
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පසුගිය දෙසැම්බර් 10 දා එක්සක් ජාතීන්ගේ මූලස්ථානය පැවැත්වූ Sketching Human Rights කාටුන් ප්‍රදර්ශනයට ලෝකයේ රටවල් කීපයකින් ඉදිරිපත් වූ කාටුන් කීපයකි මේ.
අවුරුදු එකහමාරක් යනතුරු පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවේ රඳවා තබා ගැනීමට විධායකයට අවසර ලැබෙන සේ හදිසි අවස්ථා රෙගුලාසි සඳහා ගෙන ආ සංශෝධනයක් ක්‍රියාත්මක කිරීම අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 15 දා තීරණය කළේය.
අද ලංකාවේ ඔබ දකින බරපතලම මානව හිමිකම් ගැටළුව මොකක්ද?
රෝසි සේනානායක කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ අවස්ථාවේ ඔබව හඳූන්වා දෙන්නේ කොහොමද ?
සුදර්ශන ගුණවර්ධනගේ ‘අසමබිම’ පොතේ පෙරවදනෙන් කොටස් කීපයකි මේ....
ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව සැකකරුවෙකු කරන ලද අපරාධයක් පිළිබඳව පොලීසියට කරන පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස යොදාගත නොහැකිය. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟමින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහකාර පොලිස් අධිකාරවරයෙකුට නොඅඩු නිලයක් දරණ නිලධාරියෙකුට ස්වේඡාවෙන් කරනු ලැබු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස යොදා ගත හැකිය.එලෙස කරන ලද පාපොච්චාරණයක ස්වේච්ඡාභාවය පිළිබඳ පසු අවස්ථාවකදී අධිකරණය හමුවේ ප්‍රශ්න කළහොත් එහි නිවැරදි භාවය සොයා බැලීමට අධිකරණය පාපොච්චාරණයේ ස්වේච්ඡාභාවය පිළිබඳ පරීක්ෂණයක් කරන අතර එය වොයර් ඩයර් පරීක්ෂණය ලෙස හඳුන්වයි
වර්තමානයේ රජයේ යුද මෙහෙයුම් දරුණු වෙත්ම මන්නාරමේ ජන ජීවිතයට එය බලපා තියෙන්නේ කොහොමද?