Friday, March 12, 2010

දේශපාලකයා මාධ්‍යවේදියාගේ ඔළුවට ගහලා

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මාස දෙක හමාරක් ගත වී ඇත. ඔහු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. ඔහුගේ අතුරුදහන්වීම ජනමාධ්‍යවේදියෙකුට සිදුවූ විපතක් වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ විට ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බලනු වෙනුවට ආණ්ඩුව පැත්තෙන් අසන ලද්දේ කැකිල්ලේ වර්ගයේ ප‍්‍රශ්නයකි.
”එක්නැලිගොඩ කියන්නේ කවුද ? ”
ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුව කිසියම් පුද්ගලයෙකුට ඔවුන්ගේ අමාත්‍යංශය විසින් නිකුත් කළ නිල හැඳුනුම්පතක් නැත්නම් ඔහු හෝ ඇය මාධ්‍යවේදියෙකු නොවේ. ජනමාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. හරියටම භික්ෂූන් වහන්සේ නමක් කිසියම් වරදකට චූදිතයකු වූ විට මාධ්‍යයට ඔහු චීවරධාරියෙකු

Read more...
View PDF

Tuesday, March 9, 2010

සමබිම 100 වන කඩඉම පසු කිරීම නිමිත්තෙන් මෙතෙක් සමබිම සමඟ රැඳී සිටි පාඨකයන් කිහිපදෙනෙකු මෙසේ සිය අදහස් දැක්වූහ.

සමබිම සෙන්චරිය

කෙතරම් පළපුරුදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට වුවද සෙන්චරියක් දැමීම හෙවත් ශතකයක් ලබා ගැනීම ආඩම්බරයට සහ ආහ්ලාදයට හේතුවකි. එසේ නම් නවක ක‍්‍රීඩකයෙකු තම කුළුඳුල් ශතකය වාර්තා කිරීම කෙතරම් ප‍්‍රීතිදායක මොහොතක්දැයි කීමට ටීකා ටිප්පනි අනවශ්‍යය. එම කුළුඳුල් ශතකය ලබා ගන්නා ලද්දේ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු තණ තිල්ලක් මත, ලොව භයානකම පන්දු යවන්නන් පිරිසකට සහ අති දක්ෂ පන්දු රකින්නන් පිරිසකට මුහුණ දෙමින් නම් නිහතමානී ආඩම්බරයක් ඇතිවීම වැළැක්වීමට නොහැකිය. පිතිකරුවා අනෙක් අන්තයේ සිටින තම සහායක පිතිකරුවා බදා වැළඳ ගෙන පිත්ත ඔසවා ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන්නේ එබැවිනි.
එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව කණ්ඩායම් ක‍්‍රීඩාවකි. ශතකය වාර්තා කිරීමෙන් ප‍්‍රමෝදයට පත්ව අපරීක්ෂාකාරී පහරවල් එල්ල කිරීමට උත්සාහ ගත්තොත් නිරපරාදේ දැවී ගොස් කණ්ඩායම තරගයෙන් පරාජය විය හැකිය. එබැවින් පේ‍්‍රක්ෂකාගාරයේ උණුසුම් අත් පොළසන් නාදය පිළිගැනීමෙන් අනතුරුව නැවතත් තමන්ගේ සීමාවට ගොස්, හිස නමාගෙන සුපරීක්ෂාකාරීව නැවත පිති හරඹය ඇරඹිය යුතුය. ශතකය අමතක කොට නැවතත් එකෙන් පටන් ගත යුතුය.
‘සමබිම’ ශතකය වාර්තා කළ මේ මොහොතේ අපි ද නිහතමානී ආඩම්බරයකින් යුතුව අපගේ පෑන් ඔසවා පාඨක ඔබ සැමට ආචාර කරමු. ඔබගේ ඔල්වරසන් ලැබුණත් නැතත් හිස නමාගෙන තරගයේ ඉතිරි කොටස ක‍්‍රීඩා කිරීම පිණිස නැවත ඉනිම අරඹන්නෙමු.
ලබන සතියේත් හමුවෙමු.

සමබිම වෙනුවෙන්
රයිට්ස් නව් - ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සාමූහිකය
2010 මාර්තු 03

View Pdf

Monday, March 1, 2010

ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූයේ සාම්ප‍්‍රදායික ආකාරයට විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවයක් හෝ සන්ධානයක් ගොඩනැගීමෙන් අනතුරුව නොවේ. එක් එක් පක්ෂ වෙන වෙනම පොදු අපේක්ෂකයා වෙත තම සහයෝගය පළ කරන ලද අතර එහිදී සියළු පක්ෂවල පොදු අපේක්ෂාව වූයේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරනු ලබන පොදු අපේක්ෂකයා මඟින් සියළු දෙනාටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය වන හුස්ම ගැනීමේ අවකාශයක් නිර්මාණය කර ගැනීමය.
ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී ප‍්‍රකාශ කළේ තමන්ට වෙනත් කිසිදු පක්ෂයක් සමඟ ගිවිසුමක් නොමැති බවත් තමාගේ එකඟතාවන් ඇත්තේ ජෙනරාල් ෆොන්සේකා මහතා සමඟ පමණක් බවත්ය. එක්සත් ජාතික පක්ෂය පැවසුවේ සියළු පක්ෂ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට එකඟව ඇති හෙයින්ද එම පොදු අපේක්ෂකයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වන හෙයින්ද මෙම ජනාධිපතිවරණයට තම පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත් මෙය ජනමත විචාරණයක් ලෙස සලකා හංසයා ලකුණට ඡන්දය දෙන ලෙස පාක්ෂිකයන්ට නියෝග කරන බවත්ය.

Read More...
View PDF ...

Friday, February 19, 2010

ඉතිහාසයේ නිවාඩුව ඉවරයි. දැන් ඉතිං ඔළුවෙන් හිටගන්න වෙලාවයි

සුදර්ශන ගුණවර්ධන

අප කවුරුත් පාහේ අසා ඇති උපහාස කතාවකට අනුව එක්තරා පුද්ගලයන් පිරිසක් පෙර කළ අකුශල කර්මයන් හි ආනුභාවයෙන් මරණින් මතු අපායේ උපත ලැබූහ. අපායේ ඇති විවිධාකාර වධ වේදනා විඳීමේ දඬුවම් අතරින් කැමති එකක් තෝරා ගැනීමේ දුර්ලභ වරය ඔවුනට හිමිවිය. වධකාගාරයේ එක් එක් ස්ථානවල වධ විඳිමින් සිටින අපාගාමීන් අතරේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ඔවුන්ට පෙනී ගියේ එක තැනක පිරිසක් අසූචි වළක් අසල ගැට්ටක් මත ඉඳගෙන දුම්පානය කරන ආකාරයයි. අපායේ දුමට තිත නැතිවීම ගැන අමන්දානන්දයට පත් අප කතානායකයන් පිරිස සියළු දඬුවම් අතරින් මේ දඬුවම කෙතරම් ආතල්දැයි සිතා තමන්ට ද එම දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ පැතුම සැණෙකින් ඉටු වී ඔවුන්ට සිගරැට් ලැබිණි.
කෙසේවුවද,විනාඩි පහක් ගතවන විට සීනුවක් නාදවිය. එතැනට පැමිණි යම පල්ලෙක් ඔවුන් සියළුදෙනාටම මෙසේ විධානය කළේය.”ඉන්ටර්වල් එක ඉවරයි. දැන් ඉතින් අසූචි වළේ ඔළුවෙන් හිටගනියව්.”

Read More...
View PDF

මහ සඟ සමුළුවට බාධා කිරීමේ ප‍්‍රතිවිපාක බරපතලයි නිදහසේ වේදිකාව කියයි

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ශ‍්‍රී ලංකාවේ වර්ධනය වන අවිනිශ්චිත තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස 2010 පෙබරවාරි 18 වෙනිදා කැඳවීමට නියමිතව තිබූ මහ සඟ සමුළුව කල් දමනු ලැබීමට සිදුවීම පිළිබඳව නිදහසේ වේදිකාව කැළඹීමට පත්ව සිටියි.

ආරක්ෂක හේතු මත මහ සඟ සමුළුව කල් දැමීමට සිදු වූ බව පෙබරවාරි 16 වෙනිදා නිකුත් කරන ලද නිවේදනයක් මඟින් කියැවිණි. මහා සංඝයා වහන්සේ විසින් කැඳවන ලද සමුළුවක් ආරක්ෂක හේතුමත කල් දැමීමට සිදුවීම බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු බව නිදහසේ වේදිකාව අදහස් කරයි. ජෙනරාල් සරත් ෆොන්සේකා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමද ඇතුළුව ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට උනන්දු වන අය බිය ගැන්වීම සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කෙරෙන බවට තොරතුරු ලැබී ඇත.මෙම උපාය මාර්ග පසුගිය දිනවල දිවයින පුරා පැවති සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා යොදාගත් උපක‍්‍රම වලට අනුරූප වේ. සාකච්ඡා කිරීමේ සහ විසම්මුතික මත ඉවසීමේ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇති රටක මෙවැනි ප‍්‍රවණතා ඇතිවීම කණගාටුදායකය.මහ සඟ සමුළුව කල් දැමීම පිණිස යොදා ගන්නා ලද තර්ජන සහ බිය ගැන්වීමේ ක‍්‍රියා තරයේ හෙළා දකින නිදහසේ වේදිකාව සාමකාමී සාකච්ඡා කිරීම, විවාද කිරීමට සහ විසම්මුතික මත දැරීමට සියළු පුරවැසියන්ට ඇති අයිතිය පිළිගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

View PDF

Friday, February 12, 2010

ලකුණු කියඤ්ඤයි - නම නොකියඤ්ඤයි

සුදර්ශන ගුණවර්ධන

කුමන්ත‍්‍රණ ගැන උත්තර නැති ප‍්‍රශ්නයට දොවන් අයියාගෙන් පිළිතුරක්

මීට අඩසියවසකට පෙර හිනිදුම් පත්තුවේ දොවන් අයියා නම් තරමක මෝඩ පහේ පුද්ගලයෙකු ජීවත්විය. ගම් පළාතේ සිදුවූවා යැයි කියන කිසියම් සොරකමකට වගකිව යුත්තා කවුරුදැයි තමා දන්නා නමුත්, ඒ නම නම් කිසිසේත් හෙළිදරව් කරන්නට බැරි බව කියා සිටි දොවන් අයියා අවශ්‍යම නම් අදාල පුද්ගලයා හඳුනා ගැනීමට අවශ්‍ය හෝඩුවාවල් කිහිපයක් ලබාදිය හැකි බව ප‍්‍රකාශ කළේ පහත පරිදිය.

”හොරකම කළේ කවුදැයි මම නං දන්නං - ඒත් නම නොකියන්නං
ලකුණු කියන්නං - අපේ නගා සහේට අරන් තියෙන්නං
එගොඩ ගොඬේ ඉන්නං - තට්ටෙත් ටිකක් තියෙන්නං
ඒත්,නම නං නොකියන්නං -ලකුණු කියන්නං
මැරුවත් නම නොකියන්නං”