Friday, September 26, 2008

අද හැමෝම යුද්ධය ගැන කතා කරන අවස්ථාවක ඔබ යුද්ධයෙන් පීඩනයට පත් වී සිටින සාමාන්‍ය ජනතාව ගැන සොයා බැලීමට උත්සාහ කලේ ඇයි ?සාමාන්‍යයෙන් අපි කියන්නේ උතුර හා දකුණ වෙන් වෙන්නේ ඕමන්තෙන් කියලා. නමුත් මේ සංචාරවලදී අපි දැකපු විශේෂත්වය තමයි දැන් රට වෙන්වෙලා තියෙන්නෙ මැදවච්චියෙන්. කොළඔ හෝ වෙනත් තැනක ඉදන් වව්නියාවට, මන්නාරමට යන කෙනෙකුට මැදවච්චියෙන් එහාට යන්න වෙන්නෙ මැදවච්චිය චෙක් පොයින්ට් එකෙන් එහා තියෙන වෙනත් වාහනයකින්. වව්නියාවට ඉස්සර ගිය කෝච්චි දැන් යන්නේ මැදවච්චියට විතරයි. උදේ 3.45 ට, 7.30ට, ? 10.30ට මැදවච්චියෙන් පිටත්වෙන එක කෝච්චියකටවත් මන්නාරමේ ජනතාවට නගින්න බැහැ. හේතුව මන්නාරම් පාර අරින්නේ උදේ 6.00 ට. මේ දුම්රිය කාලසටහන් හදලා තියෙන කාල රාමුව අනුව මන්නාරමේ සිවිල් ජනතාවට ඒවායේ ගමන් ගැනීමට නියමිත වේලාවට මැදවච්චියට ඒම අපහසුයි. බඩු ප‍්‍රවාහනයේදීත් මැදවච්චියෙන් .....

Read more....

Friday, September 19, 2008

තමන් තම ජර්මන් මව්බිමට අසීමිත ලෙස ආදරය කරන බව පැවසුවේ වෙනින් කවුරුවත් නොව ජර්මන් චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර්ය. පළමු ලෝක යුද්ධ පරාජයේ තුවාලවල වේදනාවෙන් සිටි ජර්මන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් හිට්ලර් මව්බිම වෙනුවෙන් යුදෙව්වන් ලක්ෂ 20 ක් සමූල ඝාතනය කළේය. ජර්මන් ජනතාව මව්බිම වෙනුවෙන් එම මහා අපරාධය ඉවසා සිටියෝය. යුද්ධය අවසාන වුයේ ජර්මනිය බිමට සමතලා කරමිනි. එය දකින්නට හිට්ලර් ජීවත් නොවුයේය. එහෙයින් කෙනෙකු තම මව්බිමට අසීමිත ලෙස ආදරය කරන බව පවසන විට අපට දැනෙන්නේ බියකි.වන්නි ප‍්‍රදේශයේ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට යටත් ප‍්‍රදේශවලින් සැප්තැම්බර් 30 වන දිනට පෙර ඉවත්වන ලෙස ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනිකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහන සේවකයන්ට දැනුම් දී තිබේ.ඒ අනුව අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) හැර අනෙකුත් සියලූ සංවිධාන වවුනියාව කරා පැමිණෙමින් තිබේ.
ආණ්ඩුව ඔවුන්ට පවසා ඇත්තේ වවුනියාවේ සිට තම කටයුතු කරගෙන යන ලෙසයි. පසුගිය කාලය මුළුල්ලේම වන්නියේ අපා දුක් විඳින ජනතාවට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය සහ අනෙකුත් මානුෂික සේවා සැලසුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ

READ MORE......
ආණ්ඩුව වන්නියේ අවතැන් වූවන් පිලිබඳ කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන සුළු ආහාර ප‍්‍රමාණය හැරෙන්න අන් කිසිවක් ඔවුන්ට ලබා දීමට නොහැකි වී ඇතිබව ද්‍රවිඩ ජාතික සංධානයේ කණ්ඩායම් නායක ආර්.සම්බන්දන් මහතා පසුගිය දා පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් පවසා සිටියා. තවද,ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිලිබඳ නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ප‍්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳවද කරුණු දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ 'ලංකාවේ රජය තමන්ගේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරගැනීමේ සහ විනාශ කරගැනීමේ ක‍්‍රියාවලියකට තමන්ම දායකත්වය දෙමින් සිටින බවයි.’

Friday, September 12, 2008

යුරෝපා සංගමයට ඇඟලූම් අපනයනය කරන රටවල් මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අදාළව එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන්ගේ ප‍්‍රමාණයද සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමේ රටවල් වලට කෙරෙන භාණ්ඩ අපනයනයේදී අපනයනය කෙරෙන භාණ්ඩ සදහා ගෙවිය යුතු රේගු බදු සහනය GSP+ ය. ආසියාවෙන් මෙම සහනය ලැබූ රටවල් දෙක වන්නේ මොංගෝලියාව සහ ශ‍්‍රී ලංකාවයි. මෙම සහනය වෙනුවෙන් පනවන ලද එකම කොන්දේසිය වූයේ සහනය ලබන රටවල් අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් තබා ඇති මානව හිමිකම් වලට අදාළ ප‍්‍රඥප්තීන් 27කට අයත් කාරණා එම රටවල් පිළිපැදිය යුතු බව පමණි. නමුත් තව නොබෝ දිනකින් මෙම සහනය අප රටට අහිමි වීමේ තර්ජනයක් ඇත. මේ ඒ පිළිබඳව අගොස්තු මස 27 වන දින ටැමිල් ගාඩියන්හි පළවු ලිපියකි.

පසුගියදා පැවති පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පැහැදිලි ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. එම ජයග‍්‍රහණය ඔබ අර්ථ නිරූපණය කරන්නේ කොහොමද?
මෙය ජාතිවාදී, යුධවාදී, මතවාදී ආධිපත්‍යයක් සමාජය තුළ දැඩි ලෙස තහවුරු කරලා විශේෂයෙන්ම ව්‍යාජ තොරතුරු, තැති ගැන්වීම් ගණනාවක් කරලා ලබා ගත්ත ජයග‍්‍රහණයක්. ඡන්දය දිනයේදී නිහඬව කටයුතු කලත් සියළුම බිය වැද්දීම් ඊට පෙර ගණනාවක් කරලා තිබුනා. ඒ අනුව ඒගොල්ලන්ට අවශ්‍ය ප‍්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වුණා. එහිදී මිනිස්සු තුළ යුද්ධය පිළිබඳ දැඩි කම්පාවක්, විශ්වාසයක් ඇති කලා. ඒ අනුව යුද්ධය වෙනුවෙන් පෙනී නොසිටින සෑම අයෙක්ම දේශ ද්‍රෝහියෙක්, ජාතිවාදියෙක් වන බව ප‍්‍රකාශ කළා. ඒනිසා ඊට සම්පුර්ණ සහාය දිය යුතුයි කිවූ අතර එයට විරුද්ධව කටයුතු කල ප‍්‍රබල කොටස්වලට ඒ ඒ පළාත්වලදී පහර දීම් කරමින්, විවිධ හානි කරමින් ඔවුන්ව යටපත් කළා. එය ඡන්දයට මාසයකට, සති තුනකට විතර පෙර සිදු කළා. ඒ විදිහට සමාජය ජාතිවාදී, යුධවාදී ආධිපත්‍ය තුළ හසුරුවා ගත්තා. ඒ නිසා මැතිවරණය එදිනට සාධාරණව පැවැත්වුණා කිව්වත් සමස්ත මැතිවරණ ක‍්‍රියාවලිය තුළ එයට වඩා ගැඹුරු යටිතලයේ බිය වැද්දීම් පැවතුණා.

Friday, September 5, 2008

විනාඩියක් පමණයි රූපවාහිනි වැඩසටහනක තේමාව වශයෙන් මැතිවරණය යන්න යොදා ගැනීමේදී ප‍්‍රචණ්ඩත්වය යන්න තහනම් වචනය ලෙස යෙදිය හැකි තරමට මැතිවරණයත්, ප‍්‍රචණ්ඩත්වයත් එක ළඟ ගමන් කරන වචන දෙකක් බවට පත්ව තිබේ. මැතිවරණය පිළිබඳ කථා කරන විට සෑමවිටම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංඛ්‍යාව සීමිත ඕවර් තරඟයක ලකුණු තත්ත්වය මෙන් මාධ්‍ය මඟින් ප‍්‍රචාරය වේ. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණය කිරීමට මධ්‍යස්ථාන දෙකක් බිහි වී ඇති අතර එකක් සිවිල් සමාජයෙන් මෙහෙයවන විට අනෙක ආණ්ඩුවෙන් මෙහෙයවීම සිදුවේ.මෙහිදී සිවිල් සමාජ, ආගමික සමාජ හා ජනමාධ්‍ය යන සියළු දෙනාගේ ඉල්ලීම එකය. එනම් ප‍්‍රචණ්ඩත්වය එපා යන්නයි. ඒ කවුරු කොහොම කිව්වත් අපට පෙනෙන්න තිබෙන්නේ දිනෙන් දින ප‍්‍රචණ්ඩත්වය සංඛ්‍යාවෙන් පමණක් නොව ප‍්‍රමාණයෙන් සහ ගුණයෙන් ද වැඩි වන බවයි.
උගත් පුරවැසියෙක් ලෙස වර්තමායේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

සෑබැ දේශපාලනය තියෙන රටක මානව හිමිකම් ආරක්ෂා වෙන්න ඕන. ඒක සීමා වුණු දෙයක් නෙවෙයි. මානව හිමිකම් නැති දේශපාලනය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියලා අපිට කියන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන බි‍්‍රතාන්‍ය ආකෘතිය අරන් බහුතරයට ඉඩ දෙනවා
කියන එකේ තේරුම සුළු ගණන් වලින් ඉන්න අයව හෙට මරලා දාමු කියන එක නෙවෙයි. දෙමළ සිංහල කියන සාධකය පැත්තකින් තියලා අපි හිතමු එක මිනිහෙක් රෝගියෙක්. අනෙකා නීරෝගී අයෙක් කියලා. එතකොට අර රෝගී මිනිහාගේ රෝගය සුව කරන්න බැහැ කියලා එයාව මරලා දාලා හරියනවාද?