Friday, February 19, 2010

ඉතිහාසයේ නිවාඩුව ඉවරයි. දැන් ඉතිං ඔළුවෙන් හිටගන්න වෙලාවයි

සුදර්ශන ගුණවර්ධන

අප කවුරුත් පාහේ අසා ඇති උපහාස කතාවකට අනුව එක්තරා පුද්ගලයන් පිරිසක් පෙර කළ අකුශල කර්මයන් හි ආනුභාවයෙන් මරණින් මතු අපායේ උපත ලැබූහ. අපායේ ඇති විවිධාකාර වධ වේදනා විඳීමේ දඬුවම් අතරින් කැමති එකක් තෝරා ගැනීමේ දුර්ලභ වරය ඔවුනට හිමිවිය. වධකාගාරයේ එක් එක් ස්ථානවල වධ විඳිමින් සිටින අපාගාමීන් අතරේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ඔවුන්ට පෙනී ගියේ එක තැනක පිරිසක් අසූචි වළක් අසල ගැට්ටක් මත ඉඳගෙන දුම්පානය කරන ආකාරයයි. අපායේ දුමට තිත නැතිවීම ගැන අමන්දානන්දයට පත් අප කතානායකයන් පිරිස සියළු දඬුවම් අතරින් මේ දඬුවම කෙතරම් ආතල්දැයි සිතා තමන්ට ද එම දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ පැතුම සැණෙකින් ඉටු වී ඔවුන්ට සිගරැට් ලැබිණි.
කෙසේවුවද,විනාඩි පහක් ගතවන විට සීනුවක් නාදවිය. එතැනට පැමිණි යම පල්ලෙක් ඔවුන් සියළුදෙනාටම මෙසේ විධානය කළේය.”ඉන්ටර්වල් එක ඉවරයි. දැන් ඉතින් අසූචි වළේ ඔළුවෙන් හිටගනියව්.”

Read More...
View PDF

1 comment:

hashan said...

අප දැනගත යුත්තේ වත්මන් ශ‍්‍රී ලංකාවේ ජනතාව දැනටත් සිටින්නේ අසූචි වල තුළම බවයි. ඔවුන් ඔළුවෙන් සිටගත්තත් කකුල් දෙකෙන් සිටගත්තත් යන අවස්ථා දෙකේදීම නහයෙන් උඩට අසූචි පිරී තිබෙන තත්වයක් ජනිතව ඇති බව අප නොසඟවා කිව යුතුය. විවේක කාලය තුළදී ඔවුන්ට ඇති එකම ආතල් එක වන්නේ නහයට මීටර් කීපයක් උඩින් ඔක්සිජන් ඇති බවට තිබෙන විශ්වාසයයි. එ් හැරෙන්නට ඔවුන් මැතිවරණ සමයේ ලබන තෘප්තියක් නැත.

පසුගිය මැතිවරණ සමය දෙස බලන කළ අප දුටුවේ කැකුළු හාල් කෑ දුප්පතුන්ට බාස්මතී හාල් 90 දී රට පුරා කියවන ඇමතිතුමන්ගේ වාචාල කටේ ශබ්දයයි. සැමන්, පරිප්පු මිල අඩු වුන අතර පෙට‍්‍රල් ලීටරයද රුපියල් 5කින් අඩු විය. එදා වේල කන්න නැති දුප්පතුන්ට රුපියල් 90ක් තිබෙනවා නම් බාස්මතී කෙසේ වෙතත් බඩ පිරෙන්න කැකුළු බත් ටිකක් වත් කන්නට තිබුණි. එනිසා මේවා වූ කලී විහිළු පමණි.

එබැවින් අඩව්වේ අප විශ්වාස කරන ආකාරයට මැතිවරණ සමයකදී කියා ජනතාවට අමුතු ආතල් එකක් ලැබෙන්නේ නැත. ලැබෙන්නේ නම් එ් ඩලස් ලිස්ට් එකෙන් දැමීම වෙනුවෙන් උඩ පැන පැන කෑගසන ආචාර්‍ය තුමන්ගෙන් ලැබෙන ආතල් එකය. ජාතිවාදී චීවරධාරීන් බහුතරයකට නාමයෝජනා නැතිවූ කළ වැදි බණ දෙසීමෙන් ලැබෙන ආතල් එකය.

ඉදිරි මැතිවරණ පිළිතුරු පිළිබඳව සලකා බැලීම නම් අපව තරමක් අපහසුතාවයට පත්කරන දෙයකි. මන්ද විපක්ෂය ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ට ඡන්දය දෙන්න කියා නොව. තමන් සතුව තිබෙන ආර්ථික සැලසුම් වල විචක්ෂණශීලී භාවය තේරුම් ගෙන පාර්ලිමේන්තු බලය තමන්ට දෙන්න කියා නොව. පක්ෂය පාවා නොදෙන බවට විශ්වාස කළ හැකි තම පක්ෂයේ සාමාජිකයන්ට ඡන්දය දෙන්න කියා නොව. හොර බොරු වංචා නැති, කෝප් හොරුන් නොවූ තම පක්ෂයේ අයට ඡන්දය දෙන්න කියා නොව. මිලියන ගනන් හොරකං කළ හාමුදුරුවරුන්ට තර්ජනය කළ මැරයන්ට ඡන්දය දෙන්න එපා කියා නොව. එ් වෙනුවට ඔවුන් කියන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක් නොදීම වෙනුවෙන් තමන්ට ඡන්දය දෙන්න කියාය. මෙය මෝඩ තර්කයයි. එනම් වත්මන් විපක්ෂය ආණ්ඩුවේ සාර්ථකත්වය සහ ජනතා කැමැත්ත පිළිගෙන එ්ත් තුනෙන් දෙකක් දෙන්න එපා එ්ක එච්චර ෂුවර් නැතැයි කීමකි.

එනිසා වර්ථමානයේ විපක්ෂයේ තත්වයද අප මනාව තේරුම් ගත යුතුය. මේ අනුව ඔබ ලිපියෙන් ජනතාව දැනුවත් කරන භයානක තත්වයට පිළියමක් වන්නේ නැවතත් මේ විපක්ෂයම නේද? එය වර්ථමානයේ බෙදී වෙන්වී තිබේ. මෙවන් කාලයක එය සිදුවිය හැක්කක් වුවද හැකි තරමින් ශක්තිමත්ව සිටීම විකල්ප මතධාරීන්ගේ උනන්දුවට හේතුවන බවද අප ඔවුන්ට කිවයුතු වන්නේය.