Monday, January 25, 2010

දේශපාලනය සහ විශ්වාස කිරීම

සුදර්ශන ගුණවර්ධන

ජෙනරාල්ව විශ්වාස කරන්න පුළුවන්ද? ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන්ද?කවුරුත් අහන පිළිතුරු නොදෙන ප‍්‍රශ්නයට පිළිතුරක්

දේශපාලන නායකයන් බෙර ගසා, බුලත් හුරුළු දී පිළිගෙන පෙරහැරින් වඩම්මාගෙන ගොස් සංවාද භූමියට පිවිසවා, චියරින් ස්කොඞ් ද වටේට වාඩි කරවා දේශපාලන සංවාදය සුපර් ස්ටාර් තරඟය වැනි ප‍්‍රසාංගික අත්දැකීමක් බවට පත් කළ සිරස රූපවාහිනියේ ‘සටන’ වැඩසටහනේ එක් ප‍්‍රසංගයකදී එහි වන ප‍්‍රශ්න විචාරකයෙකු වන (විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ) මරික්කාර් නැමැති දේශපාලන විශ්ලේෂකයා විපක්ෂයේ නියෝජිතයෙකුගෙන් නිර්භීත ප‍්‍රශ්නයක් ඇසීය. ‘‘ජෙනරාල් ෆොන්සේකා බලයට ආවොත් ඔය කියන ප‍්‍රතිසංස්කරණ කරාවි යැයි ඔබට විශ්වාස ද? එසේ විශ්වාස කරන්නේ කෙසේද?” ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිළිවෙත පරාජය කොට ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට අවකාශයක් ලබා ගනු පිණිස විරුද්ධ පක්ෂ විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවිය යුතු යැයි යමෙකු කියන විට ඔහුට හෝ ඇයට ද නිසැකව ම මෙම ප‍්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. මග තොට දී හමුවන අය පමණක් නොව හදිසියේම ‘ස්කයිප් ’ තාක්ෂණය හරහා නොමිළේ ම පරිගණක තිර මතට කඩා පාත්වන විදේශ ගත ශ‍්‍රී ලාංකිකයන් ද මේ ප‍්‍රශ්නය ම නැවත නැවතත් වරනගති. ”ජෙනරාල් ව විශ්වාස කරන්න පුළුවන් ද? ඒ ගැන ඔයාලා ට සහතිකයක් දෙන්න පුළුවන් ද?”

Read more...
View Pdf...

Friday, January 15, 2010

රාජා හෝ මා හෝ ගංගා හෝ


සුදර්ශන ගුණවර්ධන

ඵකමත් එක රටක ජීවත් වූ මහරජතුමෙකුට තිත්ත නැති කොහොඹ ගසක් අයිති කර ගැනීමට ආශාවක් පහළ විය. රටේ ඇති සියළු ජාතික ප‍්‍රශ්න මේ කොහොඹ ගස මඟින් විසඳිය හැකි බව ඔහුට විශ්වාසය. සිහිබුද්ධිය ඇති මිනිසුන් එය කිසිදාක කළ නොහැක්කක් බව ප‍්‍රකාශ කළහ. මේ අවස්ථාවේ එක් පුද්ගලයෙක් අභියෝගය බාර ගන්තේ ඇමතිවරුන් ඇතුළු සෙසු පුද්ගලයන් අන්දමන්ද කරමිනි.

ඒ අනුව ‘තිත්ත නැති කොහොඹ’ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අදාළ පුද්ගලයා ඉල්ලා සිටි සියළු ප‍්‍රතිපාදන ලබාදෙන ලෙස නියෝග කෙරිණි. ඉල්ලා සිටි පරිදි ගඟ අසබඩ පහත් බිමක් කොහොඹ වගාව සඳහා ලබාදුන් අතර කොහොඹ පැළය එහි සිටුවා එය උදේ සවස නෑවීම පිණිස කිරි කළ හතක් ද, මී පැණි කළ හතක් ද දිනපතා සපයන ලදී. ව්‍යාපෘතිය නිම කොට තිත්ත නැති කොහොඹ ගසක් නිෂ්පාදනය කිරීම සඳහා ගතවන කාලය අවුරුදු හයක් ලෙස ප‍්‍රකාශ කොට ආරම්භ කළ දිනය සහ අවසන් කළයුතු දිනය සඳහන් ඵලකයක්ද සවි කරන ලදී.

Read More...
View Pdf...

ක‍්‍රිකට් බෝල සෙල්ලම හා රණ විරුවෝ‍

ලාල් පෙරේරා

දේශ හිතෛෂී පෙරමුණේ නායක ගුණදාස අමරසේකර, ‘ක‍්‍රිකට් ක‍්‍රීඩාව ’ හඳුන්වන්නේ ක‍්‍රිකට් බෝගල සෙල්ලම නමිනි. ජනාධිපතිවරණයේ ප‍්‍රධාන පාර්ශ්වයන් දෙකම සොල්දාදුවන් ‘රණවිරුවන් ’ ලෙස නම් කර විකුණාගෙන කන බැවින් පහත සිද්ධිය වැදගත් යයි සිතමි. යුද හමුදාවේ කෝප‍්‍රල්වරයෙකු වූ අජන්ත මෙන්ඩිස් ක‍්‍රිකට් බෝල සෙල්ලමේ විකට් හයක් ලබා ගැනීම හේතුකොට ගෙන ඔහුව ලූතිනන් තනතුරකට ජනාධිපතිවරයා විසින් පත් කර තිබීම එකල රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය මඟින්ද විශාල ලෙස ප‍්‍රචාරය කර තිබිණ. මේ අනුව අජන්ත මෙන්ඩිස් තරණය කර ඇති නිලයන් පහත පරිදිය.

Read More....
View Pdf ....

Tuesday, January 12, 2010

පොදු අපේක්ෂාව ඃ විමල්ට චම්පිකට බය නැති නායකයෙක්


සුදර්ශන ගුණවර්ධන

අළුත් අවුරුද්ද එළැඹීමත් සමඟම ජනාධිපතිවරණ සටන උණුසුම් වී ඇත. අවුරුදු දහහතකට වරක් එළැඹෙන මේ සංක‍්‍රාන්ති සමයේදී තාක්ෂණයේ ඇති වී ඇති දියුණුවත්, මිනිසුන් වයසට යාමත් නිසා සිදු වී ඇත්තේ අමුතු විපර්යාසයකි. 1977 දී යූ.එන්.පී නිල ප‍්‍රකාශනය වූ ‘සියරට’ පත්තරය විසින් සිදුකළ වෙනසක් සඳහා වන ආශාව නියෝජනය කිරීමේ කාර්ය භාරය 1994 දී ‘රාවය’ සහ ‘යුක්තිය’ වැනි විකල්ප පත්තර වලටත්, ‘බී.බී.සී සංදේශය’ සහ ‘වෙරිටාස්’ ගුවන් විදුලිය වෙතටත් මාරු වූ අතර අද ඒ කාර්ය භාරය ‘ලංකා ඊ නිව්ස්’ සහ ‘ලංකා නිව්ස් වෙබ්’ ආදී වෙබ් අඩවි අතට පත් වී ඇත.

Read More....
View Pdf....

Friday, December 18, 2009

ඉල්ලාගත් කේතලය සහ රාජ්‍ය රහස් හෙළිකිරීම

සුදර්ශන ගුණවර්ධන

රාජ්‍ය රහස් හෙළිකිරීම
යුද්ධයේ අවසාන අදියරේදී එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායක නඬේසන්, සාම මහ ලේකම් කාර්යාලයේ නායක පුලිදේවන් සහ රමේෂ් ඇතුළු කණ්ඩායමක් සුදු කොඩි රැගෙන ශ‍්‍රී ලංකා හමුදාව වෙත යටත්වීමට පැමිණි බවත්, එසේ වුවද යටත් වීමට ඉඩ නොදී ඔවුන් ඝාතනය කරන ලද බවත් පිළිබඳ වූ කතා ප‍්‍රවෘත්තියට නැවත පණ ලැබී, තටු ගසා, ගුවන සිසාරා පැතිරෙන්නට වී ඇත.
මෙම කතාව කරළියට එන්නේ යුද ජයග‍්‍රහණය සඳහා වගකිවයුතු සේනාධිනායකයා වු මහරජතුමාද, සෙන්පතියා වූ ජෙනරාල්තුමාද ප‍්‍රතිමල්ලවයන් වශයෙන් ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇති පසුබිම තුළය.

Read More...
View Pdf...

දැන් මිනිස්සු කතාකරන්න පටන් අරගෙන

සාධු ජනරාව ප‍්‍රසංගයේ නිර්මාතෘ, ගායන ශිල්පී
ජයතිලක බණ්ඩාර
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

නිදහසේ වේදිකාව මෙතෙක් ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
නිදහසේ වේදිකාව පටන්ගන්නා මොහොත වෙනකොට සමාජය අයිස් තට්ටුවක් බවට පත්වෙලා තිබුණේ. මිනිස්සු සිද්ධවෙන දේවල් දිහා බලාගෙන හිටියා.නමුත් ඔවුන් තුළ ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන්න සූදානමක් අපි දැක්කෙ නැහැ. යම් සමාජයක් අගතියට යනකොට ඒ සමාජයේ ඉන්න හෘදය සාක්‍ෂියක් තියෙන මිනිස්සු ඒකට විරුද්ධව නැඟී සිටිනවා. නමුත් නිදහසේ වේදිකාව ආරම්භ කරපු අවධිය වෙනකොට එහෙම හිටපු පිරිස පවා පාලකයා විසින් තාන්න මාන්න, නම්බුනාම හා නොයෙක් වරප‍්‍රසාද දීලා ඔවුන්ගේ ගැත්තන් බවට පත්කරගෙන හිටියේ. මං මේ කතා කරන්නේ කලාකරුවන්, මාධ්‍යවේදීන් ඒ වගේම බුද්ධිමතුන් බහුතරයක් පිළිබඳවයි. එවැනි වකවානුවකයි නිදහසේ වේදිකාව පටන්ගත්තේ. ඒක දුෂ්කර ගමනක් වුණා. නමුත් අද වෙනකොට මිනිස්සු නැවත අසාධාරණයට විරුද්ධව කතාකරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම දුෂ්ඨ පාලකයෝ හෙලවෙන්න පටන් අරන් තියෙනවා. ඒ පාලන යන්ත‍්‍රය ඉරි තලලා තියෙනවා. නිදහසේ වේදිකාව නිශ්ශබ්දතාවය බිඳින්න මිනිස්සුන්ට ආරාධනා කළා. ඒ නිසා මිනිස්සු අසාධාරණයට එරෙහිව නැඟී සිටින්න පටන් අරගෙන තියෙනවා. ඒක නිදහසේ වේදිකාව විසින් කළ කාර්යභාරයක් නිසා සතුටක් දැනෙනවා.

Monday, December 14, 2009

මඩෙන් එපා ගොඩෙන් එන්න

සුදර්ශන ගුණවර්ධන

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ ම රාජ්‍ය මාධ්‍ය ද එම මාධ්‍ය හසුරුවන දැළි පිහි අතින් ගත් හෙංචයියන් පිරිසද තමා මෙතෙක් කලක් කරගෙන ගිය මඩ මෙහෙයුම දෙගුණ තෙගුණ කර තිබේ.
මේ මෙහෙයුම මෙසේ දියත් වන්නේ, ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයට කැඳවා ඡන්ද සටන මඩ ගැසීම් වලින් තොරව ගෙන යමු යැයි ප‍්‍රකාශ කොට තිබියදීය.
පසුගිය කාලය තිස්සේම විපක්ෂ නායකවරයාට, ආණ්ඩුවට විරුද්ධව කට අරින අතළොස්සක් වූ විපක්ෂ මන්ත‍්‍රීන්ට, ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන්ට සහ විසම්මුතික මත දරණ සිවිල් සංවිධාන නායකයින් වෙත ලෝබ නැතිව එල්ල කළ මඩ බාල්දි ප‍්‍රහාරය දැන් යුද්ධය දිනූ මහා සෙන්පතියා වෙත ද එල්ල කිරීමට පටන් ගෙන ඇත.

Read More ...
View Pdf ...