Thursday, December 11, 2008

රෝසි සේනානායක කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ අවස්ථාවේ ඔබව හඳූන්වා දෙන්නේ කොහොමද ?
මගෙන් ඒක අහනවට වඩා මාත් එක්ක වැඩ කරන අය හෝ දරුවන්ගෙන් ඇහුවොත් වඩාත්ම හොඳයි ඒක. කෙනෙක් කෙනෙක් ගැන තක්සේරුවක් කරද්දි ඒක කොයි විදිහට අර්ථකතනය වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් මගෙන් ඈත් වෙලා ස්වාධීනව කොයි වගේ කෙනෙක්ද කියලා කියනවා නම්, මම ගොඩක් මිනිස්සුන්ට ආදරය කරන, මිනිස්සු දිහා අපක්ෂපාතීව බලන, මිනිස්සුන්ගේ සෘණ පැත්තට වැඩිය මිනිස්සුන්ගේ ධනාත්මක පැත්ත බලන, මානව හිතවාදී ලෙස හිතන කෙනෙක් ලෙසයි මම දකින්නේ.

ඔබ රූ රැජිනක්. ඒ වගේම නිළියක්. ඇයි ඔබ දේශපාලනයට ආවේ................
මම නිළියක් කියන්නත් මම ලැජ්ජයි.

Read more.....

Tuesday, December 9, 2008

සුදර්ශන ගුණවර්ධනගේ ‘අසමබිම’ පොතේ පෙරවදනෙන් කොටස් කීපයකි මේ....

බර්ලින් තාප්පය බිඳවැටීමෙන් පසු ඇරඹුණු යුගය පිළිබඳව උදාන වාක්‍යයක් ලෙස ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා 1992 ‘ඉතිහාසයේ අවසානය හා අවසන් මිනිසා’ යන පොත ලියුවේය. එම පොතෙන් ෆුකුයාමා තර්ක කළේ අප දකිමින් සිටින්නේ හුදෙක් සීතල යුද්ධයේ අවසානය හෝ පශ්චාත් ලෝක යුද්ධ සමයේ එක් අවධියක් හෝ නොවන බවයි.

ඔහුට අනුව මේ උදාවී ඇත්තේ මනුෂ්‍ය වර්ගයාගේ දෘෂ්ටිවාදාත්මක පරිණාමයේ අවසාන මොහොත සහ බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලොව පුරා ජයග‍්‍රහණය කරන මොහොතයි හෙවත් ඉතිහාසයේ අවසානයයි. ආසන්න වශයෙන් ගත වූ දශක දෙකක කාලයක් දෙස අතීතාවලෝකනයක යෙදුණුවිට අපට පෙනෙන්නේ සවිඥනිකව හෝ අවිඥනිකව ලංකා සමාජය වැළඳගෙන ඇත්තේ ෆුකුයාමා ගෙන් කියැවෙන අදහස බවයි.අදාළ වකවානුව තුළ ලංකාවට අදාළව බර්ලින් තාප්ප එකක් වෙනුවට තුන හතරක් බිඳ වැටුණේය.

Sunday, November 30, 2008

ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව සැකකරුවෙකු කරන ලද අපරාධයක් පිළිබඳව පොලීසියට කරන පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස යොදාගත නොහැකිය. නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟමින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහකාර පොලිස් අධිකාරවරයෙකුට නොඅඩු නිලයක් දරණ නිලධාරියෙකුට ස්වේඡාවෙන් කරනු ලැබු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස යොදා ගත හැකිය.එලෙස කරන ලද පාපොච්චාරණයක ස්වේච්ඡාභාවය පිළිබඳ පසු අවස්ථාවකදී අධිකරණය හමුවේ ප‍්‍රශ්න කළහොත් එහි නිවැරදි භාවය සොයා බැලීමට අධිකරණය පාපොච්චාරණයේ ස්වේච්ඡාභාවය පිළිබඳ පරීක්ෂණයක් කරන අතර එය වොයර් ඩයර් පරීක්ෂණය ලෙස හඳුන්වයි

Read More ....
වර්තමානයේ රජයේ යුද මෙහෙයුම් දරුණු වෙත්ම මන්නාරමේ ජන ජීවිතයට එය බලපා තියෙන්නේ කොහොමද?
වර්තමාන රජයේ යුද මෙහෙයුම් තත්ත්වය මන්නාරමේ ජනතාවගේ ගමනාගමනය ඇතුළු සෑම කටයුත්තකටම බලපාලා තියෙනවා. ජංගම දුරකතන පාවිච්චිය වගේ සන්නිවේදන මාර්ග සීමා කරලා. ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩක් සීමා කරලා. ඊට අමතරව තියෙන වැදගත්ම ප‍්‍රශ්නය මෙහි ජනතාව මානසිකව ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. ඊට හේතුව ඔවුන්ගේ ඥතීන්, හිතවතුන් විශාල ප‍්‍රමාණයක් වන්නි ඇතුළු ව විවිධ ප‍්‍රදේශවල අවතැන් වෙලා ඉන්නවා. ඒ අයගේ සුව දුක් දැනගන්න විදිහක් නැහැ. මෙම යුද මෙහෙයුම් තත්ත්වය නිසා මේ පැත්තේ ජනතාව ගොඩාක් වේදනාවට පත්වෙලා ඉන්නේ.

අද මන්නාරමේ සාමාන්‍ය ජන ජිවිතය ගෙවෙන්නේ කොහොමද?
සාමාන්‍ය ජීවිතය ගැන කියනවා නම් මිනිස්සු වැඩට යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා. ඒ දේවල් පිටස්තරින් වුණාට ඇතුලාන්තයෙන් ලොකු බියක් තියෙනවා. මොකක්ද අපිට වෙන්නේ කියන

Read More ....

Friday, November 21, 2008

ඔබට ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන තියෙන්නේ මොනවාගේ අදහසක්ද?
හරි ලස්සන මාතෘකාවක් කියලා මං හිතනවා. ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන කතා කරද්දී හරිම ගතානුගතික චිත‍්‍රයක් තමයි මට මැවෙන්නේ. අධ්‍යාපනය අතින් හා සාක්ෂරතාව අතින් කොතරම් අපේ සමාජය දියුණුයි කිව්වත්, මම නම් අත්දැකීමෙන් දන්නවා ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඉතාම ගතානුගතික, වැඩවසම් හා පසුගාමී චින්තනයකින් අනුන දෙන්නෙක් කියලා. කොළඹ නගරය තුළ කොතරම් මෝස්තර අනුගමනය කරනවා අපි දුටුවත් මේ අය තුළ තිබෙන සංස්කෘතික මතිමතාන්තර ඉතාමත් පසුගාමීයි.

ලංකාවේ මහපාරට බැස්සම අපට පෙනෙන ස්ත‍්‍රීන් හා පුරුෂයන් හරියට නිව්යෝර්ක්, පැරිස් හා ලන්ඩන්වලින් බැහැපු අය වගේ. සියලූ දෙනාම මොඞ්. සේරම සමානයෝ. මේක කොහොමද තේරුම් ගන්නේ ?
මොඞ් ගතිය තියෙන්නේ ඇඳුමෙන් විතරයි. අභ්‍යන්තරය මොඞ් නැහැ. මං කියන්නේ 70 දශකය මීට වඩා

Read More......

Thursday, November 13, 2008

අවසානයේදී ඇමෙරිකානු ජනතාව කථා කළහ.එහි ප‍්‍රතිඵලය බරක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට තේරී පත්වීමයි. (ලංකාවේ විද්යුත් මාධ්‍ය ඔහුගේ නම බැරැක් ලෙස වැරදියට උච්ඡාරණය කරයි.)

ඇමෙරිකානු ජනතාව සියලූ අපේක්ෂකයින්ටත්, ඔවුන්ගේ ගෝල බාලයින්ටත් ඇති පදම් කථා කරන්නට ඉඩ දී බලා සිටියෝය. සෑම වසර හතරකටම එක් වරක් කරන පරිදි ඉන්පසු ඔවුහු කථා කළහ. එවිට සියලූ දෙනා නිහඬ විය යුතුය.2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද ඇමෙරිකානු ජනතාව කතා කළහ. එවර සටන පැවතුණේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අල් ගෝර් සහ රිපබ්ලිකන් පක්ෂයේ ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් අතරය. නමුත් දින ගණනාවක් යනතුරුම ජයග‍්‍රාහකයා කවුරුන්දැයි

Read more...............

Friday, November 7, 2008

ජනාධිපතිතුමා විසින් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිසම් සභාවේ කටයුතු සඳහා මැදිහත් වී සිටි සිවිල් සමාජ සංවිධාන හත 2008 නොවැම්බර් 06 දා එම කොමිසම් සභාවේ කටයුතු වලින් ඉල්ලා අස්විය.
මෙහිදී තම ඉල්ලා අස්වීම පිළිබඳව සිවිල් සංවිධාන විසින් හේතු කාරණා දක්වමින් සිටියදී, කොමිසම් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් එම කරුණු දැක්වීමට බාධා කරමින් කියා සිටියේ සිවිල් සංවිධාන වෙත මෙසේ කරුණු දැක්වීමට කාලයක් ලබා දිය නොහැකි බවත්, කොමිසමට ඊට සවන් දීමට අවශ්‍යයතාවක් නොමැති බවත්ය. සිවිල් සංවිධාන නියෝජනය කරමින් අදහස් දැක්වූ නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ,
කොමිසම විසින් සිවිල් සංවිධාන වලට අවශ්‍ය නම් මෙම කරුණු දැක්වීම් මාධ්‍ය වලට ලබා දෙන ලෙස පැවසූ බවයි. තවදුරටත් නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ,
කොමිසම විසින් සිවිල් සංවිධාන වලට අවශ්‍ය නම් මෙම කරුණු දැක්වීම් මාධ්‍ය වලට ලබා දෙන ලෙස පැවසූ බවයි. තවදුරටත් නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ සිවිල් ජනතාව හා කොමිසම් සභාව