Friday, June 19, 2009

නිදහසේ වේදිකාව ගොඩනැඟුණේ ජීවත්වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩනැඟීමේ අරමුණෙනි.බහුජන සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂවල එකමුතුවෙන් ගොඩනඟන ලද නිදහසේ වේදිකාවේ කටයුතු මෙහෙයවීම සාමාජිකයන් විසින් තෝරා පත්කරන ලද මෙහෙයුම් කමිටුවක් මඟින් සිදුවේ. මෙහෙයුම් කමිටුව දේශපාලන පක්ෂවලින් පරිබාහිරව සහ ස්වාධීනව ක‍්‍රියාත්මක වන අතර නිදහසේ වේදිකාවට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කලින් කලට සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නියෝජිතයන් සහ මෙහෙයුම් කමිටු නියෝජිතයන් සහභාගී වන උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇත.
Read more...

No comments: