Monday, January 12, 2009


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පසුගිය දෙසැම්බර් 10 දා එක්සක් ජාතීන්ගේ මූලස්ථානය පැවැත්වූ Sketching Human Rights කාටුන් ප‍්‍රදර්ශනයට ලෝකයේ රටවල් කීපයකින් ඉදිරිපත් වූ කාටුන් කීපයකි මේ.

Friday, December 19, 2008

අවුරුදු එකහමාරක් යනතුරු පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවේ රඳවා තබා ගැනීමට විධායකයට අවසර ලැබෙන සේ හදිසි අවස්ථා රෙගුලාසි සඳහා ගෙන ආ සංශෝධනයක් ක‍්‍රියාත්මක කිරීම අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 15 දා තීරණය කළේය.
අග‍්‍ර විනිශ්චයකාර සරත්. එන්. සිල්වා, කේ. ශ‍්‍රී පවන් සහ පී.ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මණ්ඩලය විසින් මෙම අත් හිටුවීම කරන ලද්දේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලන ලද අවස්ථාවේදීය.

මිනිසෙකු අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම යනු ඒ මිනිසාගේ නිදහස සීමා කිරීමකි. නමුත්, සෙසු පුද්ගලයන්ගේද සමස්ත සමාජයේද යහපත පිණිස මිනිසෙකුගේ නිදහස සීමා කිරීමට රාජ්‍යයට ඉඩක් ලැබී තිබේ.

නමුත්, රාජ්‍යයේ එම බලයට සීමාවක් ඇත. සීමාව පනවන්නේ මානව අයිතිවාසිකම් මඟිනි. එනම්, පුද්ගලයකුගේ නිදහස සීමා කොට අත් අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට රාජ්‍යයට හැකි වන්නේ නීති
Read More...

Thursday, December 18, 2008

අද ලංකාවේ ඔබ දකින බරපතලම මානව හිමිකම් ගැටළුව මොකක්ද?
අද ලෝකයේ තියෙන සියළුම ගණයේ දරුණු මානව හිමිකම් කඩ කිරීම් අපේ රටේ සිදුවෙනවා. අතුරුදහන් වීම්, නීත්‍යනුකූල නොවන ඝාතන, මානසික හා ශාරීරික වද හිංසා, මර්දන නීති හරහා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම් සිදුවෙනවා. මෙවැනි තත්ත්වයන් මීට පෙර ලෝකයේ බොහෝ රටවල්වල නිර්මාණය වෙලා තිබුණත් ඒවා වළක්වා ගන්න හැකි වුණේ තමන්ගේ රටේම බිහිකරගත් සාමූහික එකමුතු ව්‍යාපාර තුළින්. අපේ රටේත් දැන් පවතින තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් සාමූහික එකමුතුවකින් පමණයි.

මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ පොදු එකතුවක් හදන්න ඔබ ඇතුළු තවත් මානව හිමිකම් සංවිධාන ගනණාවක් මේ අවස්ථාවේ කටයුතු කරමින් සිටිනවා. නීතියේ පාලනය යළි ඇති කිරීමට රජයට බල කරමින් එහි පළමු පියවර පසුගිය දෙසැම්බර් 10 වැනිදා ට යෙදුණ ජගත් මානව හිමිකම් දිනයේදී සිදුකළා.මෙම පොදු එකමුතුව සම්බන්ධයෙන් ඔබේ දැක්ම කුමක්ද?
මුලින්ම අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මිනිස්සුන්ට නීතියෙන් අයිතිවාසිකම්

Read More......

Thursday, December 11, 2008

රෝසි සේනානායක කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ අවස්ථාවේ ඔබව හඳූන්වා දෙන්නේ කොහොමද ?
මගෙන් ඒක අහනවට වඩා මාත් එක්ක වැඩ කරන අය හෝ දරුවන්ගෙන් ඇහුවොත් වඩාත්ම හොඳයි ඒක. කෙනෙක් කෙනෙක් ගැන තක්සේරුවක් කරද්දි ඒක කොයි විදිහට අර්ථකතනය වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් මගෙන් ඈත් වෙලා ස්වාධීනව කොයි වගේ කෙනෙක්ද කියලා කියනවා නම්, මම ගොඩක් මිනිස්සුන්ට ආදරය කරන, මිනිස්සු දිහා අපක්ෂපාතීව බලන, මිනිස්සුන්ගේ සෘණ පැත්තට වැඩිය මිනිස්සුන්ගේ ධනාත්මක පැත්ත බලන, මානව හිතවාදී ලෙස හිතන කෙනෙක් ලෙසයි මම දකින්නේ.

ඔබ රූ රැජිනක්. ඒ වගේම නිළියක්. ඇයි ඔබ දේශපාලනයට ආවේ................
මම නිළියක් කියන්නත් මම ලැජ්ජයි.

Read more.....

Tuesday, December 9, 2008

සුදර්ශන ගුණවර්ධනගේ ‘අසමබිම’ පොතේ පෙරවදනෙන් කොටස් කීපයකි මේ....

බර්ලින් තාප්පය බිඳවැටීමෙන් පසු ඇරඹුණු යුගය පිළිබඳව උදාන වාක්‍යයක් ලෙස ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා 1992 ‘ඉතිහාසයේ අවසානය හා අවසන් මිනිසා’ යන පොත ලියුවේය. එම පොතෙන් ෆුකුයාමා තර්ක කළේ අප දකිමින් සිටින්නේ හුදෙක් සීතල යුද්ධයේ අවසානය හෝ පශ්චාත් ලෝක යුද්ධ සමයේ එක් අවධියක් හෝ නොවන බවයි.

ඔහුට අනුව මේ උදාවී ඇත්තේ මනුෂ්‍ය වර්ගයාගේ දෘෂ්ටිවාදාත්මක පරිණාමයේ අවසාන මොහොත සහ බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලොව පුරා ජයග‍්‍රහණය කරන මොහොතයි හෙවත් ඉතිහාසයේ අවසානයයි. ආසන්න වශයෙන් ගත වූ දශක දෙකක කාලයක් දෙස අතීතාවලෝකනයක යෙදුණුවිට අපට පෙනෙන්නේ සවිඥනිකව හෝ අවිඥනිකව ලංකා සමාජය වැළඳගෙන ඇත්තේ ෆුකුයාමා ගෙන් කියැවෙන අදහස බවයි.අදාළ වකවානුව තුළ ලංකාවට අදාළව බර්ලින් තාප්ප එකක් වෙනුවට තුන හතරක් බිඳ වැටුණේය.

Sunday, November 30, 2008

ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව සැකකරුවෙකු කරන ලද අපරාධයක් පිළිබඳව පොලීසියට කරන පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස යොදාගත නොහැකිය. නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟමින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහකාර පොලිස් අධිකාරවරයෙකුට නොඅඩු නිලයක් දරණ නිලධාරියෙකුට ස්වේඡාවෙන් කරනු ලැබු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස යොදා ගත හැකිය.එලෙස කරන ලද පාපොච්චාරණයක ස්වේච්ඡාභාවය පිළිබඳ පසු අවස්ථාවකදී අධිකරණය හමුවේ ප‍්‍රශ්න කළහොත් එහි නිවැරදි භාවය සොයා බැලීමට අධිකරණය පාපොච්චාරණයේ ස්වේච්ඡාභාවය පිළිබඳ පරීක්ෂණයක් කරන අතර එය වොයර් ඩයර් පරීක්ෂණය ලෙස හඳුන්වයි

Read More ....
වර්තමානයේ රජයේ යුද මෙහෙයුම් දරුණු වෙත්ම මන්නාරමේ ජන ජීවිතයට එය බලපා තියෙන්නේ කොහොමද?
වර්තමාන රජයේ යුද මෙහෙයුම් තත්ත්වය මන්නාරමේ ජනතාවගේ ගමනාගමනය ඇතුළු සෑම කටයුත්තකටම බලපාලා තියෙනවා. ජංගම දුරකතන පාවිච්චිය වගේ සන්නිවේදන මාර්ග සීමා කරලා. ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩක් සීමා කරලා. ඊට අමතරව තියෙන වැදගත්ම ප‍්‍රශ්නය මෙහි ජනතාව මානසිකව ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. ඊට හේතුව ඔවුන්ගේ ඥතීන්, හිතවතුන් විශාල ප‍්‍රමාණයක් වන්නි ඇතුළු ව විවිධ ප‍්‍රදේශවල අවතැන් වෙලා ඉන්නවා. ඒ අයගේ සුව දුක් දැනගන්න විදිහක් නැහැ. මෙම යුද මෙහෙයුම් තත්ත්වය නිසා මේ පැත්තේ ජනතාව ගොඩාක් වේදනාවට පත්වෙලා ඉන්නේ.

අද මන්නාරමේ සාමාන්‍ය ජන ජිවිතය ගෙවෙන්නේ කොහොමද?
සාමාන්‍ය ජීවිතය ගැන කියනවා නම් මිනිස්සු වැඩට යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා. ඒ දේවල් පිටස්තරින් වුණාට ඇතුලාන්තයෙන් ලොකු බියක් තියෙනවා. මොකක්ද අපිට වෙන්නේ කියන

Read More ....