
ආරක්ෂක හේතු මත මහ සඟ සමුළුව කල් දැමීමට සිදු වූ බව පෙබරවාරි 16 වෙනිදා නිකුත් කරන ලද නිවේදනයක් මඟින් කියැවිණි. මහා සංඝයා වහන්සේ විසින් කැඳවන ලද සමුළුවක් ආරක්ෂක හේතුමත කල් දැමීමට සිදුවීම බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු බව නිදහසේ වේදිකාව අදහස් කරයි. ජෙනරාල් සරත් ෆොන්සේකා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමද ඇතුළුව ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට උනන්දු වන අය බිය ගැන්වීම සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කෙරෙන බවට තොරතුරු ලැබී ඇත.මෙම උපාය මාර්ග පසුගිය දිනවල දිවයින පුරා පැවති සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා යොදාගත් උපක‍්‍රම වලට අනුරූප වේ. සාකච්ඡා කිරීමේ සහ විසම්මුතික මත ඉවසීමේ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇති රටක මෙවැනි ප‍්‍රවණතා ඇතිවීම කණගාටුදායකය.මහ සඟ සමුළුව කල් දැමීම පිණිස යොදා ගන්නා ලද තර්ජන සහ බිය ගැන්වීමේ ක‍්‍රියා තරයේ හෙළා දකින නිදහසේ වේදිකාව සාමකාමී සාකච්ඡා කිරීම, විවාද කිරීමට සහ විසම්මුතික මත දැරීමට සියළු පුරවැසියන්ට ඇති අයිතිය පිළිගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
View PDF
No comments:
Post a Comment