
Monday, June 29, 2009
Friday, June 19, 2009
නිදහසේ වේදිකාව ගොඩනැඟුණේ ජීවත්වීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩනැඟීමේ අරමුණෙනි.බහුජන සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂවල එකමුතුවෙන් ගොඩනඟන ලද නිදහසේ වේදිකාවේ කටයුතු මෙහෙයවීම සාමාජිකයන් විසින් තෝරා පත්කරන ලද මෙහෙයුම් කමිටුවක් මඟින් සිදුවේ. මෙහෙයුම් කමිටුව දේශපාලන පක්ෂවලින් පරිබාහිරව සහ ස්වාධීනව ක්‍රියාත්මක වන අතර නිදහසේ වේදිකාවට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කලින් කලට සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නියෝජිතයන් සහ මෙහෙයුම් කමිටු නියෝජිතයන් සහභාගී වන උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇත.Read more...
Tuesday, June 16, 2009
රටක අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා ගැනීමට විවිධ මිනුම් දඬු පවතී. අපරාධ යුක්ති පද්ධතිය ඉන් ප්රමුඛ වන අතර එරට සිටින සිරකරුවන්ගේ තත්ත්වය රටේ අභ්‍යන්තරය ගැන බොහෝ කරුණු කියාපායි. එය රාජ්‍යය යන්නේ සිට පවුල නම් ඒකකය දක්වා මැනගත හැකි තීරණාත්මක මිනුම් දණ්ඩකි. මෑත කාලයේ ලංකාවේ බන්ධනාගාර ගත සිරකරුවන් ජාත්‍යන්තර මට්ටමේ නිරීක්ෂණයකට නිරාවරණය වුයේ 2007 වර්ෂයේය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර හා අවමන් සහගත, අමානුෂික වධහිංසා පිළිබඳ විශේෂ නියෝජිත මැන්ෆ්‍රෙඞ් නොවැක් විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී ඉදිරිපත් කළ වාර්තාව ඔස්සේය.Read more....
Friday, June 5, 2009
කැරළිකාර එක්දහස් නමසිය දහනමයේ අපේ‍්‍රල් මාසයේදී මරණ බියෙන් පසුවන සාමාන්‍ය මිනිහා නින්දෙන් අවදිව දෙනෙත් පිසදා ගනිමින් තම කුඩා නිවසේ කවුළුව හරිමින්, චකිතයකින් යුතුව, තමාට කලින් නැගිට සිටි තම අසල්වැසියාගෙන් විමසීය.”අව්තනොම් පෙත්රොවිච්, අද අප නගරයේ බලය කා අතේද?”අව්තනොම් පෙත්රොවිච් තම කලිසම හදා ගනිමින් බියෙන් වටපිට බලමින් පිළිතුරු දුන්නේය..”අපනාස් කිරිලවිච් දන්නේ නැහැ. ඊයේ ? කාගේදෝ හමුදාවක් ආවා. මොනවද වෙන්නේ කියලා බලමු. යුදෙව්වන් කොල්ල කනවා නම් ඒ කියන්නේ පෙත්ල්යූරා ගේ හමුදාව ඇතුල්වෙලයි කියලයි. සහෝදරයෝ ඇවිල්ලා නම් එකපාරටම කතාබහ අනුව දැනගන්න පුළුවන්. දැන් ඉතිං මමත් හොඳට වටපිට බලනවා. කාගේ පින්තූරය එල්ලන්ට ඕන ද කියලා. එහෙම නැත්නම් දන්නවද?
ඩෙංගු මාරාන්තික බව දැනුණේ දැන් යැයි ඩෙංගු උණ වැළඳී අමාරුවෙන් ගොඩ ආ මිත්‍රයෙකු පසුගිය දවසක අප සමඟ කීවේය. පසුගිය දිනවල ඔහු සිටි මරුවිකලේ හැටියට මේ වචන ටික හෝ ඔහුගේ කටින් පිටවීම ගැන අපට සන්තෝෂය. ප්රජාතන්ත්රවාදී පාලනයක් තුළ වගකීම් රහිත බව හා නිශ්ක‍්‍රීයභාවය හේතුවෙන් පුරවැසියන් කිසිදු ආකාරයක අවදානමකට ලක් කිරීමට රජයකට නොහැක. මේ අවස්ථාවේ ඩෙංගු සමඟ ප්රජාතන්ත්රවාදය පටලවා ගැනීම වසර තිහකට පසු යුද්ධය නිමා වී ප්‍රීතියෙන් සිටින බොහෝ දෙනෙකු දේශද්‍රෝහී කමක් ලෙස පෙනී යාමට ඉඩ තිබේ. නමුත් කණගාටුවෙන් වුවද කීමට ඇත්තේ මේ දෙක ඉබේ ම එකට පටලැවී ඇති බවය.සාමාන්‍යයෙන් ලංකාවේ වසංගත රෝග සීඝ්රයෙන් පැතිර යන කාලසීමාවන් දෙකකි.R ead more.......
Friday, May 29, 2009
රටේ මූලික නීති සැකැස්ම අභිභවමින් වර්තමානයේ අධික නීති (excessive law)ජන ජීවිතයට පැනවීම දකින්නට ලැබේ. මේ හේතුවෙන් ජනතාව මත අමතර පීඩනයක් ද පතිත වේ. නිදසුනක් ලෙස දුම්බීම, රාතී‍්‍ර 10න් පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම, රූපවාහිනියේ විකාශය වන සියලූම මත්පැන් හා මත්ද්‍රව්‍ය සහිත රූපරාමු ආවරණය කිරීම, සියලූම ප්‍රසිද්ධ දර්ශන පෙන්වීම සඳහා රැඟූම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගත යුතු වීම හා රටේ ආරක්ෂක තොරතුරු ලබාදීම ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් පමණක් සිදුකිරීම එවැනි අවස්ථා කිහිපයකි. මේ පිළිබඳ සමබිමට එක්වෙමින් ආචාර්ය මාරියෝ ගෝමස් දැක්වු අදහසයි මේ.Read more........
”හමුදා බලය යොදා වෙන්කොට සැලකීම සහ අසමාන ලෙස සැලකීම සිදුකෙරෙන ලංකාවේ තත්වය අවාසනාවන්ත පමණක් නොව අමානුෂික තත්වයකි.” මෙසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව පිළිබද හදිසි සැසිවාරයක් කැඳවීම පිළිබඳ අදහස් දැක්වූ International Commission of Jurists සංවිධානයේ නියෝජිතයාය.ඔහුට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර සිටියේ මේ කි‍්‍රියාත්මක වන්නේ බටහිර යටත්විජිතවාදය බවයි. තවද ලංකාව කොටි සංවිධානය පිළිබද ප්රශ්නය වසර 30කට පසුව අවසන් කර ඇති විටෙක මෙවැනි විශේෂ සැසිවාරයක් කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම
Read more......
Subscribe to:
Posts (Atom)