Friday, February 12, 2010

මාධ්‍යයට එරෙහි කුමන්ත‍්‍රණ සහ කුමන්ත‍්‍රණකාරී මාධ්‍ය

ටෙරිබල්,ටෙරිබල්” බොයානා ලෙකිච් රූපවාහිනි තිරයේ ඇලී ගිය නෙතු පියන් ඉවතට ගත නොහැකිව මෙන් කියයි. ඇය රූපවාහිනියේ විකාශය වන විවාදයක සටහන් තබා ගන්නේ හරියට ඇගේ මුළු ජීවිතයම ඒ මත රැඳී ඇත්තාක් මෙනි. ”ටෙරිබල්, දැන් නම් මුන් තොණ්ඩුව බෙල්ලටම හිර කරන්නයි යන්නේ.”
විවාදය පැවැත්වෙන්නේ මිලොසෙවිච් ජනාධිපතිතුමා විසින් පාලනය කරන ආර්.ටී.එස්. හෙවත් ‘රාදියෝ ටෙලිවිෂියා සර්බියා’ නාලිකාව ඔස්සේය. සමහරවිට විවාදය යන්න වැරදි යෙදුමකි. මක්නිසාද යත් ආර්.ටී.එස්.හි සෑමදෙනාම සෑමවිටම එකඟ වෙති. එහි ඇත්තේ එකම දෘෂ්ටිකෝණයකි. එනම් ආණ්ඩුවේ දෘෂ්ටිකෝණයයි. අද රාත‍්‍රියේ සාකච්ඡාව සර්බියාවේ ස්වාධීන මාධ්‍ය හෙවත් සමහරු කියන විදිහට රජයට විරුද්ධ පාක්ෂික මාධ්‍ය ගැනය. ආණ්ඩුවේ හැඳින්වීම අනුව නම් ඒවා දේශද්‍රෝහී මාධ්‍යය. ”ඔය මාධ්‍ය බටහිර රටවල කුලීකාර ගැත්තෝ. උන්ට පඩි ගෙවන්නේ ඇමෙරිකන්කාරයෝ”
සර්බියාවේ ජනමාධ්‍ය ඇමති ඇලෙක්සැන්ඩර් වූචික්ට යන්තම් වයස අවුරුදු තිහක් ඇත. තරුණ නළුවෙක් වැඩිහිටි චරිතයක් රඟපෑමට ඇන්දාක් මෙන් ඔහු අභිනය දක්වන්නේ ”වෙන්නේ මොනවද කියලා හරියටම කියන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ” කියන්නාක් මෙනි. ඔහු කැමරාව දෙස හරි කෙළින් බලා, දබරැඟිල්ල උරුක් කොට බටහිර රටවල ඒජන්තයන්ට හා ඔත්තුකාරයන්ට හොඳ පාඩමක් උගන්නන බවට සහතික වෙයි.

Read more...
View Pdf ....

No comments: