Friday, May 29, 2009

රටේ මූලික නීති සැකැස්ම අභිභවමින් වර්තමානයේ අධික නීති (excessive law)ජන ජීවිතයට පැනවීම දකින්නට ලැබේ. මේ හේතුවෙන් ජනතාව මත අමතර පීඩනයක් ද පතිත වේ. නිදසුනක් ලෙස දුම්බීම, රාතී‍්‍ර 10න් පසු ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම, රූපවාහිනියේ විකාශය වන සියලූම මත්පැන් හා මත්ද්‍රව්‍ය සහිත රූපරාමු ආවරණය කිරීම, සියලූම ප‍්‍රසිද්ධ දර්ශන පෙන්වීම සඳහා රැඟූම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගත යුතු වීම හා රටේ ආරක්ෂක තොරතුරු ලබාදීම ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් පමණක් සිදුකිරීම එවැනි අවස්ථා කිහිපයකි. මේ පිළිබඳ සමබිමට එක්වෙමින් ආචාර්ය මාරියෝ ගෝමස් දැක්වු අදහසයි මේ.

Read more........
”හමුදා බලය යොදා වෙන්කොට සැලකීම සහ අසමාන ලෙස සැලකීම සිදුකෙරෙන ලංකාවේ තත්වය අවාසනාවන්ත පමණක් නොව අමානුෂික තත්වයකි.” මෙසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව පිළිබද හදිසි සැසිවාරයක් කැඳවීම පිළිබඳ අදහස් දැක්වූ International Commission of Jurists සංවිධානයේ නියෝජිතයාය.
ඔහුට පෙර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ප‍්‍රකාශ කර සිටියේ මේ කි‍්‍රියාත්මක වන්නේ බටහිර යටත්විජිතවාදය බවයි. තවද ලංකාව කොටි සංවිධානය පිළිබද ප‍්‍රශ්නය වසර 30කට පසුව අවසන් කර ඇති විටෙක මෙවැනි විශේෂ සැසිවාරයක් කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම

Read more......

Friday, May 22, 2009

ව්‍යස්ථාවක් කියන්නේ මොකක්ද ?
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ මුලික නීතිය. රටේ අනෙකුත් සියලූම නීතිවලට පදනම් වන්නේ එයයි. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතනවල ව්‍යුහයන්, ඒවා ක‍්‍රියාත්මක වන ආකාරය, ජනතාවගේ අයිතිවාසිකම්, ජනතාව එම ආයතන තුන සමඟ ඇති සම්බන්ධය සහ එම එකිනෙක ආයතන අතර ඇති සම්බන්ධකම් හුවා දක්වන රටක මුලික ලියවිල්ල මෙයයි. අනෙකුත් සියලූම නීතිවලට වලංගු භාවයක් සහ නීතිමය තත්ත්වයක් ලැබෙන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින්.

Read more.....

Thursday, May 14, 2009


අවසන් වරට පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය වුයේ ඉකුත් මැයි හතර වැනිදාය. සුපුරුදු ලෙසම එවරද ඝාතනයට ලක් වු මඩකලපුවේ දැරියගේ පොත් බෑගය සොයා ගැනීමට පොලිස් රැකවරණ යටතේ යමින් සිටියදී සඟවා තිබු ටී-56 යේ ගිනි අවියක් ගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ ගත් සැකකරුවන්ට පොලිසියේ ප‍්‍රතිප‍්‍රහාරවලින් ඝාතනය වන්නට සිදු විය.

]Read more[.....




ගතවූ වසර කිහිපයක් මුළුල්ලේ විවිධ අපරාධයන්ට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව මිය යාම වර්තමානයේ නොනිමෙන අරගලයක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ ව සමබිම සමඟ විද්වතුන් දැක්වූ අදහස් කිහිපයකි මේ.


]Read more[....
මෙම අශ්ලීල කාටූන් චිත‍්‍රය ශ‍්‍රී ලංකාවට කිසිසේත් සම්බන්ධ වූ ද, අදාල වු ද එකක් නොවන බව නමෝ විත්තියෙන් ම කිව යුතුය. මෙය දකුණු අප‍්‍රිකානු ජනරජයේ ජනාධිපති ධුරයට විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පත් වු අතිගරු ජේකොබ් සුමා මැතිතුමා අපකීර්තියට පත් කරනු පිණිස එරට වසන කාටූන් කාරයෙකු විසින් ඇඳ පළ කරන ලද්දකි. ජනාධිපතිතුමා අධිකරණ පද්ධතිය නැමැති ස්ත‍්‍රිය දූෂණය කරන්නට සැරසෙන විට අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය ඇතුළු පාලක පක්ෂය එයට අනුබල දෙන සැටි මෙහි දැක්වේ.
මෙවැනි කාටූන් දකින විට අපට සිතෙන්නේ ලංකාවේ ජීවත් වන අප කෙතරම් වාසනාවන්ත ද කියා ය. එක අතකින් අපගේ විධායකය අධිකරණය ට බලපෑම් කරනවා තබා ඒ දෙස බැල්මක් වත් නො හෙළයි. අනෙක් අතට අපගේ කාටූන් ශිල්පීන් විධායකයට අපහාස වන ආකාරයේ අශ්ලීල කාටූන් සිහිනෙන් වත් නොඅඳියි. (තම කාටූන් පවුලේ සියළු දෙනාම නරඹන මුල් පිටුව තුළින් කියවීමට උචිත පරිදි ප‍්‍රමිතියකින් යුක්ත ව ඇඳිය යුතු බව අපේ කාටූන් ශිල්පීහු දනිති.)

අපි කෙතරම් වාසනාවන්ත ද ? අපි කෙතරම් සන්තෝෂ ද?



>Read more....<