Friday, March 19, 2010

සිවිල් සමාජය අත්‍යන්තයෙන්ම දේශපාලනීයකරණය වු බලවේගයක්


ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ‘නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කාරියක වන අතර වෙනස්කොට සැලකීම්වලට හා වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනියද වන්නීය.



ඔබ ‘නිදහසේ වේදිකාව’ සංවිධානයේ කැඳවුම්කාරියක් ලෙස ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා විවේචනය කරන ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රකාශිකාවක්. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සමුළුවලදී ඔබ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරුද්ධව අදහස් පළ කොට තිබෙනවා. මේ දිනවල ජනමාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන්ගේ ලැයිස්තුවක් රජයේ ඔත්තු සේවා විසින් සකස් කොට ඔවුන් ශ්‍රේණිගත කොට ඇතැයි කියවෙන නමුත්, ඔබේ නම එහි ඇතුළත් වී ඇතැයි වාර්තා වෙන්නේ නැහැ. ඒ ඇයි?
ඔය වගේ ලැයිස්තු කිහිපයක මීට පෙර අපේ නම් තිබුණා. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ defence.lk වෙබ් අඩවියේ පළවූ දේශද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ අපේ නම් ඇතුළත් කර තිබුණා. මට කියන්න තිබෙන්නේ මම ලංකාවේ යහපාලනය ඇති කිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා වාමාංශික පක්ෂවල වගකීම විශාලයි


අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකට වාමාංශික නායකයෙකු මෙන්ම නිදහසේ වේදිකාවේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.



ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක මූලික ලක්‍ෂණය වන්නේ කලින් කලට තමන්ගේ පාලකයින් නිදහස්ව හා ස්වාධීනව පත් කිරීමට ඇති අයිතිය, නීතියේ ස්වාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ගරු කිරීම වේ. රට තුළ අද සිදුවන්නාවූ සිදුවීම් සලකා බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. දීර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන් ගරු කරමින් පාලනය වූ අප රට වැනි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට දැඩි අභියෝගයන් ලක් වූ අවස්ථාවක රටේ දේශපාලන පක්ෂ සතු කාර්යභාර්ය හා වගකීම කුමක් විය යුතුද යන්න සලකා බැලිය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගේ දේශපාලන සංස්කෘතියේ මූලික පදනම හෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ බිඳ වැටීමත් සමඟ සමාජය අගය කරන්නාවූ සියලූ අගයන් හා සමාජය රඳා පවත්නාවූ මූලික පදනම කඩා වැටීම වැළැක්විය නොහැක. ඒ අනුව මුළු රටම දැඩි අර්බුදයකට පත් වනු ඇත.

Friday, March 12, 2010

ඇයි මේ අන්දොස් වෙලා ...?

මහ මැතිවරණය පැවැත්වීමට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ජනාධිපතිවරණයට පෙර ඇතිව තිබූ උණුසුම T-20 පන්දු ඕවර විස්සේ තරගයක් හේතුවෙන් ඇතිවන උනන්දුවට සමකළ හැකි නම්,මහ මැතිවරණය හරියට T-20 තරගාවලිය සත්කාරක රට විසින් දිනා ගැනීමෙන් පසුව පවත්වනු ලබන ටෙස්ට් ක‍්‍රිකට් තරගයක තත්ත්වයට පත්ව තිබේ.
හාවගේ සහ ඉබ්බාගේ රේස් දිවීම වැනි තරගයක් බවට ජනාධිපතිවරණය පත්වන බව ආණ්ඩුවේ තක්සේරුව විය. ඉබ්බා ෂුවර් එකටම පරදින බවට සහතික නමුත්, ඉබ්බාගේ පැත්තේම අය ලවා තරග පරාජයෙන් පසු ඉබ්බා බ්ලාස් යවා තමන්ට හිතවත් ඉබ්බකු ඉබි පිලේ නායකත්වයට පත් කිරීමට කල්පනා කරමින් ගහක් යට නිදි සුව විඳිමින් සිටි හාවාට දවල් තරු පෙනුණේ පොදු අපේක්ෂක ඉබ්බකු තමන් පසු කරමින් ඉදිරියට යන බව දුටු විටය. හිට්ලර්ගේ සිට ඉඩි අමීන්, සම්බන්ධන්,කලවැද්දන් ....

Read more...
View Pdf

දේශපාලකයා මාධ්‍යවේදියාගේ ඔළුවට ගහලා

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මාස දෙක හමාරක් ගත වී ඇත. ඔහු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. ඔහුගේ අතුරුදහන්වීම ජනමාධ්‍යවේදියෙකුට සිදුවූ විපතක් වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ විට ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බලනු වෙනුවට ආණ්ඩුව පැත්තෙන් අසන ලද්දේ කැකිල්ලේ වර්ගයේ ප‍්‍රශ්නයකි.
”එක්නැලිගොඩ කියන්නේ කවුද ? ”
ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුව කිසියම් පුද්ගලයෙකුට ඔවුන්ගේ අමාත්‍යංශය විසින් නිකුත් කළ නිල හැඳුනුම්පතක් නැත්නම් ඔහු හෝ ඇය මාධ්‍යවේදියෙකු නොවේ. ජනමාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. හරියටම භික්ෂූන් වහන්සේ නමක් කිසියම් වරදකට චූදිතයකු වූ විට මාධ්‍යයට ඔහු චීවරධාරියෙකු

Read more...
View PDF

Tuesday, March 9, 2010

සමබිම 100 වන කඩඉම පසු කිරීම නිමිත්තෙන් මෙතෙක් සමබිම සමඟ රැඳී සිටි පාඨකයන් කිහිපදෙනෙකු මෙසේ සිය අදහස් දැක්වූහ.

සමබිම සෙන්චරිය

කෙතරම් පළපුරුදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට වුවද සෙන්චරියක් දැමීම හෙවත් ශතකයක් ලබා ගැනීම ආඩම්බරයට සහ ආහ්ලාදයට හේතුවකි. එසේ නම් නවක ක‍්‍රීඩකයෙකු තම කුළුඳුල් ශතකය වාර්තා කිරීම කෙතරම් ප‍්‍රීතිදායක මොහොතක්දැයි කීමට ටීකා ටිප්පනි අනවශ්‍යය. එම කුළුඳුල් ශතකය ලබා ගන්නා ලද්දේ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු තණ තිල්ලක් මත, ලොව භයානකම පන්දු යවන්නන් පිරිසකට සහ අති දක්ෂ පන්දු රකින්නන් පිරිසකට මුහුණ දෙමින් නම් නිහතමානී ආඩම්බරයක් ඇතිවීම වැළැක්වීමට නොහැකිය. පිතිකරුවා අනෙක් අන්තයේ සිටින තම සහායක පිතිකරුවා බදා වැළඳ ගෙන පිත්ත ඔසවා ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන්නේ එබැවිනි.
එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව කණ්ඩායම් ක‍්‍රීඩාවකි. ශතකය වාර්තා කිරීමෙන් ප‍්‍රමෝදයට පත්ව අපරීක්ෂාකාරී පහරවල් එල්ල කිරීමට උත්සාහ ගත්තොත් නිරපරාදේ දැවී ගොස් කණ්ඩායම තරගයෙන් පරාජය විය හැකිය. එබැවින් පේ‍්‍රක්ෂකාගාරයේ උණුසුම් අත් පොළසන් නාදය පිළිගැනීමෙන් අනතුරුව නැවතත් තමන්ගේ සීමාවට ගොස්, හිස නමාගෙන සුපරීක්ෂාකාරීව නැවත පිති හරඹය ඇරඹිය යුතුය. ශතකය අමතක කොට නැවතත් එකෙන් පටන් ගත යුතුය.
‘සමබිම’ ශතකය වාර්තා කළ මේ මොහොතේ අපි ද නිහතමානී ආඩම්බරයකින් යුතුව අපගේ පෑන් ඔසවා පාඨක ඔබ සැමට ආචාර කරමු. ඔබගේ ඔල්වරසන් ලැබුණත් නැතත් හිස නමාගෙන තරගයේ ඉතිරි කොටස ක‍්‍රීඩා කිරීම පිණිස නැවත ඉනිම අරඹන්නෙමු.
ලබන සතියේත් හමුවෙමු.

සමබිම වෙනුවෙන්
රයිට්ස් නව් - ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සාමූහිකය
2010 මාර්තු 03

View Pdf

Monday, March 1, 2010

ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූයේ සාම්ප‍්‍රදායික ආකාරයට විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවයක් හෝ සන්ධානයක් ගොඩනැගීමෙන් අනතුරුව නොවේ. එක් එක් පක්ෂ වෙන වෙනම පොදු අපේක්ෂකයා වෙත තම සහයෝගය පළ කරන ලද අතර එහිදී සියළු පක්ෂවල පොදු අපේක්ෂාව වූයේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරනු ලබන පොදු අපේක්ෂකයා මඟින් සියළු දෙනාටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය වන හුස්ම ගැනීමේ අවකාශයක් නිර්මාණය කර ගැනීමය.
ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී ප‍්‍රකාශ කළේ තමන්ට වෙනත් කිසිදු පක්ෂයක් සමඟ ගිවිසුමක් නොමැති බවත් තමාගේ එකඟතාවන් ඇත්තේ ජෙනරාල් ෆොන්සේකා මහතා සමඟ පමණක් බවත්ය. එක්සත් ජාතික පක්ෂය පැවසුවේ සියළු පක්ෂ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට එකඟව ඇති හෙයින්ද එම පොදු අපේක්ෂකයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වන හෙයින්ද මෙම ජනාධිපතිවරණයට තම පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත් මෙය ජනමත විචාරණයක් ලෙස සලකා හංසයා ලකුණට ඡන්දය දෙන ලෙස පාක්ෂිකයන්ට නියෝග කරන බවත්ය.

Read More...
View PDF ...