
ආන්නා පොලිකොව්ස්කායා රුසියානු මාධ්‍යවේදිනියකි. වෙඩි තබා ඝාතනය කරන ලද ඇගේ මළ සිරුර 2006 ඔක්තෝම්බර් 07 වනදා මොස්කව් හි ඇය ජීවත් වූ මහල් නිවාසයෙහි විදුලි සෝපානයෙහි දමා තිබියදී හමුවිය. මරා දමන විට ඇයගේ වයස අවුරුදු හතළිස් අටකි. ඇගේ මරණය නිමිත්තෙන් ඇල්ජීරියානු කවියෙකු හා ලේඛකයෙකු වන තහාර් ජාවුට් මෙසේ ලියුවේය.
Silence means deathif you talk, you're deadIf you stay silent, you're deadSo go ahead - talk and dieකතා කිරීමේ, ලිවීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්පුර්ණයෙන්ම අහෝසි ව යන අවදියක් කරා අපේ රට ළඟා වී ඇත.
දෛවයේ සරදම වන්නේ එවන් යුගයක් පරාජය කර එම නිදහස භුක්ති විඳින තත්ත්වයක් ඇති කරගත් අපට නැවතත් සම්පුර්ණ වටයක් ගමන් කොට වෘත්තයේ මුලටම පැමිණීමට සිදුවීමයි.
එදා අයිතිවාසිකම් උදුරා ගත්තවුන් අද වෙනුවෙන් සටනට එක් වී ඇති අතර, එදා අයිතිවාසිකම් වෙනුවෙන් උරෙනු’ර ගැටී සටන් කළ අය අද අයිතිවාසිකම් උදුරා ගන්නාගේ භූමිකාව භාරගෙන ඇත.
Read More .....