එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා එසේ පැවසුවේ පසුගිය 21 වනදා මාතලේ පුරහලේ දී පැවැති නිදහසේ වේදිකාවේ දහවැනි මහජන රැස්වීම අමතමිනි.
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවන් වන නීතිඥ ජේ.සී.වැලිඅමුණ සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමග ‘දූෂණ විමසුම’ සංවිධානයේ සම්බන්ධීකාරක නීතිඥ රවි ජයවර්ධන මහතා ද කතා කළහ. ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ගීත ප‍්‍රසංගයකින් ද වේදිකාව ආලෝකවත් විය.
මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් අලූවිහාරේ, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන වසන්ත අලූවිහාරේ, සංජීව කවිරත්න සහ රෝහණ බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
No comments:
Post a Comment