Thursday, July 16, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයෙහි ප‍්‍රධාන මූලධර්ම දෙකක් වේ. පළමුවැන්න බහුතරයේ කැමැත්ත මත පාලනය කිරීමයි. දෙවැන්න බහුතරය ලබා නොගන්නා පිරිසට විපාක්ෂික විසම්මුතික පාර්ශ්වයක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවයි.

උදාහරණයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් සේ සැලකෙන කැනඩාව ගනිමු. කැනඩාව ප‍්‍රාන්ත සමූහයක් සහිත ෆෙඩරල් හෙවත් නිර් මධ්‍යගත පාලන ව්‍යුහයක් ඇති රටකි. බහුතර කැනේඩියානුවන් භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි භාෂාවය. එහෙත් ක්විබෙක් ප‍්‍රාන්තයෙහි බහුතරයක් භාවිතා කරන්නේ ප‍්‍රංශ භාෂාවයි. රටේ නිල කටයුතු වලදී ඉංග‍්‍රීසි සහ ප‍්‍රංශ යන භාෂා දෙකම භාවිතා වෙයි. ක්විබෙක් ප‍්‍රාන්තයේ බෙදුම්වාදී ව්‍යාපාරයක් පවතී. එය ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් නොවේ. අදහස් වලින් සන්නද්ධ වූ ව්‍යාපාරයකි. ඔවුන් සිතන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය කැනඩාවෙන් වෙන්වූ වෙනම රටක් වශයෙන් පැවතිය යුතු බවයි.

Read more ...

නිදහසේ වේදිකාව ශිෂ්ටත්වය සඳහා වන ව්‍යාපාරයක්

නිදහසේ වේදිකාවේ නුවරඑළිය දිස්ත‍්‍රික් මහජන රැස්වීම පසුගිය ජුලි 12 වැනිදා තලවාකැලේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, නීතිඥ ජේ.සී. වැලිඅමුණ, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ රවී ජයවර්ධන සහ තාලමුත්තු සුදාහරන් යන මහත්වරුන් කථිකයෝ ලෙස සහභාගී වූහ. අද සමබිම ඔබ වෙත ගෙන එන්නේ එහිදී නීතිඥ ලාල් විජේනායක මහතා පළ කළ අදහස්ය.

Read more....

Tuesday, July 14, 2009

”අපි නොදන්න චෙස්” කියා කීවේ ඇත්තටම චෙස් නොදන්නා නමුත් කැරම් ක‍්‍රීඩාවෙන් මුල් තැන ගත් අපේ මිතුරෙකි. කැරම් ක‍්‍රීඩාව හා චෙස් ක‍්‍රීඩාව අතර වෙනස්කම් බොහෝය. කැරම් ක‍්‍රීඩාවේදී තමන්ගේම ඉත්තන් වලට දැමීම සිදුවන අතර චෙස් ක‍්‍රීඩාවේදී කරන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන් කපා දැමීමයි. චෙස් නොදන්නා අපි දන්නා ක‍්‍රීඩාව වන්නේ දාම් ඇදීමයි. දාම් ඇදීමේදී ද කපන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන්ය. සමහර විට ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාට තමන්ගේ ඉත්තෙකු ඇමට දී එය කපා ගැනීමට ඉඩ හැර, එම ඉඩ පාවිච්චි කර, ප‍්‍රතිවාදියාගේ ඉත්තන් තුන් හතර දෙනෙක් කපාගෙන දාම් යාමට හෙවත් රජ වීමට ද අවස්ථාව තිබේ.කැපිල්ලේ ඉතිහාසය විජයගේ කාලය තරම් ඈතට ගෙන යා හැකිය. විජය ලංකාවට පැමිණ කුවේණි යොදාගෙන ශීර්ෂ වස්තුපුරයේ යක්ෂ නායකයන් සියල්ලම කපා දමා ලක්දිව රජ බවට පත් විය.

Read more...

Monday, July 13, 2009

නිදහසේ වේදිකාව තුළ සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ සමඟ ඒකරාශීව සිටින්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩ නඟා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා අවශ්‍ය වන දේශපාලන,ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ එකඟතා ලියවිල්ලක් මහජනයා අතර සිදු කරන සාකච්ඡා මාලාවකින් පසු සකස් කොට එය පදනම් කරගෙන දේශපාලන පක්ෂ සමඟ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය ජූනි 26 වැනිදා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් නිදහසේ වේදිකාව මඟින් කැඳවා තිබූ අතර එහිදී සිවිල් සංවිධාන සාමාජිකයෙකු මතුකළ ප‍්‍රශ්නයක් වූයේ අවශ්‍ය අවස්ථාවක අධිකරණය ඉදිරියට යාමට හැකි පරිදි සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ අතර නීතිමය ලියවිල්ලක් අත්සන් තැබීමට හැකිද යන්නයි. මීට පෙර අවස්ථාවල ඇති කර ගත් එවැනි එකඟතා දේශපාලන නායකයින් විසින් කඩ කළ විටදී ඊට

Read more

Friday, July 3, 2009

ජුනි 26 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ කොළඹ සමුළුව

ජිවත් වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම උදෙසා ජනතා බලවේගයක් සංවිධානය කර ගැනීම පිණිස ගොඩනැගුණු ‘නිදහසේ වේදිකාව’ දේශපාලන පක්ෂ, සිවිල්, මාධ්‍ය, කලා, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති, සහ වෘත්තිකයන්ගේ එකතුවෙන් සෑදුනු පුළුල් බලවේගයකි.රටේ වර්තමාන තත්ත්වය හමුවේ සිවිල් සංවිධාන මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමේ සමුළුවක් පසුගිය ජුනි 26 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹට කැඳවා තිබු අතර මෙම සමුළුව සඳහා නියෝජිතයන් සියයකට ආසන්න පිරිසක් සහභාගී විය. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් සහ නිදහසේ වේදිකාවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයන් අතර විවෘත සාකච්ඡාවක් සංවිධානය කර තිබු අතර එහිදී නැඟුණු ප‍්‍රශ්න සමහරක් ද, ඒවා පසුබිම් කරගෙන පක්ෂ නායකයන් දැක්වු ප‍්‍රතිචාර ද පළ කිරීමට ‘සමබිම’ දරන ලද උත්සාහය පහත දැක්වේ.

Read more...

Monday, June 29, 2009