Monday, May 4, 2009

සිංහල අළුත් අවුරුදු දවස්වල අප කතා කළ අහසින් ගිය ඉබ්බාගේ කතාව ඔබට අමතක වී නැතැයි සිතමි. අප කතාව නැවැත්වුවේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැඟීම සඳහා පොදු පෙරමුණ ආණ්ඩුව සෑදීමට එකතු වු හොඳ මිනිසුන් දුෂ්ඨයන් / කවටයන් බවට පත් කරමින් එම ආණ්ඩුව අවසන් වූ අකාරයයි.එම ලිපිය ලියන අතරතුර, චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය මතක් කර ගැනීමට සෑහෙන වේලාවක් ගත වු අතර එතරම් වෙහෙස මහන්සියෙන් සැකසු නාමාවලියෙන් ද එක නමක් මඟහැරී ඇති බව මට පසුව වැටහුණි. මඟහැරී ඇත්තේ සුළු පටු කෙනෙකු නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට මහ ලේකම් ව සිටි ධර්මසිරි සේනානායක මහතාය. ඒ ගැන මගේ කණගාටුව පළ කරන අතරම, පුද්ගලයන් මතකයෙන් ගිලිහී යන වේගය අනුව දැන් සිටින වීරයන්ට තව අවුරුදු පහකදී අත්විය හැකි ඉරණම පිළිබඳවද මහත් කණගාටුවක් ඇතිවිය.

Read more.......
ස්වීට්සර්ලන්නයේ ජිනීවා නුවර පැලේ ඩි නේෂන්ස් හිදි අපේ‍්‍රල් 28 දින පැවති මාධ්‍ය හමුවකදී සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ මාධ්‍ය ප‍්‍රකාශක විසින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලදි.01. දස දහස් ගණනින් සිවිල් ජනයා ගැටුම් පවතින ප‍්‍රදේශයෙන් ඉවතට පැමිණෙමින් සිටින අතරතුර, සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR)ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයෙහි උග‍්‍ර වෙමින් පවතින හදිසි තත්ත්වයට ප‍්‍රතිචාර දක්වමින් සිටියි. මේ දක්වා 160,000ක් දෙනා ගැටුම් හේතුවෙන් රජයේ පාලන ප‍්‍රදේශයට අවතැන් වී ඇති අතර, එයින් 140,000 කට වැඩි පිරිසක් වවුනියාවෙහි ස්ථාන 32ක නවාතැන් ගෙන සිටී. තවත් 11,000ක් යාපනයට ද, 5000ක් පමණ ත‍්‍රිකුණාමලයට පැමිණ සිටිති.

Read more....................

Thursday, April 30, 2009

පොතේ ගුරු - අසනු මැන දැන් අයුරු විසඳුව විභාගය නඩු ළදරුවා ගැන කවුද යන වග නියම මෑණීය උපකාරයෙන් හුණු වළල්ලේ.............
නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.
පළමු නීතිඥයා - මහාධිකරණ තුමනි, පැරණි කියමනක් තියෙනවා රුධිරය ජලයට වඩා දැඩිය කියලා. මේ මහඟු කියමන ....
Read more....

Wednesday, April 29, 2009

සුදර්ශන ගුණවර්ධන

නිධාන කතාවඑකෝමත් එක කාළෙක දිය සිදී ගිය පොකුණක ඉබ්බෙක් ජීවත් විය, ඉබ්බාගේ සිහිනය වූයේ මේ කාලක්ණ්නි ජීවිතය අතහැර, වතුර පිරි විලක් වෙත ගොස් එහි ජිවත් වීමයි. වර්තමානයේ ඉබ්බා ජීවත්වන කණගාටුදායක තත්වය පිළිබද සොරි ස්ටෝරියට සවන් දී හිත උණු වූ කොකුන් ජෝඩුවක් ඉබි සිහිනය සෑබැ කර දීමට උදව් වීමට කැමැත්ත පල කලහ. ඉබ්බාගේ ප්ලෑන් එක හරි සිම්පල් ප්ලෑන් එකකි. ඒ අනුව හයිය ඇති කෝටුවක දෙකෙළවර කොක්කු දෙදෙනා අල්ලා ගත යුතුය එවිට ඉබ්බාට තිබෙන්නේ කොටුව

Read more ..

අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
විධායක අධ්‍යක්ෂ
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය

ශ‍්‍රි ලංකාවේ රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර පවතින සන්නද්ධ ගැටුමට මැදිව සිටින සිවිල් ජනතාව පිළිබද ප‍්‍රශ්නය මේ වන විට විශාල වශයෙන් ජාත්‍යන්තර අවදානය දිනා ගැනීමට සමත්ව ඇත. ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්තානය ට අනුව බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ දැන් රජයේ හමුදාව ආරක්ෂිත කලාපය හැර අනෙක් සියළු ප‍්‍රදේශ තම පාළනය යටතට ගෙන ඇති නිසා ඉතිරිව ඇති කොටස සිම්පල් ප්ලෑන් එකක් බවයි. ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් සිවිල් ජනයාට අදාල ප‍්‍රදේශයෙන් පිටතට එන ලෙස නිවේදනය කර ඉන් අනතුරුව ඉතිරිව ඇති එල්ටීටීඊ සටන් කාමීන් විනාශ කිරීම එම සිම්පල් ප්ලෑන් එකයි. නමුත් එම සැලසුම ක‍්‍රියාත්මක කිරීම හිතන තරම් සිම්පල් නැති බව මේ වන විට පෙනී ගොස් ඇති අතර ලොව පුරා ජීවත් වන දෙමළ ජනතාව, මානූෂීය අධාර සපයන සංවිධාන, මානව හිමිකම්

Read more .....

Friday, April 3, 2009

අප ගිය සතියේ ‘සමබිම’ තුළින් කතා කළේ පීඩිත සමාජ පසුබිමකින් පැවත එන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, එබඳුම පීඩිත පසුබිමකින් පැවත එන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම කෙරෙහි මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයි යන්නයි.රතන හිමියන් මෙම විරුද්ධත්වය දක්වා ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගෙනය.01. උයන්ගොඩ මහතාට අවුරුදු 12ක කාලයක් සඳහා සිරගෙට නියම වීම.02. උයන්ගොඩ මහතා රාජ්‍ය නොවන සංවිධානවල හෙවත් එන් .ජී. ඕ.වල ප‍්‍රකාශකයෙකු වීම.රතන හිමියන් මෙසේ කියන්නේ ඇයිදැයි උයන්ගොඩ මහතාද ඇතුළුව විවිධ ලියන්නන් විසින්ද , සාමාන්‍ය මහජනතාව විසින් ද ප‍්‍රශ්න කර ඇත.

Read more....
ශ‍්‍රී ලංකාව මේ මොහොත වන විට දරුණු යුධමය වාතාවරණයක පසුවීම කණගාටුවට කරුණකි. නමුත් මේ යුධමය තත්වය තුළ විවිධ පාර්ශවයන් යුධමය සහ දේශපාලනික වාසි ලබාගනු වස් අදිසි ක‍්‍රියාන්විතයන්ද ආරම්භ කර ඇත. එසේ සඟවා ගැසිය යුතු තුරුම්පුවක් ශ‍්‍රී ලංකා රජය එළිපිටම ගසා ඇත. ඒ වූ කලී ‘අපි’ සහ ‘උන්’ ලෙස බෙදා හඳුනා ගැනීමක් ජනිත කරවීමයි. මින් සිදු වනුයේ ඕනෑම අවස්ථාවක, සිද්ධියක, ස්ථානයක සහ තත්වයකදීම තමා අයිති වන කණ්ඩායම ‘අපි’ ලෙසත් අනෙක් අය ‘උන්’ ලෙසත් බෙදාගත් සංජානනයකට හුරුවීමයි.

දැන් මේ තත්වය වත්මන් ශ‍්‍රී ලංකාවේ යුධමය වාතාවරණය සමග සමපාත කර බැලිය හැකිය. මෙහි අපි වනුයේ රජයේ පාර්ශවයයි. උන් වනුයේ එල්.ටී.ටී.ඊ පාර්ශවයයි. මෙලෙස බෙදා සංජානනයට හුරු කරවීම හරහා සිංහල-බෞද්ධ ජනතාවගේ ජාතිකානුරාගී හැඟීම් පුබුදු වන බවත් ත‍්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිය හැකි බවත් පවසමින් ශ‍්‍රී ලංකා රජය මහජනතාව නම්

Read more....