Tuesday, January 13, 2009

යුද්ධය සහ අවතැන්වීම වසර ගණනාවක සිට උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් වැසියන් අත්විඳින නීරස සත්‍යයකි. අවතැන් වීමත් සමඟම කඳවුරු තුළට ගාල් වන ඔවුන්ට ඇතිවන පීඩාවන් රාශියකි. මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ එවැනි අවතැන් වීම් නිරන්තරයෙන් සිදුවෙයි. එනිසාම එහි දැනට ක‍්‍රියාත්මක වෙන අවතැන් කඳවුරු ගණන දාසයකි.
මඩකලපුවේ ප‍්‍රධාන සරණාගත කඳවුරු දෙකක් දැනට ක‍්‍රියාත්මක වෙයි. ඉන් එකක් සිංහල මහා විද්‍යාලයේ පිහිටා ඇති අතර අනෙක් කදවුර සහිරා විද්‍යාල භූමිය තුළ පිහිටා ඇත. මේ වන විට ඔවුන් වසර ගණනාවක් ඉතා දැඩි අපහසුකම් මැද මෙම කඳවුරු තුළ සීමිත ඉඩකඩකට කොටුවී ජීවත් වෙයි. ඔවුන් ජීවත් වන්නේ ටකරන් වලින් සාදන ලද නිවාස වලය. දිවා කාලයට අධික ලෙස රත්වන එම නිවාස තුළ දිවා කාලය ගත කල නොහැක. වැසිකිලි වල ‍දොරවල් ගැලවී ගොසිනි. ඔවුන් මුහුණ දෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය නිවාස තුළ ඉඩකඩ මදිවීම නිසා දෙමාපියන්ට හා දරුවන්ට නිදා ගැනීමටව

read more....

නීතීඥ නිමල් පුංචිහේවා
මානව හිමිකම් කොමිසම් සභාවේ අතිරේක ලේකම්

මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කාටද?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා හිතෙනවා නම් ඕනම කෙනෙකුට මානව හිමිකම් කොමිසටමට පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා.

read more...

Monday, January 12, 2009


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පසුගිය දෙසැම්බර් 10 දා එක්සක් ජාතීන්ගේ මූලස්ථානය පැවැත්වූ Sketching Human Rights කාටුන් ප‍්‍රදර්ශනයට ලෝකයේ රටවල් කීපයකින් ඉදිරිපත් වූ කාටුන් කීපයකි මේ.