බෙදා ගත හැකි වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.