සුදර්ශන ගූනවර්ධන
අප කුඩා කාලයේ කියවූ කතන්දර පොතක සඳහන් මෝඩ ලන්දේ පාසල් පැවැත්වෙන්නේ පහත සඳහන් ආකාරයටය
01. සති අන්තය පාසල් දින ලෙස නම් කර ඇති අතර, සතියේ දින පාසල් නිවාඩු දිනවේ.
02. පාසල් නිවාඩු කාලය ආරම්භ වන්නේ ජනවාරි පළමු වෙනිදා වන අතර නිවාඩු අවසන් වන්නේ දෙසැම්බර් තිස් එක් වෙනිදාය.
මේ අනුව මෝඩ ලන්දේ ළමයින්ට නීතිය අනුව පාසල් දින හා නිවාඩු දින මෙන් නිවාඩු කාලයද වෙන්කර ඇති නමුත් ඔවුන්ට කිසිදා පාසල් නොපැවැත්වේ. එනම් හැමදාම නිවාඩුය.1960 සහ 70 ගණන් වල පැරගුවේ රාජ්ය පාලනය කළේ දක්ෂිණාංශික එ්කාධිපතියෙකු වූ ඇල්ෆ්රඩෝ ස්ට්රූස්නර්ය. පැරගුවේ හි ආණ්ඩු ක්රම ව්යවස්ථාව අනුව එරට සාමාන්ය ප්රජාතන්ත්රවාදී රාජ්යයක් වන අතර සියලූම මූලික අයිතිවාසිකම් සහ මහෝවිධ නිදහසද තහවුරු කර ඇත. කෙසේ වුවද, ස්ට්රූස්නර් ප්රකාශ කළේ අපි ජීවත් වන්නේ කොමියුනිස්ට්වාදය හා නිදහස අතර ලෝක පරිමාණ අරගලයක් පවතින යුගයක බැවින් හදිසි තත්වයක් පැනවීමට සිදුව ඇති බවය.
ඒ අනුව ආණ්ඩු ක්රම ව්යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්රියාත්මක කිරීම සදාකාලිකව කල් තැබුන අතර, නිරතුරුවම රට පාලනය කෙරුනේ හදිසි නීතිය යටතේය. හදිසි අවස්ථාවකදී සාමාන්ය නීතිය හෙවත් නීතියේ ආධිපත්ය අත්හිටුවන අතර විධායකය පරිපාලනයේ නියෝග සාමාන්ය නීතියට ඉහළින් පිහිටා එමගින් රට පාලනය වේ. හදිසි නීතිය අත්හිටු වී සාමාන්ය නීතිය ක්රියාත්මක වන දිනයක් එළැඹෙන්නේ සෑම වසර හතරකටම එක්වරක් එනම්, මැතිවරණ දිනයේදී පමණි. ඒ මැතිවරණය ‘නිදහස්’ ලෙස පැවැත්වීම සදහාය. මෙම මැතිවරණයන් හිදී ස්ට්රූස්නර්ගේ කොළරාඩෝ පක්ෂයට නැවතත් බලය හිමිවී රට පාලනය සදහා සුජාත භාවය හෙවත් ප්රජාතන්ත්රවාදී සීල් එක හිමිවේ. ඔහුගේ ප්රතිවාදීන් වන ‘නිදහසට අභියෝග’ කරන කොමියුනිස්ට්වාදීන් කෙතරම් බලවත්ද යන්න මැතිවරණයේදී කොළරාඩෝ පක්ෂය බලයට පත්වන්නේ සියයට අනූවක බහුතර ජන්දයකිනි !
පැරගුවේ රාජ්යයේදී සිදුව ඇත්තේ ‘හදිසි’ අවස්ථාව ‘සාමාන්ය’ තත්වය බවට පත්වී, ‘සාමාන්ය’ ප්රජාතන්ත්රවාදී නිදහස ‘හදිසි’ කෙටි කාලයක් සඳහා අදාලවූ ව්යතිරේඛයක් වීම. කොමියුනිස්ට් වාදයට එරෙහිව කරන සටනේ නාමයෙනි.ලංකාව සාමාන්ය ප්රජාතන්ත්රවාදී රාජ්යයකි. ජාත්යන්තර වශයෙන් පිළිගත් මානව අයිතිවාසිකම් ප්රමිතීන් පිළිගැනීමට සම්මුති මගින් බැඳී සිටින අතර මූලික අයිතිවාසිකම් සහ බහුවිධ නිදහස ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් පිළිගෙන ඇති රටකි. එහෙත් අපගේ පාලකයන් නැවත නැවතත් ප්රකාශ කරන ආකරයට ඔවුන් ලෝකයේ දරුණුතම ‘ත්රස්තවාදී’ සංවිධානයට විරුද්ධව සටන් කරන බැවින් සදාකාලිකව දීර්ඝ කරන හදිසි නීතිය මගින් රට පාලනය කිරීමට සිදුවී තිබේ. මුළු ලෝකයම ත්රස්තවාදයට එරෙහි යුද්ධයක නිරතවී සිටින හෙයින් ලංකාවද අනුගමනය කරන්නේ එම වැඩ පිළිවෙල බවද, අපගේ ප්රජාතන්ත්රවාදී නිදහස ත්රස්තවාදින් විසින් අපට විරුද්ධව ආයුධයක් ලෙස පාවිච්චි කරන බැවින් එම නිදහස පොතේ තිබුණත් එය භාවිතා කිරීම සීමා කිරීමට සිදුවන බවත් අපට කියා ඇත.
එබැවින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ කොටසක් වන 17 වන සංශෝධනය ක්රියාත්මක කිරීමට බාලගිරිදෝෂය වැලදී තිබේ. ස්වාධීනව කටයුතු කළ යුතු කොමිසන් සභා සඳහා දේශපාලන පත්වීම් ලබාදී තිබේ. ලෝක ඉතිහාසයේ පළමු වරට මැතිවරණ කොමසාරිස් වරයෙකුට විශ්රාම යාම තහනම් කර තිබේ. ස්වභාවික යුක්තියට සරදම් කරන ත්රස්තවාදය වැළැක්වීමේ පනත නැමැති කැකිල්ලේ නීතිය යටතේ හිතුමතයට කැමැති කෙනෙක් කැමති කාලයක් රඳවා තබා ගැනීමට අවකාශ තිබේ.
මෙවැනි වාතාවරණයක් යටතේ තවත් පළාත් සභා දෙකක් සඳහා මැතිවරණ කැඳවා ඇත. නැෙගනහිර මැතිවරණයෙන් විපක්ෂයටත්, මැතිවරණ නිරීක්ෂකයින්ටත් ඇතිවූ තුවාල වේලෙන්නටත් පෙර කැඳවා ඇති මේ මැතිවරණය වනාහී සාමාන්යකරණය වූ හදිසි තත්වය මොහොතකට අත්හිටුවා සාමාන්ය ප්රජාතන්ත්රවාදී නිදහස ඒ මොහොතට පමණක් මවා පෙන්වන මැජික් එකකි. විරුද්ධ පක්ෂය මේකනම් කොහොම හරි දිනා ගන්නවා යනුවෙන්ද, නිරීක්ෂකයන් මෙදා පාර හරියට නිරීක්ෂණය කරනවා යනුවෙන්ද සිතමින් නැවතත් ප්රජාතන්ත්රවාදී ක්රියාවලියට ඇදගන්නා කෙමනකි.
Friday, June 20, 2008
එල්ටීටීඊය සාකච්ඡා මේසයෙන් ඉවත් වුණේ ඇයි කියලා රජයට විග්රහයක් නැ...
රොහාන් සිල්වා පියතුමා
අධ්යක්ෂ,
සමාජය හා සාමයික කේන්ද්රය
ඔබ නියෝජනය කරන CMRS සමුළුව පසුගියදා රජයෙන් හා එල්ටීටීඊ සංවිධානයෙන් කරන ලද ඉල්ලීම්වල ප්රධාන අරමුණ මොකක්ද?
නමුත් ජාත්යයන්තර ප්රජාව මේ පිළිබඳව ප්රතිචාර දැක්වුවා.
අධ්යක්ෂ,
සමාජය හා සාමයික කේන්ද්රය
ඔබ නියෝජනය කරන CMRS සමුළුව පසුගියදා රජයෙන් හා එල්ටීටීඊ සංවිධානයෙන් කරන ලද ඉල්ලීම්වල ප්රධාන අරමුණ මොකක්ද?
යුද්ධය නිසා උතුරේ සහ දකුණේ ජනතාව මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයට
විසඳුම් ලබා දී රටේ සාමය හා යුක්තිය තහවුරු කල යුතුය යන්නයි. මේක අද ඊයෙ වු දෙයක් නෙමෙයි. අපි ළඟ මේ අවුරුදු 25 කාලය පුරාවට මේ අය විසින් කරන ලද සිදුවීම්වල history එකක් තියෙනවා. රජයෙන් සහ LTTEයෙන් මෙක පළමු වතාවට කරපු ඉල්ලීම නොවෙයි. මේ වතාවෙ මේක වෙනස් විදියකට උණේ.
විසඳුම් ලබා දී රටේ සාමය හා යුක්තිය තහවුරු කල යුතුය යන්නයි. මේක අද ඊයෙ වු දෙයක් නෙමෙයි. අපි ළඟ මේ අවුරුදු 25 කාලය පුරාවට මේ අය විසින් කරන ලද සිදුවීම්වල history එකක් තියෙනවා. රජයෙන් සහ LTTEයෙන් මෙක පළමු වතාවට කරපු ඉල්ලීම නොවෙයි. මේ වතාවෙ මේක වෙනස් විදියකට උණේ.එම යෝජනාවලිය කෙටියෙන් හැඳින්වුවහොත් ?
මේකෙ පළමු ඉල්ලීම වුණේ මේ යුද්ධය නවත්වන්න. මේ ප්රශ්නයට සාමකාමී විසඳුමක් දෙන්න. ඒ ගැන හිතන්න. මේක ලංකාවෙ හැමෝම කරන ඉල්ලීම.බොහෝ වෙලාවට අපි හිතනවා ඒක නැහැ කියලා. නමුත් ඒක තියෙනවා. ඒ මතය එන්නෙ නැහැ.
එම ඉල්ලීම්වලට රජය දක්වපු ප්රතිචාරය මොකක්ද?
අපි දන්න තරමින් රජයේ පාර්ශ්වයෙන් කිසිදු පිළිතුරක් ලැබුනේ නැහැ. ඒ වෙනුවෙන් සාම මහ ලේකම් කාර්යාලයේ ප්රධානී මහාචාර්ය රජීව විජේසිංහ පමණක් අදහස් දක්වා තිබුණා.Why talk (again) now [ඇයි දැන් (ආයෙත් ) කථා කරන්නේ ] කියා. ඇත්තටම මෙම ඉල්ලීම් ගැන අපි කථා කරන්න පටන් ගත්තේ දැනට වසර ගණනකට පෙර සිටයි. නමුත් මෙවර අපි තදින්ම රජයෙන් මෙම ඉල්ලීම කළා. ඊට හේතුව ප්රජාතන්ත්රවාදීව පත් වු ශ්රි ලංකා රජයට සාම ක්රියාවලිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරෙන නිසා.
ඒ කියන්නෙ රජයෙන් ඍජුවම පිළිතුරු ලැබුනෙ නැහැ.
අපි දන්න තරමින් රජයේ පාර්ෂයෙන් ප්රතිචාර ලැබිලා නැහැ. දන්න ආකාරයට පිළිතුරක් විදියට මේක තමයි ලැබුනෙ.
අපි දන්න තරමින් රජයේ පාර්ෂයෙන් ප්රතිචාර ලැබිලා නැහැ. දන්න ආකාරයට පිළිතුරක් විදියට මේක තමයි ලැබුනෙ.
නමුත් ජාත්යයන්තර ප්රජාව මේ පිළිබඳව ප්රතිචාර දැක්වුවා.
ජාත්යයන්තර ප්රජාව මේ ප්රශ්න සම්බන්ධව එයාල මීට වඩා ගැඹුරින් සිතලා ඉල්ලීම් කලා රජයට.
සමුළුවේ ප්රධාන ඉල්ලීම වන යුද්ධය නතර කර සාකච්ඡා ආරම්භ කළ යුතුය යන්නට රජීව අදහස් දක්වා තිබුනේ රජය යුද්ධය නවත්වන්න සුදානම් නමුත් එල්ටීටීඊය ඊට එකඟ නැති බව කියමින්...
අපිටත් ප්රශ්ණය ඒකමයි. එල්ටීටීඊය සාකච්ඡා මේසයට එන්න එකඟ නැහැ කියනවා මිස ඔවුන් සාකච්ඡාවලින් ඉවත් වුණේ ඇයි කියලා රජයට විග්රහයක් නැහැ. ඇත්තටම සාම ගිවිසුම ක්රියාත්මක වු කාලය තුළ වැඩිපුරම සහනයක් ලැබුවේ දකුණේ ජනතාව. බෝම්බ බිය හෝ රෝඞ් බ්ලොක් නැතුව ගමනාගමනය කරන්න පුලූවන් වුණේ දකුණේ ජනතාවට. අනෙක් කාරණය රජය සාකච්ඡා මේසවලදී ගත් යම් යම් තීරණවල ප්රගතිය පිළිබඳ සමාලෝචනයක් ඊළඟ සාකච්ඡා වටයට යනවිට රැගෙන නොයාම. එල්ටීටීඊය කියන්නේ සාමය පිළිබඳ එවැනි ප්රගති සමාලෝචනයක් නැතුවා පමණක් නොවෙයි, රජය තමන්ට කළ ලොකුම වරද ජාත්යන්තර ප්රජාව හමුවේ එල්ටීටීඊය කොන්කර දැමීම බවයි. එතනදී ගැටලූවක් මතු වෙනවා, රජය මේ සාකච්ඡා සඳහා ගියේ අවංකවමද, නැත්නම් ජාත්යන්තර ප්රජාව වෙනුවෙන් කලයුතු දෙයක් සඳහාද, එසේත් නැත්නම් රජය වෙනමම න්යාය පත්රයකට අනුව වැඩ කළාද කියලා.
වැඩිපුරම සටන් විරාම ගිවිසුම කැඩුවේත්,ප්රචණ්ඩත්වයෙන් කටයුතු කළේත් එල්ටීටීඊය කියා රජය කියනවා...
රජය එල්ටීටීඊයේ ප්රහාර වලට ඉලක්ක වු අහිංසක ජනතාව හා දේපල යන සියල්ල ප්රචණ්ඩත්වය කියන ගොඩට දාලා ඒවා එල්.ටී.ටී.ඊයේ ප්රචණ්ඩත්වය ලෙස හඳුන්වනවා. එතකොට රජය පැත්තෙන් ප්රචණ්ඩත්වය තිබුනාද නැද්ද කියන එක ගැන රජය කියන්නේ නෑ. රජය කියන එකම දේ යුධමය වශයෙන් එල්ටීටීඊය අඩපණ කරලා සාකච්ඡා වලට ගෙන්වනවා කියන එකයි. ඒ අතර කාලයේ රජයෙන් සිදුවන ප්රචණ්ඩත්වය ගැන කියන්නේ නෑ. සිදුවන ඒවා වාර්තා වෙන්නෙත් නෑ. ප්රචණ්ඩත්වය කියන්නේ මිනීමරන එක විතරක්ද? මිනිසුන්ගේ යාමේ ඊමේ නිදහස සීමා කිරීම, බැණ වැදීම, ආර්ථික ගැටළු ආදී සියල්ලත් ප්රචණ්ඩත්වයයි. රජය කිසිවිටෙකත් පිළිගන්නවද රජය අතින් එවැනි අසාධාරණකම් උතුරු-නැෙගනහිර වගේම දකුෙණ් ජනතාවටත් සිදුවෙනවා කියන එක.
රජීව කියනවා රජය ප්රජාතන්ත්රවාදීව පත් වු රජයක් වන අතර එල්ටීටීඊය යනු ත්රස්තවාදී කණ්ඩායමක් නිසා දෙපාර්ශ්වයටම එක හා සමානව සලකන්න බැරි බව...
රජය එහෙම කියනවා නම්, ඒ නිසාම තමයි අපිත්, ජාත්යන්තරයත් හැම ඉල්ලීමක් ම රජයෙන් කරන්නේ. එතකොට රජය කියනවා නම්, අපිට විතරක් කියන්න එපා මේවා එල්ටීටීඊයටත් කියන්න කියලා. එවිට අපිට පෙරළා කියන්න වෙන්නේ රජය කලින් කියපු දේමයි. එල්ටීටීඊය කියන්නේ පිළිගත්ත කණ්ඩායමක් නොවෙයි නම් අපි කොහොමද මෙම ඉල්ලීම ඔවුන්ගෙන් කරන්නේ. පිළිගත්ත රජයක් ලෙස අපිට හා ජාත්යන්තරයට මෙම ඉල්ලීම කරන්න පුලූවන් රජයෙන් පමණයි. එහෙමනම් රජීව Why talk (again) now කියලා අහන්නේ කොහොමද?
උතුරු-නැගෙනහිර පළාත්වල ක්රියාත්මක වන පැරා මිලිටරි කණ්ඩායම් වලට රජය උදව් කිරීම
සම්බන්ධයෙන් රජයේ තර්කය, මෙම කණ්ඩායම් එල්ටීටීඊයට විරුද්ධව කටයුතු කරන නිසා ඔවුන්ට රජය සහයෝගය දැක්විය යුතු බවයි. ඒ ගැන ඔබේ අදහස....
රජය කියන විදිහට එල්ටීටීඊය තමයි ඉන්න එකම හතුරා. ඒ හතුරාගෙන් වෙන්වෙලා ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ආව පිල්ලෙයාන්ව අපි ආරක්ෂා කරන්න ඕන. ඒ සඳහා ඔවුන්ට ආයුධ සන්නද්ධ වෙන්න ඉඩ දෙන්න ඕන. ඇත්තටම එල්ටීටීඊ එකේ ඉතිහාසයත් සුන්දර ඉතිහාසයක් නෙවෙයි. එයාලත් එයාලගේ මතවාදයන්ට විරුද්ධව කටයුතු කරපු සංවිධාන රාශියක් නිහඬ කරවපු සංවිධානයක්. නමුත් රජය තමන්ගේ අනුග්රහය යටතේ පැරා මිලිටරි කණ්ඩායම් ක්රියාත්මක වෙන්න දෙනවානම් රජයට තමන් ප්රජාතන්ත්රවාදීය කියන කතන්දරය කියන්න බැහැනේ. රජය එතකොට ක්රියාකරන්නේ පැරා මිලිටරි කණ්ඩායම් එක්ක ප්රජාතන්ත්ර විරෝධී ක්රියාදාමයක් තුළ. රජය ආයුධ සන්නද්ධ කණ්ඩායම් දෙකක් වර්ගීකරණය කරලා. එක් කණ්ඩායමක් තමන්ගේ ආරක්ෂාව සඳහා ආයුධ තියාගත්තට කමක් නැහැ. අනෙක් කණ්ඩායමට තමන්ගේ ආරක්ෂාවට ආයුධ තියාගන්න බැහැ.
ඔබ සමුළුව මේ තත්වය යටතේ මැදිහත් කරුවන් ලෙස එක්සත් ජාතීන් මැදිහත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලනවා.....
එවැනි ඉල්ලීමක් කරන්න හේතුව තමයි ලංකාවේ ජනතාවට එල්ටීටීඊය ගැන වගේම රජය ගැනත් විශ්වාසයක් නොමැතිකම. එල්ටීටීඊය තවමත් කියන්නේ මේ සඳහා නෝර්විජියානුවන්ට මැදිහත් වෙන්න කියලා. නමුත් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කරනවානම් එවැනි ඉල්ලීමක් නීත්යානුකූලව කළ යුත්තේ රජය මිසක් එල්ටීටීඊයවත්, අපිවත්, වෙනත් කණ්ඩායමක්වත් නෙවෙයි.
මානුෂවාදී සේවා සපයන්නන්ට ලංකාවට ඒමට හා ලංකාවේ කටයුතු කිරීමට නිළ නොවන වාරණයක් ක්රියාත්මක වෙනවා. මෙය නවත්වන ලෙස මෙම සමුළුව ඉල්ලීමක් කර තිබෙනවා.....
රජය හිතන්නේ අපේ රටට හැමදේම කරගන්න පුළුවන් කියලා. ඒත් අපිට පිටරට අධාර නැතිව කරගන්න පුළුවන් එක දෙයක් කියන්න. කරන්න පුළුවන් එකම දේ බදු වැඩිකිරීමයි, බඩුමිළ ඉහළ දැමීමයි විතරයි. දැන් රජය නැෙගනහිර සංවර්ධනයට මුදල් ගන්නේත් එවැනි විදේශ සංවිධාන වලින්. අපි ආර්ථික සහ වෙළඳ වශයෙන් කොයිතරම් විදේශ රටවලින් යැපෙනවාද? මානුෂවාදී සහන සේවකයින් මේ රටේ නීති රීති උල්ලංඝනය කරනවානම් ඒවා ඔප්පු කරන්න ඕන. එහෙම නැතිව දැන් එක පාරටම නැගිටලා "මෙයා නවතින්න,මෙයා නවතින්න" කියන්නේ මෙච්චර කල් ඒ අයගෙන් උදව් ලබාගෙනයි. අනෙක මේ අය රජයේ ෆිල්ටර් එකක් හරහා ආ යුතුයි නම් ඒවා තවදුරටත් රාජ්ය නොවන සංවිධාන වෙන්නේ කොහොමද?
සමුළුව ඉල්ලා සිටින A9 මාර්ගය විවෘත කිරීම රජයත් ප්රතික්ෂේප කරනවා.
උතුරේ ජනතාව යාපනයට කොටුවෙලා ඉන්නෙ. A9 මාර්ගය නැත්නම් යාපනයෙන් පිටවෙන්න තියෙන්නෙ මාර්ග 02 යි. එකක් ප්ලේන් එකේ . ඒ එන්නෙ කොළඹට. අනෙක බෝට්ටුවෙන්. බෝට්ටු එන්නෙ ත්රිකුණාමලයට. මේ 3Km ක් යන්න ඒ අය එන්න ඕනෙ දවසක් ගෙවාගෙන කොළඹට. කොළඹ ඇවිත් කොළඹ ඉදන් යන්න ඕනෙ මුහමාලෙට. මුහමාලෙ ඉදන් ආපසු යන්න ඕනෙ අර පේන දුරින් තියෙන දුරට. අනෙත් පැත්තෙන් ත්රිකුණාමලයට ඇවිල්ලා , ත්රිකුණාමලයෙන් වව්නියාව, මැදවච්චිය, පැත්තෙන් මුහමාලේ හරහා එන්න ඕනෙ. ඒ එක්කම රු.20000.00 ක් විතර යනවා ප්ලේන් එකේ එන්න. බෝට්ටුවෙ එනවා නම් ඒත් එක්දාස් ගනක් යනවා. අනිත් අතට අද තියෙන තත්ත්වය අනුව තරුණයකුට එන්න බොහොම අමාරුයි. ඒ ඔක්කොම කාටද කරන්න පුළුවන්. මේ හේතු වාතාවරණය ඇතුළෙ එහා එහා ගමේ ඉන්න ඉක්කෙනාට මෙහා ගමේ ඉන්න තමන්ගෙ නෑදෑය දකින්නවත් විදියක් නැහැ ඒ නිසා මානුෂික හේතූන් මත මේ මාර්ගය විවෘත කිරීම අනිවාර්යයි. මේක සානුකම්පිත ඉල්ලීමක්. ඒ මිනිස්සුන්ට යන එනමං නැහැ. මේ කෑල්ලෙ විතරයි යන්න එන්න පුළුවන්.
මානුෂික හේතූන් මත මේ මාර්ගය විවෘත කිරීම අනිවාර්යයි. රජයට තියෙන ගැටළුව එය විවෘත කළ පසු එල්ටීටීඊය මගීන්ගෙන් බදු එකතු කිරීම නම්, රජය ඒ සඳහා වෙනත් විකල්පයක් යෝජනා කළ යුතුයි. එමගින් මේ මාර්ගය ආරක්ෂා කර දීම රජයට පහසුවෙන්ම කළ හැක්කක්. නමුත් ඒ පිළිබඳව කතා කිරීම පවා රජය ප්රතික්ෂේප කරනවා.
පසුගිය දිනවල මඩු දේවස්ථානය අවට සිදුවුනේ කුමක්ද කියා දකුණේ ජනතාව එතරම් දැනුවත් නැහැ. මේ අතර මඩු දේවස්ථානය අවට සාම කලාපයක් (peace zone) කළ යුතුයි කියා ඔබ සංවිධානය ඉල්ලීම් කළා.
මඩු දේවස්ථානය පිහිටි භූමියේ එල්ටීටීඊ සංවිධානය රැඳී සිටියාය යන්නත් සමගයි මේ ගැටළුකාරී තත්ත්වය මතු වුනේ. අපි දන්නා තරමින් ඔවුන් දේවස්ථාන භූමියේ රැදී සිටියේ නැහැ. නමුත් ඇති වී තිබු යුධ ගැටුම් හමුවේ හුවමාරු වු ෂෙල් වෙඩි දේවස්ථාන භූමි
යට වැටෙන්නට පටන් ගත් පසු ආරක්ෂාව පතා මඩු ප්රතිමාවත් රැගෙන එහි පියතුමන්ලා කිලිනොච්චියට ගියා. කිලිනොච්චියට යාමට හේතුව කලක පටන් මඩු දේවස්ථානයේ නතර වී සිට නැවත කිලිනොච්චියට ගිය ජනයා මඩු මෑණියෝ තමන්ගෙන් ඈත් නොකරන ලෙස ඉල්ලා සිටි නිසයි. එම නිසා මඩු දේවස්ථානය ආරක්ෂාකර ගැනීමට මේ දෙපාර්ශ්වයම එම ප්රදේශයෙන් ඉවත් වන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.
යට වැටෙන්නට පටන් ගත් පසු ආරක්ෂාව පතා මඩු ප්රතිමාවත් රැගෙන එහි පියතුමන්ලා කිලිනොච්චියට ගියා. කිලිනොච්චියට යාමට හේතුව කලක පටන් මඩු දේවස්ථානයේ නතර වී සිට නැවත කිලිනොච්චියට ගිය ජනයා මඩු මෑණියෝ තමන්ගෙන් ඈත් නොකරන ලෙස ඉල්ලා සිටි නිසයි. එම නිසා මඩු දේවස්ථානය ආරක්ෂාකර ගැනීමට මේ දෙපාර්ශ්වයම එම ප්රදේශයෙන් ඉවත් වන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.මෙතනින් එහාට සමුළුවේ මීලඟ පියවර කුමක්ද?
රජයේ පිළිතුරු ලැබුනත් නැතත් ඉල්ලීම් කරන එක අපි දිගටම කරනවා. සාමාන්ය මිනිසුන් අතර හොඳ හිත ගොඬනැඟීමයි අත්යාවශ්ය. එවිට සාමාන්ය මිනිස්සු කියයි අපි වෙනුවෙන් යුද්ධ කරන්න එපා කියලා. හැබැයි යුද්ධය අවශ්යයයි කියන දකුණේ මාධ්ය දැනටමත් එවැනි තත්වයක් ඇතිවෙන්න තියෙන ඉඩ කඩ අහුරලා ඉවරයි. අවසාන වශයෙන් අපේ එකම ඉල්ලීම පාර්ලිමේන්තුවේ විසඳන්න පුළුවන් ප්රශ්නයක් තුවක්කුවෙන් විසඳන්න එපා කියලයි.
Wednesday, June 11, 2008
චාන්සලර් ඇඩම්ගේ රජය ඪ හඳුන්වන්නේ මහජන ඡන්දයෙන් බලයට පත්වූ ප්රජාතන්ත්රවාදී රජයට විරුද්ධව කැරළි ගසන ත්රස්තවාදියෙකු වශයෙනි.
එහෙත් අනාගත බ්රිතාන්යය පාලනය කිරීම සඳහා මහජනයා තෝරා පත් කරගෙන ඇත්තේ ෆැසිස්ට් රජයකි. එය වධක කඳවුරු වලින්ද අසාධාරණ දඬුවම් පැමිණවීම් වලින්ද සුළුතර ජනකොටස් කෙරෙහි අගති ගාමීත්වයෙන්ද කප්ගසා ඇත.
ඪ විමුක්ති කාමියෙක් ලෙස පෙනී සිටින ත්රස්තවාදියෙක්ද ? නැත්නම් ත්රස්ත උපක්රම පාවිච්චි කරන විමුක්ති කාමියෙක් ද ?
ඪ විසින් රහස් පොලිස් අත් අඩංගුවෙන් බෙරගන්නා ඊවි හැමන්ඞ් නම් සුන්දර යුවතිය ඔහුගේ අරගලයේ කොටස් කාරියක් වේද? නැත්නම් සුන්දර ඊවී නිසා ඪගේ අරගලය අවසන් වී ඔහු සමාජයට අනුගතවේද?
ජනාධිපතිතුමා ගැන අපට කණගාටුයි.
ශාන්ත. ඩී. පතිරණ
අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සංගමය
ප්රධාන ලේකම්
ඔබ මානව හිමිකම් ක්රියාදරයෙක් බවට පත් වුණේ කෙහොමද?
මමත් වින්දිතයෙක් නිසා. මේ ක්ෂේත්රයට මං යොමු වුණේ මගේ සහෝදරයා අතුරුදහන් වීමෙන් පසු.
අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සංගමය
ප්රධාන ලේකම්
ඔබ මානව හිමිකම් ක්රියාදරයෙක් බවට පත් වුණේ කෙහොමද?
මමත් වින්දිතයෙක් නිසා. මේ ක්ෂේත්රයට මං යොමු වුණේ මගේ සහෝදරයා අතුරුදහන් වීමෙන් පසු.
මානව හිමිකම් ක්ෂේත්රයේ ඔබ මුලිකවම මැදිහත් වන්නේ, පුද්ගලයන් අතුරුදහන්වීම සම්බන්ධයෙන්. අතුරුදහන් වුවන් වෙනුවෙන් ගොඩනැගුණු මාපිය දුදරු සංගමයේ ඔබ ආරම්භක සාමාජිකයෙක්.
ඔව්. මම මීට සම්බන්ධ වුණේ 1996 දී. ඊට පෙර මගේ පියා විජයදාස පතිරණ මෙහි කටයුතු කලා.
මෙම සංගමයේ ආරම්භය දේශපාලන පක්ෂයක් හා බැඳී තියෙනවා.
ඔව්. නව සමසමාජ පක්ෂය තමයි අතුරුදහන්වුවන්ගේ මා පිය දුදරු සංගමයේ ආරම්භක පසුබිමේ හිටියේ. ගොඩක් ක්ෂේත්ර නිහඬව ඉන්න අවධියක පක්ෂය ඒ වෙනුවෙන් විශාල ලෙස මැදිහත් වුණා. ඒ හඬ අතුරුදහන් වුවන්ගේ පවුල් ඒකරාශී කිරීමට බොහෝ සේ උපකාරී වුණා.
ඔබත් එදා නව සමසමාජ පක්ෂ සාමාජිකයෙක්ද?
නැහැ. මම දේශපාලන ක්රියාධරයෙක් ලෙස කටයුතු කළේ නැහැ.
එදා ගොඩනැගුණු මාපිය දුදරු සංගමයට නිශ්චිතව ඔබ දුන් දායකත්වය කියන්න.

නිශ්චිතව කියනවානම් මම එයට නායකත්වය දුන්නා. නැත්තේ නැහැ. අතුරුදහන්වුවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ ප්රශ්ණ නිසියාකාරව අදාළ ක්ෂේත්රයන්ට යොමු කර සහනයක් ලබා ගැනීමේ වැඩ පිළිවෙල යටතේ මම කටයුතු කළා.
අද වෙනකොට අතුරුදහන්වුවන්ගේ මාපිය දුදරු සංවිධානය කියා එකක් නැහැ. ඇයි එහෙම වුණේ?
බලය සම්බන්ධයෙන් එකිනෙකා අතර ඇතිවු මත ගැටුම් තුළින් පැන නැගුණු අභ්යන්තර ප්රශ්ණ කීපයක් නිසා අපි අද අතුරුදහන්වුවන්ගේ මා පිය දුදරු සංවිධානය යන නම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සංගමය යන නමින් කටයුතු කරනවා. අතුරුදහන්වුවන්ගේ මාපිය දුදරු සංගමය අද වැළලිලා ගිහිං. නමුත් එය කිසිසේත් වර්ථමානයේ අපේ සේවාව අඩපණ කිරීමට හේතුවක් නොවෙයි.
අභ්යන්තර ගැටලූකාරී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්න උත්සාහ ගත්තාද?
ඔව්. අපිට විරුද්ධ අය අපෙන් අයින් වෙලා තියෙනවා. අපිට හිතවත් අය අපිත් සමඟ එකතු වෙලා තියෙනවා.
එම උත්සාහයට බාහිරින් ඇතිවන ගැටලූ මොනවාද?
අපේ ක්ෂේත්රයට ඇති අවධානය අඩු වීම වගේම රජය අපි දිහා බලන ආකාරයත් ලොකු ගැටලූවක්. අද අපි අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ පාර්ශ්වයෙන් සතුටට පත් නොවන කාරණයක් වෙලා. අපි ගන්නා සෑම ක්රියාමාර්ගයකටම විරුද්ධවයි ඔවුන් කටයුතු කරන්නේ.
ඔබ දේශීය මෙන්ම කලාපීය වශයෙනුත් අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් කටයුතු කරනවා. අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් අනෙක් රටවල්වල ප්රතිචාර කෙසේද?
අපේ රටේ අතුරුදහන්වීම් සිදුවුනාම ආණ්ඩුව යම් යම් පැලැස්තර දානවා. අසාර්ථක උත්සාහයන් වුවත් යම් වගකීමක් දරනවා කියලා කියන්න පුලූවන්. නමුත් අපිට සාපේක්ෂව තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි බොහෝ රටවල්වල රජයන් ඉතාමත් අඩු සැලකිල්ලක් අතුරුදහන්වීම් සම්බන්ධයෙන් තියෙන්නේ.
ඒ කියන්නේ අපිට අපේ රටේ තත්ත්වය ගැන සතුටුවෙන්න පුලූවන් කියලද?
නැහැ. අපේ රජය ඒ වෙනුවෙන් යම් යම් දේ කරනවා කියලා පෙන්නුවාට ඇත්තටම කරන දෙයක් නැහැ. ඒකෙන් කියන්නේ අපි ආසියාවේ අනිත් රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා සෑහීමට පත් විය යුතුයි කියන එක නොවෙයි.
අද බහුජන ව්යාපාර ගොඩ නැඟීමට දේශපාලන පක්ෂ වල සහාය අත්යාවශ්ය වෙලා. මේ දෙපිරිස අතර සම්බන්ධය කෙබඳු විය යුතුද?
බහුජන ව්යාපාරවල ශක්තිය පිළිබඳ ගැටලූවක් තියෙන නිසා ඒවා ගොඩනැෙඟන්නට දේශපාලන පක්ෂ වල සහාය අවශයි. නමුත් දේශපාලන පක්ෂ බහුජන සංවිධාන සමඟ එක් වීමෙන් කරන උපකාර තුළින් වින්දිතයෝ දේශපාලන අතකොලූ හෝ ඉලක්ක වීම මම අනුමත කරන්නේ නැහැ.
අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් බරපතල ලෙස චෝදනා එල්ල වන වත්මන් රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා අතුරුදහන්වුවන්ගේ හිමිකම් වෙනුවෙන් පෙරමුණේ සිටි අයෙක්. ඔහු බලයට ගෙන ඒමට දැඩි වෙහෙසක් දැරූ ඔබ සංවිධානය අද ඔහුට එල්ල වන චෝදනා ගැන මොකද කියන්න පුලුවන් ?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තත්ත්වය ගැන අපි බොහොම කණගාටු වෙනවා. අපේ සංවිධානයේ පවුල්වල සාමාජිකයෝ එදා අධිෂ්ඨාන පුජා කලා එතුමා ජනාධිපති වෙන්න කියලා. ඒවාට අපිත් අනුබල දුන්නා. ඒ අනුබල දුන්නේ ස්වාමිවරු, පුතුන් අහිමි වු බිරින්දෑවරු, මාපියවරු පිරිසක් නැවත මේ රටේ ඇති නොවේවා කියලා. මට හිතෙනවා ජනාධිපතිතුමා යම් බලවේගයකට අහුවෙලා කියලා. අනෙක එතුමා ජාතිවාදී හැඟීම් තුළ එල්බ ගෙන ඉන්නවයි කියලා. මොකද එතුමා සිංහල ජනතාව අතුරුදහන් වෙනකොට හරියට දැගළුවා. දැන් දෙමළ ජනතාව ඉතාම මිලේච්ඡ විදිහට අතුරුදහන් වෙනකොට එතුමාගේ හඬ එච්චර ශක්තිමත් නෑ. කොටින්ම හඬකුත් නෑ. ඒවාට අනුබල දීමක් තමයි තියෙන්නේ.
කොතනද අසමත් වීම?
අසමත් වීම යුද්ධය පවතින්න ඕන කියන හැඟීම තුළයි.
රටේ නැවත ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට ඔබගේ සහ අනෙක් මානව හිමිකම් ක්රියාධරයන්ගේ ඉදිරි න්යාය පත්රය කුමක් විය යුතුද?
මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අද රටේ පවතින ව්යවස්ථාව සහ අණපනත්වල ශක්තිමත්භාවය ඇති වෙන්න ඕන. දේශපාලන හස්තය රටේ නීතියට කොහෙත්ම සම්බන්ධ වෙන්න බැහැ. එය ස්වාධීන විය යුතුයි.
ඒ වෙනුවෙන් ඔබගේ යෝජනා හා ක්රියාකාරකම් මොනවාද?
අපේ විෂය පැත්තෙන් අපි කටයුතු කරනවා. අතුරුදහන් වීම් කියන අපරාධය අපරාධයක් ලෙස නීතිය පිළිගත යුතුයි. ඊට වගකිව යුතු සියලූම අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමට පියවර ගත යුතුයි. අතුරුදහන්වීම් වලට එරෙහි ජාත්යන්තර සම්මුතියට ආණ්ඩුව එකඟ විය යුතුයි කියලා අපි බලපෑම් කරගෙන යනවා. දැනට අතුරුදහන්වීම් පිළිබඳ කොමිසමක් තිබුනට නඩු පැවරීමේ බලය එයට නැහැ. නඩු පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඔවුන් නඩු පවරන කොට ඒ ගැන පරීක්ෂණ පවත්වන්නේ ආරක්ෂක අංශ. එතකොට වෙන්නේ අපරාධ වලට වගකිවයුතු අයම ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමයි. ඒ නිසා දැනට පවතින අතුරුදහන්වීම පිළිබඳ නීතිය ක්රියාත්මක වෙන විදිහ හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්.

Monday, June 9, 2008
ඔන්න, සුද්දා බලාගෙන ඉන්නවා.
සුදර්ශන ගූනවර්ධන...................
චිත්රපටයක ශෘංගාරාත්මක ජවනිකාව රඟපාන නලූ-නිළි යුවළක් ගනිමු. ඔවුන් තමාට අදාළ ජවනිකාව රඟ
පාන විට කැමරා(කරුගේ) ඇස තමා වෙත යොමු වී ඇති බව ඔවුහු දනිති. එනම් ඔවුන් කැමරාවේ දැක්මට හසු වී ඇත.
තේ වත්තක දලූ නෙළන ගැහැණුන් පිරිසක් තම කාර්යය කරන විට කංකානි හෙවත් වැඩ සුපරීක්ෂක තමා කරන කාර්යය දෙස බලා සිටින බව දනියි. එනම් ඔවුන් කංකානිගේ දැක්මට හසු වී ඇත.
සියවස් ගණනක් සුදු හම ඇති අධිරාජ්යවාදීන් යටතේ ජිවත් වු යටත්විජිත වැසියන් වන අපි මහජන අවකාශය තුළ අප සිදු කරන ක්රියාකාරකම් සුදු අධිරාජ්යවාදී හාම්පුතාගේ සුපරීක්ෂණයට හෙවත් දැක්මට ලක්ව තිබෙනු අත්දැක පුරුදුය. වසර 60 කට පෙර සුදු හාම්පුතා භෞතිකව මෙරට හැර ගියද තවමත් ඔහුගේ අවතාරය, අප මනසේ හොල්මන් කරන බැවින් අප අවිඥානිකව සිතන්නේ තවමත් ඔහුගේ දැක්මට අප ලක් වී ඇති බවයි.
නිදහස ලබාගෙන රටේ පාලනය ස්වදේශිකයන් විසින් භාරගත් දා සිට අප කටයුතු කර තිබෙන්නේ සුදු මිනිසාගේ දැක්ම අප වෙත වැටී ඇත යන විශ්වාසයෙනි. එබැවින් අපි මහජන අවකාශය තුළ නැත්නම් ප්රසිද්ධියේ කථා කරන කටයුතු සුදු මිනිසා විසින් අපට සාදා දෙන ලද සම්මතයන්ට සහ ප්රමිතීන්ට අනුකූලව සිදු කරන බව පෙන්වීමට විශාල වෑයමක් දරා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව, අධිකරණය, මැතිවරණ ක්රමය, රාජ්ය පරිපාලනය, විගණන ක්රියාවලිය, ආදිය සම්මත ප්රමිතීන් තුළ පවත්වා ගෙන යාමට උත්සාහ දරා ඇත.
නමුත්, ඓතිහාසිකව සුදු හාම්පුතාගේ දැක්මට ලක් නොවු පුද්ගල අවකාශය තුළ සිදු කරන ක්රියාකාරකම් හෙවත් පුද්ගලිකව කරන කටයුතු සම්බන්ධයෙන් එම ප්රමිතිය අදාළ නොවීය. ප්රසිද්ධ ජිවිතයේදී කලිසම, කමිස ඇඳ ටයිපටිය හා සපත්තුව පළඳින ශ්රි ලාංකිකයා ගෙදරට ඇතුලූ වු පසු උඩුකය වැසීමක් රහිතව නිකංම සරමක් ඇඳ ගන්නා සේ මෙය අපට ලාංකිකයාගේ පියවි ස්වරූපය ලෙස හඳුනා ගැනීමට පුලූවන.
රාජ්ය පාලකයන් ඉහත කී තර්කනය අනුව ක්රියාකරද්දී විසම්මුතික වන විරුද්ධ පක්ෂය හෝ සිවිල් සමාජය හෝ ක්රියාකරන්නේ ද එම තර්කයේ රාමුව තුළමය. ඔවුන් ද බටහිර රටවල සිටින සුදු හාම්පුතාගේ දැක්මට තමන් හසු වී ඇති බව අවිඥානිකව විශ්වාස කරති. එබැවින්
1 රාජ්ය පාලකයා විසින් කටයුතු කරන්නේ සුදු මිනිසා විසින් තනා අපට භාර දී ඇති සම්මතයන් හා ප්රමිතීන්ට අනුකූලව නොවන බව සුදු මිනිසාට පෙන්වා දීමට ඔවුහු කටයුතු කරති.

2 එයට ප්රතිපක්ෂව තමන් හැසිරෙන්නේ එකී සම්මතයන්ට හා ප්රමිතීන්ට අනුව බව සුදු මිනිසාට ඒත්තු ගැන්වීමට ඔවුහු වෙහෙසෙති. විරුද්ධ පක්ෂය, තමන් බලයට පැමිණි පසු එම සම්මතයන් ආරක්ෂා කරන බවට පොරොන්දු දෙන අතර, සිවිල් සමාජය කවුරුන් බලයට පැමිණියත් තමන් එම සම්මතයන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවටත්, එම බිඳ දෑමීමට ගන්නා උත්සාහයන්ට විරුද්ධ වන බවටත් ප්රකාශ කරති.
ලංකාවේ මානව අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධව වර්තමානයේ පවත්නා කතා බහ විශ්ලේෂණය කිරීම මඟින් ඉහත දැක් වු ප්රවාදය සනාථ කිරීම සඳහා අපට උදාහරණ සපයා ගැනීමට පුලුවන.
චිත්රපටයක ශෘංගාරාත්මක ජවනිකාව රඟපාන නලූ-නිළි යුවළක් ගනිමු. ඔවුන් තමාට අදාළ ජවනිකාව රඟ
පාන විට කැමරා(කරුගේ) ඇස තමා වෙත යොමු වී ඇති බව ඔවුහු දනිති. එනම් ඔවුන් කැමරාවේ දැක්මට හසු වී ඇත.තේ වත්තක දලූ නෙළන ගැහැණුන් පිරිසක් තම කාර්යය කරන විට කංකානි හෙවත් වැඩ සුපරීක්ෂක තමා කරන කාර්යය දෙස බලා සිටින බව දනියි. එනම් ඔවුන් කංකානිගේ දැක්මට හසු වී ඇත.
සියවස් ගණනක් සුදු හම ඇති අධිරාජ්යවාදීන් යටතේ ජිවත් වු යටත්විජිත වැසියන් වන අපි මහජන අවකාශය තුළ අප සිදු කරන ක්රියාකාරකම් සුදු අධිරාජ්යවාදී හාම්පුතාගේ සුපරීක්ෂණයට හෙවත් දැක්මට ලක්ව තිබෙනු අත්දැක පුරුදුය. වසර 60 කට පෙර සුදු හාම්පුතා භෞතිකව මෙරට හැර ගියද තවමත් ඔහුගේ අවතාරය, අප මනසේ හොල්මන් කරන බැවින් අප අවිඥානිකව සිතන්නේ තවමත් ඔහුගේ දැක්මට අප ලක් වී ඇති බවයි.
නිදහස ලබාගෙන රටේ පාලනය ස්වදේශිකයන් විසින් භාරගත් දා සිට අප කටයුතු කර තිබෙන්නේ සුදු මිනිසාගේ දැක්ම අප වෙත වැටී ඇත යන විශ්වාසයෙනි. එබැවින් අපි මහජන අවකාශය තුළ නැත්නම් ප්රසිද්ධියේ කථා කරන කටයුතු සුදු මිනිසා විසින් අපට සාදා දෙන ලද සම්මතයන්ට සහ ප්රමිතීන්ට අනුකූලව සිදු කරන බව පෙන්වීමට විශාල වෑයමක් දරා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව, අධිකරණය, මැතිවරණ ක්රමය, රාජ්ය පරිපාලනය, විගණන ක්රියාවලිය, ආදිය සම්මත ප්රමිතීන් තුළ පවත්වා ගෙන යාමට උත්සාහ දරා ඇත.
නමුත්, ඓතිහාසිකව සුදු හාම්පුතාගේ දැක්මට ලක් නොවු පුද්ගල අවකාශය තුළ සිදු කරන ක්රියාකාරකම් හෙවත් පුද්ගලිකව කරන කටයුතු සම්බන්ධයෙන් එම ප්රමිතිය අදාළ නොවීය. ප්රසිද්ධ ජිවිතයේදී කලිසම, කමිස ඇඳ ටයිපටිය හා සපත්තුව පළඳින ශ්රි ලාංකිකයා ගෙදරට ඇතුලූ වු පසු උඩුකය වැසීමක් රහිතව නිකංම සරමක් ඇඳ ගන්නා සේ මෙය අපට ලාංකිකයාගේ පියවි ස්වරූපය ලෙස හඳුනා ගැනීමට පුලූවන.
රාජ්ය පාලකයන් ඉහත කී තර්කනය අනුව ක්රියාකරද්දී විසම්මුතික වන විරුද්ධ පක්ෂය හෝ සිවිල් සමාජය හෝ ක්රියාකරන්නේ ද එම තර්කයේ රාමුව තුළමය. ඔවුන් ද බටහිර රටවල සිටින සුදු හාම්පුතාගේ දැක්මට තමන් හසු වී ඇති බව අවිඥානිකව විශ්වාස කරති. එබැවින්
1 රාජ්ය පාලකයා විසින් කටයුතු කරන්නේ සුදු මිනිසා විසින් තනා අපට භාර දී ඇති සම්මතයන් හා ප්රමිතීන්ට අනුකූලව නොවන බව සුදු මිනිසාට පෙන්වා දීමට ඔවුහු කටයුතු කරති.

2 එයට ප්රතිපක්ෂව තමන් හැසිරෙන්නේ එකී සම්මතයන්ට හා ප්රමිතීන්ට අනුව බව සුදු මිනිසාට ඒත්තු ගැන්වීමට ඔවුහු වෙහෙසෙති. විරුද්ධ පක්ෂය, තමන් බලයට පැමිණි පසු එම සම්මතයන් ආරක්ෂා කරන බවට පොරොන්දු දෙන අතර, සිවිල් සමාජය කවුරුන් බලයට පැමිණියත් තමන් එම සම්මතයන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවටත්, එම බිඳ දෑමීමට ගන්නා උත්සාහයන්ට විරුද්ධ වන බවටත් ප්රකාශ කරති.
ලංකාවේ මානව අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධව වර්තමානයේ පවත්නා කතා බහ විශ්ලේෂණය කිරීම මඟින් ඉහත දැක් වු ප්රවාදය සනාථ කිරීම සඳහා අපට උදාහරණ සපයා ගැනීමට පුලුවන.
Subscribe to:
Posts (Atom)