Friday, February 19, 2010

ඉතිහාසයේ නිවාඩුව ඉවරයි. දැන් ඉතිං ඔළුවෙන් හිටගන්න වෙලාවයි

සුදර්ශන ගුණවර්ධන

අප කවුරුත් පාහේ අසා ඇති උපහාස කතාවකට අනුව එක්තරා පුද්ගලයන් පිරිසක් පෙර කළ අකුශල කර්මයන් හි ආනුභාවයෙන් මරණින් මතු අපායේ උපත ලැබූහ. අපායේ ඇති විවිධාකාර වධ වේදනා විඳීමේ දඬුවම් අතරින් කැමති එකක් තෝරා ගැනීමේ දුර්ලභ වරය ඔවුනට හිමිවිය. වධකාගාරයේ එක් එක් ස්ථානවල වධ විඳිමින් සිටින අපාගාමීන් අතරේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ඔවුන්ට පෙනී ගියේ එක තැනක පිරිසක් අසූචි වළක් අසල ගැට්ටක් මත ඉඳගෙන දුම්පානය කරන ආකාරයයි. අපායේ දුමට තිත නැතිවීම ගැන අමන්දානන්දයට පත් අප කතානායකයන් පිරිස සියළු දඬුවම් අතරින් මේ දඬුවම කෙතරම් ආතල්දැයි සිතා තමන්ට ද එම දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ පැතුම සැණෙකින් ඉටු වී ඔවුන්ට සිගරැට් ලැබිණි.
කෙසේවුවද,විනාඩි පහක් ගතවන විට සීනුවක් නාදවිය. එතැනට පැමිණි යම පල්ලෙක් ඔවුන් සියළුදෙනාටම මෙසේ විධානය කළේය.”ඉන්ටර්වල් එක ඉවරයි. දැන් ඉතින් අසූචි වළේ ඔළුවෙන් හිටගනියව්.”

Read More...
View PDF

මහ සඟ සමුළුවට බාධා කිරීමේ ප‍්‍රතිවිපාක බරපතලයි නිදහසේ වේදිකාව කියයි

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ශ‍්‍රී ලංකාවේ වර්ධනය වන අවිනිශ්චිත තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස 2010 පෙබරවාරි 18 වෙනිදා කැඳවීමට නියමිතව තිබූ මහ සඟ සමුළුව කල් දමනු ලැබීමට සිදුවීම පිළිබඳව නිදහසේ වේදිකාව කැළඹීමට පත්ව සිටියි.

ආරක්ෂක හේතු මත මහ සඟ සමුළුව කල් දැමීමට සිදු වූ බව පෙබරවාරි 16 වෙනිදා නිකුත් කරන ලද නිවේදනයක් මඟින් කියැවිණි. මහා සංඝයා වහන්සේ විසින් කැඳවන ලද සමුළුවක් ආරක්ෂක හේතුමත කල් දැමීමට සිදුවීම බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු බව නිදහසේ වේදිකාව අදහස් කරයි. ජෙනරාල් සරත් ෆොන්සේකා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමද ඇතුළුව ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට උනන්දු වන අය බිය ගැන්වීම සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කෙරෙන බවට තොරතුරු ලැබී ඇත.මෙම උපාය මාර්ග පසුගිය දිනවල දිවයින පුරා පැවති සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා යොදාගත් උපක‍්‍රම වලට අනුරූප වේ. සාකච්ඡා කිරීමේ සහ විසම්මුතික මත ඉවසීමේ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇති රටක මෙවැනි ප‍්‍රවණතා ඇතිවීම කණගාටුදායකය.මහ සඟ සමුළුව කල් දැමීම පිණිස යොදා ගන්නා ලද තර්ජන සහ බිය ගැන්වීමේ ක‍්‍රියා තරයේ හෙළා දකින නිදහසේ වේදිකාව සාමකාමී සාකච්ඡා කිරීම, විවාද කිරීමට සහ විසම්මුතික මත දැරීමට සියළු පුරවැසියන්ට ඇති අයිතිය පිළිගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

View PDF

Friday, February 12, 2010

ලකුණු කියඤ්ඤයි - නම නොකියඤ්ඤයි

සුදර්ශන ගුණවර්ධන

කුමන්ත‍්‍රණ ගැන උත්තර නැති ප‍්‍රශ්නයට දොවන් අයියාගෙන් පිළිතුරක්

මීට අඩසියවසකට පෙර හිනිදුම් පත්තුවේ දොවන් අයියා නම් තරමක මෝඩ පහේ පුද්ගලයෙකු ජීවත්විය. ගම් පළාතේ සිදුවූවා යැයි කියන කිසියම් සොරකමකට වගකිව යුත්තා කවුරුදැයි තමා දන්නා නමුත්, ඒ නම නම් කිසිසේත් හෙළිදරව් කරන්නට බැරි බව කියා සිටි දොවන් අයියා අවශ්‍යම නම් අදාල පුද්ගලයා හඳුනා ගැනීමට අවශ්‍ය හෝඩුවාවල් කිහිපයක් ලබාදිය හැකි බව ප‍්‍රකාශ කළේ පහත පරිදිය.

”හොරකම කළේ කවුදැයි මම නං දන්නං - ඒත් නම නොකියන්නං
ලකුණු කියන්නං - අපේ නගා සහේට අරන් තියෙන්නං
එගොඩ ගොඬේ ඉන්නං - තට්ටෙත් ටිකක් තියෙන්නං
ඒත්,නම නං නොකියන්නං -ලකුණු කියන්නං
මැරුවත් නම නොකියන්නං”

මාධ්‍යයට එරෙහි කුමන්ත‍්‍රණ සහ කුමන්ත‍්‍රණකාරී මාධ්‍ය

ටෙරිබල්,ටෙරිබල්” බොයානා ලෙකිච් රූපවාහිනි තිරයේ ඇලී ගිය නෙතු පියන් ඉවතට ගත නොහැකිව මෙන් කියයි. ඇය රූපවාහිනියේ විකාශය වන විවාදයක සටහන් තබා ගන්නේ හරියට ඇගේ මුළු ජීවිතයම ඒ මත රැඳී ඇත්තාක් මෙනි. ”ටෙරිබල්, දැන් නම් මුන් තොණ්ඩුව බෙල්ලටම හිර කරන්නයි යන්නේ.”
විවාදය පැවැත්වෙන්නේ මිලොසෙවිච් ජනාධිපතිතුමා විසින් පාලනය කරන ආර්.ටී.එස්. හෙවත් ‘රාදියෝ ටෙලිවිෂියා සර්බියා’ නාලිකාව ඔස්සේය. සමහරවිට විවාදය යන්න වැරදි යෙදුමකි. මක්නිසාද යත් ආර්.ටී.එස්.හි සෑමදෙනාම සෑමවිටම එකඟ වෙති. එහි ඇත්තේ එකම දෘෂ්ටිකෝණයකි. එනම් ආණ්ඩුවේ දෘෂ්ටිකෝණයයි. අද රාත‍්‍රියේ සාකච්ඡාව සර්බියාවේ ස්වාධීන මාධ්‍ය හෙවත් සමහරු කියන විදිහට රජයට විරුද්ධ පාක්ෂික මාධ්‍ය ගැනය. ආණ්ඩුවේ හැඳින්වීම අනුව නම් ඒවා දේශද්‍රෝහී මාධ්‍යය. ”ඔය මාධ්‍ය බටහිර රටවල කුලීකාර ගැත්තෝ. උන්ට පඩි ගෙවන්නේ ඇමෙරිකන්කාරයෝ”
සර්බියාවේ ජනමාධ්‍ය ඇමති ඇලෙක්සැන්ඩර් වූචික්ට යන්තම් වයස අවුරුදු තිහක් ඇත. තරුණ නළුවෙක් වැඩිහිටි චරිතයක් රඟපෑමට ඇන්දාක් මෙන් ඔහු අභිනය දක්වන්නේ ”වෙන්නේ මොනවද කියලා හරියටම කියන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ” කියන්නාක් මෙනි. ඔහු කැමරාව දෙස හරි කෙළින් බලා, දබරැඟිල්ල උරුක් කොට බටහිර රටවල ඒජන්තයන්ට හා ඔත්තුකාරයන්ට හොඳ පාඩමක් උගන්නන බවට සහතික වෙයි.

Read more...
View Pdf ....

Tuesday, February 9, 2010

නීති බින්දෝ රැකීමට එය

සුදර්ශන ගුණවර්ධන

'Sri lanka, Play by Rules' යන වැකිය සඳහන් ක‍්‍රිකට් පන්දුවක් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් 2007 ලෝක කුසලානය ආසන්නයේදී නිකුත් කරන ලදී. මෙය ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එරෙහිව නිකුත් කරන ලද්දක් නොවීය. ශ‍්‍රී ලංකාවේ ඇති වූ තිබුණු සිවිල් යුදමය වාතාවරණය තුළදී, වෙනත් වචනයකින් කිව්වොත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය සහ එහි ජීවත්වන වාර්ගික ජන කොටසක් නියෝජනය කළ මිලිටරි - දේශපාලන සංවිධානය අතර පැවතුණු සන්නද්ධ ගැටුමේදී නීති රීති වලට එකඟව, එනම් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව හිමිකම් සහ මානවවාදී සිද්ධාන්තයන්ට අනුකූලව ක‍්‍රියා කරන ලෙස ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට බලකිරීම සඳහා කරන උද්ඝෝෂණ ව්‍යාපාරයේ අංගයක් ලෙස නිකුත් කරන ලද්දකි.
මෙම උත්සාහයට විරුද්ධ ව ජාතික වශයෙන් ඇතිවූයේ විශාල උද්ඝෝෂණයකි. එහි තේරුම මෙසේ සාරාංශ ගත කළ හැකිය:

Read More...
View Pdf

දේශපාලන විසඳුම ඉදිරියට ගන්න දැන් වෙලාව ඇවිත්


පරිවර්තනය: ප‍්‍රියලාල් සිරිසේන
” විජාතික මරසෙන් පරදවා ලබාදුන් ජයග‍්‍රහණයට ඔබට පින් ”
ජාතික හෙළ උරුමය ජනාධිපතිවරණයට පසුව
කොළඹ නගරයේ අලවා තිබූ පෝස්ටරයක ඉහත කියමන සටහන් වී තිබුණි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිනපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවට ජනවාරි 28 වන දින සහභාගී වූ එම දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් පිලිප් ජේ. ක්‍රෝලි විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳව මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද ප‍්‍රශ්න වලට පහත සඳහන් අයුරින් පිළිතුරු දී තිබුණි.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, එහි පැවති මැතිවරණය පිළිබඳව හෝ විරුද්ධ පක්ෂ නායක හා ජනාධිපති ලෙස පත්වූ රාජපක්ෂ අතර ඇති ගැටුම පිළිබඳව අළුත් තොරතුරු කිසිවක් ඔබ සතුව තිබේද?
මැතිවරණ කොමසාරිස්තුමා ඡන්ද ප‍්‍රතිඵලය සහතික කර ඇති බව අපට දැනගන්නට ලැබුණා. මම හිතන්නේ ජනාධිපති රාජපක්ෂගේ ජයග‍්‍රහණයට සුභ පතා, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ප‍්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා. අප මේ දෙස අවධානයෙන් බලා සිටින අතර ජෙනරාල් ෆොන්සේකාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ඔහු සමග සාකච්ඡා කර තිබෙනවා. නමුත් අප හිතන්නේ දැන් ජනාධිපති රාජපක්ෂට ඔහු විසින් ආරම්භ කළ දේශපාලන විසඳුමක් ලබාදීමේ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේ අවස්ථාව ද, පළාත් වලට වගකීම් බෙදාහැරීම මෙන්ම දෙමළ කොටි සංවිධානය සමග පැවති ගැටුමේ අවසන් අදියරේදී සිදුවූ දේ පිළිබඳව අදාල වගකිවයුත්තන්ගේ සම්පූර්ණ වගවීම (full accountability) සහතික කිරීමටද අවස්ථාවක් උදා වී තිබෙනවා.

Monday, February 8, 2010

නඩු නැති රටට මොට පායාද සූරියා ?

”සමහරු මට චෝදනා කළා මට අයිති වැඬේ ඡන්ද පෙට්ටි රැකගැනීමත්, ඒවා ගණන් කිරීමත් විතරයි කියලා. දැන් සමහර විට ඡන්ද පෙට්ටිවත් රැකගන්න බැරි වෙනවා. එය ගැටළු සහගත තත්ත්වයක්. මේ නිසා ඉතාම අපහසුවෙන් එම කටයුතු කිරීමට සිදුවීම ගැන කණගාටු වෙනවා.”
” කෙසේ නමුත් ඉදිරි දින කිහිපය ඇතුළත මේ සියලූ කටයුතු එකලාසයක් කිරීමෙන් පසු මා තවදුරටත් මෙම ධූරයේ රැඳී සිටීම සුදුසු යැයි කල්පනා කරන්නේ නැහැ. යම් යම් කරුණු ගණනාවක් මත ආතති තත්ත්වයන් තුළ මට කටයුතු කරන්න බැහැ. එම නිසා මෙම ධූරයෙන් ඉවත් වීමේ තීරණයකට මා පැමිණ සිටින බව ඉතාමත් කණගාටුවෙන් වුවත් කිව යුතුයි.”
(මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ජනවාරි 27 දින ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරමින්)...
--------------------------------------------------------------------------------

සුදර්ශන ගුණවර්ධන

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම මැතිවරණයට මුහුණ දුන්නේ රටම යුද පිටියක් බවට පත් කරමිනි. මැතිවරණ නීති සහ සමාජ චර්යාධර්මයන් නොතකන නව දේශපාලන සමප‍්‍රදායක් ගොඩ නගමින් ආධිපත්‍යවාදී අණසක තහවුරු කිරීම එහි එකම අරමුණ විය. දෙවන වටයේ සිය බලය ගිලිහී ගියහොත් නැතිවෙන සියල්ල රැක ගැනීම සඳහා සන්ධානය සටන් වැදුණි.

Read More...
View Pdf ...