වෛද්‍ය නොසැලකිල්ල මෑතභාගයේ ජාතික කථිකාවක් බවට පත්වන්නට මුල් වු සිද්ධිය වුයේ මීගමුව රෝහලෙදි මුස්ලිම් කාන්තාවකගේ පාදයක් වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුකොටගෙන කපාදැමිමේ අවාසනාවන්න සිද්ධියයි. ඒ 2005.මාර්තු 01 වනදාය.සිය විළුඹේ වු තුවාලයක් පිරිසිදුකරගැනිමට මීගමුව රෝහලට ගොස් සිටි 48 වියැති සිත්ති නසිරා ශල්‍යාගාරයට ගෙනගොස් සිටි අවස්ථාවේ දියවැඩියාව රෝගයෙන් පෙළුන කාන්තාවක් ද එහි විය . ඇයගේ රෝගි තත්වය උත්සන්නව තිබුනෙන් ඇගේ එක් පාදයක් ඉවත්කිරිමට නියමිතව තිබුණි.මෙය පටලාවාගත් රෝහල් කාර්යමණ්ඩලය සිත්ති නසිරාගේ පාදයක් කපාඉවත්කර දැමුවේය. එහෙත් මේ සාහාසික අත්වැරැද්ද සමාජයට හෙළි නොවුයේ දහස් ගණනක් අකාලයේ මිය ගිය සුනාමිය ගැන සිතු මේ මුස්ලිම් කතගේ සිතට නැගුණ සිතිවිල්ලකි.Friday, August 22, 2008
වෛද්‍ය නොසැලකිල්ල මෑතභාගයේ ජාතික කථිකාවක් බවට පත්වන්නට මුල් වු සිද්ධිය වුයේ මීගමුව රෝහලෙදි මුස්ලිම් කාන්තාවකගේ පාදයක් වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුකොටගෙන කපාදැමිමේ අවාසනාවන්න සිද්ධියයි. ඒ 2005.මාර්තු 01 වනදාය.සිය විළුඹේ වු තුවාලයක් පිරිසිදුකරගැනිමට මීගමුව රෝහලට ගොස් සිටි 48 වියැති සිත්ති නසිරා ශල්‍යාගාරයට ගෙනගොස් සිටි අවස්ථාවේ දියවැඩියාව රෝගයෙන් පෙළුන කාන්තාවක් ද එහි විය . ඇයගේ රෝගි තත්වය උත්සන්නව තිබුනෙන් ඇගේ එක් පාදයක් ඉවත්කිරිමට නියමිතව තිබුණි.මෙය පටලාවාගත් රෝහල් කාර්යමණ්ඩලය සිත්ති නසිරාගේ පාදයක් කපාඉවත්කර දැමුවේය. එහෙත් මේ සාහාසික අත්වැරැද්ද සමාජයට හෙළි නොවුයේ දහස් ගණනක් අකාලයේ මිය ගිය සුනාමිය ගැන සිතු මේ මුස්ලිම් කතගේ සිතට නැගුණ සිතිවිල්ලකි.Friday, August 15, 2008
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසානය සනිටුහන් වෙන්නේ අපිට අනුව 78 ජේ. ආර්. ගෙනා ජනාධිපති ව්‍යවස්ථාවත් එක්ක,අද අපේ රටේ අයට මේ ව්‍යවස්ථාවෙන් එහා දෙයක් හිතන්න බැරි තරමට මෙය පරමයක් වෙලා. එය වෙනස් කරන්න යන හැම කෙනාම බුක්ති විඳිනවාගවෙනස් කරන්න උද්ඝෝෂණය කරපු අයට අමතක වෙලා යනවා. ප‍්‍රාග්ධනයේ තිබෙන නිදහස් චලනයට ඉඩ දෙන්න හදපු මේ ව්‍යවස්ථාව ගැනත් ජේ.ආර්.ගේඅවශ්‍යතාවය ගැනත් ජවිපෙ දරන අදහස මොකක් ද?විශේෂයෙන් 70 දශකයේ ලෝකය පුරා මහා දැවැන්ත ආර්ථික අවපාතයක් හඹාගෙන එනවා. ඒ ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා එවකට ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටපු රේගන් සහ බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හොබවපු තැචර් යන දෙන්නා ධනවාදය පවත්වාගෙන යාමේ අදිටනින් ආකෘතිමය වෙනස් කමක් කළා.එදා රේගන්වාදය හෝ තැචර්වාදය ලෙස කරළියට එන්නෙ එයයි .
READ MORE......
Friday, August 8, 2008
අපේ අරමුණ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සුරක්ෂිත කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඔබගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන සමඟ කරනු ලබන මැදිහත්වීම් මොනවාද?
තනිවමත් අනෙකුත් මානව හිමිකම් සංවිධාන එක්ක ඒකාබද්ධවත් මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමට යම් යම් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා. පළමුවෙන්ම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සිද්ධි සම්බන්ධව අපි වාර්තා සකස් කරලා පුවත් පත් නිවේදන නිකුත් කරනවා. ඊට අදාළ රාජ්‍ය ආයතනයන්ට දැනුම් දෙනවා. ඉන් එහාට එම උල්ලංඝනයන් සිදු වු ක්ෂේත්‍රයට ගිහින් නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම යුද්ධය නිසා මානව හිමිකම් උල්ලංඝනය වන සහ අවතැන් අය රැඳී ඉන්නා ස්ථානවලට යනවා. විවිධ ප්‍රජා සංවිධාන සමඟ ඒ සම්බන්ධයෙන් කල යුතු දේ සාකච්ඡා කරනවා. එයින්
READ MORE........
Thursday, August 7, 2008
අපේ තියෙන්නේ මානව අයිතිවාසිකම් කඩ කිරීමේ සංස්කෘතියක්
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මැදිහත් වීමේදී එදා සහ අද අතර ඔබ දකින වෙනස මොකක්ද?එදාට වැඩිය අද යම්කිසි නිශ්චිත නීති රීති ප්‍රමාණයක් තියෙන නිසා මැදිහත් වීමේදී නීතිය පැත්තෙන් කිසියම් පහසුවක් තියෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේදී එදා අපි මුහුණ දුන් ගැටලූ වලටම අදත් අපි මුහුණ දෙනවා. එදයි අදයි අතර යම්කිසි ප්‍රශ්නයක් හරියට විසඳගන්න පහසුයි හෝ අපහසුයි කියලා කියන්න බැරි ඒ නිසයි. දේශපාලන වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් මානව හිමිකම් කඩ කිරීමේදී සිදු කෙරෙන මැදිහත්වීම් වැළැක්වීම සඳහා ක්‍රියාකාරීත්වයක් රටේ වර්ධනය වෙලා තියෙනවා.
සුඩාන ජනපතිට අයි.සී.සී ය තොණ්ඩුව දමයි. - 03
කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලයේ ඒකමතික අනුග්‍රහය යටතේ සුඩානයට විරුද්ධව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකදී නිත්‍ය සාමාජිකයන් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය, සුඩානය සමඟ පවතින සන්ධානය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නක් විය හැකිය. මෙම රටවල් දෙකටම විරුද්ධව සුඩානය සන්නද්ධ කිරීම පිළිබඳ චෝදනා නැෙගන අතර එය 2005 දී ඩාෆූර් නුවර සිදු වූ අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද යෝජනාවක් බව මෙම රටවල් දෙක එනම් චීනය හා රුසියාව අනුමත කර ඇත.READ more click me
Friday, July 25, 2008
මුගාබේ සිම්බාබ්වේ වල දාපු සෙල්ලම් ලංකාවේ හරියන්නේ නෑ

නිතීඥ ශිරාල් ලක්තිලක
සාකච්ඡා කළේ තාරා ශ්‍රී රාම්
ලංකාව අසාර්ථක රාජ්‍යයක්ද ?
අසාර්ථක වෙමින් පවතින රාජ්‍යයක්. ඕනම රාජ්‍යයකට අනන්‍ය වූ පීඩක බලයක් තියෙනවා. එය නැති වුණාම ඒ රාජ්‍ය අසාර්ථක රාජ්‍යයක් වෙනවා. ඒ අනන්‍යය වු පීඩක බලය සාර්ථක ආසාර්ථක භාවය මනින මිනුම් දණ්ඩක්. මෑත කාලයේ මීට වඩා වෙනස් මිනුම් දඬු රාජ්‍යයක අසාර්ථක බව මනින්න භාවිතා........
READ MORE click image
සුඩාන ජනපතිට අයි.සී.සී ය තොණ්ඩුව දමයි. - 02
වසර 19 ක් තිස්සේ සුඩානය පාලනය කරමින් සිටින අල් බෂීර් ජනාධිපතිවරයා සිය දේශ සීමාවෙන් පිටතදී අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කලද ඔහුගේ අගනුවර තුළ ඔහු සුරක්ෂිතය. නමුත් මෙමඟින් ඔහුගේ සංචාරයන් සීමාවන අතර එක්සත් ජාතීන්ගේ සංචාරක තහනමකට ලක් වී සිටින සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ සමාන තත්වයට පත් වී ඇත.
Subscribe to:
Comments (Atom)