Friday, May 22, 2009

ව්‍යස්ථාවක් කියන්නේ මොකක්ද ?
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ මුලික නීතිය. රටේ අනෙකුත් සියලූම නීතිවලට පදනම් වන්නේ එයයි. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතනවල ව්‍යුහයන්, ඒවා ක‍්‍රියාත්මක වන ආකාරය, ජනතාවගේ අයිතිවාසිකම්, ජනතාව එම ආයතන තුන සමඟ ඇති සම්බන්ධය සහ එම එකිනෙක ආයතන අතර ඇති සම්බන්ධකම් හුවා දක්වන රටක මුලික ලියවිල්ල මෙයයි. අනෙකුත් සියලූම නීතිවලට වලංගු භාවයක් සහ නීතිමය තත්ත්වයක් ලැබෙන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින්.

Read more.....

Thursday, May 14, 2009


අවසන් වරට පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය වුයේ ඉකුත් මැයි හතර වැනිදාය. සුපුරුදු ලෙසම එවරද ඝාතනයට ලක් වු මඩකලපුවේ දැරියගේ පොත් බෑගය සොයා ගැනීමට පොලිස් රැකවරණ යටතේ යමින් සිටියදී සඟවා තිබු ටී-56 යේ ගිනි අවියක් ගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ ගත් සැකකරුවන්ට පොලිසියේ ප‍්‍රතිප‍්‍රහාරවලින් ඝාතනය වන්නට සිදු විය.

]Read more[.....




ගතවූ වසර කිහිපයක් මුළුල්ලේ විවිධ අපරාධයන්ට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව මිය යාම වර්තමානයේ නොනිමෙන අරගලයක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ ව සමබිම සමඟ විද්වතුන් දැක්වූ අදහස් කිහිපයකි මේ.


]Read more[....
මෙම අශ්ලීල කාටූන් චිත‍්‍රය ශ‍්‍රී ලංකාවට කිසිසේත් සම්බන්ධ වූ ද, අදාල වු ද එකක් නොවන බව නමෝ විත්තියෙන් ම කිව යුතුය. මෙය දකුණු අප‍්‍රිකානු ජනරජයේ ජනාධිපති ධුරයට විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පත් වු අතිගරු ජේකොබ් සුමා මැතිතුමා අපකීර්තියට පත් කරනු පිණිස එරට වසන කාටූන් කාරයෙකු විසින් ඇඳ පළ කරන ලද්දකි. ජනාධිපතිතුමා අධිකරණ පද්ධතිය නැමැති ස්ත‍්‍රිය දූෂණය කරන්නට සැරසෙන විට අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය ඇතුළු පාලක පක්ෂය එයට අනුබල දෙන සැටි මෙහි දැක්වේ.
මෙවැනි කාටූන් දකින විට අපට සිතෙන්නේ ලංකාවේ ජීවත් වන අප කෙතරම් වාසනාවන්ත ද කියා ය. එක අතකින් අපගේ විධායකය අධිකරණය ට බලපෑම් කරනවා තබා ඒ දෙස බැල්මක් වත් නො හෙළයි. අනෙක් අතට අපගේ කාටූන් ශිල්පීන් විධායකයට අපහාස වන ආකාරයේ අශ්ලීල කාටූන් සිහිනෙන් වත් නොඅඳියි. (තම කාටූන් පවුලේ සියළු දෙනාම නරඹන මුල් පිටුව තුළින් කියවීමට උචිත පරිදි ප‍්‍රමිතියකින් යුක්ත ව ඇඳිය යුතු බව අපේ කාටූන් ශිල්පීහු දනිති.)

අපි කෙතරම් වාසනාවන්ත ද ? අපි කෙතරම් සන්තෝෂ ද?



>Read more....<

Monday, May 4, 2009

සිංහල අළුත් අවුරුදු දවස්වල අප කතා කළ අහසින් ගිය ඉබ්බාගේ කතාව ඔබට අමතක වී නැතැයි සිතමි. අප කතාව නැවැත්වුවේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැඟීම සඳහා පොදු පෙරමුණ ආණ්ඩුව සෑදීමට එකතු වු හොඳ මිනිසුන් දුෂ්ඨයන් / කවටයන් බවට පත් කරමින් එම ආණ්ඩුව අවසන් වූ අකාරයයි.එම ලිපිය ලියන අතරතුර, චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය මතක් කර ගැනීමට සෑහෙන වේලාවක් ගත වු අතර එතරම් වෙහෙස මහන්සියෙන් සැකසු නාමාවලියෙන් ද එක නමක් මඟහැරී ඇති බව මට පසුව වැටහුණි. මඟහැරී ඇත්තේ සුළු පටු කෙනෙකු නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට මහ ලේකම් ව සිටි ධර්මසිරි සේනානායක මහතාය. ඒ ගැන මගේ කණගාටුව පළ කරන අතරම, පුද්ගලයන් මතකයෙන් ගිලිහී යන වේගය අනුව දැන් සිටින වීරයන්ට තව අවුරුදු පහකදී අත්විය හැකි ඉරණම පිළිබඳවද මහත් කණගාටුවක් ඇතිවිය.

Read more.......
ස්වීට්සර්ලන්නයේ ජිනීවා නුවර පැලේ ඩි නේෂන්ස් හිදි අපේ‍්‍රල් 28 දින පැවති මාධ්‍ය හමුවකදී සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ මාධ්‍ය ප‍්‍රකාශක විසින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලදි.01. දස දහස් ගණනින් සිවිල් ජනයා ගැටුම් පවතින ප‍්‍රදේශයෙන් ඉවතට පැමිණෙමින් සිටින අතරතුර, සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR)ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයෙහි උග‍්‍ර වෙමින් පවතින හදිසි තත්ත්වයට ප‍්‍රතිචාර දක්වමින් සිටියි. මේ දක්වා 160,000ක් දෙනා ගැටුම් හේතුවෙන් රජයේ පාලන ප‍්‍රදේශයට අවතැන් වී ඇති අතර, එයින් 140,000 කට වැඩි පිරිසක් වවුනියාවෙහි ස්ථාන 32ක නවාතැන් ගෙන සිටී. තවත් 11,000ක් යාපනයට ද, 5000ක් පමණ ත‍්‍රිකුණාමලයට පැමිණ සිටිති.

Read more....................