ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ඩාෆුර් ප්‍රදේශය පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන නීති නිලධාරීයා විසින් සුඩාන ජනාධිපතිවරයා ඩාෆූර් ප්‍රදේශයේ වර්ග ඝාතනය සහ ස්ත්‍රී දුෂණ පිළිබඳ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලදි.
Friday, July 18, 2008
Friday, July 11, 2008
ඕපන් සෝස් හරියට පොළක් වගේ !
ලංකාවේ සාපේක්ෂරතා මට්ටම ඉහළ වුවත් පරිගණක සාක්ෂරතාව තවමත් ඇත්තේ බොහොම පහළ මට්ටමකය. ලෝකය පුරා මෙන්ම ලංකාවේ පරිගණක භාවිතා කරන්නන්ගෙන් අති බහුතරය භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංගය මෙම තත්ත්වය එක මොහොතකින් පසුව පරිගණක සාක්ෂරතාවයේ වර්ධනයට බාධාවක් වීමට නියමිතය. එයට විකල්පය ඕපන් සෝස්ද? මේ පිළිබඳව අපි ලංකා නෙට් ආයතනයේ සම්බන්ධීකාරක මහින්ද හත්තකගෙන් කරුණු විමසුවෙමු.

මොකක්ද මේ ඕපන් සෝස් කියන්නේ?
පරිගණක මෘදුකාංග වර්ගයක්. වෙළෙඳ පොළේ තියෙන වින්ඩෝස් කියන මෘදුකාංගය දේපල නීතිය යටතේ අයිති පෞද්ගලික සමාගමකටයි අයිති. දැනට ලෝකය පුරා මතයක් පැතිරී යනවා මේ අයිතිය තව දුරටත් පුද්ගලික අයිතියක් නොපැවතිය යුතුයි කියලා . ඕපන් සෝස් කියන්නේ මේ වෙළෙඳ ඒකාධිකාරයට විකල්පයක් ලෙස දියුණු වෙමින් පවතින මෘදුකාංග වර්ගයක්.
READ MORE......

විශේෂ ජනාධිපති කොමිසමේ මරණය රජයේ අධ්‍යක්ෂණයෙන් රංගගත වෙයි
පසුගිය කාල වකවානුව තුළ ලංකාවේ සිදු වු බරපතල ගණයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යයන්තර වශයෙන් එල්ලවු චෝදනාවලට රජය දුන් තාවකාලික පිළිතුර වුයේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමයි. රජය මනා කැපවීමකින් යුක්තව ස්වාධීනව, සද්භාවයෙන් යුතුව මෙම කොමිසමේ කටයුතු වලට හැකි උපරිම සහයෝගය දෙන බව පෙන්වීමට ප්‍රබල උත්සාහයක් ගත්තද අදවන විට ජනාධිපති පරීක්ෂණ කොමිසම මුහුණ දී සිටින්නේ තීරණාත්මක අවස්ථාවකටය. සිදු වූ සුවිශේෂී ගණයේ පැහැර ගැනීම් ,අතුරුදහන් වීම් හා මිනී මැරීම් සිදුවීම් වලට අදාලව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට එල්ල වු චෝදනා මත එවැනි සිදුවීම් 16ක් පිළිබඳ පරීක්ෂා කිරීම මෙම කොමිසමේ අරමුණු විය.
READ MORE..............
READ MORE..............
Friday, July 4, 2008
වදහිංසාව ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ චර්යාවක් -නොවැක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර, අවමන් සහගත, අමානුෂික වධ හිංසා සහ දඬුවම් පිළිබඳ විශේෂ නියෝජිත මැන්ෆ්‍රෙඞ් නොවැක් විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී ඉදිරිපත් කල වාර්ථාවෙන් කොටසකි මේ......
ශ්‍රී ලංකා රජය විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට මා හට ආරාධනා කරන ලදි. මාගේ සංචාරයේ පරමාර්ථය වුයේ රට තුළ වධ හිංසා සහ අවමන් සහගත සැලකීම් පිළිබඳව සොයා බැලීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහය වීම සඳහා රජය සමඟ සහයෝගීතාවයක් ගොඩනඟා ගැනීමයි.
යුද්ධය කියා, හිංසනය සාධාරණීකරණය කරන්න බැහැ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමි
සාකච්ඡා කළේ- තාරා ශ්‍රී රාම්
වධ හිංසාවන්ට එරෙහිවීමේ ජාත්‍යයන්තර දිනය පසුගිය විසිහය වැනි දිනට යෙදී ති
බුණා. මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වුණා. නමුත් ලංකාවේ මේ පිළිබඳ ඉතා අඩු උනන්දුවක් තිබුණේ. වධ හිංසාව කියන්නේ ලංකාවේ කතාකිරීමට තරම් වැදගත් කාරණාවක් නොවෙයිද ?
අද සියල්ලම යුද්ධයේ එකවුන්ට් එකට දාලා හැමෝම නිහඬව ඉන්නවා. සියල්ලම සිදුවන්නේ යුද්ධයේ නාමයෙන්. යුද්ධය කියන අස්වාභාවික දේ තුළ මිනිසුන් හැසිරෙන්නේත් අස්වාභාවික විදිහට. නමුත් හිංසනයෙන් මිදෙන්න අනිවාර්යෙන්ම මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා. වධ හිංසනය කතාකිරීමට තරම් වැදගත් නොවන කාරණාවක්ද කියන එක නෙවෙයි ගැටලූව. යුද්ධය හැර වෙන කිසිවක් කතා නොකල යුතුයි කියන එකයි ගැටලූව.
Read More........
සාකච්ඡා කළේ- තාරා ශ්‍රී රාම්
වධ හිංසාවන්ට එරෙහිවීමේ ජාත්‍යයන්තර දිනය පසුගිය විසිහය වැනි දිනට යෙදී ති
බුණා. මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වුණා. නමුත් ලංකාවේ මේ පිළිබඳ ඉතා අඩු උනන්දුවක් තිබුණේ. වධ හිංසාව කියන්නේ ලංකාවේ කතාකිරීමට තරම් වැදගත් කාරණාවක් නොවෙයිද ?අද සියල්ලම යුද්ධයේ එකවුන්ට් එකට දාලා හැමෝම නිහඬව ඉන්නවා. සියල්ලම සිදුවන්නේ යුද්ධයේ නාමයෙන්. යුද්ධය කියන අස්වාභාවික දේ තුළ මිනිසුන් හැසිරෙන්නේත් අස්වාභාවික විදිහට. නමුත් හිංසනයෙන් මිදෙන්න අනිවාර්යෙන්ම මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා. වධ හිංසනය කතාකිරීමට තරම් වැදගත් නොවන කාරණාවක්ද කියන එක නෙවෙයි ගැටලූව. යුද්ධය හැර වෙන කිසිවක් කතා නොකල යුතුයි කියන එකයි ගැටලූව.
Read More........
Friday, June 27, 2008
දඩිං බිඩිං ඩෝං
සුදර්ශන ගුණවර්ධන
පසුගිය සඳුදා ලාංකාවේ ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් සිදුවිය. රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන සබරගමුව පලාත් සභා මැතිවරණයේදී තම මහ ඇමති අපේ
ක්ෂකයා වශයෙන් නම් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන් ඡන්දයට තරග නොකරන බව ප්‍රකාශ කිරීමයි.
ලංකාවේ එක් එක් මාධ්‍ය පළ කරන්නේ තමන්ට අවශ්‍ය කෑල්ල බැවින් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණයෙන්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. එහෙත්,
Read More >>>>>>>>>>
පසුගිය සඳුදා ලාංකාවේ ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් සිදුවිය. රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන සබරගමුව පලාත් සභා මැතිවරණයේදී තම මහ ඇමති අපේ
ක්ෂකයා වශයෙන් නම් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන් ඡන්දයට තරග නොකරන බව ප්‍රකාශ කිරීමයි.ලංකාවේ එක් එක් මාධ්‍ය පළ කරන්නේ තමන්ට අවශ්‍ය කෑල්ල බැවින් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණයෙන්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. එහෙත්,
Read More >>>>>>>>>>
Wednesday, June 25, 2008
කොමිසමේ විනිවිදභාවය නීරීක්ෂණය කිරීම පුරවැසියන්ගේ වගකීමක්
ජේ.සී. වැලිඅමුණ
මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥ
යම් යම් මතභේදයන්ට තුඩු දී තිබෙන මේ ජනාධිපති කොමිසම පත්කිරීමේ මුලික පරමාර්ථ
ය කුමක්ද ?
පසුගිය කාලයේ රටේත්, ජාත්‍යන්තර ප්‍රජාවගේත් ලොකු කතිකාවතක් ගොඩනැඟුණා ලංකාවේ සුවිශේෂී ගණයේ පැහැරගැනීම්, අතුරුදහන්වීම්, මිනීමැරීම් සිදුවීම පිළිබඳව. මේ පිළිබඳව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට චෝදනා එල්ල වුණා. ඒ පසුබිම මතයි මේ කොමිසම පත් කිරීම සිදුවුණේ.
මේ ජනාධිපති කොමිසම් සභාව රජයේ සැබෑ වුවමනාව මත පිහිටවුවක් නොවේ යැයි කිව්වොත් ....
ජාත්‍යයන්තර අධිකරණයක් මඟින් පරීක්ෂා කළයුතු තරමේ ප්‍රබල මානව හිමිකම් කඩවීම් ඇති නිසා මෙයට ජාත්‍යයන්තර මැදිහත්වීමක් තිබිය යුතු යැයි ජාත්‍යයන්තර ප්‍රජාව දැඩිව කියා සිටියා. එහිදී ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා රජය කැපවීමකින් යුක්තව හා ස්වාධීනව මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කටයුතු කරන බව ලෝක ප්‍රජාවට පෙන්වන්න.
Read more................
මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥ
යම් යම් මතභේදයන්ට තුඩු දී තිබෙන මේ ජනාධිපති කොමිසම පත්කිරීමේ මුලික පරමාර්ථ
ය කුමක්ද ?පසුගිය කාලයේ රටේත්, ජාත්‍යන්තර ප්‍රජාවගේත් ලොකු කතිකාවතක් ගොඩනැඟුණා ලංකාවේ සුවිශේෂී ගණයේ පැහැරගැනීම්, අතුරුදහන්වීම්, මිනීමැරීම් සිදුවීම පිළිබඳව. මේ පිළිබඳව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට චෝදනා එල්ල වුණා. ඒ පසුබිම මතයි මේ කොමිසම පත් කිරීම සිදුවුණේ.
මේ ජනාධිපති කොමිසම් සභාව රජයේ සැබෑ වුවමනාව මත පිහිටවුවක් නොවේ යැයි කිව්වොත් ....
ජාත්‍යයන්තර අධිකරණයක් මඟින් පරීක්ෂා කළයුතු තරමේ ප්‍රබල මානව හිමිකම් කඩවීම් ඇති නිසා මෙයට ජාත්‍යයන්තර මැදිහත්වීමක් තිබිය යුතු යැයි ජාත්‍යයන්තර ප්‍රජාව දැඩිව කියා සිටියා. එහිදී ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා රජය කැපවීමකින් යුක්තව හා ස්වාධීනව මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කටයුතු කරන බව ලෝක ප්‍රජාවට පෙන්වන්න.
Read more................
Subscribe to:
Posts (Atom)