Friday, October 31, 2008

වන්නියේ සිදුකෙරෙන යුද මෙහෙයුම් හේතුවෙන් අවතැන් වී සිටින ලක්ෂ ගණන් වන්නි ජනයාගේ සැබෑ තත්වය අනාවරණය කරගනු පිණිස පසුගියදා අප එම ප‍්‍රදේශවල සහන සැලසීමේ කටයුතුවල නිරත වී සිටින සහන සේවකයින්, පුජකවරුන්, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් හමුවුණෙමු. අප කළ සංචාරයේදී හා විමසීම්වලදී හෙළි වූ පරිදි අද දවසේ වන්නියේ ජන ජීවිතය ගෙවෙන්නේ මෙසේය.

යුද මෙහෙයුම් හේතුවෙන් මේ වන විට වන්නි මුළු ජනගහණය වන හාරලක්ෂ දහනමදාහ අතරින් අවතැන් වී සිටින මුළු ජනගහනය තුන් ලක්ෂ පහළොස් දහසකි. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මුලතිව් දෙසට ගොස් දැනට රජය විසින් යුද මුක්ත කලාපයක් ලෙස නම්කර ඇති විශ්වමඩු හා ඔඞ්ඩුසුඩාන් යන ස්ථානවල ලැගුම් ගෙන සිටියි. රජය මෙසේ යුද මුක්ත කලාපයක් ලෙස නම් කර ඇත්තේ වර්ග කිලෝමීටර් දහයක භූමි ප‍්‍රදේශයකි. අවතැන්ව සිටින පිරිස තුන් ලක්ෂ පහළොස් දහසකි. මෙවැනි විශාල පිරිසකට ජීවත්වීමට වර්ග කිලෝමීටර් දහයක් ප‍්‍රමාණවත් දැයි මූලිකම ගැටළුවකි. අපේ හැඟීම නම් එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවයි.

Read More....
2008.10.12 වන දින සමබිමෙහි පළවූ ජානක තේනුවරගේ ‘කරුණා පාර්ලිමේන්තු යැව්වේ ඇයි ?’ ලිපියට පිළිතුරක්...

සරත් එන්. කුමාර

යුද්ධය ආරම්භ වී හමාර ය. එය ආරම්භ වූයේ අද ඊයේ නොවේ. එයට ද විවිධ හේතු සාධක බලපෑවේය. දිනෙන් දින වර්ධනය වූ අර්බුදයන් යුද්ධයක් දක්වා වර්ධනය විය. එහි ඉතිහාසය ඉතා අමිහිරිය. සියලූ හේතු සොයා බැලූවහොත් කාගෙ කාගේත් කිල්ලෝටයන් හි හුණු ටික ටික හෝ ඇත. මෙයින් අදහස් කරන්නේ ප‍්‍රභාගේ යුද්ධය සාධරණීකරණය කිරීම නොවේ.

යුද්ධයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ ලැඟුම් ගන්නට පටන් ගත්තේත්, ඔවුන්ට මුදල් ගලා ඒමට පටන් ගත්තේත්, අපේ රටේ කවර ජාතියකට හෝ අයත් මිනිසුන්ගේ සිරුරින් ගලන රුධිරය, කඳුලූ හා දුක හරහාය. හැම ජාත්‍යන්තර සංවිධානයක්ම ඉදිරිපත් වන්නේ උදව්වටය. අපේ රට ගැන ඇත්තේ පුදුම කැක්කුමකි. එය අගේ කළ යුතුය. ඒ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි අප එකහෙළා පිළිගන්නා නිසාය. නමුත් ජාත්‍යන්තර සංවිධාන හරහා ත‍්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය නෙලාගත් ප‍්‍රතිඵල මේ වන විට එකින් එක හෙළිවෙමින් පවතී.

Read More ......

Friday, October 24, 2008

එකමත් එක රටක දේශහිතෛෂියෙක් වාසය කළේය. ඔහු කෙතරම් දේශහිතෛෂියෙක්ද යත් බටහිර ඇඳුම වෙනුවට ඇන්දේ ජාතික ඇඳුමය. යට ඇඳුම ලෙස පාවිච්චි කළේ අමුඩයකි.

වරක් ඔහුට බඬේ අජීර්ණයක් සෑදිනි. මේ සඳහා බටහිර දොස්තර බෙහෙත් බීම ඔහු ප‍්‍රතික්ෂේප කළේ තම දේශහිතෛෂීත්වය නිසාමය. අසල්වැසියන්ට ඔහු කීවේ තමාට බඬේ අමාරුවක් නැති බවය. ”මේක මගේ බඩ. කාටවත් අයිතියක් නැහැ මගේ බඩට ඇඟිලි ගහන්න.” යැයි ඔහු කීවේ තමාගෙන් විටින් විට නිකුත් වන දුගඳ වාතය නිසා අපහසු තාවයට පත් අසල්වැසියන් ඒ බව ඔහුට දැනුම් දුන් විටය.

ඒත් අවාසනාවකට මෙන් බඬේ අජීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ බඩ විරේක වී ස්වයංක‍්‍රීයවම මළපහ විය. එකී මළ අමුඩයෙහි තැවරී එතැනින් නතර නොවී රෙද්ද පල්ලෙන් බේරෙන්නට වීම නිසා හතර වටේම දුගඳ හමන්නට විය. එවිට අසල්වැසියෝ නහය හකුළුවාගෙන ගඳයි කියා කෑගසන්නට වුහ. දුගඳ හමන්නේ තමා වෙතින් බව පිළිගන්නට අපේ කතානායකයා කැමති නොවීය. ඒත් ඔහුගේ අමුඩයෙහි මළපහ වී ඇතිබව සාක්ෂි ඇතිබව පෙන්වා දුන් අසල්වැසියෝ පශ්චාත් භාගය යොදාගෙන බඬේ අමාරුවට බෙහෙත් බොන ලෙස ඔහුට බලකර කියා සිටියහ. එවිට දේශහිතෛෂියා මෙසේ කීය. ” අම්මට සිරි ඇත්ත නේන්නම් ! කවුද යකෝ මගේ අමුඬේ ජරා කළේ ? ”

Read more...

Friday, October 17, 2008

ලෝක මානසික සෞඛ්‍ය දිනය පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදාට යෙදී තිබුණි. සමාජයේ අවධානය ඉතා අඩුවෙන් යොමු වන මානසික රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු සමඟ කල සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වේ.මානසික රෝගීන් යනු අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන්ම අයිතිවාසිකම් හා වරප‍්‍රසාද හිමි පුද්ගල කාණ්ඩයකි. ඔවුන් වෙනුවෙන්ද නීතිගත වූ නෛතික පටිපාටීන් ඇති අතර ලංකාවේ මානසික රෝගීන් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක වන මූලික නෛතික ලියවිල්ල 1870 ගණන් වල සම්පාදනය කල මානසික සෞඛ්‍ය ආඥ පනතයි. ඉන්පසු 1974 වසරේ සුළු සංශෝධනයකට ලක් වූ මෙම ආඥ පනතේ යල් පැන ගිය ස්වභාවය නිසාම ලංකාවේ මානසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවීම විශාල ලෙස සිදුවේ.වසර එකසිය තිස් අටකට පසුවත් කි‍්‍රයාත්මක වන ආඥ පනතේ ඇති ප‍්‍රධානතම දුර්වලතාව එය නූතන ප‍්‍රතිකාර ක‍්‍රම හා නොගැලපීමයි. සාමාන්‍යයෙන් මානසික සෞඛ්‍ය ආඥ පනතකින් ඉටුවිය යුතු මූලික අරමුණු කිහිපයකි.

Read more......
වර්තමානයේ රෝගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නිතර වාර්තා වෙනවා. මේ අතරින් මානසික රෝගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ඉතා වැඩි අතර ඒවා හෙළිදරව් නොවෙන ස්වභාවයක් පේනවා
ඔව්. මානසික රෝගීන් කිසිවෙකුගේ අවධානයට ලක් නොවන පිරිසක්. ඔවුන්ටත් අනෙක් අයට වගේම අයිතිවාසිකම් තියෙනවා.නමුත් රෝගීන්ගේ පැත්තෙන් බැලූවොත් දැනට ලංකාවේ මානසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවීම් ඉතා වැඩියි.

ඊට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද ?
ප‍්‍රධානම හේතුව මෙරට ක‍්‍රියාත්මක වෙන මානසික සෞඛ්‍ය ආඥපනත. මෙය අවුරුදු 150කට වඩා පරණයි. ඒක නවීකරණය නොවීම ලොකු ප‍්‍රශ්ණයක්. අනෙක බොහෝ මානසික රෝගීන්ට තමන්ගේ ප‍්‍රදේශයේම ප‍්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොමැතිකම. මානසික රෝගීන්ට වගේම මන්ද බුද්ධික අයටත්, ආබාධිත අයටත් මේ ගැටළුව බලපානවා. ඔවුන් ගැන සෞඛ්‍ය, අධ්‍යාපන, හා සමාජමය වගකීමක් තියෙනවා.

Read more......

Friday, October 10, 2008

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලන්ඩන් මූලස්ථානය පසුගිය අඟහරුවාදා ලංකාවේ පිහිටි මානව හිමිකම් සංවිධානවලින් විමසා සිටියේ කිසියම් පුද්ගලයෙකු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත් වූ විට ඔහුට යුධ අපරාධ හෝ සාමාන්‍ය අපරාධ චෝදනාවලින් නිර්මුක්තියක් හිමිවන්නේද යන්නයි.

ලංකාවේ මන්ත‍්‍රීවරයෙකුට එවැනි නිර්මුක්තියක් හිමි නොවන බවත්, ඔවුන්ද නඩු පැවරීමට යටත් බවද දැනගන්නට ලැබීමෙන් ඇම්නෙස්ටිය ද වික්ෂිප්තභාවයට පත්විය.කරුණා අම්මාන් නොහොත් කර්නල් කරුණා නොහොත් ගරු විනයාගමූර්ති මුරලිදරන් මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කරනු ලැබ පාර්ලිමේන්තුවට පිටත් කර හැරීම ඇම්නෙස්ටිය මේ ප‍්‍රශ්නය විමසීමට නිමිත්තයි.

ඇම්නෙස්ටිය කල්පනා කරන්නට ඇත්තේ කරුණාට විරුද්ධව නඩු පැවරීම සඳහා (ඔවුන්ට අනුව ස්වාධීන ආයතනයක් වශයෙන් පැවතිය යුතු) නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියා කිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් මෙම පියවර ගන්නට ඇති බවයි. එය තර්කානුකූල විග‍්‍රහයකි. එහෙත්, ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නඩු පැවරීමෙන් නිර්මුක්තියක් නැති බව පැවසීමෙන් ඔවුන්ගේ ඔළුව විකාර වන්නට ඇත.


Read more.......
ඔබ හිතන්නේ මම ඔබ එක්ක කලාව ගැන කතා කරන එකද වඩා සුදුසු? නැත්නම් දේශපාලනය ගැන කතා කරන එකද?

මට හිතෙන්නේ දේශපාලනය විසින් සියල්ලම අවසන් කරල තියෙන මොහොතක කලාව ගැන කතා කළත්, දේශපාලනය ගැන කතා කළත් දෙන්න තියෙන්නේ එක හා සමාන උත්තරයක්.කලාවේ විනාශය ගැන කතාකරනවාද ? කලාවේ දේශපාලනය විසින් සමස්ථයට කරන ලද විනාශය ගැන කතා කරනවාද කියන එක අද ප‍්‍රශ්ණයක්. ඇත්තටම අපිත් ඉන්නේ ඔබ අහන ප‍්‍රශ්නයෙන් කෝකට උත්තර දෙනවද කියන එක නිශ්චය කරගන්න බැරුව.