Friday, August 8, 2008


අපේ අරමුණ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සුරක්ෂිත කිරීම

මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඔබගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන සමඟ කරනු ලබන මැදිහත්වීම් මොනවාද?
තනිවමත් අනෙකුත් මානව හිමිකම් සංවිධාන එක්ක ඒකාබද්ධවත් මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමට යම් යම් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා. පළමුවෙන්ම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සිද්ධි සම්බන්ධව අපි වාර්තා සකස් කරලා පුවත් පත් නිවේදන නිකුත් කරනවා. ඊට අදාළ රාජ්‍ය ආයතනයන්ට දැනුම් දෙනවා. ඉන් එහාට එම උල්ලංඝනයන් සිදු වු ක්ෂේත්‍රයට ගිහින් නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම යුද්ධය නිසා මානව හිමිකම් උල්ලංඝනය වන සහ අවතැන් අය රැඳී ඉන්නා ස්ථානවලට යනවා. විවිධ ප්‍රජා සංවිධාන සමඟ ඒ සම්බන්ධයෙන් කල යුතු දේ සාකච්ඡා කරනවා. එයින්

READ MORE........

Thursday, August 7, 2008

අපේ තියෙන්නේ මානව අයිතිවාසිකම් කඩ කිරීමේ සංස්කෘතියක්

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මැදිහත් වීමේදී එදා සහ අද අතර ඔබ දකින වෙනස මොකක්ද?
එදාට වැඩිය අද යම්කිසි නිශ්චිත නීති රීති ප්‍රමාණයක් තියෙන නිසා මැදිහත් වීමේදී නීතිය පැත්තෙන් කිසියම් පහසුවක් තියෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේදී එදා අපි මුහුණ දුන් ගැටලූ වලටම අදත් අපි මුහුණ දෙනවා. එදයි අදයි අතර යම්කිසි ප්‍රශ්නයක් හරියට විසඳගන්න පහසුයි හෝ අපහසුයි කියලා කියන්න බැරි ඒ නිසයි. දේශපාලන වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් මානව හිමිකම් කඩ කිරීමේදී සිදු කෙරෙන මැදිහත්වීම් වැළැක්වීම සඳහා ක්‍රියාකාරීත්වයක් රටේ වර්ධනය වෙලා තියෙනවා.

සුඩාන ජනපතිට අයි.සී.සී ය තොණ්ඩුව දමයි. - 03

කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලයේ ඒකමතික අනුග්‍රහය යටතේ සුඩානයට විරුද්ධව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකදී නිත්‍ය සාමාජිකයන් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය, සුඩානය සමඟ පවතින සන්ධානය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නක් විය හැකිය. මෙම රටවල් දෙකටම විරුද්ධව සුඩානය සන්නද්ධ කිරීම පිළිබඳ චෝදනා නැ‍ෙගන අතර එය 2005 දී ඩාෆූර් නුවර සිදු වූ අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද යෝජනාවක් බව මෙම රටවල් දෙක එනම් චීනය හා රුසියාව අනුමත කර ඇත.

READ more click me

Friday, July 25, 2008

මුගාබේ සිම්බාබ්වේ වල දාපු සෙල්ලම් ලංකාවේ හරියන්නේ නෑ












නිතීඥ ශිරාල් ලක්තිලක
සාකච්ඡා කළේ තාරා ශ්‍රී රාම්

ලංකාව අසාර්ථක රාජ්‍යයක්ද ?
අසාර්ථක වෙමින් පවතින රාජ්‍යයක්. ඕනම රාජ්‍යයකට අනන්‍ය වූ පීඩක බලයක් තියෙනවා. එය නැති වුණාම ඒ රාජ්‍ය අසාර්ථක රාජ්‍යයක් වෙනවා. ඒ අනන්‍යය වු පීඩක බලය සාර්ථක ආසාර්ථක භාවය මනින මිනුම් දණ්ඩක්. මෑත කාලයේ මීට වඩා වෙනස් මිනුම් දඬු රාජ්‍යයක අසාර්ථක බව මනින්න භාවිතා........

READ MORE click image

සුඩාන ජනපතිට අයි.සී.සී ය තොණ්ඩුව දමයි. - 02

වසර 19 ක් තිස්සේ සුඩානය පාලනය කරමින් සිටින අල් බෂීර් ජනාධිපතිවරයා සිය දේශ සීමාවෙන් පිටතදී අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කලද ඔහුගේ අගනුවර තුළ ඔහු සුරක්ෂිතය. නමුත් මෙමඟින් ඔහුගේ සංචාරයන් සීමාවන අතර එක්සත් ජාතීන්ගේ සංචාරක තහනමකට ලක් වී සිටින සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ සමාන තත්වයට පත් වී ඇත.

Friday, July 18, 2008












ප්‍රවීන මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර මහතා සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කතෘවරයෙකි. දැනට ඔහු විදේශ වාර්තාකරුවෙකු ලෙස සේවය කරයි.
සාකච්ඡා කළේ - තාරා ශ්‍රී රාම්

අද සියලූ ලාංකිකයන්ගේ අයිතිවාසිකම් අර්බුදයකට ලක්වෙලා තියෙනවා. නමුත් සාමාන්‍ය මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝණයන්ට වඩා මාධ්‍යවේදීන්ට සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ වැඩිපුර කථාබහට ලක් වෙනවා කිව්වොත්...
මම ඒ මතයට එච්චර එකඟ නැහැ.......

Read More.........Click Image


ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ඩාෆුර් ප්‍රදේශය පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන නීති නිලධාරීයා විසින් සුඩාන ජනාධිපතිවරයා ඩාෆූර් ප්‍රදේශයේ වර්ග ඝාතනය සහ ස්ත්‍රී දුෂණ පිළිබඳ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලදි.