Friday, July 11, 2008

ඕපන් සෝස් හරියට පොළක් වගේ !

ලංකාවේ සාපේක්ෂරතා මට්ටම ඉහළ වුවත් පරිගණක සාක්ෂරතාව තවමත් ඇත්තේ බොහොම පහළ මට්ටමකය. ලෝකය පුරා මෙන්ම ලංකාවේ පරිගණක භාවිතා කරන්නන්ගෙන් අති බහුතරය භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංගය මෙම තත්ත්වය එක මොහොතකින් පසුව පරිගණක සාක්ෂරතාවයේ වර්ධනයට බාධාවක් වීමට නියමිතය. එයට විකල්පය ඕපන් සෝස්ද? මේ පිළිබඳව අපි ලංකා නෙට් ආයතනයේ සම්බන්ධීකාරක මහින්ද හත්තකගෙන් කරුණු විමසුවෙමු.

මොකක්ද මේ ඕපන් සෝස් කියන්නේ?
පරිගණක මෘදුකාංග වර්ගයක්. වෙළෙඳ පොළේ තියෙන වින්ඩෝස් කියන මෘදුකාංගය දේපල නීතිය යටතේ අයිති පෞද්ගලික සමාගමකටයි අයිති. දැනට ලෝකය පුරා මතයක් පැතිරී යනවා මේ අයිතිය තව දුරටත් පුද්ගලික අයිතියක් නොපැවතිය යුතුයි කියලා . ඕපන් සෝස් කියන්නේ මේ වෙළෙඳ ඒකාධිකාරයට විකල්පයක් ලෙස දියුණු වෙමින් පවතින මෘදුකාංග වර්ගයක්.

READ MORE......

විශේෂ ජනාධිපති කොමිසමේ මරණය රජයේ අධ්‍යක්ෂණයෙන් රංගගත වෙයි

පසුගිය කාල වකවානුව තුළ ලංකාවේ සිදු වු බරපතල ගණයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යයන්තර වශයෙන් එල්ලවු චෝදනාවලට රජය දුන් තාවකාලික පිළිතුර වුයේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමයි. රජය මනා කැපවීමකින් යුක්තව ස්වාධීනව, සද්භාවයෙන් යුතුව මෙම කොමිසමේ කටයුතු වලට හැකි උපරිම සහයෝගය දෙන බව පෙන්වීමට ප්‍රබල උත්සාහයක් ගත්තද අදවන විට ජනාධිපති පරීක්ෂණ කොමිසම මුහුණ දී සිටින්නේ තීරණාත්මක අවස්ථාවකටය. සිදු වූ සුවිශේෂී ගණයේ පැහැර ගැනීම් ,අතුරුදහන් වීම් හා මිනී මැරීම් සිදුවීම් වලට අදාලව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට එල්ල වු චෝදනා මත එවැනි සිදුවීම් 16ක් පිළිබඳ පරීක්ෂා කිරීම මෙම කොමිසමේ අරමුණු විය.

READ MORE..............

Friday, July 4, 2008

වදහිංසාව ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ චර්යාවක් -නොවැක්


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර, අවමන් සහගත, අමානුෂික වධ හිංසා සහ දඬුවම් පිළිබඳ විශේෂ නියෝජිත මැන්ෆ්‍රෙඞ් නොවැක් විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී ඉදිරිපත් කල වාර්ථාවෙන් කොටසකි මේ......

ශ්‍රී ලංකා රජය විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට මා හට ආරාධනා කරන ලදි. මාගේ සංචාරයේ පරමාර්ථය වුයේ රට තුළ වධ හිංසා සහ අවමන් සහගත සැලකීම් පිළිබඳව සොයා බැලීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහය වීම සඳහා රජය සමඟ සහයෝගීතාවයක් ගොඩනඟා ගැනීමයි.

යුද්ධය කියා, හිංසනය සාධාරණීකරණය කරන්න බැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමි
සාකච්ඡා කළේ- තාරා ශ්‍රී රාම්

වධ හිංසාවන්ට එරෙහිවීමේ ජාත්‍යයන්තර දිනය පසුගිය විසිහය වැනි දිනට යෙදී තිබුණා. මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වුණා. නමුත් ලංකාවේ මේ පිළිබඳ ඉතා අඩු උනන්දුවක් තිබුණේ. වධ හිංසාව කියන්නේ ලංකාවේ කතාකිරීමට තරම් වැදගත් කාරණාවක් නොවෙයිද ?
අද සියල්ලම යුද්ධයේ එකවුන්ට් එකට දාලා හැමෝම නිහඬව ඉන්නවා. සියල්ලම සිදුවන්නේ යුද්ධයේ නාමයෙන්. යුද්ධය කියන අස්වාභාවික දේ තුළ මිනිසුන් හැසිරෙන්නේත් අස්වාභාවික විදිහට. නමුත් හිංසනයෙන් මිදෙන්න අනිවාර්යෙන්ම මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා. වධ හිංසනය කතාකිරීමට තරම් වැදගත් නොවන කාරණාවක්ද කියන එක නෙවෙයි ගැටලූව. යුද්ධය හැර වෙන කිසිවක් කතා නොකල යුතුයි කියන එකයි ගැටලූව.

Read More........

Friday, June 27, 2008

දඩිං බිඩිං ඩෝං

සුදර්ශන ගුණවර්ධන

පසුගිය සඳුදා ලාංකාවේ ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් සිදුවිය. රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන සබරගමුව පලාත් සභා මැතිවරණයේදී තම මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන් ඡන්දයට තරග නොකරන බව ප්‍රකාශ කිරීමයි.

ලංකාවේ එක් එක් මාධ්‍ය පළ කරන්නේ තමන්ට අවශ්‍ය කෑල්ල බැවින් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණයෙන්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. එහෙත්,

Read More >>>>>>>>>>

Wednesday, June 25, 2008

‍කොමිසමේ විනිවිදභාවය නීරීක්ෂණය කිරීම පුරවැසියන්ගේ වගකීමක්

ජේ.සී. වැලිඅමුණ
මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥ

යම් යම් මතභේදයන්ට තුඩු දී තිබෙන මේ ජනාධිපති කොමිසම පත්කිරීමේ මුලික පරමාර්ථය කුමක්ද ?
පසුගිය කාලයේ රටේත්, ජාත්‍යන්තර ප්‍රජාවගේත් ලොකු කතිකාවතක් ගොඩනැඟුණා ලංකාවේ සුවිශේෂී ගණයේ පැහැරගැනීම්, අතුරුදහන්වීම්, මිනීමැරීම් සිදුවීම පිළිබඳව. මේ පිළිබඳව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට චෝදනා එල්ල වුණා. ඒ පසුබිම මතයි මේ කොමිසම පත් කිරීම සිදුවුණේ.

මේ ජනාධිපති කොමිසම් සභාව රජයේ සැබෑ වුවමනාව මත පිහිටවුවක් නොවේ යැයි කිව්වොත් ....
ජාත්‍යයන්තර අධිකරණයක් මඟින් පරීක්ෂා කළයුතු තරමේ ප්‍රබල මානව හිමිකම් කඩවීම් ඇති නිසා මෙයට ජාත්‍යයන්තර මැදිහත්වීමක් තිබිය යුතු යැයි ජාත්‍යයන්තර ප්‍රජාව දැඩිව කියා සිටියා. එහිදී ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා රජය කැපවීමකින් යුක්තව හා ස්වාධීනව මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කටයුතු කරන බව ලෝක ප්‍රජාවට පෙන්වන්න.

Read more................

Friday, June 20, 2008

සාමාන්‍යකරණය වූ හදිසි තත්ත්වය සහ හදිසියේ ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස

සුදර්ශන ගූනවර්ධන

අප කුඩා කාලයේ කියවූ කතන්දර පොතක සඳහන් මෝඩ ලන්දේ පාසල් පැවැත්වෙන්නේ පහත සඳහන් ආකාරයටය

01. සති අන්තය පාසල් දින ලෙස නම් කර ඇති අතර, සතියේ දින පාසල් නිවාඩු දිනවේ.
02. පාසල් නිවාඩු කාලය ආරම්භ වන්නේ ජනවාරි පළමු වෙනිදා වන අතර නිවාඩු අවසන් වන්නේ දෙසැම්බර් තිස් එක් වෙනිදාය.

මේ අනුව මෝඩ ලන්දේ ළමයින්ට නීතිය අනුව පාසල් දින හා නිවාඩු දින මෙන් නිවාඩු කාලයද වෙන්කර ඇති නමුත් ඔවුන්ට කිසිදා පාසල් නොපැවැත්වේ. එනම් හැමදාම නිවාඩුය.1960 සහ 70 ගණන් වල පැරගුවේ රාජ්‍ය පාලනය කළේ දක්ෂිණාංශික එ්කාධිපතියෙකු වූ ඇල්ෆ්‍රඩෝ ස්ට්රූස්නර්ය. පැරගුවේ හි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එරට සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන අතර සියලූම මූලික අයිතිවාසිකම් සහ මහෝවිධ නිදහසද තහවුරු කර ඇත. කෙසේ වුවද, ස්ට්රූස්නර් ප්‍රකාශ කළේ අපි ජීවත් වන්නේ කොමියුනිස්ට්වාදය හා නිදහස අතර ලෝක පරිමාණ අරගලයක් පවතින යුගයක බැවින් හදිසි තත්වයක් පැනවීමට සිදුව ඇති බවය.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සදාකාලිකව කල් තැබුන අතර, නිරතුරුවම රට පාලනය කෙරුනේ හදිසි නීතිය යටතේය. හදිසි අවස්ථාවකදී සාමාන්‍ය නීතිය හෙවත් නීතියේ ආධිපත්‍ය අත්හිටුවන අතර විධායකය පරිපාලනයේ නියෝග සාමාන්‍ය නීතියට ඉහළින් පිහිටා එමගින් රට පාලනය වේ. හදිසි නීතිය අත්හිටු වී සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන දිනයක් එළැඹෙන්නේ සෑම වසර හතරකටම එක්වරක් එනම්, මැතිවරණ දිනයේදී පමණි. ඒ මැතිවරණය ‘නිදහස්’ ලෙස පැවැත්වීම සදහාය. මෙම මැතිවරණයන් හිදී ස්ට්රූස්නර්ගේ කොළරාඩෝ පක්ෂයට නැවතත් බලය හිමිවී රට පාලනය සදහා සුජාත භාවය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී සීල් එක හිමිවේ. ඔහුගේ ප්‍රතිවාදීන් වන ‘නිදහසට අභියෝග’ කරන කොමියුනිස්ට්වාදීන් කෙතරම් බලවත්ද යන්න මැතිවරණයේදී කොළරාඩෝ පක්ෂය බලයට පත්වන්නේ සියයට අනූවක බහුතර ජන්දයකිනි !

පැරගුවේ රාජ්‍යයේදී සිදුව ඇත්තේ ‘හදිසි’ අවස්ථාව ‘සාමාන්‍ය’ තත්වය බවට පත්වී, ‘සාමාන්‍ය’ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ‘හදිසි’ කෙටි කාලයක් සඳහා අදාලවූ ව්‍යතිරේඛයක් වීම. කොමියුනිස්ට් වාදයට එරෙහිව කරන සටනේ නාමයෙනි.ලංකාව සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව අයිතිවාසිකම් ප්‍රමිතීන් පිළිගැනීමට සම්මුති මගින් බැඳී සිටින අතර මූලික අයිතිවාසිකම් සහ බහුවිධ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති රටකි. එහෙත් අපගේ පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කරන ආකරයට ඔවුන් ලෝකයේ දරුණුතම ‘ත්‍රස්තවාදී’ සංවිධානයට විරුද්ධව සටන් කරන බැවින් සදාකාලිකව දීර්ඝ කරන හදිසි නීතිය මගින් රට පාලනය කිරීමට සිදුවී තිබේ. මුළු ලෝකයම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක නිරතවී සිටින හෙයින් ලංකාවද අනුගමනය කරන්නේ එම වැඩ පිළිවෙල බවද, අපගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ත්‍රස්තවාදින් විසින් අපට විරුද්ධව ආයුධයක් ලෙස පාවිච්චි කරන බැවින් එම නිදහස පොතේ තිබුණත් එය භාවිතා කිරීම සීමා කිරීමට සිදුවන බවත් අපට කියා ඇත.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බාලගිරිදෝෂය වැලදී තිබේ. ස්වාධීනව කටයුතු කළ යුතු කොමිසන් සභා සඳහා දේශපාලන පත්වීම් ලබාදී තිබේ. ලෝක ඉතිහාසයේ පළමු වරට මැතිවරණ කොමසාරිස් වරයෙකුට විශ්‍රාම යාම තහනම් කර තිබේ. ස්වභාවික යුක්තියට සරදම් කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැමැති කැකිල්ලේ නීතිය යටතේ හිතුමතයට කැමැති කෙනෙක් කැමති කාලයක් රඳවා තබා ගැනීමට අවකාශ තිබේ.

මෙවැනි වාතාවරණයක් යටතේ තවත් පළාත් සභා දෙකක් සඳහා මැතිවරණ කැඳවා ඇත. නැ‍ෙගනහිර මැතිවරණයෙන් විපක්ෂයටත්, මැතිවරණ නිරීක්ෂකයින්ටත් ඇතිවූ තුවාල වේලෙන්නටත් පෙර කැඳවා ඇති මේ මැතිවරණය වනාහී සාමාන්‍යකරණය වූ හදිසි තත්වය මොහොතකට අත්හිටුවා සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඒ මොහොතට පමණක් මවා පෙන්වන මැජික් එකකි. විරුද්ධ පක්ෂය මේකනම් කොහොම හරි දිනා ගන්නවා යනුවෙන්ද, නිරීක්ෂකයන් මෙදා පාර හරියට නිරීක්ෂණය කරනවා යනුවෙන්ද සිතමින් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ඇදගන්නා කෙමනකි.