Friday, December 18, 2009

ඉල්ලාගත් කේතලය සහ රාජ්‍ය රහස් හෙළිකිරීම

සුදර්ශන ගුණවර්ධන

රාජ්‍ය රහස් හෙළිකිරීම
යුද්ධයේ අවසාන අදියරේදී එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායක නඬේසන්, සාම මහ ලේකම් කාර්යාලයේ නායක පුලිදේවන් සහ රමේෂ් ඇතුළු කණ්ඩායමක් සුදු කොඩි රැගෙන ශ‍්‍රී ලංකා හමුදාව වෙත යටත්වීමට පැමිණි බවත්, එසේ වුවද යටත් වීමට ඉඩ නොදී ඔවුන් ඝාතනය කරන ලද බවත් පිළිබඳ වූ කතා ප‍්‍රවෘත්තියට නැවත පණ ලැබී, තටු ගසා, ගුවන සිසාරා පැතිරෙන්නට වී ඇත.
මෙම කතාව කරළියට එන්නේ යුද ජයග‍්‍රහණය සඳහා වගකිවයුතු සේනාධිනායකයා වු මහරජතුමාද, සෙන්පතියා වූ ජෙනරාල්තුමාද ප‍්‍රතිමල්ලවයන් වශයෙන් ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇති පසුබිම තුළය.

Read More...
View Pdf...

දැන් මිනිස්සු කතාකරන්න පටන් අරගෙන

සාධු ජනරාව ප‍්‍රසංගයේ නිර්මාතෘ, ගායන ශිල්පී
ජයතිලක බණ්ඩාර
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

නිදහසේ වේදිකාව මෙතෙක් ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
නිදහසේ වේදිකාව පටන්ගන්නා මොහොත වෙනකොට සමාජය අයිස් තට්ටුවක් බවට පත්වෙලා තිබුණේ. මිනිස්සු සිද්ධවෙන දේවල් දිහා බලාගෙන හිටියා.නමුත් ඔවුන් තුළ ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන්න සූදානමක් අපි දැක්කෙ නැහැ. යම් සමාජයක් අගතියට යනකොට ඒ සමාජයේ ඉන්න හෘදය සාක්‍ෂියක් තියෙන මිනිස්සු ඒකට විරුද්ධව නැඟී සිටිනවා. නමුත් නිදහසේ වේදිකාව ආරම්භ කරපු අවධිය වෙනකොට එහෙම හිටපු පිරිස පවා පාලකයා විසින් තාන්න මාන්න, නම්බුනාම හා නොයෙක් වරප‍්‍රසාද දීලා ඔවුන්ගේ ගැත්තන් බවට පත්කරගෙන හිටියේ. මං මේ කතා කරන්නේ කලාකරුවන්, මාධ්‍යවේදීන් ඒ වගේම බුද්ධිමතුන් බහුතරයක් පිළිබඳවයි. එවැනි වකවානුවකයි නිදහසේ වේදිකාව පටන්ගත්තේ. ඒක දුෂ්කර ගමනක් වුණා. නමුත් අද වෙනකොට මිනිස්සු නැවත අසාධාරණයට විරුද්ධව කතාකරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම දුෂ්ඨ පාලකයෝ හෙලවෙන්න පටන් අරන් තියෙනවා. ඒ පාලන යන්ත‍්‍රය ඉරි තලලා තියෙනවා. නිදහසේ වේදිකාව නිශ්ශබ්දතාවය බිඳින්න මිනිස්සුන්ට ආරාධනා කළා. ඒ නිසා මිනිස්සු අසාධාරණයට එරෙහිව නැඟී සිටින්න පටන් අරගෙන තියෙනවා. ඒක නිදහසේ වේදිකාව විසින් කළ කාර්යභාරයක් නිසා සතුටක් දැනෙනවා.

Monday, December 14, 2009

මඩෙන් එපා ගොඩෙන් එන්න

සුදර්ශන ගුණවර්ධන

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ ම රාජ්‍ය මාධ්‍ය ද එම මාධ්‍ය හසුරුවන දැළි පිහි අතින් ගත් හෙංචයියන් පිරිසද තමා මෙතෙක් කලක් කරගෙන ගිය මඩ මෙහෙයුම දෙගුණ තෙගුණ කර තිබේ.
මේ මෙහෙයුම මෙසේ දියත් වන්නේ, ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයට කැඳවා ඡන්ද සටන මඩ ගැසීම් වලින් තොරව ගෙන යමු යැයි ප‍්‍රකාශ කොට තිබියදීය.
පසුගිය කාලය තිස්සේම විපක්ෂ නායකවරයාට, ආණ්ඩුවට විරුද්ධව කට අරින අතළොස්සක් වූ විපක්ෂ මන්ත‍්‍රීන්ට, ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන්ට සහ විසම්මුතික මත දරණ සිවිල් සංවිධාන නායකයින් වෙත ලෝබ නැතිව එල්ල කළ මඩ බාල්දි ප‍්‍රහාරය දැන් යුද්ධය දිනූ මහා සෙන්පතියා වෙත ද එල්ල කිරීමට පටන් ගෙන ඇත.

Read More ...
View Pdf ...

හිමිකරුවන්ට පැනවෙන සීමාවන් නිසා ස්වයංවාරණයක් පනවා ගන්න මාධ්‍යවේදීන්ට සිදුවෙලා

නාරද නිශ්ශංක
‘දිවයින’නියෝජ්‍ය කර්තෘ සහ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

අපි දකිනවා ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් කොටස් දෙකක් ක‍්‍රියාත්මක වෙනවා. මාධ්‍යවේදීන් කියනවා තමන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නේ පෑනෙන් කියලා. මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් පෙනී සිටින අය පෑනෙන් අරගල කිරීම කෙසේ වුවත් මාධ්‍ය නිදහස ඇතුළු වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. නමුත් අපිට අනුව මේ වෙනකොට මේ දෙගොල්ලන්ගේම අරගලය අසමත්.
මාධ්‍ය ක‍්‍රියාකාරීන් කියන පිරිසට වඩා ඍජුවම මේ ප‍්‍රශ්නයේ මැද ඉන්නේ මාධ්‍යවේදීන්. රටක තියෙන දේශපාලන සමාජ ප‍්‍රශ්න, ඒවායේ ඉතිහාසය හා දේශපාලන ගමන් මග ගැන හෝ අතීතයේදී සහෝදර මාධ්‍යවේදීන් මුහුණ දුන් පීඩනයන් ගැන කිසිම අවබෝධයක් නැතුව අද මාධ්‍ය ක්ෂේ‍ත‍්‍රයට පැමිණ සිටින නව පරම්පරාවේ සමහරු අත්දැකීම් අතින් විශාල ගැටළුවකට මැදිවී සිටිනවා. මේ පිරිසට අතීත අත්දැකීම්වලින් පන්නරය ලබන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා හුඟක් වෙලාවලදී ඔවුන්ගේ මාධ්‍ය භාවිතය තුළ යම් යම් සීමාවන්ට මුහුණපාන්න සිදුවෙනවා. ඒ තුළ ඔවුන් හිතනවා එය තමයි තමන්ගේ සීමාව කියලා. මෙය සිදුනොවිය යුතු දෙයක්

Read More...
View Pdf ...

චිත‍්‍ර ශිල්පියෙක් දේශපාලන රැස්වීම්වලට යන්නේ ඇයි? චන්ද්‍රගුප්ත තේනුවර

මේ වගේ වේදිකාවකට ඇවිත් කතා කරන කොට මගෙන් නිතරම අහන ප‍්‍රශ්නයක් තමයි මේ. මම හිතනවා චිත‍්‍ර ශිල්පියාගේ යුතුකම හුදෙක්ම ඔබව රසවත් කරන්න චිත‍්‍ර ඇඳීම පමණක් නෙවෙයි කියලා. ඊට වඩා කාර්යභාරයක් කලාකරුවන් වන අපිට පැවරී තියෙනවා. සමහරු කියනවා චිත‍්‍ර ශිල්පියා කළ යුත්තේ ඇඳීම පමණයි කතා කිරීමේ අයිතියක් නැහැ කියලා. නමුත් මම කියනවා කතා කිරීම අද අනිවාර්ය අංගයක් කියලා. සමකාලීන චිත‍්‍ර ශිල්පීන්ට නිහඬව ඉන්න හැකියාවක් අද නැහැ. ඔවුන් දේශපාලනිකයි. කැමති වුණත් නැතත් අපි දේශපාලනීකරණය වී ඉවරයි. අපි කළ යුත්තේ කුමක්ද, අපි ඇඳිය යුත්තේ කුමක්ද කියලා වෙන කෙනෙකු විසින් තීරණය නොකරන, පුද්ගලයාට නිදහස දෙන සමාජයක් අපිට අවශ්‍යයි.
Read More....
View PDF ...

වික‍්‍රමබාහු - සිරිතුංග ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක්, අපි ඔවුන්ට සුභ පතනවා

මාතර නිදහසේ වේදිකාවේදී රනිල් කියයි

මේ නිදහසේ වේදිකාව අපි ආරම්භ කළේ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කලායින් පස්සේ සියළු දෙනාටම ශක්තියක් ලබා දීමටයි. මේ සඳහා දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, ජන මාධ්‍ය අපි ඔක්කොම එකට එකතු වුණා. අපි බය නැතුව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියා. දැන් රජතුමා කියනවා එයා රටේ භාරකාරයා ලූ. දැන් රජතුමා කියනවා යුද්ධෙ කරපු නිසා ව්‍යවස්ථාදායක සභාව පත් කරන්න බැරි වුණා කියලා. මට අරක කරන්න බැරි වුණා, මේක කරන්න බැරි වුණා කියලා දැන් අඬනවා. කඳුළු තියෙන්නේ ජනතාවට. කඳුළු තියෙන්නේ මැරුණු මාධ්‍යවේදීන්ට. හිරේට ගිය අයට. ඒ කඳුළු අයින් කරන්න පුළුවන් මේ රජ පවුල පරද්දලා විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කරලා පමණයි.

‘කෙළවීම’

ජෙනරාල් ආවොත් ’ ලිපියට පිළිතුරක්

ලාල් පෙරේරා

පසුගිය ‘සමබිම’ කලාපයේ පළ වූ සුදර්ශන ගුණවර්ධනගේ ලිපියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගත හැකි විකල්ප තුනක් දක්වා තිබිණි. ඊට ඌන පූර්ණයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
එහි අනුපිළිවෙළට එකඟ නොවෙමි. මුලට ගත යුත්තේ අංක 2 ය. අංක 2 ට ගත යුත්තේ අංක 3 ය. අංක 1 අත්හැරියද කමක් නැත. තව අංක 1 හෙවත් පූර්ව අංක 2 වන ‘‘ තොපි දෙගොල්ලොම මක බෑ වෙලා පලයව් ’’ හෙවත් ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දය දීම වඩාත් බහුතර විකල්පය වීමට ඉඩ ඇත. අවශ්‍ය නම් එය පහත පරිදි උප අංකනයද කළ හැක.

Read more ....
View Pdf ...