Wednesday, April 29, 2009


අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
විධායක අධ්‍යක්ෂ
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය

ශ‍්‍රි ලංකාවේ රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර පවතින සන්නද්ධ ගැටුමට මැදිව සිටින සිවිල් ජනතාව පිළිබද ප‍්‍රශ්නය මේ වන විට විශාල වශයෙන් ජාත්‍යන්තර අවදානය දිනා ගැනීමට සමත්ව ඇත. ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්තානය ට අනුව බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ දැන් රජයේ හමුදාව ආරක්ෂිත කලාපය හැර අනෙක් සියළු ප‍්‍රදේශ තම පාළනය යටතට ගෙන ඇති නිසා ඉතිරිව ඇති කොටස සිම්පල් ප්ලෑන් එකක් බවයි. ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් සිවිල් ජනයාට අදාල ප‍්‍රදේශයෙන් පිටතට එන ලෙස නිවේදනය කර ඉන් අනතුරුව ඉතිරිව ඇති එල්ටීටීඊ සටන් කාමීන් විනාශ කිරීම එම සිම්පල් ප්ලෑන් එකයි. නමුත් එම සැලසුම ක‍්‍රියාත්මක කිරීම හිතන තරම් සිම්පල් නැති බව මේ වන විට පෙනී ගොස් ඇති අතර ලොව පුරා ජීවත් වන දෙමළ ජනතාව, මානූෂීය අධාර සපයන සංවිධාන, මානව හිමිකම්

Read more .....

Friday, April 3, 2009

අප ගිය සතියේ ‘සමබිම’ තුළින් කතා කළේ පීඩිත සමාජ පසුබිමකින් පැවත එන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, එබඳුම පීඩිත පසුබිමකින් පැවත එන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම කෙරෙහි මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයි යන්නයි.රතන හිමියන් මෙම විරුද්ධත්වය දක්වා ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගෙනය.01. උයන්ගොඩ මහතාට අවුරුදු 12ක කාලයක් සඳහා සිරගෙට නියම වීම.02. උයන්ගොඩ මහතා රාජ්‍ය නොවන සංවිධානවල හෙවත් එන් .ජී. ඕ.වල ප‍්‍රකාශකයෙකු වීම.රතන හිමියන් මෙසේ කියන්නේ ඇයිදැයි උයන්ගොඩ මහතාද ඇතුළුව විවිධ ලියන්නන් විසින්ද , සාමාන්‍ය මහජනතාව විසින් ද ප‍්‍රශ්න කර ඇත.

Read more....
ශ‍්‍රී ලංකාව මේ මොහොත වන විට දරුණු යුධමය වාතාවරණයක පසුවීම කණගාටුවට කරුණකි. නමුත් මේ යුධමය තත්වය තුළ විවිධ පාර්ශවයන් යුධමය සහ දේශපාලනික වාසි ලබාගනු වස් අදිසි ක‍්‍රියාන්විතයන්ද ආරම්භ කර ඇත. එසේ සඟවා ගැසිය යුතු තුරුම්පුවක් ශ‍්‍රී ලංකා රජය එළිපිටම ගසා ඇත. ඒ වූ කලී ‘අපි’ සහ ‘උන්’ ලෙස බෙදා හඳුනා ගැනීමක් ජනිත කරවීමයි. මින් සිදු වනුයේ ඕනෑම අවස්ථාවක, සිද්ධියක, ස්ථානයක සහ තත්වයකදීම තමා අයිති වන කණ්ඩායම ‘අපි’ ලෙසත් අනෙක් අය ‘උන්’ ලෙසත් බෙදාගත් සංජානනයකට හුරුවීමයි.

දැන් මේ තත්වය වත්මන් ශ‍්‍රී ලංකාවේ යුධමය වාතාවරණය සමග සමපාත කර බැලිය හැකිය. මෙහි අපි වනුයේ රජයේ පාර්ශවයයි. උන් වනුයේ එල්.ටී.ටී.ඊ පාර්ශවයයි. මෙලෙස බෙදා සංජානනයට හුරු කරවීම හරහා සිංහල-බෞද්ධ ජනතාවගේ ජාතිකානුරාගී හැඟීම් පුබුදු වන බවත් ත‍්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිය හැකි බවත් පවසමින් ශ‍්‍රී ලංකා රජය මහජනතාව නම්

Read more....

Friday, March 27, 2009

සුදර්ශන ගුණවර්ධන

බාලගිරි දෝෂයට අසුවී තිබෙන ව්‍යවස්ථාදායක සභාවට කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ නම පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂ විසින් යෝජනා කර ඇත. මෙය ඇසීමෙන් දණ්ඩෙන් පහරලත් ආශීර්විෂයෙකු සේ කුපිත වූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් එම නාම යෝජනාවට විරුද්ධව පෙත්සමක් ගසා ඇත. පෙත්සමේ දැක්වෙන්නේ උයන්ගොඩ මහතා අවුරුදු දොළහක කාලයකට සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු බැවින් ව්‍යවස්ථාදායක සභාව වැනි වැදගත් ස්ථානයකට පත් කිරීමට නුසුදුසු බවයි. මහාචාර්ය උයන්ගොඩ සිර දඬුවම් ලැබුවේ, හොර පොල් කැඞීම වැනි අපරාධයක් නිසා නොව, 1971 දී මහා රාජිනීන් වහන්සේගේ ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කැරළි ගැසීම හේතුවෙනි. ඔහු ඇතුළු සෙසු කැරළිකරුවන්ට විරුද්ධව නඩු අසා සිරදඬුවම් නියම කරන ලද්දේ එවකට පැවති සාමාන්‍ය නීතිය යටතේ නොව කැරැල්ලෙන් පසුව අතීතයට බල පැවැත්වෙන සේ සම්මත කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත නැමැති අවනීතිය යටතේය.

Read More ......
උස මනින්නට , බර මනින්නට මිම්මක් තියෙනවා. එක්තරා වෙළෙඳ දැන්වීමක කියන ආකාරයට දැන් සමේ වර්ණය පවා මනින්න පුළුවන්. අපේ හිතවත් වෘත්තීය සමිති නායකයෙකුට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ ‘වාමාංශිකභාවය’ පවා මැන බලන්නට. තමාගේ කලිසමේ සාක්කුවේ නිතරම රැගෙන යන මීටර් කෝදුවක ආධාරයෙන් තමයි ඔහු අනෙකා වාමාංශිකයෙක්ද දක්ෂිණාංශිකයෙක්ද කියලා මැනලා තීරණය කරන්නේ. එතකොට කෙනෙක් වාමාංශිකයෙක් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ව්‍යවහාරය අනුව නෙමෙයි. අපේ වෘත්තීය සමිති නායකයා විසින් කරන නම් කිරීම නැත්නම් ලේබල් ගැහීම හින්දයි.අපි ගිය සතියේ කතා කළා ත‍්‍රස්තවාදය සහ ත‍්‍රස්තවාදියා ගැන. එතැනදී අපට පැහැදිලි වුනේ ත‍්‍රස්තවාදය යන්න දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් කියන තැනින් වෙනස් වෙලා කිසියම් පුද්ගල කණ්ඩායමක් හඳුන්වන වචනයක් බවට පත් වී ඇති ආකාරයයි. තව දුරටත් පැහැදිලි කළොත් ‘දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා හිංසාකාරී ක‍්‍රියාවක් කරන පුද්ගලයෙක්’ කියන තේරුම වෙනුවට ත‍්‍රස්තවාදී යැයි

Read More .............

Friday, March 20, 2009

ප‍්‍රචණ්ඩත්වයට කවුරුත් විරුද්ධයි. ඉස්සර බස්වල ගහලා තිබුනේNO SMOKING කියලා වුනාට දැන් හැමතැනම කියන්නේ SAY NO TO VIOLENCE කියලයි.

ගෙදර ඇතුළේ දී තමන්ගේ භාර්්‍යාවගේ ඔළුව සිහිසුන් වනතුරු බිත්තියේ ඇණපු අය , බස්වල, කෝච්චිවල කුංග්ෆු සන්දර්ශන පවත්වපු අය වුණත් සමාජයේදී ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධයි.

ඒ වුනාට ප‍්‍රචණ්ඩත්වය පිළිගෙන එය පාවිච්චි කරපු පුද්ගලයෙක් දැනට වසරකට පෙර නේපාලයේ අගමැති ධුරයට ඡන්දයෙන් පත්වුනා. බලන්නකෝ පුදුමේ කියන්නේ එයාගේ නමත් ප‍්‍රචණ්ඩ. ප‍්‍රචණ්ඩ සහෝදරයා වෙන රටවල ජනාධිපතිවරු, අගමැතිවරු කත්මන්ඩු ගිහින් එයාව හමුවෙන කොට ගරු ප‍්‍රචණ්ඩ මැතිතුමා කියන්න බැරි නිසා එයා දැන් තමන්ගේ පරණ නම හෙවත් පුෂ්පකමාල් දයාල් කියන නම පාවිච්චි කරනවා.

Read more.....
පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තුවකින් ගැසීම’ යන මාතෘකාවෙන් රෝහිත භාෂණ අබේවර්ධන ලියු ලිපියක් මාර්තු 15 දා ‘රාවය’ පුවත් පතේ පළවිය.

ශ‍්‍රී ලංකාව නැමැති ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ මර්දන යාන්ත‍්‍රයෙන් මැරුම් කන්නේ නැතිව පණ බේරා ගැනීමට හැකිවු තමාගේ පරම්පරාවේ අනෙකුත් කැරළිකරුවන් පමණක් නොව ඊට පෙර පරම්පරාවේ කැරළිකරුවන් ද මතවාදී වශයෙන් අදවන විට පත්ව තිබෙන ජරා ජීර්ණ තත්ත්වය දෙස බලන විට, ප‍්‍රතිපත්තිගරුක, සමා විරහිත දේශපාලන ස්ථාවරයක අඛණ්ඩව පැවතීම පිළිබඳව භාෂණට මම නොපැකිළ ආචාර කරමි.

සපත්තු ප‍්‍රහාරය පිළිබඳ ලිපියට නිමිත්ත වන්නේ ‘වර්ග සංහාරයක්’ පිළිබඳව භාෂණ විසින් ‘රාවය’ පුවත්පතේ ‘සමකය’ ට ලියු ලිපියකි. එම කතාවෙහි ‘ කිසිදු සත්‍යයක් ඇතැයි තමන්ට නොපෙනෙන බව ’ සුමනසිරි ලියනගේ පෙරළා ‘රාවය’ ටම ලියයි. පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තු ප‍්‍රහාරයක් එල්ල කරමින් භාෂණ තම ලිපිය ලියන්නේ එයට පිළිතුරු වශයෙනි.

Read more .....