Friday, July 31, 2009















සුචරිත පොලීසිය ගැන අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ උපාහාස කතා රචක ටී.ජී. ඩබ්ලිව්.ද. සිල්වා ගේ කාකද්වීපයේ කතන්දර වලය. කාකද්වීපයේ ප‍්‍රබන්ධයක් වශයෙන් පැවති සුචරිත පොලිසිය අද ලංකාද්වීපයේ යථාර්ථයක් බවට පත් වී ඇත.
පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සබ්බ සකල මනාව ම තහනම් කරමින් පවතී. ? දහයෙන් පසු සංගීත සංදර්ශන තහනම් ය; පාරේ සිඟරට් බීම තහනම් ය; ආණ්ඩු අකමැති ......

Read more.....
.
සුගිය 27 වෙනිදා සීගිරියේදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතියට හා සදාචාරයට එල්ල වී ඇති බරපතල තර්ජනය සැලකිල්ලට ගනිමින් ”වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ එන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයා පැවසීය. රජයේ මේ අලූත්ම තීරණය ගැන සමබිමේ අපි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුගෙන් සහ අධ්‍යක්ෂවරියකගෙන් විමසුවෙමු. එහිදී ඔවුන් පළකළ අදහස් මෙසේය.
Read more....

Friday, July 24, 2009

සිරිතුංග ජයසූරිය
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක

බ නිදහසේ වේදිකාවට සම්බන්ධ වුණේ ඇයි?
ආසන්නතම හේතුව වුණේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමත් එක්ක මතු වූ තත්ත්වය. නමුත් ඊට පෙර සිටම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, කතාකිරීමට ලිවීමට සහ ජීවත් වීමට තිබෙන නිදහස පිළිබඳ ප‍්‍රශ්නය බරපතල ලෙස සමාජ කතිකාවක් ලෙස මතුවෙමින් තිබුණා. ඒක දේශපාලන පක්‍ෂ වලට විතරක් සීමා වුණේ නැහැ. රටේ විවිධ සංවිධාන, වෘත්තීය සමිති ආදි සියලූ දෙනා අතරත් මේ කතිකාව ගොඩනැඟුණා. නමුත්, ලසන්තගේ ඝාතනයත් සමඟ සංයුක්ත කඩිනම් පියවරක් ගතයුතුයි කියන කාරණාව මත ඔහුගේ අවමඟුල වෙනුවෙන් රැස්වූ සංවිධාන, පුද්ගලයන් යන සියළුදෙනා එකතුවෙලා මේ වේදිකාව ගොඩනැගුවා. අපි පක්‍ෂයක් හැටියටත්, මම පුද්ගලයෙක් හැටියටත් කල්පනා කළා මේ අවස්ථාවේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජීවත්වීමට තිබෙන අයිතිය ආරක්‍ෂා කරගැනීමට අපිට අපේ පක්‍ෂ දේශපාලනය ඉක්මවා ගිය පොදු සමාජීය වගකීමක් තිබෙනවා කියලා. ඒ වෙනුවෙනුයි නිදහසේ වේදිකාවට ගොඩවදින්නට අපි තීරණය කළේ.

Read more...

Thursday, July 16, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයෙහි ප‍්‍රධාන මූලධර්ම දෙකක් වේ. පළමුවැන්න බහුතරයේ කැමැත්ත මත පාලනය කිරීමයි. දෙවැන්න බහුතරය ලබා නොගන්නා පිරිසට විපාක්ෂික විසම්මුතික පාර්ශ්වයක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවයි.

උදාහරණයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් සේ සැලකෙන කැනඩාව ගනිමු. කැනඩාව ප‍්‍රාන්ත සමූහයක් සහිත ෆෙඩරල් හෙවත් නිර් මධ්‍යගත පාලන ව්‍යුහයක් ඇති රටකි. බහුතර කැනේඩියානුවන් භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි භාෂාවය. එහෙත් ක්විබෙක් ප‍්‍රාන්තයෙහි බහුතරයක් භාවිතා කරන්නේ ප‍්‍රංශ භාෂාවයි. රටේ නිල කටයුතු වලදී ඉංග‍්‍රීසි සහ ප‍්‍රංශ යන භාෂා දෙකම භාවිතා වෙයි. ක්විබෙක් ප‍්‍රාන්තයේ බෙදුම්වාදී ව්‍යාපාරයක් පවතී. එය ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් නොවේ. අදහස් වලින් සන්නද්ධ වූ ව්‍යාපාරයකි. ඔවුන් සිතන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය කැනඩාවෙන් වෙන්වූ වෙනම රටක් වශයෙන් පැවතිය යුතු බවයි.

Read more ...

නිදහසේ වේදිකාව ශිෂ්ටත්වය සඳහා වන ව්‍යාපාරයක්

නිදහසේ වේදිකාවේ නුවරඑළිය දිස්ත‍්‍රික් මහජන රැස්වීම පසුගිය ජුලි 12 වැනිදා තලවාකැලේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, නීතිඥ ජේ.සී. වැලිඅමුණ, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ රවී ජයවර්ධන සහ තාලමුත්තු සුදාහරන් යන මහත්වරුන් කථිකයෝ ලෙස සහභාගී වූහ. අද සමබිම ඔබ වෙත ගෙන එන්නේ එහිදී නීතිඥ ලාල් විජේනායක මහතා පළ කළ අදහස්ය.

Read more....

Tuesday, July 14, 2009

”අපි නොදන්න චෙස්” කියා කීවේ ඇත්තටම චෙස් නොදන්නා නමුත් කැරම් ක‍්‍රීඩාවෙන් මුල් තැන ගත් අපේ මිතුරෙකි. කැරම් ක‍්‍රීඩාව හා චෙස් ක‍්‍රීඩාව අතර වෙනස්කම් බොහෝය. කැරම් ක‍්‍රීඩාවේදී තමන්ගේම ඉත්තන් වලට දැමීම සිදුවන අතර චෙස් ක‍්‍රීඩාවේදී කරන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන් කපා දැමීමයි. චෙස් නොදන්නා අපි දන්නා ක‍්‍රීඩාව වන්නේ දාම් ඇදීමයි. දාම් ඇදීමේදී ද කපන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන්ය. සමහර විට ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාට තමන්ගේ ඉත්තෙකු ඇමට දී එය කපා ගැනීමට ඉඩ හැර, එම ඉඩ පාවිච්චි කර, ප‍්‍රතිවාදියාගේ ඉත්තන් තුන් හතර දෙනෙක් කපාගෙන දාම් යාමට හෙවත් රජ වීමට ද අවස්ථාව තිබේ.කැපිල්ලේ ඉතිහාසය විජයගේ කාලය තරම් ඈතට ගෙන යා හැකිය. විජය ලංකාවට පැමිණ කුවේණි යොදාගෙන ශීර්ෂ වස්තුපුරයේ යක්ෂ නායකයන් සියල්ලම කපා දමා ලක්දිව රජ බවට පත් විය.

Read more...

Monday, July 13, 2009

නිදහසේ වේදිකාව තුළ සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ සමඟ ඒකරාශීව සිටින්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩ නඟා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා අවශ්‍ය වන දේශපාලන,ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ එකඟතා ලියවිල්ලක් මහජනයා අතර සිදු කරන සාකච්ඡා මාලාවකින් පසු සකස් කොට එය පදනම් කරගෙන දේශපාලන පක්ෂ සමඟ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය ජූනි 26 වැනිදා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් නිදහසේ වේදිකාව මඟින් කැඳවා තිබූ අතර එහිදී සිවිල් සංවිධාන සාමාජිකයෙකු මතුකළ ප‍්‍රශ්නයක් වූයේ අවශ්‍ය අවස්ථාවක අධිකරණය ඉදිරියට යාමට හැකි පරිදි සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ අතර නීතිමය ලියවිල්ලක් අත්සන් තැබීමට හැකිද යන්නයි. මීට පෙර අවස්ථාවල ඇති කර ගත් එවැනි එකඟතා දේශපාලන නායකයින් විසින් කඩ කළ විටදී ඊට

Read more