Wednesday, January 28, 2009

ආන්නා පොලිකොව්ස්කායා රුසියානු මාධ්‍යවේදිනියකි. වෙඩි තබා ඝාතනය කරන ලද ඇගේ මළ සිරුර 2006 ඔක්තෝම්බර් 07 වනදා මොස්කව් හි ඇය ජීවත් වූ මහල් නිවාසයෙහි විදුලි සෝපානයෙහි දමා තිබියදී හමුවිය. මරා දමන විට ඇයගේ වයස අවුරුදු හතළිස් අටකි. ඇගේ මරණය නිමිත්තෙන් ඇල්ජීරියානු කවියෙකු හා ලේඛකයෙකු වන තහාර් ජාවුට් මෙසේ ලියුවේය.

Silence means death
if you talk, you're dead
If you stay silent, you're dead
So go ahead - talk and die

කතා කිරීමේ, ලිවීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්පුර්ණයෙන්ම අහෝසි ව යන අවදියක් කරා අපේ රට ළඟා වී ඇත.
දෛවයේ සරදම වන්නේ එවන් යුගයක් පරාජය කර එම නිදහස භුක්ති විඳින තත්ත්වයක් ඇති කරගත් අපට නැවතත් සම්පුර්ණ වටයක් ගමන් කොට වෘත්තයේ මුලටම පැමිණීමට සිදුවීමයි.
එදා අයිතිවාසිකම් උදුරා ගත්තවුන් අද වෙනුවෙන් සටනට එක් වී ඇති අතර, එදා අයිතිවාසිකම් වෙනුවෙන් උරෙනු’ර ගැටී සටන් කළ අය අද අයිතිවාසිකම් උදුරා ගන්නාගේ භූමිකාව භාරගෙන ඇත.

Read More .....

Monday, January 26, 2009

සමබිම අතිරේකය කලාප 50ක් සම්පුර්ණ කිරීම නිමිත්තෙන් ලංකාවේ ප‍්‍රධාන සිංහල පුවත්පත් කතුවරුන් දැක් වූ අදහස්....

නාරද නිශ්ශංක
දිවයින නියෝජ්‍ය කර්තෘ
කුමන ජාතියක, කුමන දේශපාලන පක්ෂයක, කුමන මතවාදයක් දරණ ජන කොටසකගේ වුවත් පුරවැසි අයිතීන් උල්ලංඝනය වෙනවා නම් එය කණගාටුදායකයි. සදාචාර සම්පන්න මාධ්‍ය වගකීම එම පුරවැසි අයිතීන් උල්ලංඝනය වීම වැළැක්වීම. එක පුරවැසිභාවයක් තියෙන රටක ඉන්න අපේම තවත් සහෝදර ජන කොටසකට වෙන අසාධාරණයකදී අපි එය පිටු දැකිය යුතුයි. මේ රටේ සියලූ පුරවැසියන් සමාන වෙන්නේ මැතිවරණයකදී විතරයි. මැතිවරණයෙන් පසු ජීවත් වීමේදී හා සෙසු කටයුතුවලදී ඒ සමානත්වය අදාළ වෙන්නේ නැහැ.මානව හිමිකම්

read more.....

Wednesday, January 21, 2009

මෙම සාකච්ඡාවේදී අප උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ලංකාවේ ක‍්‍රියාත්මක වන නීතිමය ප‍්‍රතිපාදන එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත‍්‍රණය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස පුරවැසියන්ට ඇති වගකීම පිළිබඳව සවිස්තර ලෙස සාකච්ඡා කිරීමටය.

පරමාධිපත්‍යය
පළමුව අපි පරමාධිපත්‍යය යන සංකල්පය වටහා ගනිමු. නූතන ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍යයන් හි පරමාධිපත්‍යය ජනතාව සතු බව පිළිගැනෙනවා. මේ තත්ත්වය ආරම්භ වුයේ 1789 ප‍්‍රංශ විප්ලවයෙන් පසුවයි. එතෙක් දෙවියන්ගෙන් වරම් ලැබු රජු සතුව පැවති පරමාධිපත්‍යය බලය ඉන් පසු ජනතාව සතු වුණා. ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි 03 වන ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු බවත්, එම පරමාධිපත්‍යය ....
read more .......
රාජ්‍ය නොවන සංවිධානයන්හි ක‍්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව 2008 දෙසැම්බර් 08 වැනිදා සිය අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. එහිදී ඳුෂණයට එරෙහිව ක‍්‍රියාත්මක වන ප‍්‍රධානතම ජාත්‍යන්තර සංවිධානයක් වන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කමිටු අතුරු වාර්තාවේ සඳහන් කරුණු අගතිගාමී බව කියමින් එම ආයතනය පසුගිය ජනවාරි 05 වැනිදා පිළිතුරු වාර්තාවක් නිකුත් කළා.
එයට අනුව,
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා යනු රාජ්‍ය සහ පෞද්ගලික අංශය, ආධාර සපයන්නන් සහ අනෙකුත් ගෝලීය කණ්ඩායම්වල ආකල්ප වෙනස් කිරීමේ අරමුණින් විවිධ මට්ටමේ ඳුෂණ විරෝධී ක‍්‍රියාකාරකම්වල
read more.....

Tuesday, January 13, 2009

යුද්ධය සහ අවතැන්වීම වසර ගණනාවක සිට උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් වැසියන් අත්විඳින නීරස සත්‍යයකි. අවතැන් වීමත් සමඟම කඳවුරු තුළට ගාල් වන ඔවුන්ට ඇතිවන පීඩාවන් රාශියකි. මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ එවැනි අවතැන් වීම් නිරන්තරයෙන් සිදුවෙයි. එනිසාම එහි දැනට ක‍්‍රියාත්මක වෙන අවතැන් කඳවුරු ගණන දාසයකි.
මඩකලපුවේ ප‍්‍රධාන සරණාගත කඳවුරු දෙකක් දැනට ක‍්‍රියාත්මක වෙයි. ඉන් එකක් සිංහල මහා විද්‍යාලයේ පිහිටා ඇති අතර අනෙක් කදවුර සහිරා විද්‍යාල භූමිය තුළ පිහිටා ඇත. මේ වන විට ඔවුන් වසර ගණනාවක් ඉතා දැඩි අපහසුකම් මැද මෙම කඳවුරු තුළ සීමිත ඉඩකඩකට කොටුවී ජීවත් වෙයි. ඔවුන් ජීවත් වන්නේ ටකරන් වලින් සාදන ලද නිවාස වලය. දිවා කාලයට අධික ලෙස රත්වන එම නිවාස තුළ දිවා කාලය ගත කල නොහැක. වැසිකිලි වල ‍දොරවල් ගැලවී ගොසිනි. ඔවුන් මුහුණ දෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය නිවාස තුළ ඉඩකඩ මදිවීම නිසා දෙමාපියන්ට හා දරුවන්ට නිදා ගැනීමටව

read more....

නීතීඥ නිමල් පුංචිහේවා
මානව හිමිකම් කොමිසම් සභාවේ අතිරේක ලේකම්

මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කාටද?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා හිතෙනවා නම් ඕනම කෙනෙකුට මානව හිමිකම් කොමිසටමට පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා.

read more...

Monday, January 12, 2009