Friday, October 10, 2008

ඔබ හිතන්නේ මම ඔබ එක්ක කලාව ගැන කතා කරන එකද වඩා සුදුසු? නැත්නම් දේශපාලනය ගැන කතා කරන එකද?

මට හිතෙන්නේ දේශපාලනය විසින් සියල්ලම අවසන් කරල තියෙන මොහොතක කලාව ගැන කතා කළත්, දේශපාලනය ගැන කතා කළත් දෙන්න තියෙන්නේ එක හා සමාන උත්තරයක්.කලාවේ විනාශය ගැන කතාකරනවාද ? කලාවේ දේශපාලනය විසින් සමස්ථයට කරන ලද විනාශය ගැන කතා කරනවාද කියන එක අද ප‍්‍රශ්ණයක්. ඇත්තටම අපිත් ඉන්නේ ඔබ අහන ප‍්‍රශ්නයෙන් කෝකට උත්තර දෙනවද කියන එක නිශ්චය කරගන්න බැරුව.

Friday, October 3, 2008

ආණ්ඩුවේ වර්තමාන ගමන් මඟ ගැන ඔබේ අදහස කුමක් ද?
අද මේ රටේ පෙරමුණු දෙකක් තියෙනවා. දේශපාලන පෙරමුණ හා මානව හිමිකම් පෙරමුණ. ආණ්ඩුව මේ පෙරමුණු දෙකෙන්ම තමන්ගේ ගමන වරද්දගෙන තියෙන බවයි මගේ අදහස.අද සාමාන්‍ය ජනතාව සෑම ආකාරයකින්ම දැඩි පීඩනයකට හා භීතියකට ලක්ව සිටියදීත් ජනතාව විසින් ආණ්ඩුව දිගින් දිගටම කරගෙන යන මෙම වැඩ පිළිවෙළට සහයෝගය දීම ඔබ දකින්නේ කොහොමද?ජනතාවගේ සහයෝගය ලැබෙන ආකාරය දැකිය හැකි බුද්ධිමත්ම, සාධාරණම ක‍්‍රමය මැතිවරණය. පසුගිය උතුරු-මැද හා සබරගමු පළාත් සභා මැතිවරණයේදී අණ්ඩුව ජයග‍්‍රහණය කළා. එම මැතිවරණය පැවැත්වුණු ආකාරය පිළිබදව යම් යම් ගැටළු තිබුණත් අපි ඒ ප‍්‍රථිඵල පිළිගන්නවා.

Read more....

Friday, September 26, 2008

ජානක තේනුවර

ඊසොප්ගේ උපමා කතාවකට අනුව එකමත් එක රටක වෘකයෙක් ජීවත් විය. දිනක් ඌ ගඟකට බැස දිය බොමින් සිටින විට එම ගෙඟහිම දිය බොන බැටළු පැටියෙකු දුටුවේය. බැටළු පැටවා මරා කෑමට තීරණය කළ වෘකයා ඒ සඳහා හේතුවක් සෙවීය. ”ඒයි, දුෂ්ඨ බැටළුවා, උඹ බය සැක නැතුව මා බොන වතුර බොර කරනවා නේද? මේ වරදට මම නුඹව මරා දමනවා.” එවිට බැටළු පැටියා කීවේ ”අවසර දේවයන් වහන්ස, ගැත්තා දිය බොන්නේ ඔබ වහන්සේ දිය පානය කරන ස්ථානයට පහළින් ” කියාය. වැඬේ වැරදුණු බව දුටු වෘකයා මෙසේ කීය. ”ඒක හරි. නමුත් මීට අවුරුද්දකට කලින් උඹ මා බොන වතුර බොර කළා. ඒ නිසා උඹට මරණ දඬුවම දිය යුතුයි.” කරුමයට මෙන් බැටළු පැටවාට එයටද විත්තිවාචකයක් තිබිණි. ”බය බෝයි දේවයන් වහන්ස, මා ඉපදිලා තවමත් මාස තුනයි.”එවරත් වැඬේ වැරදුණු බව දුටු වෘකයා, ”එහෙනම් ඒ උඹේ තාත්තා වෙන්නට ඇතැයි ” කියා තවත් කතා කිරීමට බැටළු පැටවා කට ඇරීමට පෙර තම කට ඇර ඒ තුළ අසරණ බැටළු පැටවා සඟවා ගත්තේය.

Read more....
අද හැමෝම යුද්ධය ගැන කතා කරන අවස්ථාවක ඔබ යුද්ධයෙන් පීඩනයට පත් වී සිටින සාමාන්‍ය ජනතාව ගැන සොයා බැලීමට උත්සාහ කලේ ඇයි ?සාමාන්‍යයෙන් අපි කියන්නේ උතුර හා දකුණ වෙන් වෙන්නේ ඕමන්තෙන් කියලා. නමුත් මේ සංචාරවලදී අපි දැකපු විශේෂත්වය තමයි දැන් රට වෙන්වෙලා තියෙන්නෙ මැදවච්චියෙන්. කොළඔ හෝ වෙනත් තැනක ඉදන් වව්නියාවට, මන්නාරමට යන කෙනෙකුට මැදවච්චියෙන් එහාට යන්න වෙන්නෙ මැදවච්චිය චෙක් පොයින්ට් එකෙන් එහා තියෙන වෙනත් වාහනයකින්. වව්නියාවට ඉස්සර ගිය කෝච්චි දැන් යන්නේ මැදවච්චියට විතරයි. උදේ 3.45 ට, 7.30ට, ? 10.30ට මැදවච්චියෙන් පිටත්වෙන එක කෝච්චියකටවත් මන්නාරමේ ජනතාවට නගින්න බැහැ. හේතුව මන්නාරම් පාර අරින්නේ උදේ 6.00 ට. මේ දුම්රිය කාලසටහන් හදලා තියෙන කාල රාමුව අනුව මන්නාරමේ සිවිල් ජනතාවට ඒවායේ ගමන් ගැනීමට නියමිත වේලාවට මැදවච්චියට ඒම අපහසුයි. බඩු ප‍්‍රවාහනයේදීත් මැදවච්චියෙන් .....

Read more....

Friday, September 19, 2008

තමන් තම ජර්මන් මව්බිමට අසීමිත ලෙස ආදරය කරන බව පැවසුවේ වෙනින් කවුරුවත් නොව ජර්මන් චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර්ය. පළමු ලෝක යුද්ධ පරාජයේ තුවාලවල වේදනාවෙන් සිටි ජර්මන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් හිට්ලර් මව්බිම වෙනුවෙන් යුදෙව්වන් ලක්ෂ 20 ක් සමූල ඝාතනය කළේය. ජර්මන් ජනතාව මව්බිම වෙනුවෙන් එම මහා අපරාධය ඉවසා සිටියෝය. යුද්ධය අවසාන වුයේ ජර්මනිය බිමට සමතලා කරමිනි. එය දකින්නට හිට්ලර් ජීවත් නොවුයේය. එහෙයින් කෙනෙකු තම මව්බිමට අසීමිත ලෙස ආදරය කරන බව පවසන විට අපට දැනෙන්නේ බියකි.වන්නි ප‍්‍රදේශයේ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට යටත් ප‍්‍රදේශවලින් සැප්තැම්බර් 30 වන දිනට පෙර ඉවත්වන ලෙස ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනිකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහන සේවකයන්ට දැනුම් දී තිබේ.ඒ අනුව අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) හැර අනෙකුත් සියලූ සංවිධාන වවුනියාව කරා පැමිණෙමින් තිබේ.
ආණ්ඩුව ඔවුන්ට පවසා ඇත්තේ වවුනියාවේ සිට තම කටයුතු කරගෙන යන ලෙසයි. පසුගිය කාලය මුළුල්ලේම වන්නියේ අපා දුක් විඳින ජනතාවට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය සහ අනෙකුත් මානුෂික සේවා සැලසුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ

READ MORE......
ආණ්ඩුව වන්නියේ අවතැන් වූවන් පිලිබඳ කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන සුළු ආහාර ප‍්‍රමාණය හැරෙන්න අන් කිසිවක් ඔවුන්ට ලබා දීමට නොහැකි වී ඇතිබව ද්‍රවිඩ ජාතික සංධානයේ කණ්ඩායම් නායක ආර්.සම්බන්දන් මහතා පසුගිය දා පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් පවසා සිටියා. තවද,ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිලිබඳ නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ප‍්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳවද කරුණු දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ 'ලංකාවේ රජය තමන්ගේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරගැනීමේ සහ විනාශ කරගැනීමේ ක‍්‍රියාවලියකට තමන්ම දායකත්වය දෙමින් සිටින බවයි.’

Friday, September 12, 2008

යුරෝපා සංගමයට ඇඟලූම් අපනයනය කරන රටවල් මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අදාළව එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන්ගේ ප‍්‍රමාණයද සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමේ රටවල් වලට කෙරෙන භාණ්ඩ අපනයනයේදී අපනයනය කෙරෙන භාණ්ඩ සදහා ගෙවිය යුතු රේගු බදු සහනය GSP+ ය. ආසියාවෙන් මෙම සහනය ලැබූ රටවල් දෙක වන්නේ මොංගෝලියාව සහ ශ‍්‍රී ලංකාවයි. මෙම සහනය වෙනුවෙන් පනවන ලද එකම කොන්දේසිය වූයේ සහනය ලබන රටවල් අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් තබා ඇති මානව හිමිකම් වලට අදාළ ප‍්‍රඥප්තීන් 27කට අයත් කාරණා එම රටවල් පිළිපැදිය යුතු බව පමණි. නමුත් තව නොබෝ දිනකින් මෙම සහනය අප රටට අහිමි වීමේ තර්ජනයක් ඇත. මේ ඒ පිළිබඳව අගොස්තු මස 27 වන දින ටැමිල් ගාඩියන්හි පළවු ලිපියකි.