ආණ්ඩුව වන්නියේ අවතැන් වූවන් පිලිබඳ කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන සුළු ආහාර ප‍්‍රමාණය හැරෙන්න අන් කිසිවක් ඔවුන්ට ලබා දීමට නොහැකි වී ඇතිබව ද්‍රවිඩ ජාතික සංධානයේ කණ්ඩායම් නායක ආර්.සම්බන්දන් මහතා පසුගිය දා පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් පවසා සිටියා. තවද,ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිලිබඳ නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ප‍්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳවද කරුණු දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ 'ලංකාවේ රජය තමන්ගේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරගැනීමේ සහ විනාශ කරගැනීමේ ක‍්‍රියාවලියකට තමන්ම දායකත්වය දෙමින් සිටින බවයි.’
Friday, September 19, 2008
ආණ්ඩුව වන්නියේ අවතැන් වූවන් පිලිබඳ කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන සුළු ආහාර ප‍්‍රමාණය හැරෙන්න අන් කිසිවක් ඔවුන්ට ලබා දීමට නොහැකි වී ඇතිබව ද්‍රවිඩ ජාතික සංධානයේ කණ්ඩායම් නායක ආර්.සම්බන්දන් මහතා පසුගිය දා පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් පවසා සිටියා. තවද,ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිලිබඳ නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ප‍්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳවද කරුණු දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ 'ලංකාවේ රජය තමන්ගේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරගැනීමේ සහ විනාශ කරගැනීමේ ක‍්‍රියාවලියකට තමන්ම දායකත්වය දෙමින් සිටින බවයි.’
Friday, September 12, 2008
යුරෝපා සංගමයට ඇඟලූම් අපනයනය කරන රටවල් මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අදාළව එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන්ගේ ප‍්‍රමාණයද සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමේ රටවල් වලට කෙරෙන භාණ්ඩ අපනයනයේදී අපනයනය කෙරෙන භාණ්ඩ සදහා ගෙවිය යුතු රේගු බදු සහනය GSP+ ය. ආසියාවෙන් මෙම සහනය ලැබූ රටවල් දෙක වන්නේ මොංගෝලියාව සහ ශ‍්‍රී ලංකාවයි. මෙම සහනය වෙනුවෙන් පනවන ලද එකම කොන්දේසිය වූයේ සහනය ලබන රටවල් අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් තබා ඇති මානව හිමිකම් වලට අදාළ ප‍්‍රඥප්තීන් 27කට අයත් කාරණා එම රටවල් පිළිපැදිය යුතු බව පමණි. නමුත් තව නොබෝ දිනකින් මෙම සහනය අප රටට අහිමි වීමේ තර්ජනයක් ඇත. මේ ඒ පිළිබඳව අගොස්තු මස 27 වන දින ටැමිල් ගාඩියන්හි පළවු ලිපියකි.
පසුගියදා පැවති පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පැහැදිලි ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. එම ජයග‍්‍රහණය ඔබ අර්ථ නිරූපණය කරන්නේ කොහොමද?මෙය ජාතිවාදී, යුධවාදී, මතවාදී ආධිපත්‍යයක් සමාජය තුළ දැඩි ලෙස තහවුරු කරලා විශේෂයෙන්ම ව්‍යාජ තොරතුරු, තැති ගැන්වීම් ගණනාවක් කරලා ලබා ගත්ත ජයග‍්‍රහණයක්. ඡන්දය දිනයේදී නිහඬව කටයුතු කලත් සියළුම බිය වැද්දීම් ඊට පෙර ගණනාවක් කරලා තිබුනා. ඒ අනුව ඒගොල්ලන්ට අවශ්‍ය ප‍්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වුණා. එහිදී මිනිස්සු තුළ යුද්ධය පිළිබඳ දැඩි කම්පාවක්, විශ්වාසයක් ඇති කලා. ඒ අනුව යුද්ධය වෙනුවෙන් පෙනී නොසිටින සෑම අයෙක්ම දේශ ද්‍රෝහියෙක්, ජාතිවාදියෙක් වන බව ප‍්‍රකාශ කළා. ඒනිසා ඊට සම්පුර්ණ සහාය දිය යුතුයි කිවූ අතර එයට විරුද්ධව කටයුතු කල ප‍්‍රබල කොටස්වලට ඒ ඒ පළාත්වලදී පහර දීම් කරමින්, විවිධ හානි කරමින් ඔවුන්ව යටපත් කළා. එය ඡන්දයට මාසයකට, සති තුනකට විතර පෙර සිදු කළා. ඒ විදිහට සමාජය ජාතිවාදී, යුධවාදී ආධිපත්‍ය තුළ හසුරුවා ගත්තා. ඒ නිසා මැතිවරණය එදිනට සාධාරණව පැවැත්වුණා කිව්වත් සමස්ත මැතිවරණ ක‍්‍රියාවලිය තුළ එයට වඩා ගැඹුරු යටිතලයේ බිය වැද්දීම් පැවතුණා.
Friday, September 5, 2008
විනාඩියක් පමණයි රූපවාහිනි වැඩසටහනක තේමාව වශයෙන් මැතිවරණය යන්න යොදා ගැනීමේදී ප‍්‍රචණ්ඩත්වය යන්න තහනම් වචනය ලෙස යෙදිය හැකි තරමට මැතිවරණයත්, ප‍්‍රචණ්ඩත්වයත් එක ළඟ ගමන් කරන වචන දෙකක් බවට පත්ව තිබේ. මැතිවරණය පිළිබඳ කථා කරන විට සෑමවිටම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංඛ්‍යාව සීමිත ඕවර් තරඟයක ලකුණු තත්ත්වය මෙන් මාධ්‍ය මඟින් ප‍්‍රචාරය වේ. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණය කිරීමට මධ්‍යස්ථාන දෙකක් බිහි වී ඇති අතර එකක් සිවිල් සමාජයෙන් මෙහෙයවන විට අනෙක ආණ්ඩුවෙන් මෙහෙයවීම සිදුවේ.මෙහිදී සිවිල් සමාජ, ආගමික සමාජ හා ජනමාධ්‍ය යන සියළු දෙනාගේ ඉල්ලීම එකය. එනම් ප‍්‍රචණ්ඩත්වය එපා යන්නයි. ඒ කවුරු කොහොම කිව්වත් අපට පෙනෙන්න තිබෙන්නේ දිනෙන් දින ප‍්‍රචණ්ඩත්වය සංඛ්‍යාවෙන් පමණක් නොව ප‍්‍රමාණයෙන් සහ ගුණයෙන් ද වැඩි වන බවයි.
උගත් පුරවැසියෙක් ලෙස වර්තමායේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? සෑබැ දේශපාලනය තියෙන රටක මානව හිමිකම් ආරක්ෂා වෙන්න ඕන. ඒක සීමා වුණු දෙයක් නෙවෙයි. මානව හිමිකම් නැති දේශපාලනය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියලා අපිට කියන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන බි‍්‍රතාන්‍ය ආකෘතිය අරන් බහුතරයට ඉඩ දෙනවා
කියන එකේ තේරුම සුළු ගණන් වලින් ඉන්න අයව හෙට මරලා දාමු කියන එක නෙවෙයි. දෙමළ සිංහල කියන සාධකය පැත්තකින් තියලා අපි හිතමු එක මිනිහෙක් රෝගියෙක්. අනෙකා නීරෝගී අයෙක් කියලා. එතකොට අර රෝගී මිනිහාගේ රෝගය සුව කරන්න බැහැ කියලා එයාව මරලා දාලා හරියනවාද?
Friday, August 29, 2008
අද අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක බව උවමනාවෙන්ම අමතක කරන විචාරකයෙකු උතුරු මැද හා සබරගමු පළාත් සභා සඳහා පැවැත්වුණු මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු එළඹෙන නිරීක්ෂණ පහත පරිදි වේ.1. මෙය ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයකි.( මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසු සෑම පුවත්පතකම මුල් පිටුවේ පළ කළේ බර්ටි පේ‍්‍රමලාල් මහතාගේ හෝ මහීපාල හේරත් මහතාගේ ඡායාරූප නොව ජනාධිපති වරයාගේ ඡායාරූපය.)ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර ඇත්තේ මෙය මගේ ජයග‍්‍රහණයක් නොව මව්බිමේ ජයග‍්‍රහණයක් බවයි. (මාගේ මේ ව්‍යායාමය කිසිකලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය. සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය පිණිස වන්නේය.)
2. මෙය යු.ඇන්.පීය ලැබු පරාජයකි. එයට හේතුව එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දුර්වල නායකත්වයයි. ( සිරිත් පරිදි රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කළ යුතු බව කියන පරණ තැටිය නැවතත් වාදනය වෙන්න පටන් ගෙන ඇත. රජයේ මාධ්‍ය ඊට සංගීතය සපයයි.)
Read more.....
නීතිඥ කේ.එස්.රත්නවේල් මහතා මානව හිමිකම් උල්ලංනයවීම් වලට ලක්වන අය වෙනුවෙන් පෙනි සිටින ප‍්‍රකට නීතිඥවරයෙකි. මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බැලීමට පත්කල විශේෂ ජනාධිපති කොමිම් පරීක්ෂණයේදී ඔහු වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි.මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ වසර ගණනක අත්දැකීම් සහිත ඔබ මේ ක්ෂේත‍්‍රයේ වර්තමාන තත්වය දකින්නේ කොහොමද?
අද වෙනකොට කිසිම පුද්ගලයෙකුට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් නැහැ. මානව හිමිකම් එතරම්ම පහළ තත්වයකට වැටී තිබෙනවා.
ඔබේ නිරීක්ෂණයන්ට අනුව එවැනි තත්වයක් ඇති වීමට බලපෑ හේතු මොනවාද?හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අද පොලීසියට සහ යුධ හමුදාවට දීල තියෙන බලය අභියෝගයකට ලක් කරන්න නොහැකිවීම මේකට ප‍්‍රධාන හේතුවක් විදිහට මම දකිනවා.
මේ ආකාරයට මානව හිමිකම් කඩ කිරීම් වලට ඇතැම් නීති මඟිනුත් ආරක්ෂාවක් ලැබෙන බව පෙනී යනවා නේද?
දැන් පවතින හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ( PTA)යටතේ පොලීසියට යම් යම් බලතල ලබාදී තිබෙනවා. සාමාන්‍යයෙන්
Read more.....
Subscribe to:
Posts (Atom)