Friday, March 20, 2009

ප‍්‍රචණ්ඩත්වයට කවුරුත් විරුද්ධයි. ඉස්සර බස්වල ගහලා තිබුනේNO SMOKING කියලා වුනාට දැන් හැමතැනම කියන්නේ SAY NO TO VIOLENCE කියලයි.

ගෙදර ඇතුළේ දී තමන්ගේ භාර්්‍යාවගේ ඔළුව සිහිසුන් වනතුරු බිත්තියේ ඇණපු අය , බස්වල, කෝච්චිවල කුංග්ෆු සන්දර්ශන පවත්වපු අය වුණත් සමාජයේදී ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධයි.

ඒ වුනාට ප‍්‍රචණ්ඩත්වය පිළිගෙන එය පාවිච්චි කරපු පුද්ගලයෙක් දැනට වසරකට පෙර නේපාලයේ අගමැති ධුරයට ඡන්දයෙන් පත්වුනා. බලන්නකෝ පුදුමේ කියන්නේ එයාගේ නමත් ප‍්‍රචණ්ඩ. ප‍්‍රචණ්ඩ සහෝදරයා වෙන රටවල ජනාධිපතිවරු, අගමැතිවරු කත්මන්ඩු ගිහින් එයාව හමුවෙන කොට ගරු ප‍්‍රචණ්ඩ මැතිතුමා කියන්න බැරි නිසා එයා දැන් තමන්ගේ පරණ නම හෙවත් පුෂ්පකමාල් දයාල් කියන නම පාවිච්චි කරනවා.

Read more.....
පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තුවකින් ගැසීම’ යන මාතෘකාවෙන් රෝහිත භාෂණ අබේවර්ධන ලියු ලිපියක් මාර්තු 15 දා ‘රාවය’ පුවත් පතේ පළවිය.

ශ‍්‍රී ලංකාව නැමැති ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ මර්දන යාන්ත‍්‍රයෙන් මැරුම් කන්නේ නැතිව පණ බේරා ගැනීමට හැකිවු තමාගේ පරම්පරාවේ අනෙකුත් කැරළිකරුවන් පමණක් නොව ඊට පෙර පරම්පරාවේ කැරළිකරුවන් ද මතවාදී වශයෙන් අදවන විට පත්ව තිබෙන ජරා ජීර්ණ තත්ත්වය දෙස බලන විට, ප‍්‍රතිපත්තිගරුක, සමා විරහිත දේශපාලන ස්ථාවරයක අඛණ්ඩව පැවතීම පිළිබඳව භාෂණට මම නොපැකිළ ආචාර කරමි.

සපත්තු ප‍්‍රහාරය පිළිබඳ ලිපියට නිමිත්ත වන්නේ ‘වර්ග සංහාරයක්’ පිළිබඳව භාෂණ විසින් ‘රාවය’ පුවත්පතේ ‘සමකය’ ට ලියු ලිපියකි. එම කතාවෙහි ‘ කිසිදු සත්‍යයක් ඇතැයි තමන්ට නොපෙනෙන බව ’ සුමනසිරි ලියනගේ පෙරළා ‘රාවය’ ටම ලියයි. පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තු ප‍්‍රහාරයක් එල්ල කරමින් භාෂණ තම ලිපිය ලියන්නේ එයට පිළිතුරු වශයෙනි.

Read more .....

Friday, March 13, 2009

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයෙන් පසුව උදාවුයේ කතා කිරීමට නොහැකි සමයකි. ‘‘කතා කිරීමට නොහැකි තැනකදී නිහඬ විය යුතුය ’’ යන විත්ගස්ටයින්ගේ ආප්තය අනුව යමින් ‘‘සමබිම’’ තාවකාලිකව නිහඬ විය.

ජීවත්වීමේ අයිතිය සහ කතා කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඇතුළත් පුළුල් ජන බලවේගයක් ගොඩනැඟීම

Read more........
අපි දන්නා හඳුනන පුද්ගලයෙක් මීට කලකට පෙර ‘බුෆේ ’ කියන වචනයට අර්ථ නිරූපණයක් , නිර්වචනයක් දුන්නා.; ‘කැමති තරමක් බෙදා‍ගෙන කන්න’. ඇත්ත තමයි ‘බුෆේ ’ කියන ප‍්‍රංශ වචනය ලංකාවට ආවාම දුම්රිය භෝජනාගාරය හෙවත් බුෆේ එක බෆට් එක වුනා. ඊට පස්සේ ආපන ශාලා වලයි, මඟුල් ගෙවල් වලයි ‘බුෆේ ’ එන්න පටන් ගත්තා. නමුත් මේ වචනය සිංහල භාෂාවෙන් හරියටම තේරුම් කරන්න පුළුවන් වුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලාංකිකයෙකු වන අපේ කතානායකයාට පමණයි.


Read more...
මධ්‍යම ලන්ඩනයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවෙයි. හය දෙනෙක් මිය ගිය අතර තවත් හතළීහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබති. ලන්ඩන් නගරය තුළ සියළුම ආකාරයේ දේශපාලන උද්ඝෝෂණ පැවැත්වීම දැනමටත් තහනම් කර ඇති අග‍්‍රාමාත්‍යවරයා හබයාස් කෝපූස් නීතිය (අත් අඩංගුවේ සිටින පුද්ගලයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටීමට පුරවැසියන්ට ඉඩ ලැබෙන නීතිය) ඉවත් කිරීමට යෝජනා කරයි. මාධ්‍යයන්ට සාකච්ඡාවක්
Read more.........

Wednesday, January 28, 2009

ආන්නා පොලිකොව්ස්කායා රුසියානු මාධ්‍යවේදිනියකි. වෙඩි තබා ඝාතනය කරන ලද ඇගේ මළ සිරුර 2006 ඔක්තෝම්බර් 07 වනදා මොස්කව් හි ඇය ජීවත් වූ මහල් නිවාසයෙහි විදුලි සෝපානයෙහි දමා තිබියදී හමුවිය. මරා දමන විට ඇයගේ වයස අවුරුදු හතළිස් අටකි. ඇගේ මරණය නිමිත්තෙන් ඇල්ජීරියානු කවියෙකු හා ලේඛකයෙකු වන තහාර් ජාවුට් මෙසේ ලියුවේය.

Silence means death
if you talk, you're dead
If you stay silent, you're dead
So go ahead - talk and die

කතා කිරීමේ, ලිවීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්පුර්ණයෙන්ම අහෝසි ව යන අවදියක් කරා අපේ රට ළඟා වී ඇත.
දෛවයේ සරදම වන්නේ එවන් යුගයක් පරාජය කර එම නිදහස භුක්ති විඳින තත්ත්වයක් ඇති කරගත් අපට නැවතත් සම්පුර්ණ වටයක් ගමන් කොට වෘත්තයේ මුලටම පැමිණීමට සිදුවීමයි.
එදා අයිතිවාසිකම් උදුරා ගත්තවුන් අද වෙනුවෙන් සටනට එක් වී ඇති අතර, එදා අයිතිවාසිකම් වෙනුවෙන් උරෙනු’ර ගැටී සටන් කළ අය අද අයිතිවාසිකම් උදුරා ගන්නාගේ භූමිකාව භාරගෙන ඇත.

Read More .....

Monday, January 26, 2009

සමබිම අතිරේකය කලාප 50ක් සම්පුර්ණ කිරීම නිමිත්තෙන් ලංකාවේ ප‍්‍රධාන සිංහල පුවත්පත් කතුවරුන් දැක් වූ අදහස්....

නාරද නිශ්ශංක
දිවයින නියෝජ්‍ය කර්තෘ
කුමන ජාතියක, කුමන දේශපාලන පක්ෂයක, කුමන මතවාදයක් දරණ ජන කොටසකගේ වුවත් පුරවැසි අයිතීන් උල්ලංඝනය වෙනවා නම් එය කණගාටුදායකයි. සදාචාර සම්පන්න මාධ්‍ය වගකීම එම පුරවැසි අයිතීන් උල්ලංඝනය වීම වැළැක්වීම. එක පුරවැසිභාවයක් තියෙන රටක ඉන්න අපේම තවත් සහෝදර ජන කොටසකට වෙන අසාධාරණයකදී අපි එය පිටු දැකිය යුතුයි. මේ රටේ සියලූ පුරවැසියන් සමාන වෙන්නේ මැතිවරණයකදී විතරයි. මැතිවරණයෙන් පසු ජීවත් වීමේදී හා සෙසු කටයුතුවලදී ඒ සමානත්වය අදාළ වෙන්නේ නැහැ.මානව හිමිකම්

read more.....